කුසලසුත්තං
2. 4. 1.
2. 4 .1.
කුසලසුත්තං
කුසල සූත්‍රය
577. යෙ කෙචි භික්ඛවෙ, ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛියා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
577. මහණෙනි, යම්කිසි දැහැමි කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල් පස්හි වූවෝ ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්‍රමාදයෙහි ඇතුළත් වූවෝ ය. අප්‍රමාදය ඒ ධර්මයනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත් ; මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ නොපමා මහණ තෙමේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
2. 4. 2.
2. 4. 2.
දුතියකුසලසුත්තං
දුතිය කුසල සූත්‍රය
578. යෙ කෙචි භික්ඛවෙ, ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛියා, සබ්බෙ තෙ යොනිසොමනසිකාරමූලකා යොනිසොමනසිකාරසමොසරණා යොනිසොමනසිකාරො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛා සම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
578. මහණෙනි, යම්කිසි දහම් කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල්පස්හි වූවෝ ද ඒ සියල්ලෝ නුවණින් මෙනෙහි කිරීම මුල් කොට ඇතියහ. නුවණින් මෙනෙහි කිරීමෙහි ඇතුළත්හ. නුවණින් මෙනෙහි කිරීම ඒ දහමුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.