7. ආනාපානවග්ගො
7. ආනාපාන වර්ගය
2. 7. 1.
2. 7. 1.
අට්ඨිකසුත්තං
අට්ඨික සූත්රය
603. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති, මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
603. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථික සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථිකසංඥාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වේ යි.
2. 7. 2.
2. 7. 2.
දුතිය අට්ඨිකසුත්තං
දුතිය අට්ඨික සූත්රය
604. අට්ඨිකසඤ්ඤාය භික්ඛවෙ, භාවිතාය බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කථං භාවිතාය ච ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤාය කථං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතාය ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤාය එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
604. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද කල්හි බහුල කරන ලද කල්හි ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි. මහණෙනි, අස්ථිකසංඥාව කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි රහත්බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමැති වියයුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, අස්ථිකසංඥාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත් බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු යි.
2. 7. 3.
2. 7. 3.
තතිය අට්ඨිකසුත්තං
තතිය අට්ඨික සූත්රය
605. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො අත්ථාය සංවත්තති. කථං භාවිතා භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො අත්ථාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො අත්ථාය සංවත්තතීති.
605. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
2. 7. 4.
2. 7. 4.
චතුත්ථ අට්ඨිකසුත්තං
චතුත්ථ අට්ඨික සූත්රය
606. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තති. කථං භාවිතා ච භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තති: ඉධ භික්ඛවෙ භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තතීති.
606. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්ඛේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවතී ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවති යි.
2. 7. 5.
2. 7. 5.
පඤ්චම අට්ඨිකසුත්තං
පඤ්චම අට්ඨික සූත්රය
607. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො සංවෙගාය සංවත්තති. කථං භාවිතා ච ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො සංවෙගාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො සංවෙගාය සංවත්තතීති.
607. මහණෙනි, අට්ඨික සඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් සංවේග පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් සංවේග පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත්සංවේගය පිණිස පවතී යි.
2. 7. 6.
2. 7. 6.
ඡට්ඨ අට්ඨිකසුත්තං
ඡට්ඨ අට්ඨික සූත්රය
608. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තති. කථං භාවිතා ච ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තතීති.
608. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසු විහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි -පෙ- අට්ඨික සඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතියි.
2. 7. 7-12.
2. 7. 7-12.
පුළවකසුත්තානි
පුළවක සූත්ර
609-614. පුළවකසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
609-614 මහණෙනි, පුළවකසඤ්ඤාව ... පවතී යි.
2. 7. 13-18.
2. 7. 13-18.
විනීලකසුත්තානි
විනීලක සූත්ර
615-620. විනීලකසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
615-620 මහණෙනි, විනීලක සඤ්ඤාව … පවතී යි.
2. 7. 19-24.
2. 7. 19-24.
විච්ඡිද්දකසුත්තානි
විච්ඡිද්දක සූත්ර
621-626. විච්ඡිද්දකසඤ්ඤා, භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
621-626 මහණෙනි, විච්ඡිද්දක සඤ්ඤාව … පවතී යි.
2. 7. 25-30.
2. 7. 25-30.
උද්ධුමාතකසුත්තානි
උද්ධුමාතක සූත්ර
627-632. උද්ධුමාතකසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
627-632 මහණෙනි, උද්ධුමාතක සඤ්ඤාව … පවතී යි.
2. 7. 31-36.
2. 7. 31-36.
මෙත්තාසුත්තානි
මෙත්තා සූත්ර
633-638. මෙත්තා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
633-638 මහණෙනි, මෛත්රිය … පවතී යි.
2. 7. 37-42.
2. 7. 37-42.
කරුණාසුත්තානි
කරුණා සූත්ර
639-644. කරුණා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
639-644 මහණෙනි, කරුණාව ... පවතී යි.
2. 7. 43-48.
2. 7. 43-48.
මුදිතාසුත්තානි
මුදිතා සූත්ර
645-650. මුදිතා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
645-650 මහණෙනි, මුදිතාව … පවතී යි.
2. 7. 49-54.
2. 7. 49-54.
උපෙඛාසුත්තානි
උපේඛා සූත්ර
651-656. උපෙඛා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
651-656 මහණෙනි, උපේක්ෂාව … පවතී යි.
2. 7. 55-60.
2. 7. 55-60.
ආනාපානසතිසුත්තානි
ආනාපානසති සූත්ර
657-662. ආනාපානසති භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
657-662 මහණෙනි, ආනාපානසතිය … පවතී යි.
ආනාපානවග්ගො සත්තමො.
සත්වැනි ආනාපානවර්ග යි.
තස්සුද්දානං:
එහි සූත්රනාමාවලිය:
අට්ඨි පුළව විනීල විච්ඡිද්දකොද්ධුමාතකා මෙත්තා කරුණා මුදිතොපෙඛානාපානෙන චාති.
අට්ඨික, පුළවක, විනීලක, විච්ජිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපේඛා, ආනාපාන යී ෂට්ක දශයෙකි. සූත්ර මුළුල්ල සැටෙකි.