යෙදුමෙන් කියවන්න

පරියායසුත‍්තං

2. 6. 2.

2. 6. 2.

පරියායසුත‍්තං

පරියාය සූත්‍රය

598. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: “අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං. යන‍්නූන මයං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති. අථ ඛො තෙ භික‍්ඛූ යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං: “සමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම‍්මං දෙසෙති. “එථ තුම‍්හෙ භික‍්ඛවෙ, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙථා”ති. මයම‍්පි ඛො ආවුසො, සාවකානං එවං ධම‍්මං දෙසෙම. “එථ තුම‍්හෙ ආවුසො, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙථා”ති. ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප‍්පායො, කිං නානාකරණං, සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං අනුසාසනියා වා අනුසාසන‍්ති”

598. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය; “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩි ය අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළැඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වුහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පස්ව හුන්හ. එකත් පස් ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ: ඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි “මහණෙනි, එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු.”ඇවැත්නි, එව. තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම? අධික ප්‍රයෝග කිම? නානාත්‍ව කිමැයි.

අථ ඛො තෙ භික‍්ඛූ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිංසු, නප‍්පටික‍්කොසිංසු. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු, “භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමා”ති. අථ ඛො තෙ භික‍්ඛූ සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “ඉධ මයං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිම‍්හ. තෙසං නො භන‍්තෙ, අම‍්හාකං එතදහොසි: “අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං. යන‍්නූන මයං යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති.

ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගත්හ, නොම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ දෙසුම්හි අරුත දැන ගන්නමෝයි හුනස්නෙන් නැඟිට ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මේ සිතවිය: “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩිය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි.

අථ ඛො මයං භන‍්තෙ, යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිම‍්හ. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිම‍්හ. එකමන‍්තං නිසින‍්නෙ ඛො අම‍්හෙ භන‍්තෙ, තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං: “සමණො ආවුසො ගොතමො සාවකානං එවං ධම‍්මං දෙසෙති. “එථ තුම‍්හෙ භික‍්ඛවෙ, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙථා”ති.

වහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ; “ඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි.

මයම‍්පි ඛො ආවුසො, සාවකානං එවං ධම‍්මං දෙසෙම: “එථ තුම‍්හෙ ආවුසො, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ, සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙථා”ති. ඉධ නො ආවුසො, කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින‍්ති. අථ ඛො මයං භන‍්තෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිම‍්හ, නප‍්පටික‍්කොසිම‍්හ. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිම‍්හ. “භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමා”ති.

ඇවැත්නි, අපිත් සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂකිම, අධික ප්‍රයෝග කීම නානාත්‍වකිමැ’ යි. වහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙ වදනෙහි අරුත දැනගන්නමෝ යි හුනස්නෙන් නැඟිට පිටත් ව ගියෙමු.

එවං වාදිනො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා. අත්‍ථි පනාවුසො පරියායො යං පරියායං ආගම‍්ම පඤ‍්චනීවරණා දස හොන‍්ති. සත‍්ත බොජ‍්ඣඞ‍්ගා චතුද‍්දසාති? එවං පුට‍්ඨා භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා න චෙව සම‍්පායිස‍්සන‍්ති. උත‍්තරිඤ‍්ච විඝාතං ආපජ‍්ජිස‍්සන‍්ති. තං කිස‍්ස හෙතු: යථා තං භික‍්ඛවෙ, අවිසයස‍්මිං. නාහං තං භික‍්ඛවෙ, පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය, යො ඉමෙසං පඤ‍්හානං වෙය්‍යාකරණෙන චිත‍්තං ආරාධෙය්‍ය, අඤ‍්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්‍වා.

මහණෙනි, මෙසේ කියන ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහ; “ඇවැත්නි, යම් නයකට පැමිණ පඤ්චනීවරණ දසයෙක් වේ නම්, සත්බොජඟ තුදුසෙක් වේ නම් එබඳු නයෙක් ඇත්දැ” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා (පුළුවුස්නා ලද්දේ) යම් සේ නම් එහෙයිනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් (-මාගේ සස්නෙන්) අසා (-ඉගෙන) හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි.

කතමො ච භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම පඤ‍්චනීවරණා දස හොන‍්ති: යදපි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍දො තදපි නීවරණං, යදපි බහිද‍්ධා කාමච‍්ඡන්‍දො තදපි නීවරණං. කාමච‍්ඡන්‍ද නීවරණන‍්ති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්‍දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්‍දයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය කාමච්ඡන්‍දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං බ්‍යාපාදො තදපි නීවරණං, යදපි බහිද‍්ධා බ්‍යාපාදො තදපි නීවරණං. බ්‍යාපාදනීවරණන‍්ති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, ඇතුළත යම් ව්‍යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත යම් ව්‍යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය ව්‍යාපාදනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, ථිනං තදපි නීවරණං, යදපි මිද‍්ධං තදපි නීවරණං. ථිනමිද‍්ධනීවරණන‍්ති ඉති හිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

යම් ථීනයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් මිද්ධයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය ථීනමිද්ධනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙනයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, උද‍්ධච‍්චං තදපි නීවරණං, යදපි කුක‍්කුච‍්චං තදපි නීවරණං. උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණන‍්ති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් උද්ධච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් කුක්කුච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය උද්ධච්චකුක්කුච්චනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං ධම‍්මෙසු විචිකිච‍්ඡා තදපි නීවරණං, යදපි බහිද‍්ධා ධම‍්මෙසු විචිකිච‍්ඡා තදපි නීවරණං. විචිකිච‍්ඡා නීවරණන‍්ති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති. අයං ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම පඤ‍්චනීවරණා දස හොන‍්ති.

මහණෙනි, ඇතුළත (සිය පස්කඳෙහි) යම් විචිකිච්ඡාවකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත (අන්තැන්හි) යම් විචිකිච්ඡාවකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය විචිකිච්ඡානීවරණය යි උදෙසීමට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ. මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් මේ (ඒ) නයයි.

කතමො ච භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම සත‍්ත බොජ‍්ඣඞ‍්ගා චතුද‍්දස හොන‍්ති: යදපි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං ධම‍්මෙසු සති තදපි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, යදපි බහිද‍්ධා ධම‍්මෙසු සති තදපි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො. සතිසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් නයකට පැමිණ සත්බොජඟ තුදුසෙක් වේ නම් (ඒ) නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත දහම්හි (-ආධ්‍යාත්මිකසංස්කාරයන්හි) යම් සිහියකුත් වේ නම් එ ද සතිසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි (-බාහිර සංස්කාරයන්හි) යම් සිහියකුත් වේ නම් එ ද සතිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය සතිසම්බොජ්ඣඞ්ගයයි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං ධම‍්මෙසු පඤ‍්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ‍්ජති තදපි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො. යදපි බහිද‍්ධා ධම‍්මෙසු පඤ‍්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ‍්ජති තදපි ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, ඇතුළත දහම්හි නුවණින් සොයයි, පරීක්‍ෂා කෙරෙයි හාත්පසින් විමසීමට පැමිණෙයි යන යමක් වේ නම් ඒ ද ධම්මවිචයසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි නුවණින් සොයයි, පරීක්‍ෂා කෙරෙයි හාත්පසින් විමසීමට පැමිණෙයි යන යමක් වේ නම් ඒ ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය ධම්මවිචයසම්බොජ්ඣඞ්ග ය යි උදෙසීමට යෙ යි. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, කායිකං විරියං තදපි විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො, යදපි චෙතසිකං විරියං තදපි විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො. විරියසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් කායික වීර්‍ය්‍යයෙකුත් වේ නම් එ ද විරියසම්බොජ්ඣඞ්ගයෙකි. යම් චෛතසික වීර්‍ය්‍යයෙකුත් වේ නම් එ ද විරියසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය විරියසම්බොජ්ඣඞ්ග ය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, සවිතක‍්කසවිචාරා පීති තදපි පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො. යදපි අවිතක‍්කඅවිචාරා පීති තදපි පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො. පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් සවිතර්‍කසවිචාර ප්‍රීතියෙකුත් වේ නම් එ ද ප්‍රීතිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් අවිතර්‍කඅවිචාර ප්‍රීතියෙකුත් වේ නම් එ ද පීතිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය පීතිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, කායපස‍්සද‍්ධි තදපි පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, යදපි චිත‍්තපස‍්සද‍්ධි, තදපි පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො. පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් කායපස්සද්ධියෙකුත් වේ නම් එ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් චිත්තපස්සද්ධියෙකුත් වේ නම් එ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, සවිතක‍්කො සවිචාරො සමාධි තදපි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, යදපි අවිතක‍්කො අවිචාරො සමාධි තදපි සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො. සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති.

මහණෙනි, යම් සවිතර්‍කසවිචාර සමාධියෙකුත් වේ නම් එ ද සමාධිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් අවිතක්කඅවිචාර සමාධියෙකුත් වේ නම් එ ද සමාධිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය සමාධිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.

යදපි භික‍්ඛවෙ, අජ‍්ඣත‍්තං ධම‍්මෙසු උපෙඛා තදපි උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො: යදපි බහිද‍්ධාධම‍්මෙසු උපෙඛා තදපි උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගොති ඉතිහිදං උද‍්දෙසං ගච‍්ඡති. තදමිනාපෙතං පරියායෙන ද‍්වයං හොති. අයං ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම සත‍්ත බොජ‍්ඣඞ‍්ගා චතුද‍්දසාති.

මහණෙනි, ඇතුළත දහම්හි යම් මැදහත් බවෙකුත් වේ නම් එ ද උපේඛාසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි යම් මැදහත්බවෙකුත් වේ නම් එ ද උපේඛාසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය උපේඛාසම්බොජ්ඣඞ්ගයයි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ. මහණෙනි, යම් නයකට පැමිණ සත්බොජඟ තුදුසෙක් වේ නම් මේ (ඒ) නය යි.