යෙදුමෙන් කියවන්න

අනාවරණසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 4. 4.

2. 4. 4.

අනාවරණසුත‍්තං

අනාවරණ සූත්‍රය

580. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක‍්කිලෙසා භාවිතා බහුලීකතා විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො භික‍්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක‍්කිලෙසො භාවිතො බහුලීකතො විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො භික‍්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක‍්කිලෙසො භාවිතො බහුලීකතො විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තති. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක‍්කිලෙසා භාවිතා බහුලීකතා විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තන‍්තීති.

580. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත නො කෙලෙසන්නෝ ය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සිහිසම්බොජඟ නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේසම්බොජඟ නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත්බොජඟ නො අවුරන්නෝය. නො වසන්නෝ ය. සිත නො කෙලෙසන්නෝ ය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක්කිරීම පිණිස පවතිත් යි.

2. 4. 5.

2. 4. 5.

යොනිසොසුත‍්තං

යෝනිසෝ සූත්‍රය

581. අයොනිසො භික‍්ඛවෙ, මනසිකරොතො අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච කාමච‍්ඡන්‍දො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නො චෙව ව්‍යාපාදො උප‍්පජ‍්ජති, උප‍්පන‍්නො ච ව්‍යාපාදො භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නඤ‍්චෙව ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච ථිනමිද‍්ධං භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නඤ‍්චෙව උද‍්ධච‍්චකුක‍්කුච‍්චං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චං භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තති. අනුප‍්පන‍්නා චෙව විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති, උප‍්පන‍්නා ච විචිකිච‍්ඡා භිය්‍යොභාවාය වෙපුල‍්ලාය සංවත‍්තතීති.

581. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී.

යොනිසො ච භික‍්ඛවෙ, මනසිකරොතො අනුප‍්පන‍්නො චෙව සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති; උප‍්පන‍්නො ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡති -පෙ- අනුප‍්පන‍්නො චෙව උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති; උප‍්පන‍්නො ච උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතීති.

මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් සිහිසම්බොජඟත් උපදී. උපන් සිහිසම්බොජඟත් වැඩීමෙන් පිරීමට යේ … නූපන් උපේසම්බොජඟත් උපදී, උපන් සම්බොජඟත් වැඩීමෙන් පිරීමට යේ යි.

2. 4. 6.

2. 4. 6.

බුද‍්ධිසුත‍්තං

බුද්ධි සූත්‍රය

582. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා බුද‍්ධියා අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා බුද‍්ධියා අපරිහානාය සංවත‍්තන‍්තීති.

582. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජඟ … උපේසම්බොජඟ යී. මහණෙනි, මේ සත්බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත් යි.

2. 4. 7.

2. 4. 7.

ආවරණසුත‍්තං

ආවරණ සූත්‍රය

583. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො උපක‍්කිලෙසා පඤ‍්ඤාය දුබ‍්බලීකරණා. කතමෙ පඤ‍්ච: කාමච‍්ඡන්‍දො භික‍්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක‍්කිලෙසො පඤ‍්ඤාය දුබ‍්බලීකරණො. ව්‍යාපාදො භික‍්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක‍්කිලෙසො පඤ‍්ඤාය දුබ‍්බලීකරණො. ථිනමිද‍්ධං භික‍්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක‍්කිලෙසං පඤ‍්ඤාය දුබ‍්බලීකරණං. උද‍්ධච‍්චකුක‍්කුච‍්චං භික‍්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක‍්කිලෙසං පඤ‍්ඤාය දුබ‍්බලීකරණං. විචිකිච‍්ඡා භික‍්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො උපක‍්කිලෙසා පඤ‍්ඤාය දුබ‍්බලීකරණා. ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ආවරණා නීවරණා චෙතසො උපක‍්කිලෙසා පඤ‍්ඤාය දුබ‍්බලීකරණාති.

583. මහණෙනි, මේ අවුරන්නෝ වසන්නෝ සිත කෙලෙසන්නෝ නුවණ දුබල කරන්නෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය (කුසල්සිත) අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මේ පස අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත කෙලෙසන්නෝ ය, නුවණ දුබල කරන්නෝ යි.