යෙදුමෙන් කියවන්න

අග‍්ගිසුත‍්තං

2. 6. 3.

2. 6. 3.

අග‍්ගිසුත‍්තං

අග්ගි සූත්‍රය

599. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිංසු -පෙ- (පරියායසුත‍්තන‍්තෙවණ‍්ණිතක‍්කමොඑව) එවංවාදිනො භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවමස‍්සු වචනීයා: “යස‍්මිං ආවුසො, සමයෙ ලීනං චිත‍්තං හොති, කතමෙසං තස‍්මිං සමයෙ බොජ‍්ඣඞ‍්ගානං අකාලො භාවනාය, කතමෙසං තස‍්මිං සමයෙ බොජ‍්ඣඞ‍්ගානං කාලො භාවනාය: යස‍්මිං පනාවුසො සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, කතමෙසං තස‍්මිං සමයෙ බොජ‍්ඣඞ‍්ගානං අකාලො භාවනාය, කතමෙසං තස‍්මිං සමයෙ බොජ‍්ඣඞ‍්ගානං කාලො භාවනායා”ති. එවං පුට‍්ඨා භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා න චෙව සම‍්පායිස‍්සන‍්ති, උත‍්තරිඤ‍්ච විඝාතං ආපජ‍්ජිස‍්සන‍්ති. තං කිස‍්ස හෙතු: යථා තං භික‍්ඛවෙ, අවිසයස‍්මිං. නාහං තං භික‍්ඛවෙ, පස‍්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය යො ඉමෙසං පඤ‍්හානං වෙය්‍යාකරණෙන චිත‍්තං ආරාධෙය්‍ය අඤ‍්ඤත්‍ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්‍වා.

599. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ … (පරියාය සූත්‍රයේ වර්‍ණනා කළ ක්‍රමය මැ යි) මහණෙනි, මෙබඳු වාද ඇති අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහු: ඇවැත්නි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට නො කල් ද? එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට කල් ද? ඇවැත්නි, යම් කලෙක සිත නොසන්සුන් වූයේ වේ නම් එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට නො කල් ද? එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට කල් දැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා යම් සේ නම් එමෙනි. මහණෙනි, තථාගත කෙනකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් අසා හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ ලීනං චිත‍්තං හොති, අකාලො තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු: ලීනං භික‍්ඛවෙ චිත‍්තං. තං එතෙහි ධම‍්මෙහි දුස‍්සමුට‍්ඨාපයං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුකාමො අස‍්ස. සො තත්‍ථ අල‍්ලානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය, අල‍්ලානි ච ගොමයානි පක‍්ඛිපෙය්‍ය, අල‍්ලානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, උදකවාතඤ‍්ච දදෙය්‍ය, පංසුකෙන ච ඔකිරෙය්‍ය. භබ‍්බො නු ඛො සො පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුන‍්ති? නො හෙතං භන‍්තෙ. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ ලීනං චිත‍්තං හොති, අකාලො තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු: ලීනං භික‍්ඛවෙ, චිත‍්තං තං එතෙහි ධම‍්මෙහි දුස‍්සමුට‍්ඨාපයං හොති.

මහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලී. සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලී. උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නො නගාලිය හැක්කේ වේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මද ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහාලන්නේ නම් අමුගොමත් බහා ලන්නේ නම් අමු දරත් බහා ලන්නේ නම් සිහිල් සුලඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණක් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නො නගාලිය හැක්කේ වෙයි.

යස‍්මිං ච ඛො භික‍්ඛවෙ, සමයෙ ලීනං චිත‍්තං හොති. කාලො තස‍්මිං සමයෙ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. කාලො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු: ලීනං භික‍්ඛවෙ චිත‍්තං. තං එතෙහි ධම‍්මෙහි සුසමුට‍්ඨාපයං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුකාමො අස‍්ස. සො තත්‍ථ සුක‍්ඛානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය. සුක‍්ඛානි ගොමයානි පක‍්ඛිපෙය්‍ය. සුක‍්ඛානි කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, මුඛවාතං ච දදෙය්‍ය. න ච පංසුකෙන ඔකිරෙය්‍ය භබ‍්බො නු ඛො සො පුරිසො පරිත‍්තං අග‍්ගිං උජ‍්ජාලෙතුන‍්ති. එවං භන‍්තෙ. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ ලීනං චිත‍්තං හොති, කාලො තස‍්මිං සමයෙ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. කාලො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. කාලො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු: ලීනං භික‍්ඛවෙ චිත‍්තං, තං එතෙහි ධම‍්මෙහි සුසමුට‍්ඨාපයං හොති.

මහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ ද; එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මැනැවින් නගාලිය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මඳ ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි වියලි තණත් බහා ලන්නේ නම් වියලි ගොමත් බහාලන්නේ නම් වියලි දරත් බහා ලන්නේ නම් මුවසුලඟත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට කලී. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මැනැවින් නගාලිය හැක්කේ වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, අකාලො තස‍්මිං සමයෙ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු? උද‍්ධතං භික‍්ඛවෙ චිත‍්තං, තං එතෙහි ධම‍්මෙහි දුවූපසමයං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුකාමො අස‍්ස. සො තත්‍ථ සුක‍්ඛානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය. සුක‍්ඛානි ච ගොමයානි පක‍්ඛිපෙය්‍ය, සුක‍්ඛානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, මුඛවාතඤ‍්ච දදෙය්‍ය, න ච පංසුකෙන ඔකිරෙය්‍ය. භබ‍්බො නු ඛො සො පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුන‍්ති? නො හෙතං භන‍්තෙ. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, අකාලො තස‍්මිං සමයෙ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. අකාලො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, අකාලො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු? උද‍්ධතං භික‍්ඛවෙ, චිත‍්තං තං එතෙහි ධම‍්මෙහි දුවූපසමං හොති.

මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ ද; නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නො සන්සුන් ය. එය මේ දහමින් නොසන්සිඳුවිය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේ ද; හෙතෙමේ එහි වියළි තණත් බහාලන්නේ නම් වියලි ගොමත් බහා ලන්නේ නම් වියලි දරත් බහා ලන්නේ නම් මුවසුළගත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනිකඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් නො සන්සිඳුවිය හැකි වෙයි.

යස‍්මිං භික‍්ඛවෙ, සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, කාලො තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු, උද‍්ධතං භික‍්ඛවෙ චිත‍්තං. තං එතෙහි ධම‍්මෙහි සුවූපසමං හොති. සෙය්‍යථාපි භික‍්ඛවෙ, පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුකාමො අස‍්ස. සො තත්‍ථ අල‍්ලානි චෙව තිණානි පක‍්ඛිපෙය්‍ය, අල‍්ලානි චෙව ගොමයානි පක‍්ඛිපෙය්‍ය, අල‍්ලානි ච කට‍්ඨානි පක‍්ඛිපෙය්‍ය, උදකවාතඤ‍්ච දදෙය්‍ය, පංසුකෙන ච ඔකිරෙය්‍ය, භබ‍්බො නු ඛො සො පුරිසො මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙතුන‍්ති? එවම‍්භන‍්තෙ. එවමෙව ඛො භික‍්ඛවෙ, යස‍්මිං සමයෙ උද‍්ධතං චිත‍්තං හොති, කාලො තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය, කාලො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය. තං කිස‍්ස හෙතු, උද‍්ධතං භික‍්ඛවෙ චිත‍්තං. තං එතෙහි ධම‍්මෙහි සුවූපසමං හොති. සතිං ඛ‍්වාහං භික‍්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමීති.

මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් මැනැවින් සන්සිඳු විය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහා ලන්නේ නම් අමු ගොමත් බහා ලන්නේ නම් අමු දරත් බහා ලන්නේ නම් සිහිල් සුළඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනිකඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට කලි. ඒ කවර හෙයින යත්; මහණෙනි, සිත නො සන්සුන් ය. එය මේ දහම්වලින් මැනැවින් සන්සිඳු විය හැක්කේ වෙයි. මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යයි මම කියමි යි.