කිලෙසසුත්තං
2. 4. 3.
2. 4. 3.
කිලෙසසුත්තං
කිලේස සූත්‍රය
579. පඤ්චිමෙ භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය. කතමෙ පඤ්ච: අයො භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො, යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය. ලොහං භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො -පෙ- තිපු භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො -පෙ- සීසං භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො -පෙ- සජ්ඣු භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච- න ච සම්මා උපෙති කම්මාය. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ජාතරූපස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය.
579. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කෙලෙසුණු ස්වර්ණය මෘදුත් නො වේ ද කර්මණ්යත් නො වේ ද ප්‍රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්ම පිණිස (-ආභරණ ආදිය තැනීම සඳහා) මැනැවින් නො ද පැමිණේ (සුදුසු නො වේද) ද ස්වර්ණයට මේ (එබඳු) කෙලෙස් පසෙකි:- කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්ණය මෘදුත් නො වේ ද කර්මණ්යත් නො වේ ද ප්‍රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්ම පිණිස මැනැවින් නො ද පැමිණේ ද, යකඩ ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ලොහො ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … කළුතුඹු ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … සුදුතුඹු ස්වර්ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්ණය මෘදුත් නො වේ ද කර්මණ්යත් නො වේ ද බබළනසුලුත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්ම පිණිස නො ද පැමිණේ ද රිදී ස්වර්ණයට (එබඳු) කෙලෙසුමකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ ස්වර්ණය මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද බබළන සුලුත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, කර්ම පිණිස නො ද පැමිණේ ද මේ පස ස්වර්ණයට එබඳු කෙලෙසුම් ය.
එවමෙව ඛො භික්ඛවෙ, පඤ්චිමෙ චිත්තස්ස උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මාසමාධියති ආසවානං ඛයාය. කතමෙ පඤ්ච: කාමච්ඡන්දො භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මාසමාධියති ආසවානං ඛයාය. ව්යාපාදො භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො -පෙ- ථීනමිද්ධං භික්ඛවෙ, චිත්තස්ස උපෙක්කිලෙසො -පෙ- උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො -පෙ- විචිකිච්ඡා භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා සමාධියති ආසවානං ඛයාය. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච චිත්තස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං, න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මාසමාධියති ආසවානං ඛයායාති.
මහණෙනි, එසෙයින් ම යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්රවක්ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, සිතට මේ (එබඳු) කෙලෙස් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, කාමච්ඡන්දය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ව්‍යාපාදය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ථීනමිද්ධය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … උද්ධච්චකුක්කුච්චය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්රවක්ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, විචිකිච්ඡාව සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්මණ්යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, මොහු පස සිතට එබඳු කෙලෙස් යි.