යෙදුමෙන් කියවන්න

සඞ‍්ගාරවසුත‍්තං

2. 6. 5.

2. 6. 5.

සඞ‍්ගාරවසුත‍්තං

සඞ්ගාරව සූත්‍රය

601. අථ ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සඞ‍්ගාරවො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: කො නු ඛො භො ගොතම, හෙතු කො පච‍්චයො යෙනෙකදා දීඝරත‍්තං සජ‍්ඣායකතා පි මන‍්තා නප‍්පටිභන‍්ති, පගෙව අසජ‍්ඣායකතා? කො පන භො ගොතම, හෙතු කො පච‍්චයො යෙනෙකදා දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති. පගෙව සජ‍්ඣායකතාති.

601. එකල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය. භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නොවැටහේ ද, එයට හේතු කිම? ප්‍රත්‍ය කිම? භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ ද, එයට හේතු කිම? ප්‍රත්‍ය කිමැ යි.

යස‍්මිං ඛො බ්‍රාහ‍්මණ, සමයෙ කාමරාගපරියුට‍්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච කාමරාගස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති. පගෙව අසජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො සංසට‍්ඨො ලාඛාය වා හලිද‍්දියා වා නීලාය වා මඤ‍්ජෙට‍්ඨාය වා, තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස‍්සෙය්‍ය. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ කාමරාගපරියුට‍්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන උප‍්පන‍්නස‍්ස ච කාමරාගස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං නජානාති න පස‍්සති. පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති පගෙව අසජ‍්ඣායකතා.

බමුණ, යම් කලෙක කාමරාගයෙන් මඩනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කැල මැ නො වැටහෙයි. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහ පැහැයෙන් හෝ නිලපැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ මුසු වූයේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක කාමරාගයෙන් මඬනාලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද: උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් … එසමයෙහි, උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කැල මැ නො වැටහෙයි.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ බ්‍යාපාදපරියුට‍්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච බ්‍යාපාදස‍්ස නිස‍්සරණං යථාභූතං න ජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති. පගෙව අසජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො අග‍්ගිනා සන‍්තත‍්තො උක‍්කට‍්ඨිතො උස‍්සදකජාතො, තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං න ජානෙය්‍ය න පස‍්සෙය්‍ය. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ බ්‍යාපාදපරියුට‍්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච බ්‍යාපාදස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති. පගෙව අසජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි. යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ව්‍යාපාදය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ගින්නෙන් තැවුණේ කැකෑරුණේ හටගත් උණුසුම් ඇත්තේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතු සේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද උපන් ව්‍යාපාද දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ ථිනමිද‍්ධපරියුට‍්ඨිතෙන චෙතසා විහරති ථිනමිද‍්ධපරෙතෙන, උප‍්පන‍්නස‍්ස ච ථීනමිද‍්ධස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති. පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති. පගෙව අසජ‍්ඣායකතා. සෙය්‍යථාපි, බ්‍රාහ‍්මණ, උදපත‍්තො සෙවාලපණකපරියොනද‍්ධො. තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං න ජානෙය්‍ය, න පස‍්සෙය්‍ය. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ ථිනමිද‍්ධපරියුට‍්ඨිතෙන චෙතසා විහරති ථිනමිද‍්ධපරෙතෙන, උප‍්පන‍්නස‍්ස ච ථිනමිද‍්ධස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති, අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති, පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති න පස‍්සති, දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති, පගෙව අසජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතු සේ නො දනී ද එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නොවැටහේ. නො හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් පණක සෙවෙලින් හාත්පසින් වැසුනේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය. නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහෙයි. නො හදාළ මන්ත්‍ර කියනු ම කීම?

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරියුට‍්ඨිතෙන චෙතසා විහරති උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති. න පස‍්සති. පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති. න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති, පගෙව අසජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො වාතෙරිතො චලිතො භන‍්තො ඌමිජාතො. තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං න ජානෙය්‍ය, න පස‍්සෙය්‍ය. එවමෙව ඛො, බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරියුට‍්ඨිතෙන චෙතසා විහරති උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. පරත්‍ථම‍්පි -පෙ- උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති, පගෙව අසජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් සුළගින් කම්පිත වූයේ සැලුණේ බැමුණේ හටගත් රළ ඇත්තේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නොවැටහේ.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ විචිකිච‍්ඡාපරියුට‍්ඨිතෙන චෙතසා විහරති විචිකිච‍්ඡාපරෙතෙන, උප‍්පන‍්නාය ච විචිකිච‍්ඡාය නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති, පගෙව අසජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො ආවිලො ලුළිතො කලලීභූතො අන්‍ධකාරෙ නික‍්ඛිත‍්තො. තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං න ජානෙය්‍ය, න පස‍්සෙය්‍ය. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ විචිකිච‍්ඡාපරියුට‍්ඨිතෙන චෙතසා විහරති විචිකිච‍්ඡාපරෙතෙන. උප‍්පන‍්නාය ච විචිකිච‍්ඡාය නිස‍්සරණං යථාභූතං නප‍්පජානාති, අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස‍්සති. දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති, පගෙව අසජ‍්ඣායකතා. අයං ඛො බ්‍රාහ‍්මණ, හෙතු අයං පච‍්චයො යෙනෙකදා දීඝරත‍්තං සජ‍්ඣායකතාපි මන‍්තා නප‍්පටිභන‍්ති පගෙව, අසජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ දුරු කිරීමත් ඇතිසැටියෙන් නො දනී ද; එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නොහදාළ මන්ත්‍ර කියනුම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් කැලැඹුණේ නොසන්හුන්නේ මඩවූයේ අඳුරෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් නො දන්නේ ය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යයයි.

යස‍්මිං ච ඛො බ්‍රාහ‍්මණ සමයෙ න කාමරාගපරියුට‍්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප‍්පන‍්නස‍්ස ච කාමරාගස‍්ස නිස‍්සරණං යථාභූතං පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං ජානාති පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති, පගෙව සජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො අසංසට‍්ඨො ලාඛාය වා හලිද‍්දියා වා නීලාය වා මඤ‍්ජෙට‍්ඨාය වා. තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං ජානෙය්‍ය, පස‍්සෙය්‍ය. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ න කාමරාගපරියුට‍්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච කාමරාගස‍්ස නිස‍්සරණං යථාභූතං පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති, පගෙව සජ‍්ඣායකතා.

බමුණ, යම්කලෙක වූකලි කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් කාමරාගය දුරු කිරීමත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකි. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහපැහැයෙන් හෝ නිල් පැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ නුමුසු වූයේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේ ය, දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක කාමරාගයෙන් නො මඬනා ලද කාමරාගය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් කාමරාගය දුරු කිරීමත් ඇතිසැටියෙන් දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි, උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ න බ්‍යාපාදපරියුට‍්ඨිතෙන චෙතසා විහරති, න බ්‍යාපාදපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච බ්‍යාපාදස‍්ස නිස‍්සරණං යථාභූතං පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති, පගෙව සජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො න අග‍්ගිනා සන‍්තත‍්තො න උක‍්කට‍්ඨිතො න උස‍්සදකජාතො -පෙ- පගෙව සජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්‍යාපාදයෙන් නොමඩනා ලද ව්‍යාපාදය අනුව නොගිය සිතින් වෙසේ ද, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කීම? බමුණ, යම්සේ දිය බඳුනෙක් ගින්නෙන් නොතැවුණේ නොකැකෑරුණේ නොහටගත් උණුසුම් ඇත්තේ වේ ද, ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ න ථිනමිද‍්ධපරියුට‍්ඨිතෙන චෙතසා විහරති න ථිනමිද‍්ධපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච ථිනමිද‍්ධස‍්ස නිස‍්සරණං යථාභූතං පජානාති, අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති. පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති. පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති. පගෙව සජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො න සෙවාලපණකපරියොනද‍්ධො -පෙ- පගෙව සජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම් කලෙක ථීනමිද්ධයෙන් නොමඩනා ලද ථීනමිද්ධය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් සෙවෙල්පෙණින් හාත්පසින් නො වැසුනේ වේද ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ න උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරියුට‍්ඨිතෙන චෙතසා විහරති, න උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරෙතෙන, උප‍්පන‍්නස‍්ස ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස නිස‍්සරණං යථාභූතං පජානාති, අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති, පගෙව සජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො න වාතෙරිතො, න චලිතො, න භන‍්තො, න ඌමිජාතො. -පෙ- පගෙව සජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් නොමඩනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇති සැටියෙන් දනී ද ; එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතුසේ දනි, දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී. දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් සුළඟින් කම්පිත නොවූයේ නොසැලුණේ නොබැමුණේ නොහටගත් රළ ඇත්තේ වේ ද ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.

පුන චපරං බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ න විචිකිච‍්ඡාපරියුට‍්ඨිතෙන චෙතසා විහරති. න විචිකිච‍්ඡාපරෙතෙන. උප‍්පන‍්නාය ච විචිකිච‍්ඡාය නිස‍්සරණං යථාභූතං පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති. පගෙව සජ‍්ඣායකතා. සෙය්‍යථාපි බ්‍රාහ‍්මණ, උදපත‍්තො අච‍්ඡො විප‍්පසන‍්නො අනාවිලො ආලොකෙ නික‍්ඛිත‍්තො. තත්‍ථ චක‍්ඛුමා පුරිසො සකං මුඛනිමිත‍්තං පච‍්චවෙක‍්ඛමානො යථාභූතං ජානෙය්‍ය, පස‍්සෙය්‍ය. එවමෙව ඛො බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ න විචිකිච‍්ඡාපරියුට‍්ඨිතෙන චෙතසා විහරති. න විචිකිච‍්ඡාපරෙතෙන. උප‍්පන‍්නාය ච විචිකිච‍්ඡාය නිස‍්සරණං යථාභූතං පජානාති. අත‍්තත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. පරත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. උභයත්‍ථම‍්පි තස‍්මිං සමයෙ යථාභූතං පජානාති, පස‍්සති. දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති. පගෙව සජ‍්ඣායකතා. අයං ඛො බ්‍රාහ‍්මණ, හෙතු. අයං පච‍්චයො. යෙනෙකදා දීඝරත‍්තං අසජ‍්ඣායකතාපි මන‍්තා පටිභන‍්ති. පගෙව සජ‍්ඣායකතා.

බමුණ, නැවත අනෙකක් ද කියමි: යම් කලෙක විචිකිච්ඡාවෙන් නො මඬනා ලද විචිකිච්ඡාව අනුව නො ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ නිශ්ශරණයත් තතු සේ දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනුම කීම? බමුණ, යම් සේ පහන් වූ වෙසෙසින් පහන් වූ නො කැලඹුණු දියබඳුනෙක් එලියෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුව සටහන බලන්නේ තතු සේ දන්නේය. දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක විචිකිච්ඡාවෙන් නොමඬනා ලද විචිකිච්ඡාව අනුව නො ගිය සිතින් වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ නිශ්ශරණයත් ඇති සැටියෙන් දනී ද, එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කිමැ යි. බමුණ, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නොහදාළ මන්ත්‍ර පවා වැටහේ නම් (එයට) මේ හේතුයි. මේ ප්‍රත්‍යයයි.

සත‍්තිමෙ බ්‍රාහ‍්මණ, බොජ‍්ඣඞ‍්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක‍්කිලෙසා භාවිතා බහුලීකතා විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත? සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො බ්‍රාහ‍්මණ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක‍්කිලෙසො භාවිතො බහුලීකතො විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තන‍්ති. -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො බ්‍රාහ‍්මණ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක‍්කිලෙසො භාවිතො බහුලීකතො විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තති. ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක‍්කිලෙසා භාවිතා බහුලීකතා විජ‍්ජාවිමුත‍්තිඵලසච‍්ඡිකිරියාය සංවත‍්තන‍්තී ති. එවං වුත‍්තෙ සංගාරවො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

බමුණ, මේ සත්තබොජ්ඣඞ්ගයෝ (සිත) නො අවුරන්නෝය. නොවසන්නෝය. සිත නො කෙලෙසන්නෝය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුක්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙකැයත්: බමුණ, සතිසම්බොජ්ඣඞ්ගය (සිත) නොඅවුරන්නෙකි. නොවසන්නෙකි. සිත නොකෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී ... බමුණ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුක්තිඵල පසක් කිරීම පිණිස පවතී. බමුණ, මේ සත්තබොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝය; නො වසන්නෝය. සිත නො කෙලෙසන්නෝය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිතැ යි . මෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උවසුවකු කොට දරනසේක් වා යි.