7. ආනාපානවග්ගො අට්ඨකථා
7. ආනාපාන වර්ගය
1-6. අට්ඨිකසුත්තාදිවණ්ණනා
1-6. අට්ඨික ආදි සූත්‍ර වර්ණනා
සත්තමාදීසු අට්ඨිකසඤ්ඤාති අට්ඨිකං අට්ඨිකන්ති භාවෙන්තස්ස උප්පන්නසඤ්ඤා. තං පනෙතං භාවයතො යාව නිමිත්තං න උප්පජ්ජති, තාව ඡවිපි චම්මම්පි උපට්ඨාති. නිමිත්තෙ පන උප්පන්නෙ ඡවිචම්මානි නෙව උපට්ඨහන්ති, සඞ්ඛවණ්ණො සුද්ධඅට්ඨිකසඞ්ඝාටොව උපට්ඨාති හත්ථික්ඛන්ධගතං ධම්මිකතිස්සරාජානං ඔලොකෙන්තස්ස සාමණෙරස්ස විය, පටිමග්ගෙ හසමානං ඉත්ථිං ඔලොකෙන්තස්ස චෙතියපබ්බතවාසිනො තිස්සත්ථෙරස්ස විය චාති. වත්ථූනි විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.15) විත්ථාරිතානි. සති වා උපාදිසෙසෙති ගහණසෙසෙ උපාදානසෙසෙ විජ්ජමානම්හි.
සත්වැන්න ආදියෙහි - අට්ඨික සඤ්ඤා = අට්ඨිකං අට්ඨිකං යනුවෙන් (භාවනා) වඩන්නහුට උපන් සංඥාවයි. ඒ මෙය වඩන්නහුට යම්තාක්කල් නිමිත්ත නො උපදීද, ඒතාක් කල් සිවිය ද, සම (වෙත්ව) එළඹ සිටී. නිමිත්ත උපන් කල්හි වනාහි සිවිය සම ආදිය (එකට) එළඹ සිටී. සක්ගෙඩි පැහැති සුදු ඇට සැකිල්ලය යනුවෙන්ම එළඹේ, හෙවත් වැටහේ. ඇතුගේ කඳමතට නැගගත් දැහැමි තිස්ස රජුදෙස බලන සාමණේරයන්ගේ ද, ඉදිරි මඟෙහි සිනහසෙන ස්ත්‍රිය දෙස බලන තිස්ස තෙරුන්ගේ ද වැනි කථාවස්තු විශුද්ධි මාර්ගයෙහි දී විස්තර කරන ලද්දේය. සතිවා උපාදිසෙසෙති = ග්‍රහණය කර (ගැනීමෙන් පසු) ඉතිරි කොටසක් පවත්නා කල්හි
7-12. පුළවකසුත්තානිවණ්ණනා
7-12. පුළවක සූත්‍ර වර්ණනා
පුළවකසඤ්ඤාති පුළවං පුළවන්ති භාවෙන්තස්ස උප්පන්නසඤ්ඤා. විනීලකසඤ්ඤාදීසුපි එසෙව නයො. විනිච්ඡයකථා පනෙත්ථ සද්ධිං භාවනානයෙන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.102) වුත්තා. මෙත්තාදයො තිකචතුක්කජ්ඣානවසෙන වෙදිතබ්බා, උපෙක්ඛා චතුත්ථජ්ඣානවසෙනෙව.
පුළවක සඤ්ඤා = පුළවං පුළවං (පණුවෙකි, පණුවෙකි) යනුවෙන් භාවනා වඩන්නහුට උපන් සංඥාව විනීලක (ඉතා නිල්පැහැගත් මළ සිරුර) යන සංඥා ආදියෙහිද මේ පිළිවෙළම වේ. මෙහි විනිශ්චය කර ගැනීමේ කථාව වනාහී භාවනා පිළිවෙළ සමග විශුද්ධි මාර්ගයෙහි දී කියන ලදී, මෛත්‍රී ආදිය තුන්වන සතරවන ධ්‍යාන වශයෙන් දත යුතුය. උපේක්ෂාව සතරවන ධ්‍යානය වශයෙන්ම දත යුතුය.