යෙදුමෙන් කියවන්න

නීවරණසුත‍්තං

2. 4. 10.

2. 4. 10.

නීවරණසුත‍්තං

නීවරණ සූත්‍රය

586. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, නීවරණා අන්‍ධකරණා අචක‍්ඛුකරණා අඤ‍්ඤාණකරණා පඤ‍්ඤානිරොධියා විඝාත පක‍්ඛියා අනිබ‍්බානසංවත‍්තනිකා. කතමෙ පඤ‍්ච: කාමච‍්ඡන්‍දනීවරණං භික‍්ඛවෙ, අන්‍ධකරණං අචක‍්ඛුකරණං අඤ‍්ඤාණකරණං පඤ‍්ඤානිරොධියං විඝාතපක‍්ඛියං අනිබ‍්බානසංවත‍්තනිකං. ව්‍යාපාදනීවරණං භික‍්ඛවෙ -පෙ- ථීනමිද‍්ධනීවරණං භික‍්ඛවෙ -පෙ- උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං භික‍්ඛවෙ -පෙ- විචිකිච‍්ඡානීවරණං භික‍්ඛවෙ, අන්‍ධකරණං අචක‍්ඛුකරණං අඤ‍්ඤාණකරණං පඤ‍්ඤානිරොධියං විඝාතපක‍්ඛියං අනිබ‍්බානසංවත‍්තනිකං. ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්චනීවරණා අන්‍ධකරණා අචක‍්ඛුකරණා අඤ‍්ඤාණකරණා පඤ‍්ඤානිරොධියා විඝාතපක‍්ඛියා අනිබ‍්බානසංවත‍්තනිකා.

586. මහණෙනි, මේ පස්නීවරණ කෙනෙක් අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දනීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, ව්‍යාපාද නීවරණය … මහණෙනි, ථීනමිද්ධනීවරණය … මහණෙනි, උද්ධච්චකුක්කුච්චනීවරණය … මහණෙනි, විචිකිච්ඡානීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, මේ පස් නීවරණයෝ අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය.

සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා චක‍්ඛුකරණා ඤාණකරණා පඤ‍්ඤාවුද‍්ධියා අවිඝාතපක‍්ඛියා නිබ‍්බානසංවත‍්තනිකා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො භික‍්ඛවෙ, චක‍්ඛුකරණො ඤාණකරණො පඤ‍්ඤාවුද‍්ධියො අවිඝාතපක‍්ඛියො නිබ‍්බානසංවත‍්තනිකො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො භික‍්ඛවෙ, චක‍්ඛුකරණො ඤාණකරණො පඤ‍්ඤාවුද‍්ධියො අවිඝාතපක‍්ඛියො නිබ‍්බානසංවත‍්තනිකො. ඉමෙ ඛො භික‍්ඛවෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගා චක‍්ඛුකරණා ඤාණකරණා පඤ‍්ඤාවුද‍්ධියා අවිඝාතපක‍්ඛියා නිබ‍්බානසංවත‍්තනිකාති.

මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නොදුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ ය. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නො දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නොදුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නො දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ යි.

නීවරණවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි නීවරණ වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ද‍්වෙ කුසලා කිලෙසො ච අනාවරණඤ‍්චයොනිසො, බුධ්‍යාවරණානීවරණා මහාරුක‍්ඛනීවරණාති.

කුසල සූත්‍ර දෙක ද, කිලේස, අනාවරණ, යෝනිසෝ, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ, නීවරණ යන අට දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.