යෙදුමෙන් කියවන්න

5. චක‍්කවත‍්තිවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

5. චක්කවත්ති වර්‍ගය

2. 5. 1.

2. 5. 1.

විධාසුත‍්තං

විධා සූත්‍රය

587. යෙහි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා තිස‍්සො විධා පජහිංසු, සබ‍්බෙ තෙ සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා. යෙහි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා තිස‍්සො විධා පජහිස‍්සන‍්ති සබ‍්බෙ තෙ සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා. යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා තිස‍්සො විධා පජහන‍්ති, සබ‍්බෙ තෙ සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා. කතමෙසං සත‍්තන‍්නං: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස. යෙහි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා තිස‍්සො විධා පජහිංසු -පෙ- පජහිස‍්සන‍්ති -පෙ- පජහන‍්ති, සබ‍්බෙ තෙ ඉමෙසං ව සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තාති.

587. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ත්‍රිවිධ මානය හළාහු ද, ඒ සියල්ලෝ සත්බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය හළහ. මහණෙනි, මතුකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කරන්නාහු ද ඒ සියල්ලෝ සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය දුරුකරන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් දුරු කෙරෙති. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කළාහු ද ... දුරු කරන්නාහු ද … දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය දුරු කෙරෙති.

2. 5. 2.

2. 5. 2.

චක‍්කවත‍්තිසුත‍්තං

චක්කවත්ති සූත්‍රය

588. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස පාතුභාවා සත‍්තන‍්නං රතනානං පාතුභාවො හොති. කතමෙසං සත‍්තන‍්නං: චක‍්කරතනස‍්ස පාතුභාවො හොති, හත්‍ථිරතනස‍්ස පාතුභාවො හොති, අස‍්සරතනස‍්ස පාතුභාවො හොති, මණිරතනස‍්ස පාතුභාවො හොති, ඉත්‍ථිරතනස‍්ස පාතුභාවො හොති, ගහපතිරතනස‍්ස පාතුභාවො හොති, පරිනායකරතනස‍්ස පාතුභාවො හොති. රඤ‍්ඤො භික‍්ඛවෙ, චක‍්කවත‍්තිස‍්ස පාතුභාවා ඉමෙසං සත‍්තන‍්නං රතනානං පාතුභාවො හොති. තථාගතස‍්ස භික‍්ඛවෙ, පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගරතනානං පාතුභාවො හොති. කතමෙසං සත‍්තන‍්නං: සතිසම‍්බොජ‍්ඣඞ්‍රතනස‍්ස පාතුභාවො හොති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගරතනස‍්ස පාතුභාවො හොති. තථාගතස‍්ස භික‍්ඛවෙ, පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ඉමෙසං සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගරතනානං පාතුභාවො හොතීති.

588. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සත්රුවනෙක පහළවීම වේ. කවර සතෙක් ද යත්: සක්රුවනෙහි පහළ වීම වේ. ඇත්රුවනෙහි පහළවීම වේ. අස්රුවනෙහි පහළවීම වේ. මිණිරුවනෙහි පහළවීම වේ. ඉතිරි රුවනෙහි පහළවීම වේ. ගැහැවිරුවනෙහි පහළ වීම වේ. පුත් රුවනෙහි පහළවීම වේ. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සත් රුවනුන්ගේ පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් සත් බොජඟරුවනුන්ගේ පහළවීම වේ. කවර සතෙක යත්: සිහිසම්බොජඟරුවනෙහි පහළවීම වේ ... උපේසම්බොජඟරුවනෙහි පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත්බොජඟරුවනුන්ගේ පහළවීම වේ යි

2. 5. 3.

2. 5. 3.

මාරසුත‍්තං

මාර සූත්‍රය

589. මාරසෙනප‍්පමද‍්දනං වො භික‍්ඛවෙ, මග‍්ගං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමො ච භික‍්ඛවෙ, මාරසෙනප‍්පමද‍්දනො මග‍්ගො යදිදං සත‍්තබොජ‍්ඣඞ‍්ගා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. අයං ඛො භික‍්ඛවෙ, මාරසෙනප‍්පමද‍්දනො මග‍්ගොති.

589. මහණෙනි, මරසෙන් මඩින මඟ තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මරසෙන් මඩින මග කවරේ ද යත්: මේ සත්බොජඟ යි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, මේ මරසෙන් මඩින මඟ යි.

2. 5. 4.

2. 5. 4.

දුප‍්පඤ‍්ඤසුත‍්තං

දුප්පඤ්ඤ සූත්‍රය

590. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “දුප‍්පඤ‍්ඤො එළමූගො දුප‍්පඤ‍්ඤො එළමූගො”ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, “දුප‍්පඤ‍්ඤො එළමූගොති වුච‍්චතී”ති? සත‍්තන‍්නං ඛො භික‍්ඛු, බොජ‍්ඣඞ‍්ගානං අභාවිතත‍්තා අබහුලීකතත‍්තා “දුප‍්පඤ‍්ඤො එළමූගො”ති වුච‍්චති. කතමෙසං සත‍්තන‍්නං: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස. ඉමෙසං ඛො භික‍්ඛු සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අභාවිතත‍්තා අබහුලීකතත‍්තා “දුප‍්පඤ‍්ඤො එළමූගො”ති වුච‍්චතීති.

590. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අනුවණ කෙළතොලු ය, අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “අනුවණ කෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නො බහුල කළ බැවින් “අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “අනුවණකෙළතොලු ය” යි කියනු ලැබේ.

2. 5. 5.

2. 5. 5.

පඤ‍්ඤවසුත‍්තං

පඤ්ඤව සූත්‍රය

591. “පඤ‍්ඤවා අනෙළමූගො පඤ‍්ඤවා අනෙළමූගො”ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, “පඤ‍්ඤවා අනෙළමූගො”ති වුච‍්චතීති? සත‍්තන‍්නං ඛො භික‍්ඛු, බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා “පඤ‍්ඤවා අනෙළමූගො”ති වුච‍්චති. කතමෙසං සත‍්තන‍්නං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස. ඉමෙසං ඛො භික‍්ඛු, සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා “පඤ‍්ඤවා අනෙළමූගො”ති වුච‍්චතීති.

591. වහන්ස, “නුවණැති නොකෙළතොලු ය, නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නුවණැති නොකෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නුවණැති නොකෙළතොලු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් “නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ යි.

2. 5. 6.

2. 5. 6.

දළිද‍්දසුත‍්තං

දළිද්ද සූත්‍රය

592. “දළිද‍්දො දළිද‍්දොති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, දළිද‍්දො”ති වුච‍්චතීති? සත‍්තන‍්නං ඛො භික‍්ඛු, බොජ‍්ඣඞ‍්ගානං අභාවිතත‍්තා අබහුලීකතත‍්තා දළිද‍්දොති වුච‍්චති. කතමෙසං සත‍්තන‍්නං: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස. ඉමෙසං ඛො භික‍්ඛු, සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අභාවිතත‍්තා අබහුලීකතත‍්තා දළිද‍්දොති වුච‍්චතීති.

592. වහන්ස, “දිළිඳු ය දිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “දිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩූ බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ යි.

2. 5. 7.

2. 5. 7.

අදළිද‍්දසුත‍්තං

අදළිද්ද සූත්‍රය

593. “අදළිද‍්දො අදළිද‍්දො”ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, “අදළිද‍්දොති වුච‍්චතී”ති? සත‍්තන‍්නං ඛො භික‍්ඛු බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා “අදළිද‍්දො”ති වුච‍්චති. කතමෙසං සත‍්තන‍්නං? සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස. ඉමෙසං ඛො භික‍්ඛු, සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවිතත‍්තා බහුලීකතත‍්තා “අදළිද‍්දො”ති වුච‍්චතීති.

593. වහන්ස, “නොදිළිඳු ය නොදිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි.මහණ, සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නොදිළිඳු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ යි.

2. 5. 8.

2. 5. 8.

ආදිච‍්චසුත‍්තං

ආදිච්ච සූත්‍රය

594. ආදිච‍්චස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙස‍්සති සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරිස‍්සති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොතීති.

594. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු ය, මේ පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට සත්බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත සිහිසම්බොජඟ විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි, සත් බොජඟ බහුල කෙරේ යි.

2. 5. 9.

2. 5. 9.

අඞ‍්ගසුත‍්තං

අඞ්ග සූත්‍රය

595. අජ‍්ඣත‍්තිකං භික‍්ඛවෙ, අඞ‍්ගන‍්ති කරිත්‍වා නාඤ‍්ඤං එකඞ‍්ගම‍්පි සමනුපස‍්සාමි සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං උප‍්පාදාය යථයිදං භික‍්ඛවෙ, යොනිසොමනසිකාරො. යොනිසොමනසිකාරසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙස‍්සති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරිස‍්සති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොතීති.

595. මහණෙනි, මේ යෝනිසෝමනසිකාරය යම් බඳු ද, මහණෙනි, සත්බොජඟ ඉපදීමට ඇතුළත වූ අවයවයක් කොට අන් එක් අවයවයකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.

2. 5. 10.

2. 5. 10.

දුතිය අඞ‍්ගසුත‍්තං

දුතිය අඞ්ග සූත්‍රය

596. බාහිරං භික‍්ඛවෙ, අඞ‍්ගන‍්ති කරිත්‍වා නාඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං උප‍්පාදාය. යථයිදං භික‍්ඛවෙ, කල්‍යාණමිත‍්තතා කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙස‍්සති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරිස‍්සති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොතීති.

596. මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්‍වය යම්බඳු නම් මහණෙනි, සත්බොජඟ ඉපදීම පිණිස බාහිර වූ අවයවයක් කොට අන් එක් දහමකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.

චක‍්කවත‍්තිවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි චක්කවත්ති වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

විධා චක‍්කවත‍්තිමානෙ දුප‍්පඤ‍්ඤො පඤ‍්ඤවෙන ච දළිද‍්දො අදළිද‍්දො ච ආදිච‍්චඞ‍්ගෙහි තෙදසාති.

විධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සූත්‍ර අටෙකි. අඞ්ග සූත්‍ර දෙකෙකි. ඔහු (මුළුල්ල) දශයෙකි යි.