මහාරුක්ඛසුත්තං
2. 4. 9.
2. 4. 9.
මහාරුක්ඛසුත්තං
මහාරුක්ඛ සූත්‍රය
585. සන්ති භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති. කතමෙ ච භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති සෙය්යථිදං: අස්සත්ථො නිග්රොධො පිලක්ඛො උදුම්බරො කච්ඡකො කපිත්ථනො. ඉමෙ ඛො භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති.
585. මහණෙනි, ගස් මැඩගෙන වැඩුණු වෘක්ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිද් ද, බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන එබඳු මහගස් ඇත. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනාලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩ ගෙන වැඩුණු ඒ මහාවෘක්‍ෂයෝ කවරහු ද ඒ මෙසේ යි: ඇසතු, නුග, පුලිල, දිඹුල්, ඇටකසුක්, ගිවුළු යන මොහු යි. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන මහාවෘක්‍ෂයෝ මොහු යි.
එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො කුලපුත්තො යාදිසකෙ කාමෙ ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො තාදිසකෙහි වා කාමෙහි තතො වා පාපිට්ඨතරෙහි ඔභග්ගවිභග්ගො විපතිතො සෙති.
මහණෙනි, එ සෙයින් ම මෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්බඳු කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ වේ ද, හෙතෙමේ එබඳු වූ කාමයන්ගෙන් හෝ එයිනුදු ඉතා පවිටු වූ කාමයන් ගෙන් හෝ හාත්පස බිඳුනා ලද්දේ සරසට (-අපායට) වැටී හොවී.
පඤ්චිමෙ භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො ව්යාපාදො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ථිනමිද්ධං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. විචිකිච්ඡා භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
මහණෙනි, මේ පස්දෙනෙක් අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්දය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මොහු පස් දෙන අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය.
සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනජ්ඣාරුහා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො භික්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනජ්ඣාරූහො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්ති ඵලසච්ඡිකිරියාය සංවත්තති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො භික්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනජ්ඣාරුහො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනජ්ඣාරුහා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය, නො වසන්නෝ ය, සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත් යි.