යෙදුමෙන් කියවන්න

මෙත‍්තසුත‍්තං

2. 6. 4.

2. 6. 4.

මෙත‍්තසුත‍්තං

මෙත්ත සූත්‍රය

600. එකං සමයං භගවා කොලියෙසු විහරති හලිද‍්දවසනං නාම කොලියානං නිගමො. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය හලිද‍්දවසනං පිණ‍්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: “අතිප‍්පගො ඛො තාව හලිද‍්දවසනෙ පිණ‍්ඩාය චරිතුං. යන‍්නූන මයං යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති. අථ ඛො තෙ භික‍්ඛූ යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නෙ ඛො තෙ භික‍්ඛූ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං:

600. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි හලිද්දවසන නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන හලිද්දවසන නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය: හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩි ය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහු:

සමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම‍්මං දෙසෙති: “එථ තුම‍්හෙ භික‍්ඛවෙ, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අව්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථ. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථ. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථ. උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථා”ති.

ඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි, එවු, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත්සහගිය සිතින් එක්දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණි නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙව, කුළුණුසහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිව්වන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණ නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත කුළුණුසහගිය සිතින් පතුරුවා වෙසෙව. මුදිතා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිව්වන දිග ද, (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත්බවට ගිය නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත මුදිතා සහගත සිතින් පතුරුවා වෙසෙව. මැදහත් බව සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිව්වන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතුරුණු මහත්බවට ගිය නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙව යි.

මයම‍්පි ඛො ආවුසො, සාවකානං එවං ධම‍්මං දෙසෙම: “එථ තුම‍්හෙ ආවුසො, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථා”ති. ඉධ නො ආවුසො, කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං අනුසාසනියා වා අනුසාසනින‍්ති.

ඇවැත්නි, අපි දු සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන නීවරණ පහ කොට මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසව … කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙවු. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත්බවට ගිය නො පමණ වූ වෙර නැති, දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි. ඇවැත්නි, මෙහි මහණ ගොයුම්හුගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම, අධික ප්‍රයෝග කිම, නානාත්‍වකිමැ’ යි.

අථ ඛො තෙ භික‍්ඛූ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිංසු, නප‍්පටික‍්කොසිංසු. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිංසු, භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමාති. අථ ඛො තෙ භික‍්ඛූ හලිද‍්දවසනෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: ඉධ මයං භන‍්තෙ, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය හලිද‍්දවසනං පිණ‍්ඩාය පවිසිම‍්හ. තෙසං නො භන‍්තෙ, අම‍්හාකං එතදහොසි: “අතිප‍්පගො ඛො තාව හලිද‍්දවසනෙ පිණ‍්ඩාය චරිතුං. යන‍්නූන මයං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යාමා”ති.

එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නොම පිළිකෙව් කළහ. නොපිළිගෙන නොපිළිකෙව් කොට “මේ භාෂිතයේ අරුත භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී දැනගන්නෙමු”යී හුනස්නෙන් නැගිට පිටත්ව ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; වහන්ස, මෙහි අපි පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන හලිද්දවසනයට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය: “හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩිය, අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ”යි.

අථ ඛො මයං භන‍්තෙ, යෙනඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිම‍්හ. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිම‍්හ. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිම‍්හ. එකමන‍්තං නිසින‍්නෙ ඛො අම‍්හෙ භන‍්තෙ, තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං:

වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹුණෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හිඳගත්තෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:

සමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම‍්මං දෙසෙති: “එථ තුම‍්හෙ භික‍්ඛවෙ, පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථා”ති.

ඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි; “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත්සහගිය සිතින් ... එක් දිගක් පතුරුවා වෙසෙව … කුළුණු සහගිය සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව, එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව). මෙසේ උඩ යට සරස සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත්බවට ගිය නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි.

මයම‍්පි ඛො ආවුසො, සාවකානං එවං ධම‍්මං දෙසෙම: “එථ තුම‍්හෙ ආවුසො, පඤ‍්ච නීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්‍ථිං. ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරථා”ති. ඉධ නො ආවුසො, කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං, සමණස‍්ස වා ගොතමස‍්ස අම‍්හාකං වා යදිදං ධම‍්මදෙසනාය වා ධම‍්මදෙසනං අනුසාසනියා වා අනුසාසනින‍්ති.

ඇවැත්නි, අපි දු සව්වනට මෙසේ දහම් දෙසමු. “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව, … කුළුණු සහගිය සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි. ඇවැත්නි, මෙහි මහණ ගොයුම්හුගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් හෝ ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කිම, අධික ප්‍රයෝග කිම, නානාත්‍ව කිමැ යි.

අථ ඛො මයං භන‍්තෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිම‍්හ නප‍්පටික‍්කොසිම‍්හ, අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිම‍්හ, “භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමා”ති. එවංවාදිනො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: “කථං භාවිතා පනාවුසො මෙත‍්තාචෙතොවිමුත‍්ති කිංගතිකා හොති කිංපරමා කිම‍්ඵලා කිම‍්පරියොසානා? කථං භාවිතා පනාවුසො, කරුණාචෙතොවිමුත‍්ති කිංගතිකා හොති කිංපරමා කිම‍්ඵලා කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, මුදිතාචෙතොවිමුත‍්ති කිංගතිකා හොති කිංපරමා කිම‍්ඵලා කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, උපෙඛාචෙතොවිමුත‍්ති, කිංගතිකා හොති කිංපරමා කිම‍්ඵලා, කිංපරියොසානා”ති. එවං පුට‍්ඨා භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා න චෙව සම‍්පායිස‍්සන‍්ති, උත‍්තරිඤ‍්ච විඝාතං ආපජ‍්ජිස‍්සන‍්ති. තං කිස‍්ස හෙතු: යථා තං භික‍්ඛවෙ, අවිසයස‍්මිං. නාහං තං භික‍්ඛවෙ, පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය, යො ඉමෙසං පඤ‍්හානං වෙය්‍යාකරණෙන චිත‍්තං ආරාධෙය්‍ය, අඤ‍්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්‍වා.

වහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටුපිරිවැජ්ජන්ගේ වදන් නොම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට මේ වදනෙහි අරුත භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි දී දැනගන්නෙමු යි හුනස්නෙන් නැඟි පිටත්ව ගියෙමු යි. මහණෙනි, මෙබඳු වාද ඇති අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියයුතු වන්නාහ: ඇවැත්නි, කෙසේ වඩනලද මෛත්‍රීචිත්තවිමුක්තිය (අර්‍පණාසමාධිය) කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩන ලද කරුණාචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩනලද මුදිතා චිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩනලද උපේඛාචිත්තවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ දැ යි? මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. හේ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහිලා යම්සේ නම් එමෙනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් අසා හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත් ගන්නේ නම් දෙවියන් සහිත මරුන් බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි එබන්දකු මම නො ම දකිමි.

කථං භාවිතා ච භික‍්ඛවෙ, මෙත‍්තාචෙතොවිමුත‍්ති කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු මෙත‍්තාසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- මෙත‍්තා සහගතං උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සො සචෙ ආකඞ‍්ඛති අප‍්පටිකූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, පටිකූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලඤ‍්ච පටික‍්කූලඤ‍්ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙඛකො විහරෙය්‍යං සතො සම‍්පජානොති, උපෙඛකො තත්‍ථ විහරති සතො සම‍්පජානො. සුභං වා ඛො පන විමොඛං උපසම‍්පජ‍්ජ විහරති. සුභපරමාහං භික‍්ඛවෙ, මෙත‍්තා චෙතොවිමුත‍්තිං වදාමි, ඉධ පඤ‍්ඤස‍්ස භික‍්ඛුනො උත‍්තරිං විමුත‍්තිං අප‍්පටිවිජ‍්ඣතො.

මහණෙනි, කෙසේ වඩන ලද මෛත්‍රීචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මෙත්තාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මෙත්තාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටුඅරමුණෙහි අනිටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟීම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් ඉටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. ශුභවිමෝක්‍ෂයට හෝ පැමිණ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය (අර්‍හත්‍වය) අවබෝධ නොකරන මහණහට මෛත්‍රීචිත්තවිමුක්තිය ශුභය කෙළවර කොට ඇත්තීයයි මම කියමි.

කථං භාවිතා ච භික‍්ඛවෙ, කරුණාචෙතොවිමුත‍්ති කිංගතිකා හොති කිංපරමා කිංඵලා කිං පරියොසානා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කරුණාසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- කරුණාසහගතං උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සො සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති. පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති, සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති. අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති, සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, අප‍්පටික‍්කූලසචඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලං ච පටික‍්කූලං ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙඛකො විහරෙය්‍යං සතො සම‍්පජානොති, උපෙඛකො තත්‍ථ විහරති සතො සම‍්පජානො. සබ‍්බසොවා රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. ආකාසානඤ‍්චායතනපරමාහං භික‍්ඛවෙ, කරුණාචෙතොවිමුත‍්තිං වදාමි, ඉධ පඤ‍්ඤස‍්ස භික‍්ඛුනො උත‍්තරිං විමුත‍්තිං අප‍්පටිවිජ‍්ඣතො.

මහණෙනි, කෙසේ වඩන ලද කරුණාචේතොවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට කරුණා සහගතසතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... කරුණා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි අනිටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති නම් එහිලා ඉටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහිත් ඉටු අරමුණෙහිත් ඉටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණහට කරුණාචිත්තවිමුත්තිය ආකාසානඤ්චායතනය පරම කොට ඇත්තී ය යි මම කියමි.

කථං භාවිතා ච භික‍්ඛවෙ, මුදිතා චෙතොවිමුත‍්ති කිංගතිකා හොති කිංපරමා කිංඵලා කිංපරියොසානා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු මුදිතාසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- මුදිතාසහගතං උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති, විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සො සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති -පෙ- සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලඤ‍්ච පටික‍්කූලඤ‍්ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙඛකො විහරෙය්‍යං සතො සම‍්පජානොති, උපෙඛකො තත්‍ථ විහරති සතො සම‍්පජානො. සබ‍්බසො වා පන ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. විඤ‍්ඤාණඤ‍්චායතනපරමාහං භික‍්ඛවෙ, මුදිතාචෙතොවිමුත‍්තිං වදාමි, ඉධපඤ‍්ඤස‍්ස භික‍්ඛුනො උත‍්තරිං විමුත‍්තිං අප‍්පටිවිජ‍්ඣතො.

මහණෙනි, කෙසේ වඩන ලද මුදිතාචිත්තවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මුදිතාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මුදිතාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි ලා ඉටු හැගීම් ඇතිව වෙසෙයි ... ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහි ලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණහට මුදිතාචේතෝවිමුත්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තී ය යි මම කියමි.

කථං භාවිතා ච භික‍්ඛවෙ, උපෙඛාචෙතොවිමුත‍්ති කිංගතිකා හොති කිංපරමා කිංඵලා කිංපරියොසානා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු උපෙඛාසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසහගතං උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. සො සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍යන‍්ති, අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති, අප‍්පටික‍්කූලඤ‍්ච පටික‍්කූලඤ‍්ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙඛකො විහරෙය්‍යං සතො සම‍්පජානොති, උපෙඛකො තත්‍ථ විහරති සතො සම‍්පජානො. සබ‍්බසො වා පන විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. ආකිඤ‍්චඤ‍්ඤායතනපරමාහං භික‍්ඛවෙ, උපෙඛාචෙතොවිමුත‍්තිං වදාමි, ඉධ පඤ‍්ඤස‍්ස භික‍්ඛුනො උත‍්තරිං විමුත‍්තිං අප‍්පටිවිජ‍්ඣතොති.

මහණෙනි, කෙසේ වඩන ලද උපේක්‍ෂාචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසේ. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසේ. ඉදින් ඉටුඅරමුණෙහිත් අනිටුඅරමුණෙහිත් අනිටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිවවෙසේ. ඉදින් අනිටුඅරමුණෙහිත් ඉටුඅරමුණෙහිත් ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසේ. ඉදින් ඉටුඅරමුණත් අනිටුඅරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනා දැනුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුත්තිය අවබෝධ නොකරන මහණහට උපේක්‍ෂා චිත්තවිමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇත්තී ය යි මම කියමියි.