ආහාරසුත‍්තං
2. 6. 1.
2. 6. 1.
ආහාරසුත‍්තං
ආහාර සූත්‍රය
597. පඤ‍්චන‍්නං ච වො භික‍්ඛවෙ, නීවරණානං සත‍්තන‍්නං ච බොජ‍්ඣඞ‍්ගානං ආහාරං ච අනාහාරං ච දෙසිස‍්සාමි. තං සුණාථ. කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, සුභනිමිත‍්තං. තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
597. මහණෙනි, පස්නීවරණයන්ගේ ද සත් බොජ්ඣඞ්ගයන්ගේ ද ආහාරයත් අනාහාරයත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර (-ප්‍රත්‍යය) කිමෙක් ද යත්; මහණෙනි, සුභනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, පටිඝනිමිත‍්තං. තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද; නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, අරති තන්‍දි විජම‍්භිතා භත‍්තසම‍්මදො චෙතසො ච ලීනත‍්තං. තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් ථීනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, (අධිකුශලධර්‍මයන්හි) නො ඇල්මෙක් තෙමරියෙක් මැලිකැඩීමෙක් බත් මතයෙක් සිතේ සැඟැවුණු බවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත්, උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්ච කුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, චෙතසො අවූපසමො. තත්‍ථ අයොනිසොමනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැදීම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සිතේ නො සන්සුන් කමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද: නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත්, උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, විචිකිච‍්ඡාට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා අත්‍ථි භික‍්ඛවෙ සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ යොනිසොමනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගයේ ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා. අත්‍ථි භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා හීනප‍්පණීතා ධම‍්මා, කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, කුශලාකුශල ධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීත ධර්‍මයෝ කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා. අත්‍ථි භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්ඛමධාතු පරක‍්කමධාතු. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්; මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැළිබැවින් නික්මෙනවීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනා පාරිපූරියා. අත්‍ථි භික‍්ඛවෙ, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනා පාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, කායපස‍්සද‍්ධි, චිත‍්තපස‍්සද‍්ධි. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා අත්‍ථි භික‍්ඛවෙ, සමථනිමිත‍්තං අබ්‍යග‍්ගනිමිත‍්තං. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, සමථ නිමිත්තෙක් අව්‍යග්ග නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැදීමටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, අසුභනිමිත‍්තං. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො. අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් කාමච්ඡන්‍දයේ ඉපැද්ම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර (ප්‍රත්‍යය නොවේ) ද යත්: මහණෙනි, අසුබ නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක්වේ ද, නූපන් කාමච්ඡන්‍දයේ ඉපැද්ම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, මෙත‍්තාචෙතොවිමුත‍්ති. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ව්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් ව්‍යාපාදයේ ඉපැද්ම පිණිසත් උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර ද යත්; මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තියෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්‍යාපාදයේ ඉපැද්ම පිණිසත් උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්ඛකමධාතු පරක‍්කමධාතු. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය , උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැලි බැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, චෙතසො වූපසමො. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුලබව පිණිසත් කිමෙක් අනාහාර ද යත්; මහණෙනි, සිතේ සංසිඳීමෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීම වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත් බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය, උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා, සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා, හීනප‍්පණීතා ධම‍්මා, කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා, තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය, උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.
මහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත් උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුලබව පිණිසත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත් උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ අමනසිකාර බහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා, සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා, හීනප‍්පණීතා ධම‍්මා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා. තත්‍ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්ඛමධාතු පරක‍්කමධාතු. තත්‍ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැලිබැවින් නික්මෙන වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, කායපස‍්සද‍්ධි, චිත‍්තපස‍්සද‍්ධි. තත්‍ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධි සම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත්, මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, සමථනිමිත‍්තං, අබ්‍යග‍්ගනිමිත‍්තං. තත්‍ථ අමනසිකාරබහුලීකාරො. අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා.
මහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, සමථනිමිත්තෙක් අබ්‍යග්ගනිමිත්තෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
කො ච භික‍්ඛවෙ, අනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාපාරිපූරියාති.
මහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාරවේ යි.