යෙදුමෙන් කියවන්න

අභයසුත‍්තං

2. 6. 6.

2. 6. 6.

අභයසුත‍්තං

අභය සූත්‍රය

602. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො අභයො රාජකුමාරො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො අභයො රාජකුමාරො භගවන‍්තං එතදවොච: පූරණො භන‍්තෙ, කස‍්සපො එවමාහ: “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. අහෙතුඅප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොති. නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො ඤාණදස‍්සනාය අහෙතු අප‍්පච‍්චයා ඤාණදස‍්සනං හොතීති. ඉධ භගවා කිමාහා”ති. අත්‍ථි රාජකුමාර, හෙතු අත්‍ථි පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය.

602. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජිකුළුපව්වෙහි වැඩවසනසේක. එකල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, පුරණකස්සපයෝ මෙසේ කියති: නො දැන්මට නො දැක්මට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත. අහේතුක ව අප්‍රත්‍යය ව නො දැන්ම නො දැක්ම වේ. දැන්මට දැක්මට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත. අහේතුක ව අප්‍රත්‍යය ව දැන්ම දැක්ම වේ” යි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරනසේක් දැ යි ... රාජකුමාරය, නො දැන්මට නො දැක්මට හේතුවෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත.

සහෙතු, සප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොති. අත්‍ථි රාජකුමාර හෙතු අත්‍ථි පච‍්චයො ඤාණදස‍්සනාය. සහෙතු සප‍්පච‍්චයා ඤාණදස‍්සනං හොතීති. කතමො පන භන‍්තෙ, හෙතු කතමො පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. කථං සහෙතු සප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොතීති.

සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රාජකුමාරය, දැන්මට දැක්මට හේතුවෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත. සහේතු සප්‍රත්‍යයව දැන්ම දැක්ම වේ” යි. වහන්ස, නොදැන්මට නොදැක්මට හේතුව කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? කෙසේ සහේතු සප්‍රත්‍යය ව නො දැන්ම නො දැක්ම වේ දැ යි.

යස‍්මිං ඛො රාජකුමාර, සමයෙ කාමරාගපරියුට‍්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප‍්පන‍්නස‍්ස ච කාමරාගස‍්ස නිස‍්සරණං යථාභූතං න ජානාති න පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු අයං පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. එවං සහෙතු සප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොති. පුන චපරං රාජකුමාර, යස‍්මිං සමයෙ බ්‍යාපාදපරියුට‍්ඨිතෙන චෙතසා විහරති බ්‍යාපාදපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච බ්‍යාපාදස‍්ස නිස‍්සරණං යථාභූතං න ජානාති න පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු අයං පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. එවම‍්පි සහෙතුසප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොති. පුන චපරං රාජකුමාර, යස‍්මිං සමයෙ ථීනමිද‍්ධපරියුට‍්ඨිතෙන චෙතසා විහරති ථීනමිද‍්ධපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච ථීනමිද‍්ධස‍්ස නිස‍්සරණං යථාභූතං න ජානාති න පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු අයං පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. එවම‍්පි සහෙතුසප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොති. පුන චපරං රාජකුමාර, යස‍්මිං සමයෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරියුට‍්ඨිතෙන චෙතසා විහරති උද‍්ධච‍්චකුක‍්කුච‍්චපරෙතෙන. උප‍්පන‍්නස‍්ස ච උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස නිස‍්සරණං යථාභූතං න ජානාති න පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු අයං පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. එවම‍්පි සහෙතුසප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොති. පුන චපරං රාජකුමාර, යස‍්මිං සමයෙ විචිකිච‍්ඡාපරියුට‍්ඨිතෙන චෙතසා විහරති විචිකිච‍්ඡාපරෙතෙන. උප‍්පන‍්නාය ච විචිකිච‍්ඡාය නිස‍්සරණං යථාභූතං න ජානාති, න පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු අයං පච‍්චයො අඤ‍්ඤාණාය අදස‍්සනාය. එවං සහෙතුසප‍්පච‍්චයා අඤ‍්ඤාණං අදස‍්සනං හොතීති.

රජකුමර, යම්කලෙක කාමරාගයෙන් මඬනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතු ව වෙසේද; උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතු සප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ව්‍යාපාදයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතුසප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඬනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද, නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නො දැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඬනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මේ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතුසප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ යි.

කො නාමොයං භන‍්තෙ, ධම‍්මපරියායොති. නීවරණා නාමෙතෙ රාජකුමාරාති. තග‍්ඝ භගව නීවරණා, තග‍්ඝ සුගත නීවරණා. එකමෙකෙනපි ඛො භන‍්තෙ, නීවරණෙන අභිභූතො යථාභූතං න ජානෙය්‍ය න පස‍්සෙය්‍ය, කො පන වාදො පඤ‍්චහි නීවරණෙහි. කතමො පන භන‍්තෙ, හෙතු කතමො පච‍්චයො ඤාණදස‍්සනාය කථං සහෙතුසප‍්පච‍්චයා ඤාණදස‍්සනං හොතීති.

වහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු නීවරණ නම්හ යි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. වහන්ස, එක්එක් නීවරණයෙනුදු මඬනා ලද්දේ තතුසේ නො දන්නේය, නො දක්නේය. පඤ්චනීවරණයන්ගෙන් (මඬනා ලද්දේ) කවර කථා ද? වහන්ස, දැන්මට දැක්මට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? කෙසේ සහේතුසප්‍රත්‍යය වැ දැනීම දැකීම වේ දැ යි.

ඉධ රාජකුමාර, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවිතෙන චිත‍්තෙන යථාභූතං ජානාති පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු අයං පච‍්චයො ඤාණදස‍්සනාය. එවං සහෙතු සප‍්පච‍්චයා ඤාණදස‍්සනං හොති. -පෙ- පුන චපරං රාජකුමාර, භික‍්ඛු උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවිතෙන චිත‍්තෙන යථාභූතං ජානාති පස‍්සති. අයම‍්පි ඛො රාජකුමාර, හෙතු, අයං පච‍්චයො ඤාණදස‍්සනාය. එවම‍්පි සහෙතුසප‍්පච‍්චයා ඤාණදස‍්සනං හොතීති.

රජකුමර, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. හේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැකීමට දැනීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතු සප්‍රත්‍යය ව දැනීම දැකීම වේ ... රජකුමර, නැවත අනෙකක් ද කියමි; මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූසිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැනීමට දැකීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතුසප්‍රත්‍යව දැන්ම දැක්ම වේ යි.

කොනාමොයං භන‍්තෙ, ධම‍්මපරියායො’ති. බොජ‍්ඣඞ‍්ගා නාමෙතෙ රාජකුමාරාති. තග‍්ඝ භගව බොජ‍්ඣඞ‍්ගා, තග‍්ඝ සුගත බොජ‍්ඣඞ‍්ගා. එකමෙකෙනපි ඛො භන‍්තෙ, බොජ‍්ඣඞ‍්ගෙන සමන‍්නාගතො යථාභූතං ජානෙය්‍ය පස‍්සෙය්‍ය, කො පන වාදො සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි. යො’පි මෙ භන‍්තෙ, ගිජ‍්ඣකූටපබ‍්බතං ආරොහන‍්තස‍්ස කායකිලමථො චිත‍්තකිලමථො, සො’පි මෙ පටිප‍්පස‍්සද‍්ධො, ධම‍්මො ච මෙ අභිසමිතොති.

වහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු බොජ්ඣඞ්ග නම්හ යි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. වහන්ස, එක් එක් බොජ්ඣඞ්ගයෙනුදු යුතු වූයේ තතුසේ දන්නේය, දක්නේය. සත්තබොජ්ඣඞ්ගයෙන් යුතු වූයේ කවර කථා ද? වහන්ස, ගිජුකුළුපව්වට නැගෙන මාගේ කයෙහි යම් විඩාවක් සිතෙහි විඩාවක් වී ද, හෙ ද සන්සිඳුනේය. මා විසින් දහම ද අවබෝධ කරන ලද්දේ යි.

බොජ‍්ඣඞ‍්ගවග‍්ගො පඨමො.

සවැනි බොජ්ඣඞ්ගවර්‍ග ය යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ආහාරපරියායග‍්ගි මෙත‍්තං සඞ‍්ගාරවෙන ච අභයො පුච‍්ඡිතො පඤ‍්හං ගිජ‍්ඣකූටම‍්හි පබ‍්බතෙති.

ආහාර, පරියාය, අග්ගි, මෙත්ත, සඞ්ගාරව යන සූත්‍ර පස ද ගිජුකුළුපව්වෙහි අභයරාජකුමරුන් ප්‍රශ්න විචාළ සූත්‍රය වූ අභය සූත්‍රය දැ යි සූත්‍රසයෙකි.