2. පරියායසුත්තවණ්ණනා අට්ඨකථා
2. පරියායසුත්තවණ්ණනා
2. පරියාය සූත්‍ර වර්ණනාව
දුතියෙ සම්බහුලාති විනයපරියායෙන තයො ජනා සම්බහුලාති වුච්චන්ති, තතො පරං සඞ්ඝො. සුත්තන්තපරියායෙන තයො තයො එව, තතො උද්ධං සම්බහුලා. ඉධ සුත්තන්තපරියායෙන සම්බහුලාති වෙදිතබ්බා. පිණ්ඩාය පවිසිංසූති පිණ්ඩාය පවිට්ඨා. තෙ පන න තාව පවිට්ඨා, “පවිසිස්සාමා”ති නික්ඛන්තත්තා පන පවිසිංසූති වුත්තා. යථා කිං? යථා “ගාමං ගමිස්සාමී”ති නික්ඛන්තපුරිසො තං ගාමං අපත්තොපි “කහං ඉත්ථන්නාමො”ති වුත්තෙ “ගාමං ගතො”ති වුච්චති, එවං. පරිබ්බාජකානං ආරාමොති ජෙතවනස්ස අවිදූරෙ අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො අත්ථි, තං සන්ධායෙතං වුත්තං. සමණො ආවුසොති ආවුසො තුම්හාකං සත්ථා සමණො ගොතමො.
දෙවැන්නෙහි - සම්බහුලා = විනයෙහි එන පිළිවෙළ අනුව “සම්බහුලා” (බොහෝ දෙනෙක්) යන්නෙන් තිදෙනෙක් කියනු ලැබෙති. ඉන්පසු සංඝයා (සමූහය) පිළිබඳව කියනු ලැබේ. සූත්‍රයන්හි එන පිළිවෙළ අනුව තිදෙනා බැගින් ගෙන ඉන් වැඩිවූ විට “සම්බහුලා” යි හැඳින්වෙන බව දත යුතුය. පිණ්ඩාය පවිසිංසු = පිණ්ඩපාතය සඳහා පිවිසුන ඔව්හු වනාහී තවමත් පිටත් නොවීමු යයි ද, පිටත් වන්නෙමු යයිද කියා නික්මුණ බැවින් “පවිසිංසු” (පිවිසුණහ) යයි කියන ලදී. කුමක් මෙන්ද යත්:- ගමට යන්නෙමි යි නික්මුණ පුරුෂයා යා යුතු ගමට යාමට පෙරදී වුව ද “මේ නම ඇති තැනැත්තා කොහිදැයි ඔහු පිටත්වූ ගමේ අයගෙන් යමකු ඇසු කල්හි ගමට ගියේ යයි කියන්නේමය. (මෙ පරිද්දෙන් දත යුතුය) පරිබ්බාජකානං ආරාමො = දෙව්රමට නුදුරෙහි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයක් ඇත. ඒ සඳහා මෙය කියන ලදී. සමණො ආවුසො = ඇවැත්නි, ඔබගේ ශාස්තෲ වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ.
මයම්පි ඛො ආවුසො සාවකානං එවං ධම්මං දෙසෙමාති තිත්ථියානං සමයෙ “පඤ්ච නීවරණා පහාතබ්බා, සත්ත බොජ්ඣඞ්ගා භාවෙතබ්බා”ති එතං නත්ථි. තෙ පන ආරාමං ගන්ත්වා පරිසපරියන්තෙ ඨත්වා අඤ්ඤං ඔලොකෙන්තො විය අඤ්ඤවිහිතකා විය හුත්වා භගවතො ධම්මදෙසනං සුණන්ති. තතො “සමණො ගොතමො ‘ඉදං පජහථ ඉදං භාවෙථා’ති වදතී”ති සල්ලක්ඛෙත්වා අත්තනො ආරාමං ගන්ත්වා ආරාමමජ්ඣෙ ආසනං පඤ්ඤාපෙත්වා උපට්ඨායකඋපට්ඨායිකාහි පරිවුතා සීසං උක්ඛිපිත්වා කායං උන්නාමෙත්වා අත්තනො සයම්භූඤාණෙන පටිවිද්ධාකාරං දස්සෙන්තා – “පඤ්ච නීවරණා නාම පහාතබ්බා, සත්ත බොජ්ඣඞ්ගා නාම භාවෙතබ්බා”ති කථෙන්ති.
මයම්පි ඛො ආවුසො සාවකානං එව ධම්මං දෙසෙම = තීර්ථකයන්ගේ දහමෙහි “නීවරණ පස බැහැර කළ යුතුය, බෝධ්‍යාංග සත වැඩිය යුතුය” යනුවෙන් මෙසේ නො දැක්වේ. ඔව්හු ආරාමයට ගොස් පිරිස් කෙළවර සිට අන් යමක් බලන්නාක්හු මෙන් අනුන් විසින් කරන ලද්දක්හු මෙන් වී භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනය අසත්. ඉක්බිති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙය බැහැර කරන්න, මෙය වඩන්න යයි කියන්නෝය යනුවෙන් සලකා තමාගේ ආරාමයට ගොස් ආරාමය මැද අසුනක් පණවා උපස්ථායක උපස්ථායිකාවන් පිරිවරා හිස ඔසවා කය නමා තමා ස්වයම්භූඥානයෙන් අවබෝධ කළ ආකාරයක් දක්වන්නාහු “පංචනීවරණ නම් බැහැර කළ යුතුය, සප්ත බෝධ්‍යංගයන් නම් වැඩිය යුතුයයි” කියත්.
ඉධ නො ආවුසොති එත්ථ ඉධාති ඉමස්මිං පඤ්ඤාපනෙ. කො විසෙසොති කිං අධිකං? කො අධිප්පයාසොති කො අධිකප්පයොගො? කිං නානාකරණන්ති කිං නානත්තං? ධම්මදෙසනාය වා ධම්මදෙසනන්ති යදිදං සමණස්ස වා ගොතමස්ස ධම්මදෙසනාය සද්ධිං අම්හාකං ධම්මදෙසනං, අම්හාකං වා ධම්මදෙසනාය සද්ධිං සමණස්ස ගොතමස්ස ධම්මදෙසනං ආරබ්භ නානාකරණං වුච්චෙය්ය, තං කින්නාමාති වදන්ති. දුතියපදෙපි එසෙව නයො.
ඉධ නො ආවුසො කො විසෙසා මෙහි ඉධ යනු මෙම පැනවීමෙහි යන අරුතයි. කොවිසෙසො යනු කවර නම් අධික බවක්ද යන අරුතයි. කො අධිප්පායසො = කවර නම් අධික වූ වීර්යයක්ද, කිං නානා කාරණං = කවර විවිධත්වයක්ද ධම්මදෙසනාය වා ධම්ම දෙසනං = යම් හෙයකින් ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව සමග අපගේ ධර්ම දේශනාව හෝ අපගේ ධර්ම දේශනාව සමග ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනාව අරභයා නොයෙක් කරුණු කියන්නේ වේද, ඒ කුමක් නම් වේදැයි කියත්. දෙවන පදයෙහිද මේ පිළිවෙළම වේ.
නෙව අභිනන්දිංසූති “එවමෙව”න්ති න සම්පටිච්ඡිංසු. නප්පටික්කොසිංසූති “නයිදං එව”න්ති න පටිසෙධිංසු. කිං පන තෙ පහොන්තා එවං අකංසු, උදාහු අප්පහොන්තාති? පහොන්තා. න හි තෙ එත්තකං කථං කථෙතුං න සක්කොන්ති “ආවුසො තුම්හාකං සමයෙ පඤ්ච නීවරණා පහාතබ්බා නාම නත්ථි, සත්ත බොජ්ඣඞ්ගා භාවෙතබ්බා නාම නත්ථී”ති. එවං පන තෙසං අහොසි – “අත්ථි නො එතං කථාපාභතං, මයං එතං සත්ථු ආරොචෙස්සාම, අථ නො සත්ථා මධුරධම්මදෙසනං දෙසෙස්සතී”ති.
නෙව අභිනන්දිංසු = මෙය මෙසේම යයි නො පිළිගත්හ. නපටික්කොසිංසු = මෙය මෙසේ නොවේය යනුවෙන් ප්‍රතික්ෂේප නො කළහ. කිමෙක්ද? ඔබ හැකියාව ඇතිවම මෙසේ කළාහුද? නැතහොත් හැකියාව නැත්තහුදැයි ඇසීය.) හැකියාව ඇත්තෙමු (යි කීහ) නැත ඇවැත්නි, යුෂ්මත්හු ඔබගේ සමයෙහි නීවරණයන් බැහැර කළ යුතුය යන කියමනක් නැත, සප්ත බෝධ්‍යංගයන් වැඩිය යුතුය යන කියමනක් නැත යන කරුණු කීමට නො හැකිවන්නාහුය. අපට මේ අලුත් පුවතකි, අපි මෙය ශාස්තෲන් වහන්සේට කියන්නෙමු. එවිට අපට ශාස්තෲන් වහන්සේ මිහිරි ධර්මයක් දේශනා කරන්නාහයි යනුවෙන් සිත් පහළ විය.
පරියායොති කාරණං. න චෙව සම්පායිස්සන්තීති සම්පාදෙත්වා කථෙතුං න සක්ඛිස්සන්ති. උත්තරිඤ්ච විඝාතන්ති අසම්පායනතො උත්තරිම්පි දුක්ඛං ආපජ්ජිස්සන්ති. සම්පාදෙත්වා කථෙතුං අසක්කොන්තානඤ්හි දුක්ඛං උප්පජ්ජති. යථා තං, භික්ඛවෙ, අවිසයස්මින්ති එත්ථ තන්ති නිපාතමත්තං, යථාති කාරණවචනං, යස්මා අවිසයෙ පඤ්හො පුච්ඡිතොති අත්ථො. සදෙවකෙති සහ දෙවෙහි සදෙවකෙ. සමාරකාදීසුපි එසෙව නයො. එවං තීණි ඨානානි ලොකෙ පක්ඛිපිත්වා ද්වෙ පජායාති, පඤ්චහිපි සත්තලොකමෙව පරියාදියිත්වා එතස්මිං සදෙවකාදිභෙදෙ ලොකෙ දෙවං වා මනුස්සං වා න සමනුපස්සාමීති දීපෙති. ඉතො වා පන සුත්වාති ඉතො වා පන මම සාසනතො සුත්වා. ඉතො සුත්වා හි තථාගතො තථාගතසාවකොපි ආරාධෙය්ය, පරිතොසෙය්ය, අඤ්ඤථා ආරාධනා නාම නත්ථීති දස්සෙති.
පරියායො = කාරණය නචෙව සම්පායිස්සන්ති = සම්පාදනය කොට කියන්නට නොහැකි වන්නේය. උත්තරිඤ්ච විඝාතං = සම්පාදනය කොට (සකස් කොට) කීමට නොහැකි අයට වනාහී දුක උපදී. යථා තං භික්ඛවෙ අවිසයස්මිං = මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යථා = කාරණය සඳහා වූ වචනයයි. යම් හෙයකින් විෂය නොවන කරුණක් පිළිබඳව ප්‍රශ්නයක් අසන ලද්දේ ද යන අර්ථයයි. සදෙවකෙ = දෙවියන් සහිත යන අරුතින් සදේවකේ යි සෑදේ. (සහ දෙවෙහි සදෙවකෙ) මරුන් සහිත (සමාරක) යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ ලෝකයෙහි කරුණු තුනක් බහා තබා කරුණු දෙකක් උපදියි. ඒ කරුණු පසෙන්ම සත්ත්ව ලෝකයම මැඩගෙන සිටිමින් සදෙවක ආදී බෙදීම් ඇති මේ ලෝකයෙහි දෙවියකු ලෙස හෝ මිනිසකු ලෙස විමසා නො බලමියි දක්වයි. ඉතොවා පන සුත්වා = මාගේ මෙම සස්නෙන් හෝ අසා, තථාගත නොවන වෙනත් අයෙක් හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙම සස්නෙන් අසා ගෙන සතුටු වන්නේය, ප්‍රීතියට පත්වන්නේය. සතුටු වීමෙන් තොර වන්නේ නැතැයි දක්වයි.
ඉදානි අත්තනො තෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තාරාධනං දස්සෙන්තො කතමො ච භික්ඛවෙ පරියායොතිආදිමාහ. තත්ථ අජ්ඣත්තං කාමච්ඡන්දොති අත්තනො පඤ්චක්ඛන්ධෙ ආරබ්භ උප්පන්නඡන්දරාගො. බහිද්ධා කාමච්ඡන්දොති පරෙසං පඤ්චක්ඛන්ධෙ ආරබ්භ උප්පන්නඡන්දරාගො. උද්දෙසං ගච්ඡතීති ගණනං ගච්ඡති. අජ්ඣත්තං බ්යාපාදොති අත්තනො හත්ථපාදාදීසු උප්පන්නපටිඝො. බහිද්ධා බ්යාපාදොති පරෙසං තෙසු උප්පන්නපටිඝො. අජ්ඣත්තං ධම්මෙසු විචිකිච්ඡාති අත්තනො ඛන්ධෙසු විමති. බහිද්ධා ධම්මෙසු විචිකිච්ඡාති බහිද්ධා අට්ඨසු ඨානෙසු මහාවිචිකිච්ඡා. අජ්ඣත්තං ධම්මෙසු සතීති අජ්ඣත්තිකෙ සඞ්ඛාරෙ පටිග්ගණ්හන්තස්ස උප්පන්නා සති. බහිද්ධා ධම්මෙසු සතීති බහිද්ධා සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තස්ස උප්පන්නා සති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගෙපි එසෙව නයො.
දැන් තමන්ගේ එම ප්රශ්නයන්ගේ විස්තර ප්රකාශනයෙන් සිත් සතුටු කිරීම දක්වමින්. කතමොච භික්ඛවෙ පරියායො ආදිය වදාළහ. එහි අජ්ඣත්තං කාමච්ඡන්දො යනු තමාගේ පඤ්චස්කන්ධයන් අරබයා උපන් ආශාවයි. (ඡන්ද රාගයයි) උද්දෙසං ගච්ඡති = ගණනය කිරීමට යයි. අජ්ඣත්තං බ්යාපාදො = තමාගේ අත්පා ආදියෙහි උපන් වේදනාව බහිද්ධා බ්යාපාදො = ඔවුන් කෙරෙහි උපන් අන් අයගේ කෝපය අජ්ඣත්තං ධම්මෙසු විචිකිච්ඡා = තමාගේ (පංච) ස්කන්ධයන්හි සැකය. බහිද්ධා ධම්මෙසු විචිකිච්ඡා = බාහිර අට තැන්හි මහත් වූ සැකය. අජ්ඣත්තික ධම්මෙසු සති = තමාගේ අභ්‍යන්තර සංස්කාරයන් පරීක්ෂා කරන්නහුට උපන් සිහිය බහිද්ධා ධම්මෙසු සති = බාහිර සංස්කාරයන් පරීක්ෂා කරන්නහුට උපන් සිහිය. ධම්ම විචය සම්බොජ්ඣඞ්ගයේ ද මේ පිළිවෙළම වේ.
කායිකන්ති චඞ්කමං අධිට්ඨහන්තස්ස උප්පන්නවීරියං. චෙතසිකන්ති – “න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි, යාව මෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී”ති එවං කායපයොගං විනා උප්පන්නවීරියං. කායප්පස්සද්ධීති තිණ්ණං ඛන්ධානං දරථපස්සද්ධි. චිත්තප්පස්සද්ධීති විඤ්ඤාණක්ඛන්ධස්ස දරථපස්සද්ධි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගෙ සතිසම්බොජ්ඣඞ්ගසදිසොව විනිච්ඡයො.
කායිකං = සක්මන අධිෂ්ඨාන කරන්නහුගේ උපන් වීර්යය චෙතසිකං = යම්තාක් මාගේ සිත කෙලෙස් විසින් දැඩිව ග්‍රහණය නොකරනු ලැබ විමුක්තියට පත්වන්නේ ද. ඒ තාක් මම මේ පළඟ නොබිඳින්නෙමි (අත් නොහරින්නෙමි) යි මෙසේ කායික ක්‍රියාවලින් තොරව උපන්නාවූ වීර්යය. කාය පස්සද්ධි = ස්කන්ධ තුනක තාපය නිවී යාම චිත්ත පස්සද්ධි = විඤ්ඤාණ ස්කන්ධයාගේ තාපය නිවී යාම උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයෙහි විනිශ්චය සති සම්බොජ්ඣඞ්ගයට සමාන වේ.
ඉමස්මිං සුත්තෙ මිස්සකසම්බොජ්ඣඞ්ගා කථිතා. එතෙසු හි අජ්ඣත්තධම්මෙසු සති, පවිචයො, උපෙක්ඛාති ඉමෙ අත්තනො ඛන්ධාරම්මණත්තා ලොකියාව හොන්ති, තථා මග්ගං අපත්තං කායිකවීරියං. අවිතක්කඅවිචාරා පන පීතිසමාධී කිඤ්චාපි රූපාවචරා හොන්ති, රූපාවචරෙ පන බොජ්ඣඞ්ගා න ලබ්භන්තීති ලොකුත්තරාව හොන්ති. යෙ ච ථෙරා බ්රහ්මවිහාරවිපස්සනාපාදකජ්ඣානාදීසු බොජ්ඣඞ්ගෙ උද්ධරන්ති, තෙසං මතෙන රූපාවචරාපි අරූපාවචරාපි හොන්ති. බොජ්ඣඞ්ගෙසු හි අරූපාවචරෙ පීතියෙව එකන්තෙන න ලබ්භති, සෙසා ඡ මිස්සකාව හොන්තීති. දෙසනාපරියොසානෙ කෙචි භික්ඛූ සොතාපන්නා ජාතා, කෙචි සකදාගාමී, කෙචි අනාගාමී, කෙචි අරහන්තොති.
මේ සූත්‍රයෙහි බොජ්ඣඞ්ගයන් මිශ්‍රව කියන ලදී. මෙම අධ්‍යාත්ම ධර්මයන්හි සිහිය. විමර්ශනය උපේක්ෂාව (සති, විචය, උපෙක්ඛා) යන මේවා තමාගේ ස්කන්ධයන් අරමුණු කොට ඇති බැවින් යථා පරිදි පවත්නා කායික වීර්යය සේ ලෞකිකම වේ. අවිතර්ක ද, අවිචාර ද වන්නාවූ ප්‍රීතිය හා සමාධිය කෙසේ හෝ රූපාවචර වේ. අරූපාවචර තත්ත්වය තුළ වනාහී සම්බොජ්ඣඞ්ගයන් නො ලැබේ. එය ලෝකෝත්තරම වේ. යම්කිසි ස්ථවිරවරු බ්‍රහ්ම විහාර විදර්ශනා පාදක කොට ඇති ධ්‍යානාදීන්හි බොජ්ඣඞ්ගයන් මතු කර ගණිත් ද ඔවුන්ගේ අදහස් අනුව රූපාවචර ද අරූපාවචර ද වේ. බොජ්ඣඞ්ගයෙහිදී වනාහී අරූපාවචරයෙහි ප්‍රීතිය ඒකාන්තයෙන් නොලැබේ යයි ද සෙසු සය මිශ්‍ර වූයේම පවතී යයිද කිව යුතුය. දේශනාවගේ කෙළවර ඇතැම් භික්ෂු කෙනෙක් සෝවාන්වුහ, ඇතැමෙක් සකෘදාගාමී වූහ. ඇතැමෙක් අනාගාමී වූහ. ඇතැමෙක් රහත්වුහ.
3. අග්ගිසුත්තවණ්ණනා
3. අග්ගි සූත්‍ර වර්ණනාව
තතියෙ සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමීති ලොණධූපනං විය සබ්බකම්මිකාමච්චං විය ච සබ්බත්ථ ඉච්ඡිතබ්බං වදාමීති අත්ථො. යථා හි ලොණධූපනං සබ්බබ්යඤ්ජනෙසුපි නිවිසති, යථා ච සබ්බකම්මිකො අමච්චො යොධකම්මම්පි කරොති මන්තකම්මම්පි පටිහාරකම්මම්පීති සබ්බකිච්චානි සාධෙති, එවං උද්ධතස්ස චිත්තස්ස නිග්ගණ්හනං, ලීනස්ස පග්ගණ්හනන්ති සබ්බමෙතං සතියා ඉජ්ඣති, න සක්කා විනා සතියා එතං සම්පාදෙතුං, තස්මා එවමාහ. ඉමස්මිං සුත්තෙ පුබ්බභාගවිපස්සනා බොජ්ඣඞ්ගාව කථිතා.
තුන්වැන්නෙහි - සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි - ලුණු දමා රසවත් කිරීම මෙන් සියලු තන්හි කැමති විය යුතුදෙය කියමි යන අරුතයි. යම්සේ වනාහී ලුණු දමා රසවත් කිරීම සියලුම ව්යඤ්ජනයන්හිදී සිදු කෙරේද, එසේම සියලු කටයුතු කරන ඇමතිවරයෙක් යුද්ධ කාර්යය ද, මන්ත්රීකාර්යයද, දොරටුපාල කාර්යය ද යන සියලු කටයුතු සිදු කරයි. එසේම නොසන්සුන් වූ සිතට නිග්‍රහ කිරීම ද, අලස බවට පත්වූ සිතට ධෛර්යය ලබා දීම ද යන මේ සියල්ල සිහියෙන් ම සිදු කරයි. සිහියෙන් තොරව මෙය ඉටු කිරීමට නො හැක්කේය. එබැවින් මෙසේ කීය. මේ සූත්‍රයෙහි විදර්ශනා පූර්වභාග වූ සම්බොජ්ඣඞ්ගයම කියන ලදී.
4. මෙත්තසුත්තවණ්ණනා
4. මෙත්ත සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ මෙත්තාසහගතෙන චෙතසාතිආදි සබ්බං සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.240-241) විත්ථාරිතමෙව. මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙමාති ඉදම්පි තෙ පුරිමනයෙනෙව සත්ථු ධම්මදෙසනං සුත්වා වදන්ති. තිත්ථියානඤ්හි සමයෙ පඤ්චනීවරණප්පහානං වා මෙත්තාදිබ්රහ්මවිහාරභාවනා වා නත්ථි. කිං ගතිකා හොතීති කිං නිප්ඵත්ති හොති. කිං පරමාති කිං උත්තමා. කිං ඵලාති කිං ආනිසංසා. කිං පරියොසානාති කිං නිට්ඨා. මෙත්තාසහගතන්ති මෙත්තාය සහගතං සංසට්ඨං සම්පයුත්තං. එසෙව නයො සබ්බත්ථ. විවෙකනිස්සිතාදීනි වුත්තත්ථානෙව.
සිවුවැන්නෙහි - මෙත්තා සහගතෙන චෙතසා යන ආදී සියල්ල සියලු ආකාරයෙන්ම විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය. මයම්පි ඛො ආවුසො සාවකානං එවං ධම්මං දෙසෙම මෙය ද ඔව්හු පෙර පිළිවෙළින් ම ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්‍රකාශ කරත්. තීර්ථකයන්ගේ සමයෙහි වනාහී පඤ්චනීවරණයන් ප්රහාණය කිරීමක් හෝ මෛත්‍රී ආදී බ්‍රහ්ම විහරණ වැඩීමක් හෝ නොමැත්තේය. කිංගතිකා හොති = කවර නම් සමෘද්ධ වීමක් සිදුවේද? කිම්පරමා = කුමක් උතුම් වේද? කිම්ඵලා = කුමන ආනිසංසයක් වේද? කිම්පරියොසානා = කවර නම් අවසානයක් වේද? මෙත්තා සහගතං = මෛත්‍රීයෙන් යුක්ත වූයේ, සම්බන්ධවූයේ, එක්ව යෙදුණේ වෙයි. සියලු තන්හි මේ පිළිවෙළ වේ. “විවේකනිස්සිත” (විවේකය ආශ්රිතවූ) ආදිය සඳහා අරුත් කියන ලද්දේය.
අප්පටිකූලන්ති දුවිධං අප්පටිකූලං – සත්තඅප්පටිකූලඤ්ච, සඞ්ඛාරඅප්පටිකූලඤ්ච. තස්මිං අප්පටිකූලෙ ඉට්ඨෙ වත්ථුස්මින්ති අත්ථො. පටිකූලසඤ්ඤීති අනිට්ඨසඤ්ඤී. කථං පනෙත්ථ එවං විහරති? අසුභඵරණං වා අනිච්චන්ති මනසිකාරං වා කරොන්තො. වුත්තඤ්හෙතං පටිසම්භිදායං “කථං අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරති. ඉට්ඨස්මිං වත්ථුස්මිං අසුභාය වා ඵරති, අනිච්චතො වා උපසංහරතී”ති. පටිකූලෙ පන අනිට්ඨෙ වත්ථුස්මිං මෙත්තාඵරණං වා ධාතුමනසිකාරං වා කරොන්තො අප්පටිකූලසඤ්ඤී විහරති නාම. යථාහ “කථං පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරති. අනිට්ඨස්මිං වත්ථුස්මිං මෙත්තාය වා ඵරති, ධාතුතො වා උපසංහරතී”ති (පටි· ම· 2.17). උභයමිස්සකපදෙසුපි එසෙව නයො. අප්පටිකූලප්පටිකූලෙසු හි තදෙව අසුභඵරණං වා අනිච්චන්ති මනසිකාරං වා කරොන්තො පටිකූලසඤ්ඤී විහරති නාම. පටිකූලාපටිකූලෙසු ච තදෙව මෙත්තාඵරණං වා ධාතුමනසිකාරං වා කරොන්තො අප්පටිකූලසඤ්ඤී විහරති නාම. “චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොතී”තිආදිනා (පටි· ම· 2.17) නයෙන වුත්තං පන ඡළඞ්ගුපෙක්ඛං පවත්තයමානො “අප්පටිකූලෙ ච පටිකූලෙ ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො”ති වෙදිතබ්බො.
අප්පටිකූලං = සත්ත්වයන් පිළිබඳ පිළිකුල් නොවීම, සංස්කාරයන් පිළිබඳ පිළිකුල් නොවීම යනුවෙන් පිළිකුල් නොවීම යන්න දෙවැදෑරුම් වේ. එහිදී, පිළිකුල් නොවූ, සිතට ප්‍රිය උපදවන වස්තූන් කෙරෙහි යන අර්ථයයි. පටික්කූල සඤ්ඤී = අනිෂ්ට සංඥා ඇති මේ තැනැත්තා අසුභ සංඥා පතුරවමින් හෝ අනිත්‍යය මෙනෙහි කරමින් හෝ කෙසේ නම් මෙසේ වාසය කරන්නේද? පටිසම්භිදායෙහි මෙසේ කියන ලදී. “පිළිකුල් නොවන දෙයෙහි කෙසේනම් ප්‍රතිකූල සංඥා ඇතිව වාසය කරයිද? සිතට ප්‍රිය දෙයෙහි අසුභ සංඥාව කෙසේ පතුරවයි ද? අනිත්‍ය වශයෙන් කෙසේනම් සලකා බලයිද?” යනුයි. පිළිකුල් වන දෙයෙහි (පිළිකුල් නොවී කෙසේ වාසය කෙරේද යත්) පියකරු නොවන වස්තූන් කෙරෙහි මෛත්‍රීය පැතිරවීම හෝ (පඨවි ආදී) ධාතුන් වශයෙන් මෙනෙහි කිරීම හෝ කරමින් (අප්පටිකූල සඤ්ඤාදී) පිළිකුල් නොකරන සංඥාව ඇතිව වාසය කරන්නේ නම් වේ. මෙසේද කීය. “පිළිකුල් වන දෙයෙහි පිළිකුල් නොවන සංඥා ඇතිව කෙසේ වාසය කරයිද? පියකරු නොවන වස්තුවෙහි මෛත්‍රීයෙන් අදහස් පතුරවයි. (පඨවි ආදි) ධාතූන් වශයෙන් සලකා බලයි” යනුවෙනි. ඒ දෙකම මිශ්‍ර වූ පදයන්හිදී ද මෙම පිළිවෙළම වේ. පිළිකුල් නොවන දෙය පිළිකුල් වන කල්හි එය අසුබය යන පැතිරවීම හෝ අනිත්‍යයයි මෙනෙහි කිරීම හෝ කරමින් පිළිකුල් සංඥාව ඇත්තේ වාසය කරයි. පිළිකුල් වන දෙය පිළිකුල් නොවන කල්හි එසේම මෛත්‍රීය පැතිරවීම හෝ ධාතූන් මෙනෙහි කිරීම හෝ කරමින් පිළිකුල් නොවේ යන සංඥා ඇත්තේ වාසය කරන්නේ නම් වෙයි. ඇසින් රූප දැක සිත ප්‍රසන්න නොවේයයි යන ආදී පිළිවෙළින් කියන ලද අංග සයකින් යුත් උපේක්ෂාව පවත්වමින් පිළිකුළ හෝ අපිළිකුළ යන දෙකම බැහැර කොට සිහි ඇතිව මනා දැනුම ඇතිව එහි උපේක්ෂා සහගතව වාසය කෙරේයයි දත යුතුය.
එත්තාවතා ච ඉමස්ස භික්ඛුනො මෙත්තාය තිකචතුක්කජ්ඣානං නිබ්බත්තෙත්වා තදෙව පාදකං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්තස්ස සහ විපස්සනාය මග්ගසම්බොජ්ඣඞ්ගානං අරියිද්ධියා ච දස්සිතත්තා දෙසනා විනිවට්ටෙතබ්බා සියා. ඉදං පන මෙත්තාඣානං පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසන්තොපි යො අරහත්තං පාපුණිතුං න සක්කොති, යස්මා තස්ස අරහත්තපරමා මෙත්තා න හොති. යංපරමා පන හොති, තං දස්සෙතබ්බං. තස්මා තස්ස දස්සනත්ථං අයං දෙසනා ආරද්ධා. පරතො සබ්බසො වා පන රූපසඤ්ඤානං සමතික්කමාතිආදීසුපි ඉමිනා නයෙන පුන දෙසනාරම්භපයොජනං වෙදිතබ්බං.
මෙපමණකින් මෛත්‍රීයෙන් ධ්‍යාන තුනක් සතරක් උපදවා එයම පාදක කොට විදර්ශනා වඩා රහත් බවට පැමිණි මේ භික්ෂුවට විදර්ශනාව සමග මාර්ග බෝධ්යංගයන්ගේ ආර්ය සෘද්ධිය ද දක්වන ලද බැවින් දේශනාව විග්රහ කළයුතු වන්නේ ය. මෙම මෛත්‍රී ධ්‍යානය පාදක කොට සංස්කාරයන් විමසා බලන්නාවූ යමෙක් (වේද, හේ) රහත් බවට පැමිණීමට නො හැක්කේ වෙයි. එසේ වනුයේ ඔහුට යම් හෙයකින් පරම මෛත්‍රිය නොවේද. එහෙයිනි. යමක් උතුම් වේද, එය දැක්විය යුතුය. එහෙයින් එය දැක්වීම පිණිස මේ දේශනාව අරඹන ලදී. ඉන් පසුව ද සබ්බසො වා පන රූප සඤ්ඤානං සමතික්කමා (හැම අයුරින්ම රූප සංඥාවන් ඉක්මවා යාම) යන ආදියෙහි ද මේ පිළිවෙළින්ම නැවත දේශනාවගේ ආරම්භය දත යුතුය.
සුභපරමන්ති සුභනිට්ඨං, සුභකොටිකං, සුභනිප්ඵත්තිං. ඉධපඤ්ඤස්සාති ඉධෙව පඤ්ඤා අස්ස, නයිමං ලොකං අතික්කමතීති ඉධපඤ්ඤො, තස්ස ඉධපඤ්ඤස්ස, ලොකියපඤ්ඤස්සාති අත්ථො. උත්තරිවිමුත්තිං අප්පටිවිජ්ඣතොති ලොකුත්තරධම්මං අප්පටිවිජ්ඣන්තස්ස. යො පන පටිවිජ්ඣිතුං සක්කොති, තස්ස අරහත්තපරමාව මෙත්තා හොතීති අත්ථො. කරුණාදීසුපි එසෙව නයො.
සුභ පරිමං = යහපත් අවසානය, යහපත් කෙළවරක් ඇති, යහපත් පටන් ගැන්මක් ඇති. ඉධපඤ්ඤස්ස = මෙහිම ප්‍රඥාව වන්නේය, මෙය ලෝකය නො ඉක්මවයි, මෙහි ප්‍රඥාව එම ලෞකික ප්‍රඥාවට අයත්ය යන අර්ථයයි. උත්තරි විමුත්තිං අප්පටි විජ්ඣතො = ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකළ තැනැත්තහුට අවබෝධ කරවීමට යමකුට හැකි වේ නම් ඔහුට අර්හත්වය දක්වාම වන මෛත්‍රීය ඇත්තේය යන අර්ථයයි. කරුණා ආදියෙහි ද පිළිවෙළම වේ.
කස්මා පනෙතාසං මෙත්තාදීනං සුභපරමාදිතා වුත්තා භගවතාති? සභාගවසෙන තස්ස තස්ස උපනිස්සයත්තා. මෙත්තාවිහාරිස්ස හි සත්තා අප්පටිකූලා හොන්ති, අථස්ස අප්පටිකූලපරිචයා අප්පටිකූලෙසු පරිසුද්ධවණ්ණෙසු නීලාදීසු චිත්තං උපසංහරතො අප්පකසිරෙනෙව තත්ථ චිත්තං පක්ඛන්දති. ඉති මෙත්තා සුභවිමොක්ඛස්ස උපනිස්සයො හොති, න තතො පරං, තස්මා සුභපරමාති වුත්තා.
කුමක් හෙයින් මෙම මෛත්‍රී ආදියේ ශුභ ප්රමුඛ ලක්ෂණාදිය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දේද යත් එකනෙකට අවිරුද්ධ බැවින් එකිනෙකට අවිරුද්ධ බැවින් එකිනෙකට ආධාරකාරී වන බැවිනි. මෛත්‍රී විහරණයෙන් යුත් අයට වනාහී සත්ත්වයෝ පිළිකුල් සහගත නොවෙත්. තවද පිළිකුල් නොවන නිල් ආදී පිරිසිදු වර්ණයන්හි සිත අරමුණු කර ගන්නා වූ ඔහුට අපහසුතාවයන් අඩුවන පරිද්දෙන් සිත මෛත්‍රීයට ඇතුල් වෙයි. මෙසේ මෛත්‍රීය සුබවූ මෝක්ෂයට හේතු වෙයි. එයින් වෙනස් දෙයක් නොවේ. එබැවින් සුභපරම යයි කියන ලදී.
කරුණාවිහාරිස්ස උණ්හාභිඝාතාදිරූපනිමිත්තං සත්තදුක්ඛං සමනුපස්සන්තස්ස කරුණාය පවත්තිසම්භවතො රූපෙ ආදීනවො පරිවිදිතො හොති, අථස්ස පරිවිදිතරූපාදීනවත්තා පථවීකසිණාදීසු අඤ්ඤතරං උග්ඝාටෙත්වා රූපනිස්සරණෙ ආකාසෙ චිත්තං උපසංහරතො අප්පකසිරෙනෙව තත්ථ චිත්තං පක්ඛන්දති. ඉති කරුණා ආකාසානඤ්චායතනස්ස උපනිස්සයො හොති, න තතො පරං, තස්මා ආකාසානඤ්චායතනපරමාති වුත්තා.
කරුණාවන්තව වාසය කරන්නාවූ ද, උෂ්ණත්වයෙන් පෙළීම් ආදී රූප නිමිති ඇති සත්ත්වයන්ගේ දුක බලන්නාවූ ද, කාරුණික පැවතුම් ඇති කරන්නාවූ ද තැනැත්තාට රූපයෙහි ආදීනව අවබෝධ වෙයි. රූපයෙහි ආදීනව අවබෝධ කරගත් පඨවි කසිණ ආදී සතරෙහි යම් එකක් මතු කොට රූපයෙන් නිදහස් වූ ආකාශයෙහි සිත එක් තැන් කරන්නහුට සුලු වෑයමකින්ම සිත එහි අභ්‍යන්තරගත වෙයි. මෙසේ කරුණාව ආකාසානඤ්චායතනයට හේතු වෙයි. ඉන් බාහිර වූ යමක් නැත. එහෙයින් ආකාසානඤ්චායතන පරමා (ආකාසානඤ්චායතනය පරම කොට ඇති) යයි කියන ලදී.
මුදිතාවිහාරිස්ස පන තෙන තෙන පාමොජ්ජකාරණෙන උප්පන්නපාමොජ්ජසත්තානං විඤ්ඤාණං සමනුපස්සන්තස්ස මුදිතාය පවත්තිසම්භවතො විඤ්ඤාණග්ගහණපරිචිතං හොති, අථස්ස අනුක්කමාධිගතං ආකාසානඤ්චායතනං අතික්කම්ම ආකාසනිමිත්තගොචරෙ විඤ්ඤාණෙ චිත්තං උපසංහරතො අප්පකසිරෙනෙව තත්ථ චිත්තං පක්ඛන්දති. ඉති මුදිතා විඤ්ඤාණඤ්චායතනස්ස උපනිස්සයො හොති, න තතො පරං, තස්මා විඤ්ඤාණඤ්චායතනපරමාති වුත්තා.
මෘදු විහරණ ඇත්තාවූ ද එම ප්රමෝදකරණයෙන් උපන් ප්‍රමෝදය ඇත්තවුන්ගේ විඤ්ඤාණය බලන්නාවූ ද මෘදු භාවයෙන් යුත් පැවතුම් ඇති කරන්නාවූ ද, තැනැත්තාට විඤ්ඤාණයෙන් ග්‍රහණය කර ගැනීමට පුරුදු වූ සිතක් වෙයි. අනුක්රමයෙන් අවබෝධ වූ ආකාසානඤ්චායතනය ඉක්මවා ආකාසයට නිමිත්ත ගෝචර වූ විඤ්ඤාණයෙහි සිත එක්තැන් කරන්නහුට සුලු වෑයමකින්ම සිත එහි අභ්‍යන්තර ගත වෙයි. මෙසේ මෘදු බව (මුදිතාව) විඤ්ඤාණඤ්චායතනයට හේතු වෙයි. ඉන් බාහිරවූ යමක් නැත. එහෙයින් විඤ්ඤාණඤ්චායතන පරමා (= විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇති) යයි කියන ලදී.
උපෙක්ඛාවිහාරිස්ස පන “සත්තා සුඛිතා වා හොන්තු, දුක්ඛතො වා විමුච්චන්තු, සම්පත්තසුඛතො වා මා විගච්ඡන්තූ”ති ආභොගාභාවතො සුඛදුක්ඛාදිපරමත්ථගාහවිමුඛසම්භවතො අවිජ්ජමානග්ගහණදුක්ඛචිත්තං හොති. අථස්ස පරමත්ථගාහතො විමුඛභාවපරිචිතචිත්තස්ස පරමත්ථතො අවිජ්ජමානග්ගහණදුක්ඛචිත්තස්ස ච අනුක්කමාධිගතං විඤ්ඤාණාඤ්චායතනං සමතික්කම්මසම්භවතො අවිජ්ජමානෙ පරමත්ථභූතස්ස විඤ්ඤාණස්ස අභාවෙ චිත්තං උපසංහරතො අප්පකසිරෙනෙව තත්ථ චිත්තං පක්ඛන්දති. ඉති උපෙක්ඛා ආකිඤ්චඤ්ඤායතනස්ස උපනිස්සයො හොති, න තතො පරං, තස්මා ආකිඤ්චඤ්ඤායතනපරමාති වුත්තා. දෙසනාපරියොසානෙ පඤ්චසතා භික්ඛූ අරහත්තං පත්තාති.
උපේක්ෂා සහගතව වාසය කරන්නහුට වනාහී සත්ත්වයෝ සුවපත් හෝ වෙත්වා, දුකින් හෝ මිදෙත්වා, ලැබුණ සැපතින් හෝ වෙන් නො වෙත්වා යනුවෙන් සිතුවිල්ලක් නැත. එසේ නොමැති බැවින් සැපය දුකය යන ආදී පරමාර්ථ ග්‍රහණයට වෙනස් සිදුවීමක් වූ අවිද්‍යාමාන දෙයක් ග්‍රහණය කිරීමෙන් මිදුණ සිතක් ඇත්තේ වේ. ඉක්බිති පරමාර්ථ ග්‍රහණයට වෙනස් බැවින් අතිශයින් විවේකී සිත් ඇත්තාවූ ද, පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන දෙයක් ග්‍රහණය කිරීමෙන් මිදුණ සිත් ඇත්තාවූ ද. පිළිවෙළින් අවබෝධ කළ විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ස්වභාවයෙන් අවිද්‍යාමාන පරමාර්ථ ඇත්තාවූ ද විඤ්ඤාණයාගේ පැවැත්මක් නැති කල්හි සිත එක්තැන් කරන්නාවූ ඔහුගේ සිත වැඩි අපහසුතාවයකින් තොරවම තැන්පත් වේ. මෙසේ උපේක්ෂාව ආකිඤ්චඤ්ඤායතනයට හේතු වෙයි. ඉන් බාහිරවූ යමක් නොවේ. එහෙයින් “ආකිඤ්චඤ්ඤායතන පරමා” (ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇති) යයි කියන ලදී. දේශනාවගේ කෙළවර පන්සියයක් භික්ෂූහු රහත් බවට පත්වූහ.
5. සඞ්ගාරවසුත්තවණ්ණනා
5. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පගෙවාති පඨමඤ්ඤෙව. කාමරාගපරියුට්ඨිතෙනාති කාමරාගගහිතෙන. කාමරාගපරෙතෙනාති කාමරාගානුගතෙන. නිස්සරණන්ති තිවිධං කාමරාගස්ස නිස්සරණං වික්ඛම්භනනිස්සරණං තදඞ්ගනිස්සරණං සමුච්ඡෙදනිස්සරණන්ති. තත්ථ අසුභෙ පඨමජ්ඣානං වික්ඛම්භනනිස්සරණං නාම, විපස්සනා තදඞ්ගනිස්සරණං නාම, අරහත්තමග්ගො සමුච්ඡෙදනිස්සරණං නාම. තං තිවිධම්පි නප්පජානාතීති අත්ථො. අත්තත්ථම්පීතිආදීසු අරහත්තසඞ්ඛාතො අත්තනො අත්ථො අත්තත්ථො නාම, පච්චයදායකානං අත්ථො පරත්ථො නාම, ස්වෙව දුවිධොපි උභයත්ථො නාම. ඉමිනා නයෙන සබ්බවාරෙසු අත්ථො වෙදිතබ්බො.
පස්වැන්නෙහි - පගෙව = පළමුවම කාමරාග පරයුට්ඨිතෙන = කාම රාගය විසින් ග්‍රහණය කරනු ලැබු කාමරාග පරෙතනෙ = කාමරාගයට අනුගත වූ නිස්සරණං කාමරාගයාගෙන් තුන් වැදෑරුම්ව නිදහස් වීම, එනම් විෂ්කම්භන නිස්සරණය (යටපත් කොට නිදහස් වීම) තදඞ්ග නිස්සරණය (තාවකාලික නිදහස් විම, සමුච්ඡෙද නිස්සරණ (කෙලෙස් සම්පූර්ණයෙන්ම වනසා දමා නිදහස් වීම) යනුයි. එහි අසුභයෙහි ප්‍රථම ධ්‍යානය විෂ්කම්භන නිස්සරණය නම් වේ. විදර්ශනාව තදංගනිස්සරණය නම් වේ. අර්හත් මාර්ගය සමුච්ඡෙද නිස්සරණ නම් වේ. (ඒ) ත්‍රිවිධ නිස්සරණය ද නොදනි යන අරුතයි. අත්තත්ථම්පි = යන ආදියෙහි රහත් බව නම් වූ තම අර්ථය අතතත්ථ (තමයහපත) නම් වේ. ප්‍රත්‍ය දායකයන්ගේ යහපත “පරත්ථ (පරාර්ථය) නම් වේ. එම දෙ ආකාරයම “උභයත්ථ” නම් වේ. මේ ක්‍රමයෙන් හැම අවස්ථාවෙහිම අර්ථය දත යුතුය.
අයං පන විසෙසො – බ්යාපාදස්ස නිස්සරණන්තිආදීසු හි ද්වෙව නිස්සරණානි වික්ඛම්භනනිස්සරණඤ්ච සමුච්ඡෙදනිස්සරණඤ්ච. තත්ථ බ්යාපාදස්ස තාව මෙත්තාය පඨමජ්ඣානං වික්ඛම්භනනිස්සරණං, අනාගාමිමග්ගො සමුච්ඡෙදනිස්සරණං. ථිනමිද්ධස්ස ආලොකසඤ්ඤා වික්ඛම්භනනිස්සරණං, අරහත්තමග්ගො සමුච්ඡෙදනිස්සරණං. උද්ධච්චකුක්කුච්චස්ස යො කොචි සමථො වික්ඛම්භනනිස්සරණං, උද්ධච්චස්ස පනෙත්ථ අරහත්තමග්ගො, කුක්කුච්චස්ස අනාගාමිමග්ගො සමුච්ඡෙදනිස්සරණං. විචිකිච්ඡාය ධම්මවවත්ථානං වික්ඛම්භනනිස්සරණං, පඨමමග්ගො සමුච්ඡෙදනිස්සරණං.
මෙය විශේෂත්වය වෙයි. බ්යාපාදස්ස නිස්සරණං යන ආදියෙහි වික්ඛම්භන නිස්සරණය ද, සමුච්ඡෙද නිස්සරණය ද යන නිස්සරණ දෙක අදහස් වේ. ව්‍යාපාදය මෛත්‍රීයෙන් යුත් ප්‍රථම ධ්‍යානයෙන් විෂ්කම්භන (යටපත් කිරීම්) වශයෙන් නිස්සරණය (ඉවත්කිරීම) සිදු කෙරේ. අනාගාමී මාර්ගයෙන් එය සමුච්ඡෙද වශයෙන් (සම්පූර්ණයෙන්) නිස්සරණය කෙරේ. ථීන මිද්ධය ආලෝක සංඥාව මගින් විෂ්කම්භන වශයෙන් නිස්සරණය කෙරේ. උද්ධච්චය අර්හත් මාර්ගයෙන් ද, කුක්කුච්චය අනාගාමී මාර්ගයෙන් ද සමුච්ඡේද වශයෙන් නිස්සරණය කෙරේ. විචිකිච්ඡාව ධර්මානුගත වීමෙන් විෂ්කම්භන වශයෙන් නිස්සරණය වේ. එය ප්‍රථම මාර්ගයෙන් සමුච්ඡෙද වශයෙන් නිස්සරණය වේ.
යා පනෙත්ථ සෙය්යථාපි බ්‍රාහ්මණ උදපත්තො සංසට්ඨො ලාඛාය වාතිආදිකා උපමා වුත්තා, තාසු උදපත්තොති උදකභරිතා පාති. සංසට්ඨොති වණ්ණභෙදකරණවසෙන සංසට්ඨො. පක්කුථිතොති කුථිතො. උස්මුදකජාතොති උසුමජාතො. සෙවාලපණකපරියොනද්ධොති තිලබීජකාදිභෙදෙන සෙවාලෙන වා නීලමණ්ඩූකපිට්ඨිවණ්ණෙන වා උදකපිට්ඨිං ඡාදෙත්වා නිබ්බත්තපණකෙන පරියොනද්ධො. වාතෙරිතොති වාතෙන එරිතො කම්පිතො. ආවිලොති අප්පසන්නො. ලුළිතොති අසන්නිසින්නො. කලලීභූතොති කද්දමීභූතො. අන්ධකාරෙ නික්ඛිත්තොති කොට්ඨන්තරාදිභෙදෙ අනාලොකට්ඨානෙ ඨපිතො. ඉමස්මිං සුත්තෙ භගවා තීහි භවෙහි දෙසනං නිවත්තෙත්වා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසි, බ්රාහ්මණො පන සරණමත්තෙ පතිට්ඨිතො.
සෙය්යථාපි බ්‍රාහ්මණ උදපත්තො සාංසට්ඨො ලාඛායවා ආදී උපමාවන් මෙහිදී කියන ලද්දේ ද, ඒවා අතරෙහි උදපත්තො යනු ජලයෙන් පිරුණ භාජනයයි. සංසට්ඨො = වර්ණ භෙදකාරී (කුලභේදකාරී) වශයෙන් මිශ්‍ර වූ උක්කටඨිතො = අධික ලෙස රත්කළ උස්සදකජාතො = උෂ්ණය හටගත් සෙවාල පණක පරියොනද්ධො = තල ඇට ප්‍රමාණයේ භේද ඇති නිල් පැහැතිවූ ද, කහ පැහැති වූ ද දිය සෙවෙල්වලින් ජලය මතු පිට වසාගෙන පැතුරුණ සෙවල් පැලෑටියෙන් ආවරණය වූ, වාතෙරිතො = වාතයෙන් චලනය වූ, කම්පිත වූ ආවිලො = ප්‍රසන්න නොවන ලුළිතො = නොසන්සුන් කලලීභුතො = මඩ බවට හැරුණ අන්ධකාරෙ නික්ඛිත්තො = ගබඩා කාමර වැනි ආලෝකය රහිත ස්ථානයෙක තබන ලද මේ සූත්‍රයෙහි දී භාග්‍යවතුන් වහන්සේ දේශනාව භවත්‍රය හා මිශ්‍ර කොට දක්වා අර්හත්වය කුළු ගැන්වීමෙන් නිමවා වදාළ සේක. බ්‍රාහ්මණ තෙමේ වනාහී (ති) සරණ මාත්‍රයෙහි පිහිටියේය.
6. අභයසුත්තවණ්ණනා
6. අභය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අඤ්ඤාණාය අදස්සනායාති අඤ්ඤාණත්ථාය අදස්සනත්ථාය. තග්ඝ භගවා නීවරණාති එකංසෙන භගවා නීවරණා. කායකිලමථොති කායදරථො. චිත්තකිලමථොති චිත්තදරථො. සොපි මෙ පටිප්පස්සද්ධොති තස්ස කිර සත්ථු සන්තිකෙ සීතලං උතුසප්පායට්ඨානං පවිසිත්වා නිසින්නස්ස කායදරථො පටිපස්සම්භි, තස්මිං පටිපස්සද්ධෙ තදන්වයෙනෙව චිත්තදරථොපි. අපිච මග්ගෙනෙවස්ස එතං උභයම්පි පස්සද්ධන්ති වෙදිතබ්බං.
සය වැන්නෙහි - අඤ්ඤාණය අදස්සනාය = නොදැනුවත් බව සඳහා, දැක්මක් නැතිබව සඳහා තග්ඝභගව නීවරණ = භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම (ඒවා) නීවරණයෝය කාය කිලමථො = ශාරීරික විඩාව. චිත්ත කිලමථො = චෛතසික විඩාව සොපි මෙ පටිප්පස්සද්ධො = ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි සිසිල් වූ ඍතුවට ගැළපෙන, තැනකට පිවිස හුන්නාවූ ඔහුගේ කායික විඩාව සන්සිඳුණේය. එය සන්සිඳුණ කල්හි ඒ අනුවම චෛතසික විඩාවද සන්සිඳුණේය. වැලිදු මාර්ගයෙන්ම ඔහුගේ ඒ මේ (කාය චිත්ත යන පීඩාවන්) දෙකම සන්සිඳුණේ යයි දත යුතුය.