යෙදුමෙන් කියවන්න

1. ආහාරසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. ආහාරසුත‍්තවණ‍්ණනා

1. ආහාර සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨවග‍්ගස‍්ස පඨමෙ අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදායාතිආදීසු අයං පුරිමනයතො විසෙසො. න කෙවලඤ‍්හි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගාදීනං එතෙ වුත‍්තප‍්පකාරාව උප‍්පාදාය, උප‍්පන‍්නානං වා භාවනාය පාරිපූරියා පච‍්චයා හොන‍්ති, අඤ‍්ඤෙපි පන එවං වෙදිතබ‍්බා.

සයවන වර්ගයේ පළමුවැන්නෙහි - අයමාහාරො අනුප්පන්නස්සවා සති සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය යන මේ ආදියෙහි මෙය පෙර පිළිවෙළින් වෙනස් වේ. හුදෙක් සති සම්බොජ්ඣඞ්ගාදීන්ගේ ම කියන ලද ආකාර ඇති මේ කරුණු උත්පාදන පිණිස ද, උපන් කරුණුවල වර්ධනයෙහි සම්පූර්ණ වීම පිණිස ද හේතු නොවේ. අන් කොටස් ද මෙසේ දත යුතුය.

අපරෙපි හි චත‍්තාරො ධම‍්මා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති සතිසම‍්පජඤ‍්ඤං මුට‍්ඨස‍්සතිපුග‍්ගලපරිවජ‍්ජනතා උපට‍්ඨිතස‍්සතිපුග‍්ගලසෙවනතා තදධිමුත‍්තතාති. අභික‍්කන‍්තාදීසු හි සත‍්තසු ඨානෙසු සතිසම‍්පජඤ‍්ඤෙන, භත‍්තනික‍්ඛිත‍්තකාකසදිසෙ මුට‍්ඨස‍්සතිපුග‍්ගලෙ පරිවජ‍්ජනෙන, තිස‍්සදත‍්තත්‍ථෙරඅභයත්‍ථෙරාදිසදිසෙ උපට‍්ඨිතස‍්සතිපුග‍්ගලෙ සෙවනෙන, ඨානනිසජ‍්ජාදීසු සතිසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතාය ච සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති. එවං චතූහි කාරණෙහි උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

අන්‍ය වූ ධර්ම සතරක්ද සති සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස පවතී. සිහිය හා නුවණ (සති සම්පජඤ්ඤය) මුළාවූ සිහි ඇති පුද්ගලයන් දුරු කිරීම, එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, (සති සම්බොජ්ඣඞ්ගයෙහි) තදින් ඇලී සිටීම යන මේ ධර්ම සතර වේ. අභික්කන්ත ආදී ස්ථාන සතෙහි පවත්නා සිහි නුවණින් ද, ඉවත දැමු බත් වෙත පැමිණෙන කවුඩන් වැනි මුළා වූ සිහි ඇති පුද්ගලයන් වර්ජනය කිරීමෙන් ද තිස්ස දත්ත ස්ථවිර, අභය ස්ථවිර ආදීන් වැනි එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් ඇසුරු කිරීමෙන් ද, සිහිය ඉපදවීම පිණිස නැමී යොමු වූ සිතින් ද සති සම්බොජ්ඣඞ්ගයේ භාවනාව අර්හත් මාර්ගයෙන් සම්පූර්ණ වේ.

සත‍්ත ධම‍්මා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – පරිපුච‍්ඡකතා වත්‍ථුවිසදකිරියා ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා තදධිමුත‍්තතාති. තත්‍ථ පරිපුච‍්ඡකතාති ඛන්‍ධධාතුආයතනඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගඣානඞ‍්ගසමථවිපස‍්සනානං අත්‍ථසන‍්නිස‍්සිතපරිපුච‍්ඡාබහුලතා.

ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස ධර්මයන් සතක් පවතී. (ඒවා මෙසේය) : විමසා දැන ගන්නා බව, නියම තත්ත්වයන් පැහැදිලි කර ගැනීම, ඉන්‍ද්‍රිය ස්වභාවය සකසා ගැනීම, අඥාන පුද්ගලයන් ඈත් කිරීම, ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම, ගැඹුරු නුවණින් සෙවිය යුතු කරුණු නුවණින් විමසා බැලීම, එය කෙරෙහි තදින් යොමු වීම යන ධර්මයන් සතය. එහි, පරිපුච්ඡකතා (විමසා දැන ගන්නා බව) යනු ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය ශක්ති, බෝධ්‍යඞ්ග, මාර්ගාංග, ධ්‍යාන, සමථ, විදර්ශනා යන ආදීන්ගේ අර්ථයන් ඇසුරු කොට පවත්නා විමසා දැන ගැනීමේ බහුල අවශ්‍යතාවයයි.

වත්‍ථුවිසදකිරියාති අජ‍්ඣත‍්තිකබාහිරානං වත්‍ථූනං විසදභාවකරණං. යදා හිස‍්ස කෙසනඛලොමානි දීඝානි හොන‍්ති, සරීරං වා උස‍්සන‍්නදොසඤ‍්චෙව සෙදමලමක‍්ඛිතඤ‍්ච, තදා අජ‍්ඣත‍්තිකවත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. යදා පන චීවරං ජිණ‍්ණං කිලිට‍්ඨං දුග‍්ගන්‍ධං හොති, සෙනාසනං වා උක‍්ලාපං, තදා බාහිරවත්‍ථු අවිසදං හොති අපරිසුද‍්ධං. තස‍්මා කෙසාදිඡෙදනෙන උද‍්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි සරීරසල‍්ලහුකභාවකරණෙන උච‍්ඡාදනනහාපනෙන ච අජ‍්ඣත‍්තිකවත්‍ථු විසදං කාතබ‍්බං. සූචිකම‍්මධොවනරජනපරිභණ‍්ඩකරණාදීහි බාහිරවත්‍ථු විසදං කාතබ‍්බං. එතස‍්මිඤ‍්හි අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි අවිසදෙ උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි අවිසදං අපරිසුද‍්ධං හොති අපරිසුද‍්ධානි දීපකපල‍්ලකවට‍්ටිතෙලානි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. විසදෙ පන අජ‍්ඣත‍්තිකබාහිරෙ වත්‍ථුම‍්හි උප‍්පන‍්නෙසු චිත‍්තචෙතසිකෙසු ඤාණම‍්පි විසදං හොති පරිසුද‍්ධානි දීපකපල‍්ලකවට‍්ටිතෙලානි නිස‍්සාය උප‍්පන‍්නදීපසිඛාය ඔභාසො විය. තෙන වුත‍්තං – “වත්‍ථුවිසදකිරියා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තතී”ති.

“වත්‍ථු විසද කිරියා” (නියම තත්ත්වයන් පැහැදිලි කර ගැනීම) යනු ආධ්‍යාත්මික හා බාහිර වස්තූන්ගේ තත්ත්වයන් පැහැදිලි කර ගැනීමයි. යම් කලෙක්හි ඔහුගේ කෙස්, නිය, ලොම් දීර්ඝ වෙයි ද, ශරීරය බොහෝ දෝෂ සහිත ද, ඩහදිය මල ආදිය තැවරුනේ ද එකල්හි ශාරීරික කොටස කිලිටි වේ. අපිරිසිදු වේ. යම් කලෙක චීවරය දිරාපත් වූයේ, කිලිටි වූයේ, දුගඳ වූයේ වෙයි ද, සෙනසුන කුණුකසලින් යුතු වේද එකල්හි බාහිර වස්තු දූෂිත වේ, අපිරිසිදු වේ ද එහෙයින් කෙස් කැපීම් ආදියෙන් ද, වමනය කරවීම් උදර විරේචනයන් යන ආදියෙන් සිරුරේ සැහැල්ලු බව ඇති කිරීමෙන් ද, ඇඟ ඉලීම්, දිය නෑම්වලින් ද ශරීරයේ කොටස් පිරිසිදු කිරීම කළ යුතුය. සිවුරු රෙදි ආදිය පිරිසිදු කිරීම්, සේදීම්, වර්ණ ගැන්වීම් (පඬු පෙවීම්) මගින්ද, (ගෙබිමෙහි ගොම හෝ) පිරිබඩ ගෑම් ආදිය මගින් ද බාහිර වස්තූන් පිරිසිදු කළ යුතුය. ශාරීරික වූ ද, බාහිර වූ ද මෙම කොටස්හි අපිරිසිදු බව ඇති වන කල්හි චිත්ත චෛතසිකයන් වෙත යොමු වන නුවණ ද අපිරිසිදු වෙයි. (කෙසේදයත්) පහන් බඳුනේ තිරයට දැමූ අපිරිසිදු තෙල්වලින් උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙනි. ශාරීරික වූ ද, බාහිර වූ ද වස්තූන් පිරිසිදු වූ කල්හි චිත්ත චෛතසිකයන් වෙත යොමුවන නුවණ ද පිරිසිදු වෙයි. (කෙසේද යත්) පහන් බඳුනේ තිරයට දැමු පිරිසිදු තෙල්වලින් උපන් පහන් සිළුවෙහි ආලෝකය මෙනි. එසේ හෙයින් මෙසේ කියන ලදී. (කෙසේදයත්) වස්තූන් පිරිසිදු කිරීම ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස පවතී යනුයි.

ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනා නාම සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං සමභාවකරණං. සචෙ හිස‍්ස සද‍්ධින්‍ද්‍රියං බලවං හොති, ඉතරානි මන්‍දානි, තතො වීරියින්‍ද්‍රියං පග‍්ගහකිච‍්චං, සතින්‍ද්‍රියං උපට‍්ඨානකිච‍්චං, සමාධින්‍ද්‍රියං අවික‍්ඛෙපකිච‍්චං, පඤ‍්ඤින්‍ද්‍රියං දස‍්සනකිච‍්චං කාතුං න සක‍්කොති. තස‍්මා තං ධම‍්මසභාවපච‍්චවෙක‍්ඛණෙන වා, යථා වා මනසිකරොතො බලවං ජාතං, තථා අමනසිකරණෙන හාපෙතබ‍්බං. වක‍්කලිත්‍ථෙරවත්‍ථු චෙත්‍ථ නිදස‍්සනං. සචෙ පන වීරියින්‍ද්‍රියං බලවං හොති, අථ නෙව සද‍්ධින්‍ද්‍රියං අධිමොක‍්ඛකිච‍්චං කාතුං සක‍්කොති, න ඉතරානි ඉතරකිච‍්චභෙදං. තස‍්මා තං පස‍්සද‍්ධාදිභාවනාය හාපෙතබ‍්බං. තත්‍ථාපි සොණත්‍ථෙරස‍්ස වත්‍ථු දස‍්සෙතබ‍්බං. එවං සෙසෙසුපි එකස‍්ස බලවභාවෙ සති ඉතරෙසං අත‍්තනො කිච‍්චෙසු අසමත්‍ථතා වෙදිතබ‍්බා.

ඉන්‍ද්‍රිය ස්වභාවය ඇති කිරීම යනු ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගේ සමබව ඇති කිරීමයි. ඉදින් ඔහුගේ ශ්‍රද්ධා ඉන්‍ද්‍රියය බලවත් වේද, අනෙක් ඉන්‍ද්‍රියයන් බලයෙන් මඳවේ. එයින් වීර්යය නම් ඉන්‍ද්‍රියයට උත්සාහ කිරීමේ කාර්යය ද, සමාධි නම් ඉන්‍ද්‍රියයට චංචල නොවී සිටීමේ කාර්යය ද, පඤ්ඤා නම් ඉන්‍ද්‍රියයට දර්ශනය කිරීමේ (අවබෝධ කර ගැනීමේ) කාර්යය ද කරන්නට නො හැකි වේ. එහෙයින් එය ධර්ම ස්වභාවය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් හෝ යම් සේ එය මෙනෙහි කිරීමෙන් බලවත් වේ ද, එසේම මෙනෙහි නො කිරීමෙන් දුබල කළ යුතුයි. මෙහිදී “වක්කලී ථෙර” වස්තුව ද නිදසුන් වේ. ඉදින් වීර්යය නම් ඉන්‍ද්‍රියය බලවත් වේද, එවිට ශ්‍රද්ධාව නම් ඉන්‍ද්‍රියය ස්ථාවර කිරීමට නොහැකි වෙයි. අනිකුත් ඉන්‍ද්‍රියයන්හි සිදුවන වෙනස් කම් ද මෙසේ වේ. එබැවින් එය සන්සුන් වීම මුල් කරගත් භාවනාවෙන් දුබල කළ යුතුය. එහිදී සෝණ ස්ථවිර කථා වස්තුව දැක්විය යුතුය. මෙසේ සෙසු තන්හි ද එක් ඉන්‍ද්‍රියයක්හුගේ බලවත් වීම ඇති කල්හි අන් ඉන්‍ද්‍රියයන් අතර තම කාර්යයන්හි අසමත් වීමක් ඇතැයි දත යුතුය.

විසෙසතො පනෙත්‍ථ සද‍්ධාපඤ‍්ඤානං සමාධිවීරියානඤ‍්ච සමතං පසංසන‍්ති. බලවසද‍්ධො හි මන්‍දපඤ‍්ඤො මුධප‍්පසන‍්නො හොති, අවත්‍ථුස‍්මිං පසීදති. බලවපඤ‍්ඤො පන මන්‍දසද‍්ධො කෙරාටිකපක‍්ඛං භජති, භෙසජ‍්ජසමුට‍්ඨිතො විය රොගො අතෙකිච‍්ඡො හොති. චිත‍්තුප‍්පාදමත‍්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්‍වා දානාදීනි අකරොන‍්තො නිරයෙ උප‍්පජ‍්ජති. උභින‍්නං සමතාය වත්‍ථුස‍්මිංයෙව පසීදති. බලවසමාධිං පන මන්‍දවීරියං සමාධිස‍්ස කොසජ‍්ජපක‍්ඛත‍්තා කොසජ‍්ජං අභිභවති. බලවවීරියං මන්‍දසමාධිං වීරියස‍්ස උද‍්ධච‍්චපක‍්ඛත‍්තා උද‍්ධච‍්චං අභිභවති. සමාධි පන වීරියෙන සංයොජිතො කොසජ‍්ජෙ පතිතුං න ලභති, වීරියං සමාධිනා සංයොජිතං උද‍්ධච‍්චෙ පතිතුං න ලභති. තස‍්මා තදුභයං සමං කාතබ‍්බං. උභයසමතාය හි අප‍්පනා හොති.

විශේෂයෙන් මෙහිදී ශ්‍රද්ධා ප්‍රඥා භාවයන්ගේ ද, සමාධි වීර්යයන්ගේද සමභාවය වේනම් පැසසුම් ලබයි. බලවත් ශ්‍රද්ධාව ඇති තැනැත්තා වනාහී මඳ නුවණැත්තේ ද, අනුවණ ලෙස පැහැදෙන්නේ ද වෙයි, නො පැහැදිය යුතු තන්හි පැහැදෙයි. බලවත් ප්‍රඥාව ඇති තැනැත්තා වනාහී මඳ සැදැහැ ඇත්තේ කපටියකුගේ තත්ත්වය භජනය කරයි. ඖෂධයෙන්ම හටගත් රෝගයක් මෙන් පිළියම් නොකළ හැකි වෙයි. සිතුවිලි උපන් පමණකින් ම කුසලය සිදුවේයයි අතිධාවනයෙහි යෙදී දන්දීම් ආදිය නොකරන්නේ නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙකෙහිම සමභාවය නිසා පැහැදිය යුතු තන්හිම පැහැදෙයි. බලවත් සමාධිය වනාහි මඳ වූ වීර්යය ඇති කරයි. සමාධිගත වූවහුගේ (සිත) කුසීත පක්ෂයට පැමිණීමේ හේතුවෙන් කුසීත බව විසින් (වීර්යය) යටපත් කෙරේ. බලවත් වීර්යය මඳ වූ සමාධිය ඇති කරයි. වීර්යය හා එක් වූ සමාධිය වනාහී කුසීත භාවයෙහි වැටීමට ඉඩ නො ලබයි. සමාධිය හා එක්වූ වීර්යය උද්ධච්ච භාවයෙහි වැටීමට ඉඩ නොලබයි. එහෙයින් ඒ දෙක සම කළ යුතුයි. ඒ දෙකෙහි සමතාවයෙන් ධ්‍යානය ඇති වෙයි.

අපි ච සමාධිකම‍්මිකස‍්ස බලවතීපි සද‍්ධා වට‍්ටති. එවං සද‍්දහන‍්තො ඔකප‍්පෙන‍්තො අප‍්පනං පාපුණිස‍්සති. සමාධිපඤ‍්ඤාසු පන සමාධිකම‍්මිකස‍්ස එකග‍්ගතා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො අප‍්පනං පාපුණාති. විපස‍්සනාකම‍්මිකස‍්ස පඤ‍්ඤා බලවතී වට‍්ටති. එවඤ‍්හි සො ලක‍්ඛණපටිවෙධං පාපුණාති. උභින‍්නං පන සමතායපි අප‍්පනා හොතියෙව. සති පන සබ‍්බත්‍ථ බලවතී වට‍්ටති. සති හි චිත‍්තං උද‍්ධච‍්චපක‍්ඛිකානං සද‍්ධාවීරියපඤ‍්ඤානං වසෙන උද‍්ධච‍්චපාතතො, කොසජ‍්ජපක‍්ඛිකෙන ච සමාධිනා කොසජ‍්ජපාතතො රක‍්ඛති. තස‍්මා සා ලොණධූපනං විය සබ‍්බබ්‍යඤ‍්ජනෙසු, සබ‍්බකම‍්මිකඅමච‍්චො විය ච සබ‍්බරාජකිච‍්චෙසු සබ‍්බත්‍ථ ඉච‍්ඡිතබ‍්බා. තෙනාහ “සති ච පන සබ‍්බත්‍ථිකා වුත‍්තා භගවතා. කිං කාරණා? චිත‍්තඤ‍්හි සතිපටිසරණං, ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා ච සති, න විනා සතියා චිත‍්තස‍්ස පග‍්ගහනිග‍්ගහො හොතී”ති.

තව ද සමාධියේ බලවත් වීමේදී ශ්‍රද්ධාව පිහිටයි. මෙසේ විශ්වාස කරන, කල්පනා කරන තැනැත්තා සමාධියට පැමිණෙන්නේ ය. සමාධි ප්‍රඥා ඇති කරගත් විට වනාහී සමාධියෙහි යෙදුණ තැනැත්තහුගේ සිතේ එකඟ බව බලවත්ව පිහිටයි. මෙසේ හෙතෙම ධ්‍යානයට පැමිණේ. විදර්ශනාවෙහි යෙදුණ තැනැත්තහුගේ ප්‍රඥාව බලවත්ව පිහිටයි. මෙසේ වීමෙන් හෙතෙම යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට පැමිණෙයි. දෙකෙහිම සමතාවයෙන් සමාධිය ඇති වන්නේමය. සතිය (සිහිය) වනාහී සියලු තන්හි බලවත්ව පිහිටයි. සතිය වනාහී උද්ධච්ච බව නම් කොටසෙහි වූ ශ්‍රද්ධා, වීර්ය. ප්‍රඥා ආදිය උද්ධච්චයේ සිට සිදුවන “උද්ධච්ච පතනයෙන්” ද, කුසීත බව නම් කොටසෙහි වූ සමාධියට සිදුවිය හැකි පතනය වූ “කුසීත පතනයෙන්” ද සිහිය ආරක්ෂා කරයි. එහෙයින් එය (සතිය) සියලු ව්‍යංජනයන්හි යෙදිය හැකි ලුණු වෙසෙසක් මෙන් ද, සියලු රාජ්‍ය කටයුතුවලදී සියල්ලම කළහැකි ඇමතිවරයකු මෙන්ද සියලු තන්හිම කැමති විය යුතුය. එබැවින් මෙසේ කියන ලදී : “සිහිය වනාහී හැමටම අවශ්‍ය දෙයකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදී. කුමක් හෙයින් (එසේ කියන ලද්දේ) ද? සිත වනාහී සිහිය (සිහිකල්පනාව) පිළිසරණ කොට ඇත්තේය. ආරක්ෂාව පිළිබඳව සිහි ඇතිව විසීම ද “සති” ය වේ. සතියෙන් තොරව සිතේ උසස් වීම හා පහත් වීම නො සිදුවේ යයි ද කියවේ” (මේ නිසා එසේ කියන ලදී)

දුප‍්පඤ‍්ඤපුග‍්ගලපරිවජ‍්ජනා නාම ඛන්‍ධාදිභෙදෙ අනොගාළ‍්හපඤ‍්ඤානං දුම‍්මෙධපුග‍්ගලානං ආරකා පරිවජ‍්ජනං. පඤ‍්ඤවන‍්තපුග‍්ගලසෙවනා නාම සමපඤ‍්ඤාසලක‍්ඛණපරිග‍්ගාහිකාය උදයබ‍්බයපඤ‍්ඤාය සමන‍්නාගතපුග‍්ගලසෙවනා. ගම‍්භීරඤාණචරියපච‍්චවෙක‍්ඛණා නාම ගම‍්භීරෙසු ඛන්‍ධාදීසු පවත‍්තාය ගම‍්භීරපඤ‍්ඤාය පභෙදපච‍්චවෙක‍්ඛණා. තදධිමුත‍්තතා නාම ඨානනිසජ‍්ජාදීසු ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තතා. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

ප්‍රඥා රහිත පුද්ගලයා දුරු කිරීම නම් ස්කන්ධාදී භේදයන් පිළිබඳව පිරිහුණු ප්‍රඥාව ඇති මෝඩ පුද්ගලයන් දුරින් ම දුරු කිරීමයි. ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම නම් ප්‍රඥාවන්ත ලක්ෂණයන් සහිත, ඇතිවීම හා නැතිවීම පිළිබඳව වූ නුවණින් යුත් පුද්ගලයන් ඇසුරු කිරීමයි. ගැඹුරු ඤාණ චරියාවන් ප්‍රත්‍යවේක්ෂා කිරීම නම් ගැඹුරු වූ ස්කන්ධාදීන්හි පැවති ගැඹුරු නුවණෙහි ප්‍රභේද නුවණින් සලකා බැලීමයි. එයට තදින් යොමු වූ බව (තදධිමුත්තතා) යනු සිටීම් හිඳීම් ආදියෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය උපදවා ගැණීම පිණිස යොමුවූ, නැමුණා වූ සිතුවිලි ඇති බවයි. එසේ සිතුවිලි උපන්නහුට වනාහී අර්හත් මාර්ගයෙන් භාවනාව සම්පූර්ණ වන්නේ වෙයි.

එකාදස ධම‍්මා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – අපායභයපච‍්චවෙක‍්ඛණතා, ආනිසංසදස‍්සාවිතා, ගමනවීථිපච‍්චවෙක‍්ඛණතා, පිණ‍්ඩපාතාපචායනතා, දායජ‍්ජමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, සත්‍ථුමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, ජාතිමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, සබ්‍රහ‍්මචාරිමහත‍්තපච‍්චවෙක‍්ඛණතා, කුසීතපුග‍්ගලපරිවජ‍්ජනතා, ආරද‍්ධවීරියපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති.

විරිය සම්බොජ්ඣඞ්ගයේ උත්පාදනය පිණිස එකොළොස් වැදෑරුම් දහමක් පවතී. (එනම්) අපාය බිය පිළිබඳව නුවණින් සලකා බැලීම. ආනිසංස දකින බව, ගමන්මඟ පිළිබඳව නුවණින් සලකා බැලීම, පිඬු සිඟා ගැනීම කෙරෙහි ගෞරව දැක්වීම. දායාදයේ උසස් බව නුවණින් සලකා බැලීම, ශාස්තෲන් වහන්සේගේ උසස් බව නුවණින් සලකා බැලීම, ජාති මහන්තත්වය නුවණින් සලකා බැලීම, බ්‍රහ්මචාරී භාවයේ උසස් බව නුවණින් සලකා බැලීම, අලස පුද්ගලයන් ඈත් කිරිම, ඇරඹූ වීර්යය ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, (විරිය. සම්බොජ්ඣඞ්ගය කෙරෙහි) තදින් යොමු වීම යන එකොළොසයි.

තත්‍ථ “නිරයෙසු පඤ‍්චවිධබන්‍ධනකම‍්මකාරණතො පට‍්ඨාය මහාදුක‍්ඛං අනුභවනකාලෙපි, තිරච‍්ඡානයොනියං ජාලඛිපනකුමීනාදීහි ගහිතකාලෙපි, පාජනකණ‍්ටකාදිප‍්පහාරතුන‍්නස‍්ස පන සකටවහනාදිකාලෙපි, පෙත‍්තිවිසයෙ අනෙකානිපි වස‍්සසහස‍්සානි එකං බුද‍්ධන‍්තරම‍්පි ඛුප‍්පිපාසාහි ආතුරීභූතකාලෙපි, කාලකඤ‍්චිකඅසුරෙසු සට‍්ඨිහත්‍ථඅසීතිහත්‍ථප‍්පමාණෙන අට‍්ඨිචම‍්මමත‍්තෙනෙව අත‍්තභාවෙන වාතාතපාදිදුක‍්ඛානුභවනකාලෙපි න සක‍්කා වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගං උප‍්පාදෙතුං. අයමෙව තෙ භික‍්ඛු කාලො”ති එවං අපායභයං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි වීරියසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති.

එහි (විස්තර මෙසේය) නිරයන්හි පස් වැදෑරුම් බැඳීම්, ක්‍රියා කිරීම්වල පටන් මහ දුක් විදින කල්හිදු, තිරිසන් යෝනියෙහි (ඉපිද) දැල්, උගුල්, කෙමිණ ආදියේ පහරින් පීඩා ලබා ගැල් ඇදීම් ආදිය කරන කල්හිදු, ප්‍රේත භවයෙහි ඉපිද බොහෝ අවුරුදු දහස් ගණන් ද, එක් බුද්ධාන්තරයක් ද ආදී වශයෙන් සා පිපාසාවලින් දුක් විඳි කල්හි දු, කාල කඤ්ජික අසුර නිකායයන්හි ඉපිද සැට රියන්, අසු රියන් ආදී ප්‍රමාණයන්ගෙන් යුතුව ඇට හා සම් පමණක් ඇතිව වාතය අව්ව ආදියෙන් දුක් අනුභව කරන කල්හිදු විරිය සම්බොජ්ඣඞ්ගය ඉපදවීමට නො හැක්කේය. “මහණ ඔබට මෙය (සුදුසු) කාලයම වෙයි” මෙසේ අපාය බිය නුවණින් සලකා බලන්නහුට ද විරිය සම්බොජ්ඣඞ්ගය උපදී.

“න සක‍්කා කුසීතෙන නවලොකුත‍්තරධම‍්මං ලද‍්ධුං, ආරද‍්ධවීරියෙනෙව සක‍්කා අයමානිසංසො වීරියස‍්සා”ති එවං ආනිසංසදස‍්සාවිනොපි උප‍්පජ‍්ජති. “සබ‍්බබුද‍්ධ-පච‍්චෙකබුද‍්ධ-මහාසාවකෙහෙව ගතමග‍්ගො තෙ ගන‍්තබ‍්බො. සො ච න සක‍්කා කුසීතෙන ගන‍්තු”න‍්ති එවං ගමනවීථිං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි උප‍්පජ‍්ජති.

කුසීතයා හට නවලෝකෝත්තර ධර්මය ලබා ගැනීමට නො හැක්කේය. පටන් ගත් වීර්යය ආනිසංසයයි. මෙසේ ආනිසංස දකින්නාහට ද (සම්බොජ්ඣඞ්ගය) උපදී, සියලුම බුදුවරුන් පසේ බුදුවරුන් හා මහා ශ්‍රාවකයන් විසින් ම ගත් මග ඔවුන් විසින් ද ගත යුත්තේය. ඒ මඟෙහි ද කුසීතයාහට යාමට නොහැකි වන්නේය යනුවෙන් මෙසේ යායුතු මඟ නුවණින් සලකා බලන්නහුට ද විරිය සම්බොජ්ඣඞ්ගය උපදී.

“යෙ තං පිණ‍්ඩපාතාදීහි උපට‍්ඨහන‍්ති, ඉමෙ තෙ මනුස‍්සා නෙව ඤාතකා, න දාසකම‍්මකරා, නාපි ‘තං නිස‍්සාය ජීවිස‍්සාමා’ති තෙ පණීතානි පිණ‍්ඩපාතාදීනි දෙන‍්ති. අථ ඛො අත‍්තනො කාරානං මහප‍්ඵලතං පච‍්චාසීසමානා දෙන‍්ති. සත්‍ථාරාපි “අයං ඉමෙ පච‍්චයෙ පරිභුඤ‍්ජිත්‍වා කායදළ‍්හිබහුලො සුඛං විහරිස‍්සතී”ති න එවං සම‍්පස‍්සතා තුය‍්හං පච‍්චයා අනුඤ‍්ඤාතා, අථ ඛො “අයං ඉමෙ පරිභුඤ‍්ජමානොව සමණධම‍්මං කත්‍වා වට‍්ටදුක‍්ඛතො මුච‍්චිස‍්සතී’ති තෙ පච‍්චයා අනුඤ‍්ඤාතා, සො දානි ත්‍වං කුසීතො විහරන‍්තො න තං පිණ‍්ඩං අපචායිස‍්සසි, ආරද‍්ධවීරියස‍්සෙව හි පිණ‍්ඩපාතාපචායනං නාම හොතී”ති එවං පිණ‍්ඩපාතාපචායනං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි උප‍්පජ‍්ජති මහාමිත‍්තත්‍ථෙරස‍්ස විය.

යමකු ඔහුට පිණ්ඩපාත ආදියෙන් උවටැන් කෙරෙත්ද, මනුෂ්‍යයෝ නෑයෝ නො වෙති, දාස කම්කරුවෝ ද නො වෙති. ඔවුහු නිසා ජීවත් වන්නෝ ද නොවෙමුයි (සිතන්නෝ නමුදු) ඔව්හු ප්‍රණීතවූ පිණ්ඩපාතාදිය දෙති. තමාගේ ක්‍රියාවන්ගේ මහත් වූ ප්‍රතිඵලය මතුවට බලාපොරොත්තුවෙන් (දානාදිය) දෙති. “මේ තෙමේ මේ (ආහාරාදී) ප්‍රත්‍යයන් පරිභෝග කොට ශරීර ශක්තිය වැඩි කර ගෙන සුවසේ වාසය කරනු ඇතැයි” යනුවෙන් නො සලකා ශාස්තෲන් වහන්සේ විසිනුදු ඔබගේ (ආහාරදී) ප්‍රත්‍යයෝ අනුදන්නා ලදහ. “මේ තෙමේ මේ දේවල් පරිභෝග කරමින්ම මහණ දම්කොට සසර දුකින් මිදෙන්නේය”යි උන්වහන්සේ විසින් ප්‍රත්‍යයෝ අනු දන්නා ලදහ. දැන් ඒ ඔබ කුසීතව වෙසෙමින් ඒ පිණ්ඩපාතයට ගෞරව නො කරන්නෙහිය. පටන් ගත් විර්යය ඇත්තහුට ම පිණ්ඩපාතයට ගරු කිරීමේ ගුණය පවතී යයි යනුවෙන් මෙසේ පිණ්ඩපාතයට ගරු කිරීම පිළිබඳව නුවණින් සලකා බලන්නහුට “මහා විත්ත” තෙරුන් හට මෙන් විරිය සම්බොජ්ඣඞ්ගය උපදී.

ථෙරො කිර කස‍්සකලෙණෙ නාම පටිවසති. තස‍්සෙව ගොචරගාමෙ එකා මහාඋපාසිකා ථෙරං පුත‍්තං කත්‍වා පටිජග‍්ගති. සා එකදිවසං අරඤ‍්ඤං ගච‍්ඡන‍්තී ධීතරං ආහ – “අම‍්ම, අසුකස‍්මිං ඨානෙ පුරාණතණ‍්ඩුලා, අසුකස‍්මිං ඛීරං, අසුකස‍්මිං සප‍්පි, අසුකස‍්මිං ඵාණිතං, තව භාතිකස‍්ස අය්‍යමිත‍්තස‍්ස ආගතකාලෙ භත‍්තං පචිත්‍වා ඛීරසප‍්පිඵාණිතෙහි සද‍්ධිං දෙහි, ත්‍වඤ‍්ච භුඤ‍්ජෙය්‍යාසි, අහං පන හිය්‍යො පක‍්කං පාරිවාසිකභත‍්තං කඤ‍්ජියෙන භුත‍්තාම‍්හී”ති. “දිවා කිං භුඤ‍්ජිස‍්සසි, අම‍්මා”ති? “සාකපණ‍්ණං පක‍්ඛිපිත්‍වා කණතණ‍්ඩුලෙහි අම‍්බිලයාගුං පචිත්‍වා ඨපෙහි, අම‍්මා”ති.

ඒ තෙරණුවෝ වනාහී කස්සක නම් ලෙණෙහි වාසය කරති. ඒ තෙරුන්ගේම ගොදුරු ගමෙහි එක් මහෝපාසිකාවක් තෙරුන් පුතකු මෙන් සලකා පෝෂණය කරයි. ඕ තොමෝ එක් දිනක් අරණය යන්නී දියණියට “දුවණියනි, අසුවල් තැන පැරණි සහල් ද, අසුවල් තැන කිරි ද, අසුවල් තැන ගිතෙල් ද, අසුවල් තැන පැණි ද ඇත. ඔබේ සොයුරු මිත්ත නම් ආර්යයන් වහන්සේ පැමිණි කල්හි බත් පිස කිරි, ගිතෙල් හා පැණි ද සමඟ දෙන්න, ඔබ ද බුදින්න, මම වනාහී ඊයේ පිසූ හීල් බත් කැඳ සමග අනුභව කෙළෙමි” යයි කීවාය. “මැණියනි, දහවල (ඔබ) කුමක් බුදින්නෙහි ද? “පලා කොල දමා සුන් සහලින් ඇඹුල් කැඳක් පිස තබන දරුව” යයි කීවාය.

ථෙරො චීවරං පාරුපිත්‍වා පත‍්තං නීහරන‍්තොව තං සද‍්දං සුත්‍වා අත‍්තානං ඔවදි “මහාඋපාසිකා කිර කඤ‍්ජියෙන පාරිවාසිකභත‍්තං භුඤ‍්ජිත්‍වා දිවාපි කණපණ‍්ණම‍්බිලයාගුං භුඤ‍්ජිස‍්සති, තුය‍්හං අත්‍ථාය පන පුරාණතණ‍්ඩුලාදීනි ආචික‍්ඛති, තං නිස‍්සාය ඛො පනෙසා නෙව ඛෙත‍්තං න වත්‍ථුං න භත‍්තං න වත්‍ථං පච‍්චාසීසති, තිස‍්සො පන සම‍්පත‍්තියො පත්‍ථයමානා දෙති, ත්‍වං එතිස‍්සා තා සම‍්පත‍්තියො දාතුං සක‍්ඛිස‍්සසි, න සක‍්ඛිස‍්සසීති, අයං ඛො පන පිණ‍්ඩපාතො තයා සරාගෙන සදොසෙන සමොහෙන න සක‍්කා ගණ‍්හිතු”න‍්ති පත‍්තං ථවිකාය පක‍්ඛිපිත්‍වා ගණ‍්ඨිකං මුඤ‍්චිත්‍වා නිවත‍්තිත්‍වා කස‍්සකලෙණමෙව ගන‍්ත්‍වා පත‍්තං හෙට‍්ඨාමඤ‍්චෙ, චීවරං චීවරවංසෙ ඨපෙත්‍වා “අරහත‍්තං අපාපුණිත්‍වා න නික‍්ඛමිස‍්සාමී”ති වීරියං අධිට‍්ඨහිත්‍වා නිසීදි. දීඝරත‍්තං අප‍්පමත‍්තො හුත්‍වා නිවුත්‍ථභික‍්ඛු විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පුරෙභත‍්තමෙව අරහත‍්තං පත්‍වා විකසමානමිව පදුමං මහාඛීණාසවො සිතං කරොන‍්තොව නික‍්ඛමි. ලෙණද‍්වාරෙ රුක‍්ඛම‍්හි අධිවත්‍ථා දෙවතා –

තෙරණුවෝ සිවුර පොරවා පාත්‍රය ගණිත්ම ඒ හඬ අසා තමාට මෙසේ අවවාද කර ගත්හ. “මහ උවැසිය වනාහී කැඳ සමග හීල් බත් කා දහවල ද පලා කොල දැමූ ඇඹුල් කැඳ අනුභව කරයි. ඔබ සඳහා පැරණි සහල් ආදිය ඇතැයි කියයි. ඒ වෙනුවෙන් මෝ තොමෝ කෙත් හෝ වස්තුව හෝ ආහාර හෝ ආපසු බලාපොරොත්තු නොවෙයි. (දිව්‍ය, මනුෂ්‍ය, නිර්වාණ යන) ත්‍රිවිධ සම්පත් ප්‍රාර්ථනා කරමින් දෙන්නීය. ඇයට ඒ සම්පත් ලබා දීමට ඔබට හැකි වන්නේය. මේ පිණ්ඩපාතය රාග දෝස මෝහ යන අකුසලයන් සහිතව හිඳිමින් ගැනීමට නොහැක්කේ යයි” කියා පාත්‍රය පැසෙහි බහා (සිවුරෙහි ගැටය මුදා නැවතී කස්සක ලෙණටම ගොස් යහන යට පාත්‍රය ද, සිවුර එල්ලන ලීය මත සිවුර ද තබා “අර්හත්වයට නොපැමිණ නොනික්මෙමි” යි වීර්යය ස්ථිර ලෙස පිහිටුවා වැඩ හුන්හ. දිගු කලක් අප්‍රමාදීව විසූ භික්ෂූන් වහන්සේ විදර්ශනා වඩා පෙරවරුයෙහිම රහත් බවට පැමිණ පිපෙන්නාවූ පියුමක් සේ කෙලෙස් රහිත වූ සේක් මඳ සිනහවෙන් යුක්තවම නික්මුණහ. ලෙන් දොර රුකෙහි වසනා දේවතාවා

“නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම; යස‍්ස තෙ ආසවා ඛීණා, දක‍්ඛිණෙය්‍යොසි මාරිසා”ති. –

නමො තෙ පුරිසාජඤ්ඤ නමොතෙ පුරිසුත්තම, යස්ස තෙ ආසවා ඛීණා දක්‍ඛිණෙය්‍යොසි මාරිසා

(මෙහි අරුත සිංහල ගීයෙන්)

කෙලෙස් මල දුරු කළ - එහෙයින් දනට නිසි වූ, මහා පුරුසාණනි, - නමස්කාරය ඔබට වේවා.

උදානං උදානෙත්‍වා “භන‍්තෙ, පිණ‍්ඩාය පවිට‍්ඨානං තුම‍්හාදිසානං අරහන‍්තානං භික‍්ඛං දත්‍වා මහල‍්ලකිත්‍ථියො දුක‍්ඛා මුච‍්චිස‍්සන‍්තී”ති ආහ. ථෙරො උට‍්ඨහිත්‍වා ද‍්වාරං විවරිත්‍වා කාලං ඔලොකෙන‍්තො “පාතොයෙවා”ති ඤත්‍වා පත‍්තචීවරං ආදාය ගාමං පාවිසි.

යනුවෙන් උදන් අනා “ස්වාමීනි, පිඬු පිණිස පිවිසෙන ඔබ වැනි රහතුන් වහන්සේලාට දන් දී මැහැලි ස්ත්‍රීහු දුකින් නිදහස් වෙති” යි කීය. තෙරණුවෝ නැගිට දොර විවර කොට කාලය බලන්නාහු පෙරයැම යයි දැන පා සිවුරු ගෙන ගමට පිවිසියහ.

දාරිකාපි භත‍්තං සම‍්පාදෙත්‍වා “ඉදානි මෙ භාතා ආගමිස‍්සති, ඉදානි ආගමිස‍්සතී”ති ද‍්වාරං ඔලොකයමානා නිසීදි. සා ථෙරෙ ඝරද‍්වාරං සම‍්පත‍්තෙ පත‍්තං ගහෙත්‍වා සප‍්පිඵාණිතයොජිතස‍්ස ඛීරපිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා හත්‍ථෙ ඨපෙසි. ථෙරො “සුඛං හොතූ”ති අනුමොදනං කත්‍වා පක‍්කාමි. සාපි තං ඔලොකයමානාව අට‍්ඨාසි. ථෙරස‍්ස හි තදා අතිවිය පරිසුද‍්ධො ඡවිවණ‍්ණො අහොසි, විප‍්පසන‍්නානි ඉන්‍ද්‍රියානි, මුඛං බන්‍ධනා මුත‍්තතාලපක‍්කං විය අතිවිය විරොචිත්‍ථ.

දැරිය ද බත් සපයා මගේ සොයුරු දැන් එති යි. දැන් එති යි දොර දෙස බලමින් හුන්නාය. ඕ තොමෝ තෙරුන් නිවසේ දොර අසලට සපැමිණි කල්හි පාත්‍රය පුරවා අතෙහි තැබුවාය. තෙරණුවෝ සුවපත් වේවායි (පින්) අනුමෝදනා කොට වැඩියහ. ඇය ද උන්වහන්සේ දෙස බලමින්ම සිටියාය. එදින තෙරණුවන්ගේ සමේ වර්ණය අතිශයින් පරිශුද්ධ වූයේයහ. ඉන්‍ද්‍රියයන් ප්‍රසන්නතර විය. මුඛය බැම්මෙන් මිදුණ ඉදුණ තල් ගෙඩියක් මෙන් බෙහෙවින් බැබලිණ.

මහාඋපාසිකා අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා “කිං, අම‍්ම, භාතිකො තෙ ආගතො”ති පුච‍්ඡි. සා සබ‍්බං තං පවත‍්තිං ආරොචෙසි. උපාසිකා “අජ‍්ජ මෙ පුත‍්තස‍්ස පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්ත”න‍්ති ඤත්‍වා “අභිරමති තෙ, අම‍්ම, භාතා බුද‍්ධසාසනෙ, න උක‍්කණ‍්ඨතී”ති ආහ.

මහ උවැසිය අරණින් අවුත් “දරුව, ඔබේ සොයුරා පැමිණියේදැ”යි ඇසීය. ඇය ඒ සියලු පුවත් දැන්වූවාය. උවැසිය “අද මාගේ පුත්‍රයාගේ පැවිදි කිස මස්තක ප්‍රාප්ත වීය”යි දැන දරුව, ඔබේ සොයුරා බුදු සස්නෙහි ඇලී සතුටින් කල් ගෙවයි. උකටලී නොවෙයි යනුවෙන් කීවාය.

“මහන‍්තං ඛො පනෙතං සත්‍ථුදායජ‍්ජං, යදිදං සත‍්ත අරියධනානි නාම, තං න සක‍්කා කුසීතෙන ගහෙතුං. යථා හි විප‍්පටිපන‍්නං පුත‍්තං මාතාපිතරො ‘අයං අම‍්හාකං අපුත‍්තො’ති පරිබාහිරං කරොන‍්ති, සො තෙසං අච‍්චයෙන දායජ‍්ජං න ලභති, එවං කුසීතොපි ඉදං අරියධනදායජ‍්ජං න ලභති, ආරද‍්ධවීරියොව ලභතී”ති දායජ‍්ජමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

ශාස්තෲන් වහන්සේගේ මේ දායාදය මහත් වන්නේමය. කෙතෙක්දයත් සප්ත ආර්ය ධනය නම් වූ එය කුසීතයකු විසින් ලබා ගැනීමට නොහැකි පමණට මහත්වන්නේය. යම් සේ මවුපියෝ මොහු අපගේ දරුවෙක් නොවේයයි කියා, වැරදිමඟට යොමු වූ දරුවා බැහැර කරත්ද, ඒ දරුවා ඔවුන්ගේ ඇවෑමෙන් දායාද නො ලබයි. මෙසේ කුසීතයාද ආර්ය ධනය නමැති මේ දායාදය නො ලබයි. පටන් ගත් වීර්යය ඇති තැනැත්තාටම එය ලැබෙන්නේය යනුවෙන් නුවණින් සලකා බලන්නාහුටම මහත් වූ දායාදය ලැබෙයි.

“මහා ඛො පන තෙ සත්‍ථා, සත්‍ථුනො හි තෙ මාතුකුච‍්ඡිස‍්මිං පටිසන්‍ධිග‍්ගහණකාලෙපි අභිනික‍්ඛමනෙපි අභිසම‍්බොධියම‍්පි ධම‍්මචක‍්කප‍්පවත‍්තන-යමකපාටිහාරිය-දෙවොරොහන-ආයුසඞ‍්ඛාරවොස‍්සජ‍්ජනෙසුපි පරිනිබ‍්බානකාලෙපි දසසහස‍්සිලොකධාතු අකම‍්පිත්‍ථ. යුත‍්තං නු ඛො තෙ එවරූපස‍්ස සත්‍ථු සාසනෙ පබ‍්බජිත්‍වා කුසීතෙන භවිතු”න‍්ති එවං සත්‍ථුමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

ඔබේ ශාස්තෲහු ගෞරවණීය වන්නාහ. ශාස්තෲන් වහන්සේ මවුකුස පිළිසිඳින කල්හි ද, අබිනික්මන් කරන කල්හිද, සම්බුද්ධත්වයට පත්වන කල්හි ද, දම්සක් පැවතුම, යමාමහ පෙළහර දැක්වීම, දෙව්ලොවින් බැසීම, ආයු සංස්කාරය අත්හැරීම යන අවස්ථාවන් හිදීද, පිරිනිවන් පානා කල්හිද දස දහසක් ලෝකධාතු කම්පාවිය. මෙබඳු වූ ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදි වී කුසීතයකු වීම යුතු නොවන්නේ වේදැයි යනුවෙන් මෙසේ ශාස්තෲන් වහන්සේගේ ගෞරවණීයත්වය නුවණින් සලකා බලන්නාහුට ද (සප්තාර්ය ධනය) උපදින්නේය.

“ජාතියාපි ත්‍වං ඉදානි න ලාමකජාතිකො, අසම‍්භින‍්නාය මහාසම‍්මතපවෙණියා ආගතඋක‍්කාකරාජවංසෙ ජාතොසි, සුද‍්ධොදනමහාරාජස‍්ස ච මහාමායාදෙවියා ච නත‍්තා, රාහුලභද‍්දස‍්ස කනිට‍්ඨො, තයා නාම එවරූපෙන ජිනපුත‍්තෙන හුත්‍වා න යුත‍්තං කුසීතෙන විහරිතු”න‍්ති එවං ජාතිමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

ජාතියෙන් ද ඔබ දැන් ලාමක ජාතිකයෙක් නොවේ, අසම්භින්න වූ මහා සම්මත පරපුරෙන් පැමිණි ඔක්කාක රාජවංශයෙහි උපන්නෙහිය. සුදොවුන් මහරජුගේද, මහාමයා දේවියගේද මුණුබුරුවූ රාහුල භද්‍රයන්ගේ කනිටු වූ ඔබ වනාහී මෙබඳු වූ පහත් අයකු වී කුසීතව විසීම සුදුසු නොවේයයි මෙසේ ජාති මහන්තත්වය නුවණින් සලකා බලන්නහුට ද (ආර්ය ධනය) උපදී.

“සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා චෙව අසීති මහාසාවකා ච වීරියෙනෙව ලොකුත‍්තරධම‍්මං පටිවිජ‍්ඣිංසු. ත්‍වං පන එතෙසං සබ්‍රහ‍්මචාරීනං මග‍්ගං පටිපජ‍්ජසි, න පටිපජ‍්ජසී”ති එවං සබ්‍රහ‍්මචාරිමහත‍්තං පච‍්චවෙක‍්ඛතොපි උප‍්පජ‍්ජති.

සැරියුත් මුගලන් මහ රහත්හුද, අසූමහ සව්වෝද වීර්යයෙන්ම ලෝකෝත්තර ධර්මය අවබෝධ කළහ. ඔබ වනාහී මේ සබ්‍රහ්මචාරීන්ගේ මාර්ගය පිළිපදින්නෙහි ද. නොපිළිපදින්නෙහිද යනුවෙන් මෙසේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ මහන්තත්වය නුවණින් සලකන්න හුට ද (ආර්ය ධනය) උපදී.

කුච‍්ඡිං පූරෙත්‍වා ඨිතඅජගරසදිසෙ විස‍්සට‍්ඨකායිකචෙතසිකවීරියෙ කුසීතපුග‍්ගලෙ පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, ආරද‍්ධවීරියෙ පහිතත‍්තෙ පුග‍්ගලෙ සෙවන‍්තස‍්සාපි ඨානනිසජ‍්ජාදීසු වීරියුප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

කුසල පුරවා සිටි පිඹුරකු සේ විසුරුවා හළ කායික චෛතසික වීර්යය ඇති කුසීත පුද්ගලයන් දුරු කරන්නාහුටද, පටන්ගත් වීර්යය ඇති, මමත්වය හීන කළ පුද්ගලයන් ඇසුරු කරන්නහුට ද, හිදීම් සිටීම් ආදියෙහි වීර්යය ඉපදවීම පිණිස නැමී යොමුවූ සිත් ඇත්තහුට ද (ආර්ය ධනය) උපදී. මෙසේ උපන් ඔහුට වනාහී අර්හත් මාර්ගයෙන් භාවනා පරිපූර්ණත්වය සිදු වේ.

එකාදස ධම‍්මා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – බුද‍්ධානුස‍්සති ධම‍්මො, සඞ‍්ඝො, සීලං, චාගො, දෙවතානුස‍්සති, උපසමානුස‍්සති, ලූඛපුග‍්ගලපරිවජ‍්ජනතා, සිනිද‍්ධපුග‍්ගලසෙවනතා, පසාදනීයසුත‍්තන‍්තපච‍්චවෙක‍්ඛණතා, තදධිමුත‍්තතාති.

පීති සම්බොජ්ඣඞ්ගය ඉපදීම පිණිස එකොළොස් වැදෑරුම් ධර්ම කෙනෙක් පවතී. ඒවානම් :- බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, උපසමානුස්සති, රළු පුද්ගලයන් බැහැර කිරීම නම් වූ ලුඛ පුග්ගල පරිවජ්ජනතා, මෘදු පුද්ගලයන් ඇසුරු කිරීම නම් වූ සිනිද්ධ පුග්ගල සෙවනතා, පැහැදීම ඇති කරවන සූත්‍රාන්ත ධර්මයන් මෙනෙහි කිරීම නම් වූ පසාදනීය සුත්තන්ත පච්චවෙක්‍ඛණතා, ඒ කෙරෙහි තදින් යොමු වීම නම් වූ තදධිමුත්තතා යන ඒකාදශ ධර්මයන්ය.

බුද‍්ධගුණෙ අනුස‍්සරන‍්තස‍්සාපි හි යාව උපචාරා සකලසරීරං ඵරමානො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො උප‍්පජ‍්ජති, ධම‍්මසඞ‍්ඝගුණෙ අනුස‍්සරන‍්තස‍්සාපි, දීඝරත‍්තං අඛණ‍්ඩං කත්‍වා රක‍්ඛිතං චතුපාරිසුද‍්ධිසීලං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ගිහිනො දසසීලපඤ‍්චසීලානි පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, දුබ‍්භික‍්ඛභයාදීසු පණීතං භොජනං සබ්‍රහ‍්මචාරීනං දත්‍වා “එවං නාම අදම‍්හා”ති චාගං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ගිහිනොපි එවරූපෙ කාලෙ සීලවන‍්තානං දින‍්නදානං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, යෙහි ගුණෙහි සමන‍්නාගතා දෙවත‍්තං පත‍්තා, තථාරූපානං අත‍්තනි අත්‍ථිතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, සමාපත‍්තියා වික‍්ඛම‍්භිතා කිලෙසා සට‍්ඨිපි සත‍්තතිපි වස‍්සානි න සමුදාචරන‍්තීති පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, චෙතියදස‍්සනබොධිදස‍්සනථෙරදස‍්සනෙසු අසක‍්කච‍්චකිරියාය සංසූචිතලූඛභාවෙ බුද‍්ධාදීසු පසාදසිනෙහාභාවෙන ගද්‍රභපිට‍්ඨරජසදිසෙ ලූඛපුග‍්ගලෙ පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, බුද‍්ධාදීසු පසාදබහුලෙ මුදුචිත‍්තෙ සිනිද‍්ධපුග‍්ගලෙ සෙවන‍්තස‍්සාපි, රතනත‍්තයගුණපරිදීපකෙ පසාදනීයෙ සුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු පීතිඋප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

බුද්ධ ගුණයන් සිහි කරන්නහුට පවා එහි යෙදී සිටින තුරු මුලු සිරුර පුරා පැතිරෙමින් පීති සම්බොජ්ඣඞ්ගය උපදී. ධර්ම හා සංඝ ගුණයන් සිහි කරන්නහුට ද, දිගු කලක් කඩ නොකොට රකින ලද චතුපාරිශුද්ධි ශීලය සිහි නුවණින් සලකන්නහුට ද, දසසිල් පන්සිල් නුවණින් සලකා බලන ගිහියාටද, දුර්භික්ෂ භය ආදිය ඇති කාලයන්හි සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රණීත ආහාර දන් දී මෙනම් දෙයක් දුන්නෙමිය ත්‍යාගය සිහිපත් කරන්නහුට ද, මෙබදු කලෙක්හි සිල්වතුන් හට දුන් දානයක් සිහිපත් කරන්නාවූ ගිහියනට ද, යම් ගුණයන්ගෙන් යුක්තව දේවත්වයට පැමිණියාහු වෙත් ද, තමා කෙරෙහි එම ස්වභාවයන් ඇති බව සිහිපත් කරන්නහට ද, සමාපත්ති බලයෙන් යටපත් කළ කෙළෙස් වර්ෂා හැටක් හෝ හැත්තෑවක් වුව ද මතු නොවී පවතී යයි සිහිපත් කරන්නහුට ද, චෛත්‍ය දර්ශන බෝධි දර්ශන ස්ථවිර දර්ශන ආදීන්හි සකසා ක්‍රියා නො කිරීමෙන් ඔහු තුළ බුද්ධාදී රත්නයන්හි ප්‍රසාද ස්නේහ නැති බැවින් ඔහු කොටලු පිටෙක්හී දුවිලි වැනි රළු අයකු වන බැවින් එබඳු පුද්ගලයන් දුරු කරන්නහුට ද, බුදුන් වහන්සේ ආදී උතුමන් කෙරෙහි ප්‍රසාද බහුල වූ මෘදු සිත් ඇති ශාන්ත පුද්ගලයන් ඇසුරු කරන්නහුටද, රත්නත්‍රයෙහි ගුණ දක්වන ප්‍රසාදය දනවන සූත්‍රාන්තයන් සිහි කරන්නහුට ද, හිදීම් සිටීම් ආදියෙහි දී ප්‍රිතිය ඉපිදවීම පිණිස නැමුණ යොමු වූණ සිත් ඇත්තහුට ද “පීති සම්බොජ්ඣඞ්ගය” උපදී. මෙසේ එම බොජ්ඣඞ්ගය උපන්නහුට වනාහී අර්හත් මාර්ගයෙන් භාවනා පරිපූර්ණත්වය සිදු වේ.

සත‍්ත ධම‍්මා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – පණීතභොජනසෙවනතා, උතුසුඛසෙවනතා, ඉරියාපථසුඛසෙවනතා, මජ‍්ඣත‍්තපයොගතා, සාරද‍්ධකායපුග‍්ගලපරිවජ‍්ජනතා, පස‍්සද‍්ධකාය-පුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති.

පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ඉපදීම පිණිස සත්වැදෑරුම් ධර්ම කෙනෙක් පවතී. ඒවානම් :- ප්‍රණීත භෝජන වැළඳීම, ඍතු අනුව ලැබෙන සුඛයන් විඳගැනීම, ඉරියවු මගින් ලැබෙන සුඛයන් විඳ ගැනීම, මධ්‍යස්ථ වීර්යයෙහි යෙදීම, කෝපවන ස්වභාවය ඇති පුද්ගලයන්ගෙන් ඉවත් වීම, සන්සුන් ඉරියවූ ඇති පුද්ගලයන් ඇසුරු කිරීම, ඒ (පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය) කෙරෙහි තදින් යොමු වී සිටීම යන සප්ත ධර්මයන්ය.

පණීතඤ‍්හි සිනිද‍්ධං භොජනං භුඤ‍්ජන‍්තස‍්සාපි, සීතුණ‍්හෙසු උතූසු ඨානාදීසු ච ඉරියාපථෙසු සප‍්පායං උතුඤ‍්ච ඉරියාපථඤ‍්ච සෙවන‍්තස‍්සාපි පස‍්සද‍්ධි උප‍්පජ‍්ජති. යො පන මහාපුරිසජාතිකො සබ‍්බඋතුඉරියාපථක‍්ඛමොව හොති, න තං සන්‍ධායෙතං වුත‍්තං. යස‍්ස සභාගවිසභාගතා අත්‍ථි, තස‍්සෙව විසභාගෙ උතුඉරියාපථෙ වජ‍්ජෙත්‍වා සභාගෙ සෙවන‍්තස‍්ස උප‍්පජ‍්ජති. මජ‍්ඣත‍්තපයොගො වුච‍්චති අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතපච‍්චවෙක‍්ඛණා. ඉමිනා මජ‍්ඣත‍්තපයොගෙන උප‍්පජ‍්ජති. යො ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පරං විහෙඨයමානොව විචරති, එවරූපං සාරද‍්ධකායපුග‍්ගලං පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, සංයතපාදපාණිං පස‍්සද‍්ධකායං පුග‍්ගලං සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු පස‍්සද‍්ධිඋප‍්පාදනත්‍ථාය නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

ප්‍රණීත වූ සිනිඳු වූ යෝග්‍ය වූ භෝජන අනුභව කරන්නහුට ද, ශීත හා උෂ්ණ ඍතුවලදිත්, ශීත හා උෂ්ණ ස්ථානවලදීත් යෝග්‍යවූ ඍතු හා ස්ථාන ඇසුරු කරන්නාහට ද, ඉරියවු පැවැත්වීමෙහි දී එයට යෝග්‍යවූ ඍතුව ඇසුරු කරන්නා හට ද, පස්සද්ධිය (හෙවත් ශාන්ත ස්වභාවය) උපදී. මහා පුරුෂ වර්ගයකට අයත් කෙනෙක් නම් හෙතෙම සියළුම සෘතු හා ඉරියව් ඉවසා දැරිය හැක්කෙක් වෙයි. ඔහු සදහා මෙය කියන ලද්දේ නොවේ. යමකුහට යෝග්‍ය පැවතුම් හා අයෝග්‍ය පැවතුම් වේද අයෝග්‍ය ඍතු ඉරියව් අත්හැර යෝග්‍ය ඍතු ඉරියව්හි යෙදෙන ඔහුට ද (පස්සද්ධිය) උපදී. තමාටද අන්‍යයන්හට ද කර්මය හිමි බව මෙනෙහි කිරීම මධ්‍යස්ථ වීර්යයෙහි යෙදීම යයි කියනු ලැබේ. මෙම මධ්‍යස්ථ වීර්යයෙහි යෙදීමෙන් (හෙවත් මජ්ඣත්තප්පයොගයෙන්) පස්සද්ධිය සම්බොජ්ඣඞ්ගය උපදී. යමෙක් ගල් මුගුරු ආදියෙන් අන්‍යයන් පෙළමින් හැසිරෙත් ද එබඳු පරහිංසක පුද්ගලයන් බැහැර කරන්නාවූ පරානුකිපෙක ශාන්ත පුද්ගලයන් ඇසුරු කරන්නා හටද, ඉඳීම් සිටීම් ආදියෙහි දී ශාන්ත භාවය උපදවීම සඳහා නැමී යොමුවූ සිත් ඇත්තාහට ද පස්සද්ධිය සම්බොජ්ඣඞ්ගය උපදී. මෙසේ එම බොජ්ඣඞ්ගය උපන්නහුට වනාහී අර්හත් මාර්ගයෙන් භාවනා පරිපූර්ණත්වය සිදු වේ.

දස ධම‍්මා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – වත්‍ථුවිසදකිරියතා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා, නිමිත‍්තකුසලතා, සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතා, සමයෙ චිත‍්තස‍්ස නිග‍්ගණ‍්හනතා, සමයෙ සම‍්පහංසනතා, සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා, අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා, සමාහිතපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති. තත්‍ථ වත්‍ථුවිසදකිරියතා ච ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

සමාධි සම්බොජ්ඣඞ්ගය ඉපදීම පිණිස එකොළොස් වැදෑරුම් ධර්ම කෙනෙක් පවතී. ඒවානම් : ප්‍රතිෂ්ඨා සහ අරමුණු පිරිසිදු කර ගැනීම, ඉන්‍ද්‍රිය සම බව ඇතිකර ගැනීම, අරමුණෙහි දක්ෂ බව, නියම කල්හි සිතට පැසසුම් කර ගැනීම, නියම කල්හි සිතට නිග්‍රහ කර ගැනීම, නියම කල්හි සිත ගැන සතුටු වීම. නියම කල්හි මධ්‍යස්ථ වීම, නොසන්සුන් පුද්ගලයන් දුරු කිරීම, සන්සුන් පුද්ගලයන් ඇසුරු කිරීම, මෙම බෝධ්‍යාංගය කෙරෙහි තදින් යොමු වී සිටීම (යන ඒකාදස ධර්මයන්) ය.

නිමිත‍්තකුසලතා නාම කසිණනිමිත‍්තස‍්ස උග‍්ගහණකුසලතා. සමයෙ චිත‍්තස‍්ස පග‍්ගණ‍්හනතාති යස‍්මිං සමයෙ අතිසිථිලවීරියතාදීහි ලීනං චිත‍්තං හොති, තස‍්මිං සමයෙ ධම‍්මවිචයවීරියපීතිසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනෙන තස‍්ස පග‍්ගණ‍්හනං. සමයෙ චිත‍්තස‍්ස නිග‍්ගණ‍්හනතාති යස‍්මිං සමයෙ අච‍්චාරද‍්ධවීරියතාදීහි උද‍්ධතං චිත‍්තං හොති, තස‍්මිං සමයෙ පස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගසමුට‍්ඨාපනෙන තස‍්ස නිග‍්ගණ‍්හනං. සමයෙ සම‍්පහංසනතාති යස‍්මිං සමයෙ චිත‍්තං පඤ‍්ඤාපයොගමන්‍දතාය වා උපසමසුඛානං විගමෙන වා නිරස‍්සාදං හොති, තස‍්මිං සමයෙ අට‍්ඨසංවෙගවත්‍ථුපච‍්චවෙක‍්ඛණෙන සංවෙජෙති. අට‍්ඨ සංවෙගවත්‍ථූනි නාම ජාතිජරාබ්‍යාධිමරණානි චත‍්තාරි, අපායදුක‍්ඛං පඤ‍්චමං, අතීතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, අනාගතෙ වට‍්ටමූලකං දුක‍්ඛං, පච‍්චුප‍්පන‍්නෙ ආහාරපරියෙට‍්ඨිමූලකං දුක‍්ඛන‍්ති. රතනත‍්තයගුණානුස‍්සරණෙන ච පසාදං ජනෙති, අයං වුච‍්චති “සමයෙ සම‍්පහංසනතා”ති.

එහි ප්‍රතිෂ්ඨා (සහ අරමුණු) පිරිසිදු කර ගැනීම හා ඉන්‍ද්‍රිය සමබව ඇති කර ගැනීම කියන ලද පිළිවෙළ අනුවම දත යුතුය. අරමුණෙහි දක්ෂබව යනු භාවනා අරමුණු නිමිත්ත අවබෝධ කර ගැනීමේ දක්ෂතාවයයි. නියම කල්හි සිතට පැසසුම් කර ගැනීම යනු යම් කලෙක ඉතා ලිහිල් ඉතා තද ආදි (ගුණ) යෙන් සිත සැගවුණෝ වේද එකල්හි ධම්මවිචය, විරිය, පීති යන සම්බොජ්ඣඞ්ගයන්ගේ හට ගැන්මෙන් එම සිතට ලබා දෙන පැසසුමයි. නියම කල්හි සිතට නිග්‍රහ කරගැනීම යනු යම් කලෙක්හි අධිකව පටන්ගත් වීර්යය ඇතිබව ආදියෙන් සිත උඩඟු වූයේ වේද, එකල්හි පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා යන සම්බොජ්ඣඞ්ගයන්ගේ හටගැන්මෙන් එම සිතට ලබාදෙන නිග්‍රහයයි. නියම කල්හි සිත ගැන සතුටු වීම යනු යම් කලෙක්හි සිත ප්‍රඥාවන්ත ලෙස හැසිරවීමෙහි අඩු බව නිසා හෝ සන්සිඳීම නමැති සුවයෙහි ඉවත් වීමෙන් හෝ නීරස වේද එකල්හි සංවේග වස්තු අට මෙනෙහි කිරීමෛන් සංවේග උපදවයි. අෂ්ට සංවේග වස්තු යනු ඉපදීම, ජරාවට පත් වීම, ව්‍යාධිය, මරණය. සතර අපාදුක, අතීතයෙහි පැවැත්මට සිදුවීමෙන් වූ දුක. අනාගතයෙහි පැවැත්මට සිදුවීමෙන් ඇතිවිය හැකි දුක, යන මේවායින් රත්නත්‍රයේ ගුණ සිහි කිරීමෙන්ද ප්‍රසාදය උපදී. මෙය නියම කල්හි සිත ගැන සතුටු වීම යයි කියනු ලැබේ.

සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා නාම යස‍්මිං සමයෙ සම‍්මාපටිපත‍්තිං ආගම‍්ම අලීනං අනුද‍්ධතං අනිරස‍්සාදං ආරම‍්මණෙ සමප‍්පවත‍්තං සමථවීථිපටිපන‍්නං චිත‍්තං හොති, තදාස‍්ස පග‍්ගහනිග‍්ගහසම‍්පහංසනෙසු න බ්‍යාපාරං ආපජ‍්ජති සාරථි විය සමප‍්පවත‍්තෙසු අස‍්සෙසු. අයං වුච‍්චති “සමයෙ අජ‍්ඣුපෙක‍්ඛනතා”ති. අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනතා නාම උපචාරං වා අප‍්පනං වා අප‍්පත‍්තානං වික‍්ඛිත‍්තචිත‍්තානං පුග‍්ගලානං ආරකා පරිවජ‍්ජනං. සමාහිතපුග‍්ගලසෙවනතා නාම උපචාරෙන වා අප‍්පනාය වා සමාහිතචිත‍්තානං සෙවනා භජනා පයිරුපාසනා. තදධිමුත‍්තතා නාම ඨානනිසජ‍්ජාදීසු සමාධිඋප‍්පාදනත්‍ථමෙව නින‍්නපොණපබ‍්භාරචිත‍්තතා. එවඤ‍්හි පටිපජ‍්ජතො එස උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

නියම කල්හි මධ්‍යස්ථ වීම යනු යම් කලෙක්හි යහපත් ප්‍රතිපත්තියකට පැමිණ නොහැකුලුණු බව, උඩඟු නොවූ බව, ආස්වාද රහිත බව, අරමුණෙහි සමව පැවැත්ම, සන්සුන් මඟට පිළිපන් සිත යන මේ අංගයන්ගෙන් යුක්ත වේද, එකල්හි ඔහු ප්‍රශංසා, නිග්‍රහ සන්තෝෂ යන ආදියෙහි ක්‍රියාත්මක බවකට නො පැමිණේ ද. සමව පවතින අසුන් යෙදූ රථයෙහි රියැදුරු මෙන් වේද මෙය නියම කල්හි මධ්‍යස්ථ වීම යයි කියනු ලැබේ. නොසන්සුන් පුද්ගලයන් දුරු කිරීම යනු උපචාරයට හෝ ධ්‍යානයට හෝ නොපැමිණි අවූල් වූ සිත් ඇති පුද්ගලයන් දුරින් දුරු කිරීමයි. සන්සුන් පුද්ගලයන් ඇසුරු කිරීම යනු උපචාරයෙන් හෝ ධ්‍යානයෙන් හෝ සන්සුන් වූ සිත් ඇත්තවුන් සේවනය කිරීමයි. (ඇසුරු කිරීමයි) පයිරුපාසනය කිරීමයි. ඒ කෙරෙහි තදින් යොමු වී සිටීම යනු හිඳීම්, සිටීම් ආදියෙහිදී සමාධිය උපදවා ගැනීම සඳහාම නැමුණ. යොමුවූණ, සිත් ඇති බවයි. මෙසේ පිළිපැදීමෙන් මේ සමාධි සම්බොජ්ඣඞ්ගය උපදී. මෙසේ එම බෝධ්‍යඞ්ගය උපන්නාහුට වනාහී අර්හත් මාර්ගයෙන් භාවනා පරිපූර්ණත්වය සිදු වේ.

පඤ‍්ච ධම‍්මා උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය සංවත‍්තන‍්ති – සත‍්තමජ‍්ඣත‍්තතා, සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතා, සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතා, සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලසෙවනතා, තදධිමුත‍්තතාති. තත්‍ථ ද‍්වීහාකාරෙහි සත‍්තමජ‍්ඣත‍්තතං සමුට‍්ඨාපෙති – “ත්‍වං අත‍්තනොව කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනොව කම‍්මෙන ගමිස‍්සසි, එසොපි අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනොව කම‍්මෙන ගමිස‍්සති, ත්‍වං කං කෙලායසී”ති එවං කම‍්මස‍්සකතපච‍්චවෙක‍්ඛණෙන ච – “පරමත්‍ථතො සත‍්තොයෙව නත්‍ථි, සො ත්‍වං කං කෙලායසී”ති එවං නිස‍්සත‍්තපච‍්චවෙක‍්ඛණෙන ච. ද‍්වීහෙවාකාරෙහි සඞ‍්ඛාරමජ‍්ඣත‍්තතං සමුට‍්ඨාපෙති – “ඉදං චීවරං අනුපුබ‍්බෙන වණ‍්ණවිකාරතඤ‍්චෙව ජිණ‍්ණභාවඤ‍්ච උපගන‍්ත්‍වා පාදපුඤ‍්ඡනචොළකං හුත්‍වා යට‍්ඨිකොටියා ඡඩ‍්ඩනීයං භවිස‍්සති, සචෙ පනස‍්ස සාමිකො භවෙය්‍ය, නායං එවං විනස‍්සිතුං දදෙය්‍යා”ති එවං අස‍්සාමිකභාවපච‍්චවෙක‍්ඛණෙන ච, “අනද‍්ධනියං ඉදං තාවකාලික”න‍්ති එවං තාවකාලිකභාවපච‍්චවෙක‍්ඛණෙන ච. යථා ච චීවරෙ, එවං පත‍්තාදීසුපි යොජනා කාතබ‍්බා.

උපෙක්‍ඛා සම්බොජ්ඣඞ්ගය ඉපදීම පිණිස පස්වැදෑරුම් ධර්මයක් පවතී. ඒවා නම් :- සත්ත්වයන් පිළිබඳ මධ්‍යස්ථතාවය, සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථතාවය, සත්ත්වයන් හා සංස්කාරයන් පිළිබඳ මමායනය සහිත පුද්ගලයන්ගෙන් ඇත්වීම, සත්ත්වයන් හා සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථ වන පුද්ගලයන් ඇසුරු කිරීම, එම බොඡ්ඣඞ්ගය කෙරෙහි තදින් යොමු වී සිටීම (යන පඤ්චධර්මයන්) ය. එහිදී දෙඅයුරකින් සත්ත්වයන් පිළිබඳ මධ්‍යස්ථතාවය උපදවයි. ඔබ තමාගේම කර්මයෙන් පැමිණ තමාගේම කර්මයෙන් යන්නෙහිය. මේ තෙමේ ද තමාගේ කර්මයෙන් පැමිණ තමාගේම කර්මයෙන් යන්නේය. ඔබ කුමක් නම් පිළිගන්නෙහිද? මෙසේ කර්මය හිමි බව මෙනෙහි කිරීමෙන් ද පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නැත්තේමය. ඒ අනුව ඔබ කවරෙකු පිළිබඳව මමායනය කරන්නෙහිද යනුවෙන් මෙසේ සත්ත්වයෙක් නැත්තේයයි මෙනෙහි කිරීමෙන් (ද යනුවෙන් මෙසේ දෙ අයුරකින් මෙනෙහි කිරීමෙන් සත්ත්වයන් පිළිබඳ මධ්‍යස්ථතාවය උපදවයි) යන දෙ අයුරකින් සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථතාවය උපදවයි. මේ සිවුර අනු පිළිවෙළින් වර්ණයේ වෙනස් වීමට ද, දිරා යන බවටද පැමිණ පා පිසින රෙදි කැබැල්ලක් බවට පත්වී කෙවිටි කොණින් ඉවත දැමිය යුතු බවට පත් වේ. ඉදින් එයට හිමිකරුවෙක් වන්නේ නම් එයට මෙසේ විනාස වීමට නොදෙන්නේය යනුවෙන් මෙසේ අස්වාමීක බව මෙනෙහි කිරීමෙන් ද, මෙය දිගුකල් නො පවතී, තාවකාලික වේ යනුවෙන් මෙසේ තාවකාලික බව මෙනෙහි කිරීමෙන් ද සංස්කාරයන් පිළිබඳ මධ්‍යස්ථතාවය උපදවන්නේ වේ. සිවුරෙහි තත්ත්වය යම් අයුරකින් වේද පාත්‍ර ආදියෙහි ද තත්ත්වය එසේ වේයයි යෝජනා කළ යුතුය.

සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලපරිවජ‍්ජනතාති එත්‍ථ යො පුග‍්ගලො ගිහි වා අත‍්තනො පුත‍්තධීතාදිකෙ, පබ‍්බජිතො වා අත‍්තනො අන‍්තෙවාසිකසමානුපජ‍්ඣායකාදිකෙ මමායති, සහත්‍ථාව නෙසං කෙසච‍්ඡෙදන-සූචිකම‍්ම-චීවරධොවන-රජන-පත‍්තපචනාදීනි කරොති, මුහුත‍්තම‍්පි අපස‍්සන‍්තො “අසුකො සාමණෙරො කුහිං, අසුකො දහරො කුහි”න‍්ති භන‍්තමිගො විය ඉතො චිතො ච ආලොකෙති, අඤ‍්ඤෙන කෙසච‍්ඡෙදනාදීනං අත්‍ථාය “මුහුත‍්තං තාව අසුකං පෙසෙථා”ති යාචියමානොපි “අම‍්හෙපි තං අත‍්තනො කම‍්මං න කාරෙම, තුම‍්හෙ නං ගහෙත්‍වා කිලමෙස‍්සථා”ති න දෙති, අයං සත‍්තකෙලායනො නාම. යො පන චීවරපත‍්තථාලකකත‍්තරයට‍්ඨිආදීනි මමායති, අඤ‍්ඤස‍්ස හත්‍ථෙන පරාමසිතුම‍්පි න දෙති, තාවකාලිකං යාචිතොපි “මයම‍්පි ඉමං ධනායන‍්තා න පරිභුඤ‍්ජාම, තුම‍්හාකං කිං දස‍්සාමා”ති වදති, අයං සඞ‍්ඛාරකෙලායනො නාම. යො පන තෙසු ද‍්වීසුපි වත්‍ථූසු මජ‍්ඣත‍්තො උදාසිනො, අයං සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තො නාම. ඉති අයං උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො එවරූපං සත‍්තසඞ‍්ඛාරකෙලායනපුග‍්ගලං ආරකා පරිවජ‍්ජෙන‍්තස‍්සාපි, සත‍්තසඞ‍්ඛාරමජ‍්ඣත‍්තපුග‍්ගලං සෙවන‍්තස‍්සාපි, ඨානනිසජ‍්ජාදීසු තදුප‍්පාදනත්‍ථං නින‍්නපොණපබ‍්භාරචිත‍්තස‍්සාපි උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නස‍්ස පනස‍්ස අරහත‍්තමග‍්ගෙන භාවනාපාරිපූරී හොති.

සත්ත්වයන් හා සංස්කාරයන් පිළිබඳ මමායනය සහිත පුද්ගලයන් ගෙන් ඈත් වීම යන මෙහි යම් ගිහි පුද්ගලයෙක් තමාගේ දූ පුතුන් කෙරෙහි ද, යම් පැවිදි අයෙක් නම් තමාගේ අන්තේවාසික සමාන උපාධ්‍යාය යන ආදීන් කෙරෙහි ද මමත්වය ඇති කර ගනියි. සියතින්ම ඔවුන්ගේ කෙස් කැපීම්, පිරිසිදු කිරීම්, සිවුරු සේදීම්, වර්ණ ගැන්වීම්, පාත්‍ර රත් කොට පිරිසිදු කිරීම් ආදිය කරයි. මොහොතක් හෝ නොදක්නේ නම් අසුවල් සාමණේර නම කොහිද, අසුවල් දරුවා කොහිද යනුවෙන් බියපත් මුවකු මෙන් ඇත මෑත බලයි. අනෙකකු විසින් ඔහුගේ කෙස් කැපීම් ආදිය සඳහා මොහොතකට පමණ අසුවලා මට ලබා දෙනු මැනවයි ඉල්ලනු ලබන්නේ නමුදු, අපි ඔහු ලවා අපගේ කටයුතු කරවා නොගනිමු, ඔබ ඔහු රැගෙන වෙහෙස කරවන්නහු යයි කියා එම බාලයා භාර නොදෙයි. මෙය සත්ත්ව මමත්වය නම් වේ. යමෙක් සිවුරු, පාත්‍ර, කුඩා තැටි, සැරයටි ආදිය තමාගේ යයි සලකයි. අනෙකුට අතින් ස්පර්ශ කිරිමට පවා නොදෙයි. තාවකාලිකව ඉල්ලනු ලබන්නේ නමුදු “අපිදු මෙය ධනයක් මෙන් සලකමින් පරිභෝග නොකර සිටිමු. ඔබට කෙසේ නම් දෙන්නෙමුදැයි” කියයි. මෙය සංස්කාර මමත්වය නම් වේ. යමෙක් වනාහි ඒ වස්තූන් දෙකෙහිම මධ්‍යස්ථ වූයේ උදාසීන වූයේ වෙයි ද, මෙය සත්ත්ව සංස්කාර මධ්‍යස්ථ බව නම් වෙයි. මෙසේ වන්නාවූ මෙය උපෙක්‍ඛා සම්බොජ්ඣඞ්ගය නම් වෙයි. මෙබඳු සත්ත්ව සංස්කාර මමත්වය සහිත පුද්ගලයා දුරුකරන්නහුට ද, සත්ත්ව සංස්කාර මධ්‍යස්ථතාවය සහිත පුද්ගලයා ඇසුරු කරන්නාහට ද. සිටීම් හිඳීම් ආදියෙහිදී ඒ බොජ්ඣඞ්ගය ඉපදවීම පිණිස නැමුණු, යොමු වුණු සිතට ද උපෙක්‍ඛා බොජ්ඣඞ්ගය උපදී. මෙසේ ඒ (බෝධ්‍යංගය) උපදවා ගත් ඔහුට අර්හත් මාර්ගයෙන් භාවනා පරිපූර්ණත්වය සිදු වේ.

අසුභනිමිත‍්තන‍්ති උද‍්ධුමාතකාදිභෙදා දස අසුභාරම‍්මණා ධම‍්මා. යොනිසොමනසිකාරබහුලීකාරොති එත්‍ථ පන යොනිසොමනසිකාරො නාම උපායමනසිකාරො, පථමනසිකාරො, උප‍්පාදකමනසිකාරො. අපිච ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්ති – අසුභනිමිත‍්තස‍්ස උග‍්ගහො, අසුභභාවනානුයොගො, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති.

අසුභ නිමිත්තා = ඉදිමුණ මළ සිරුරු ආදී වෙනස්කම් ඇතිවූ අසුභ අරමුණු ධර්මයෝ. යෝනිසො මනසිකාර බහුලීකාරො = මෙහිදී යෝනිසෝ මනසිකාර යනු උපාය මනසිකාරය, පථමනසිකාරය (මාර්ග මනසිකාරය) උත්පාදක මනසිකාරය (යන තුන) යි. වැලිදු කාමච්ඡන්‍දයේ ප්‍රහාණය පිණිස සය වැදෑරුම් ධර්මයක් වේ. එනම් : අසුබ නිමිති පුරුදු වීම, අසුභ භාවනාවෙහි යෙදීම, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොරටු ඇති බව, භෝජනයෙහි පමණ දන්නා බව, කළණ මිතුරන් ඇති බව, සුදුසු කථාවන් ඇති බව යනුයි.

දසවිධඤ‍්හි අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, භාවෙන‍්තස‍්සාපි, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරස‍්සාපි, චතුන‍්නං පඤ‍්චන‍්නං ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්‍වා යාපනසීලතාය භොජනෙ මත‍්තඤ‍්ඤුනොපි. තෙනෙතං වුත‍්තං –

දස විධ වූ අසුබ නිමිති ඉගෙනගන්නා තැනැත්තාගේ ද කාමච්ඡන්දය ප්‍රහීන වේ. (ඒ අසුබ නිමිති) වඩන්නහුගේ ද, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තහුගේ ද, අහර පිඬු සතරක හෝ පහත ඉඩක් ඉතිරිව ඇති කල්හි ජලය පානය කොට යැපීම් ස්වභාවය ඇතිකර ගැනීමෙන් ආහාරයෙහි පමණ දන්නා තැනැත්තහුගේ ද (කාමච්ඡන්‍දය ප්‍රහීන) වේ. එසේ හෙයින් කියන ලදී.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983);

චත්තාරො පඤ්ච ආලොපෙ අභූත්‍වා උදකං පිවෙ, අලං ඵාසුවිහාරය පහිතත්තස්ස භික්‍ඛුනොති.

(එය හෙල බසින්)

අහර පිඬු සතරක - හෝ පහක ඉඩ තිබියදී බුදිනහර නැවතුම - යෝගි තෙරණුන් කෙරෙහි සුවදෙයි

අසුභකම‍්මිකතිස‍්සත්‍ථෙරසදිසෙ අසුභභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, ඨානනිසජ‍්ජාදීසු දසඅසුභනිමිත‍්තාය-සප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොති.

අසුබ කමටහන්හි යෙදුණ තිස්ස තෙරුන් වැනි අසුභ භාවනාවන්හි ඇලුණ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නහුගේද කාමච්ඡන්‍දය ප්‍රහීන වේ. හිඳීම් සිටීම් ආදියෙහිදී දස අසුබ නිමිති හා ගැළපෙන කථාවෙනුදු කාමච්ඡන්‍දය ප්‍රහීන වේ. ඒ නිසා “කාමච්ඡන්‍දයාගේ ප්‍රහීනය පිණිස සයවැදෑරුම් ධර්මයක් වේ” යයි කියන ලදී. මේ සය වැදෑරුම් ධර්මයන් නිසා ප්‍රහීන වූ කාමච්ඡන්‍ද ඇත්තහුට අර්හත් මාර්ගයෙන් අනාගතය නො උපදනේ වෙයි.

මෙත‍්තා චෙතොවිමුත‍්තීති එත්‍ථ මෙත‍්තාති වුත‍්තෙ අප‍්පනාපි උපචාරොපි වට‍්ටති, චෙතොවිමුත‍්තීති අප‍්පනායෙව. යොනිසොමනසිකාරො වුත‍්තලක‍්ඛණොව. අපිච ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්ති – මෙත‍්තානිමිත‍්තස‍්ස උග‍්ගහො, මෙත‍්තාභාවනානුයොගො, කම‍්මස‍්සකතාපච‍්චවෙක‍්ඛණතා, පටිසඞ‍්ඛානබහුලතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති.

මෙත්තාචෙතො විමුත්ති යන මෙහි “මෙත්තා” යි කී කල්හි ධ්‍යානය ද, උපචාරය (හෙවත් මුලික කරුණු) ද පවතියි “චෙතො විමුත්ති” යනු ධ්‍යානය මය. නුවණින් මෙනෙහි කිරීම පෙර කියන ලද ලක්ෂණ ඇත්තේම වේ. තව ද මේ සය වැදෑරුම් ධර්මයෝ ව්‍යාපාදයේ ප්‍රහාණය පිණිස පවතිත්. එනම් - මෙත්තා නිමිත්ත පුරුදු වීම, මෛත්‍රී භාවනාවෙහි යෙදීම, කර්මය හිමිකොට ඇති බව නුවණින් මෙනෙහි කිරීම, නුවණින් සලකා බැලීමේ බහුලතාවය, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, යෝග්‍ය කථා ඇති බව යන සයයි.

ඔදිස‍්සකඅනොදිස‍්සකදිසාඵරණානඤ‍්හි අඤ‍්ඤතරවසෙන මෙත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති, තථා ඔධිසොඅනොධිසොදිසාඵරණවසෙන මෙත‍්තං භාවෙන‍්තස‍්සාපි. “ත්‍වං එතස‍්ස කුද‍්ධො කිං කරිස‍්සසි? කිමස‍්ස සීලාදීනි නාසෙතුං සක‍්ඛිස‍්සසි? නනු ත්‍වං අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සසි? පරස‍්ස කුජ‍්ඣනං නාම වීතච‍්චිකඞ‍්ගාරතත‍්තඅයසලාකගූථාදීනි ගහෙත්‍වා පරං පහරිතුකාමතාසදිසං හොති. එසොපි තව කුද‍්ධො කිං කරිස‍්සති? කිං තෙ සීලාදීනි විනාසෙතුං සක‍්ඛිස‍්සති? එස අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සති? අප‍්පටිච‍්ඡිතපහෙණකං විය පටිවාතං ඛිත‍්තරජොමුට‍්ඨි විය ච එතස‍්සෙවෙස කොධො මත්‍ථකෙ පතිස‍්සතී”ති එවං අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛතොපි, උභයකම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛිත්‍වා පටිසඞ‍්ඛානෙ ඨිතස‍්සාපි, අස‍්සගුත‍්තත්‍ථෙරසදිසෙ මෙත‍්තාභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති, ඨානනිසජ‍්ජාදීසු මෙත‍්තානිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස බ්‍යාපාදස‍්ස අනාගාමිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොති.

පෙනෙන හා නොපෙනෙන දිසාවන්හි පැතිර සිටින සුලු වශයෙන් මෛත්‍රීය වඩන්නවුන්ගේ ද ව්‍යාපාදය ප්‍රහීන වෙයි. එසේම සීමා ඇතිව හෝ නැතිව දිසාවන්හි පැතිරවීම් වශයෙන් මෛත්‍රීය වඩන්නහුගේ ද (ව්‍යාපාදය ප්‍රහීන) වෙයි. ඔබ මොහුට කිපියේ කුමක් කරන්නෙහිද? මොහුගේ සිල් ආදිය නැසීමට හැකි වන්නෙහිද? ඔබ තමාගේ කර්මයෙන් පැමිණ තමාගේ කර්මයෙන්ම යන්නෙහි නොවේද? අන්හට ක්‍රෝධ කිරීම නම් වූ එය පහවූ ගිනිදැල් ඇති ගිනි අඟුරෙන් තැවුණ යකඩ කූරු, අසුචි ආදිය ගෙන අනුනට පහර දීමට කැමති වීම හා සමාන වේ. මේ තෙමේ ද ඔබට ක්‍රෝධවූයේ කුමක් කරන්නේ ද ඔබේ සිල් ආදිය නැසීමට හැක්කේද? මේ තෙමේ තමාගේ කර්මයෙන් පැමිණ තමාගේ කර්මයෙන්ම යන්නේ ය. තැනක නො පිහිටා කරන පහර දීමක් මෙන් ද, උඩු සුළඟට දැමූ දුවිලි මිටක් මෙන් ද ඔහුගේ ක්‍රෝධය ඔහුගේම මස්තකයෙහි පතිත වන්නේයයි යනුවෙන් මෙසේ තමාට හා අනුනට කර්මය හිමිව පවත්නා බව මෙනෙහි කරන්නහුගේ ද, ඒ දෙදෙනාම කර්මය හිමි බව මෙනෙහි කොට නුවණින් සලකා බැලීමෙහි යෙදී සිටියාවූ අස්සගුත්ත තෙරුන් වැනි මෛත්‍රී භාවනාවෙහි ඇලුණ කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නහුගේ ද ව්‍යාපාදය ප්‍රහීන වේ. එබැවින් ව්‍යාපාදයේ ප්‍රහාණය පිණිස සය විධ ධර්මයක් වේ යයි කියන ලදී. මේ ධර්මයන් සයෙන් ව්‍යාපාදය ප්‍රහීන වූවහුට අනාගාමී මාර්ගයෙන් අනාගතය නො උපදනේ වෙයි.

අත්‍ථි භික‍්ඛවෙ අරතීතිආදි වුත‍්තත්‍ථමෙව. අපි ච ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්ති – අතිභොජනෙ නිමිත‍්තග‍්ගාහො, ඉරියාපථසම‍්පරිවත‍්තනතා, ආලොකසඤ‍්ඤාමනසිකාරො, අබ‍්භොකාසවාසො, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති.

අත්‍ථි භික්‍ඛවෙ අරති යන ආදිය කියන ලද අරුත් ඇත්තේම වෙයි. තව ද අලස නිදිමත බව (ථීන මිද්ධ) ප්‍රහාණය පිණිස ධර්ම සයක් පවතී. එනම් : අධික භෝජනයෙහි (යථා තත්ත්වය ගැන) නිමිති ගැනීම, ඉරියවු මාරු කිරීමේ ස්වභාවය, ආලෝක සංඥාවන් මෙනෙහි කිරීම, එලිමහන් තන්හි වාසය, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, යෝග්‍ය වූ කථා (යන සය) යි.

ආහරහත්‍ථකං, භුත‍්තවමිතකං, තත්‍රවට‍්ටකං, අලංසාටකං, කාකමාසකභොජනං භුඤ‍්ජිත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙ නිසින‍්නස‍්ස හි සමණධම‍්මං කරොතො ථිනමිද‍්ධං මහාහත්‍ථී විය ඔත්‍ථරන‍්තං ආගච‍්ඡති, චතුපඤ‍්චආලොපඔකාසං පන ඨපෙත්‍වා පානීයං පිවිත්‍වා යාපනසීලස‍්ස භික‍්ඛුනො තං න හොතීති එවං අතිභොජනෙ නිමිත‍්තං ගණ‍්හන‍්තස‍්සපි ථිනමිද‍්ධං පහීයති. යස‍්මිං ඉරියාපථෙ ථිනමිද‍්ධං ඔක‍්කමති, තතො අඤ‍්ඤං පරිවත‍්තෙන‍්තස‍්සාපි, රත‍්තිං චන්‍දාලොකදීපාලොකඋක‍්කාලොකෙ දිවා සූරියාලොකං මනසිකරොන‍්තස‍්සාපි, අබ‍්භොකාසෙ වසන‍්තස‍්සාපි, මහාකස‍්සපත්‍ථෙරසදිසෙ පහීනථිනමිද‍්ධෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති, ඨානනිසජ‍්ජාදීසු ධුතඞ‍්ගනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස ථිනමිද‍්ධස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොති.

ආහාර හත්‍ථකය, භූත්තවමිතකය. තත්‍ර වට්ටකය, අලං සාටකය, කාක මාසකය (යනුවෙන් හැඳින්වෙන අධික) ආහාර මාත්‍රයක් වළඳා රාත්‍රි ස්ථාන දිවා ස්ථානයන්හි හිඳිමින් මහණ දම් කරන්නහුට හාත්පස මැඩගෙන එන මහ ඇතකු මෙන් ථීන මිද්ධ (අලස හා නිදිමත බව) පැමිණෙයි. අහර පිඬු හතරක පහක ඉඩක් ඉතිරිකොට පැන් බී යැපෙන ස්වභාවය ඇති භික්ෂුවට එසේ නො වන්නේ ය යනුවෙන් මෙසේ අධික භෝජනයෙහි නිමිත්ත (යථා ස්වභාවය) සිතට ගන්නා තැනැත්තාට ද ථීනමිද්ධය ප්‍රහීන වේ. යම් ඉරියවුවෙක්හිදී ථීන මිද්ධය පැමිණේ නම් ඒ ඉරියවුවෙන් වෙනත් ඉරියවුවකට මාරුවන තැනැත්තාට ද, රාත්‍රියෙහි සඳ එළිය පහන් එළිය හා තරු එළිය ද දහවල හිරු එළියද පිළිබඳව මෙනෙහි කරන තැනැත්තාහට ද, එළිමහනෙහි වෙසෙන්නා හට ද, මහා කාශ්‍යප තෙරුන් වැනි ථීනමිද්ධය ප්‍රහීන කළ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන තැනැත්තා හට ද ථිනමිද්ධය ප්‍රහීන වෙයි. හිදීම් සිටීම් ආදියෙහි දී ධුතාංග ආශ්‍රිත සුදුසු කථාවෙන් ද ථීනමිද්ධය ප්‍රහීන වේ. ඒ නිසා ථීන මිද්ධය ප්‍රහීන කිරීම පිණිස ධර්ම සයක් පවතී යයි කියන ලදී. මෙම ධර්ම සයෙන් ථීන මිද්ධය ප්‍රහීන කළ තැනැත්තහුගේ අර්හත් මාර්ගය නිසා අනාගතයක් නො උපදනේ වෙයි.

අත්‍ථි භික‍්ඛවෙ චෙතසො වූපසමොතිආදීනි වුත‍්තත්‍ථානෙව. අපිච ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්ති – බහුස‍්සුතතා, පරිපුච‍්ඡකතා, විනයෙ පකතඤ‍්ඤුතා, වුද‍්ධසෙවිතතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති.

අත්‍ථි භික්‍ඛවෙ චෙතසො වූපසමො යන ආදිය කියන ලද අරුත් ඇත්තේමය. උද්ධච්ච කුක්කුච්චයේ (උඩඟුකමෙහි සහ කුකුසේ) ප්‍රහාණය පිණිස ධර්මයන් සයක් පවතී. එනම් බහුශ්‍රැත බව, ප්‍රශ්නකාරී බව, විනයෙහි ප්‍රායෝගික දැනුම ඇති බව, වැඩිහිටි ඇසුර ලබන බව, කල්‍යාණ මිත්‍රයන් ඇති බව, යෝග්‍ය වූ කථා ඇති බව යන සයයි.

බාහුසච‍්චෙනපි හි එකං වා ද‍්වෙ වා තයො වා චත‍්තාරො වා පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන ච අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති, කප‍්පියාකප‍්පියපරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයපඤ‍්ඤත‍්තියං චිණ‍්ණවසීභාවතාය පකතඤ‍්ඤුනොපි, වුද‍්ධෙ මහල‍්ලකත්‍ථෙරෙ උපසඞ‍්කමන‍්තස‍්සාපි, උපාලිත්‍ථෙරසදිසෙ විනයධරෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි, උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති, ඨානනිසජ‍්ජාදීසු කප‍්පියාකප‍්පියනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චෙ උද‍්ධච‍්චස‍්ස අරහත‍්තමග‍්ගෙන, කුක‍්කුච‍්චස‍්ස අනාගාමිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති.

බහුශ්‍රැත භාවය වශයෙන්ද, නිකායයන්ගෙන් එකක් හෝ තුනක් හෝ සතරක් හෝ පහක් හෝ පාලිවශයෙන් ද අර්ථවශයෙන් ද ඉගෙන ගන්නා තැනැත්තාගේ උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීන වේ. කැපවූ ද අකැප වූ ද කරුණු පිළිබඳව ප්‍රශ්න කිරීම් බහුල තැනැත්තාගේ ද, විනය ශික්ෂාවන්හි අනුගත වීමට පුරුදු වී ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රායෝගික දැනුම ඇති තැනැත්තාගේ ද, වැඩිමහලු තෙරුන් වෙත එළඹෙන තැනැත්තාගේ ද, උපාලි තෙරුන් වැනි විනයධර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන තැනැත්තා ගේ ද උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීන වේ. හිඳීම් සිටීම් ආදියෙහිදී කැප අකැප කරුණු ආශ්‍රිත වූ යෝග්‍ය කථාවෙන් ද එය ප්‍රහීන වේ. ඒ නිසා උද්ධච්ච කුක්කුච්චයේ ප්‍රහානය පිණිස ධර්ම සයක් පවතී යයි කියන ලදී. මේ ධර්ම සයෙන් උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීන වන කල්හි අර්හත් මාර්ගයෙන් උද්ධච්චයේ ද, අනාගාමී මාර්ගයෙන් කුක්කුච්චයේ ද අනාගතයේ නො ඉපදීම සිදු වේ.

කුසලාකුසලා ධම‍්මාතිආදීනිපි වුත‍්තත්‍ථානෙව. අපිච ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්ති – බහුස‍්සුතතා, පරිපුච‍්ඡකතා, විනයෙ පකතඤ‍්ඤුතා, අධිමොක‍්ඛබහුලතා, කල්‍යාණමිත‍්තතා, සප‍්පායකථාති.

කුසලා කුසලා ධම්මා යන ආදිය ද කියන ලද අරුත් ඇත්තේමය. වැලිදු විචිකිච්ඡාවෙහි (සැකයෙහි) ප්‍රහාණය පිණිස ධර්ම සයක් පවතී. එනම් :- බහුශ්‍රැත බව, ප්‍රශ්නකාරී බව, විනයේ ප්‍රායෝගික දැනුම ඇතිබව, සිතේ එකඟතාවයේ බහුල බව, කල්‍යාණ මිත්‍රයන් ඇතිබව, යෝග්‍ය කථා ඇති බව යනුයි.

බාහුසච‍්චෙනපි හි එකං වා…පෙ… පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන ච අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති, තීණි රතනානි ආරබ‍්භ පරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයෙ චිණ‍්ණවසීභාවස‍්සාපි, තීසු රතනෙසු ඔකප‍්පනියසද‍්ධාසඞ‍්ඛාතඅධිමොක‍්ඛබහුලස‍්සාපි, සද‍්ධාධිමුත‍්තෙ වක‍්කලිත්‍ථෙරසදිසෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති, ඨානනිසජ‍්ජාදීසු තිණ‍්ණං රතනානං ගුණනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනාය විචිකිච‍්ඡාය සොතාපත‍්තිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොති. ඉති භගවා ඉමස‍්මිං සුත‍්තෙ දෙසනං තීහි භවෙහි නිවත‍්තෙත්‍වා අරහත‍්තෙන කූටං ගණ‍්හි. දෙසනාපරියොසානෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තං පාපුණිංසු.

බහුශ්‍රැත භාවය වශයෙන් ද නිකායයන්ගෙන් එකක් හෝ තුනක් හෝ සතරක් හෝ පහක් හෝ පාලිවශයෙන් ද අර්ථ වශයෙන් ද ඉගෙන ගන්නා තැනැත්තා ගේ විචිකිච්ඡාව ප්‍රහීන වෙයි. තෙරුවන් අරභයා බහුලව ප්‍රශ්න අසන තැනැත්තාගේ ද, විනය ශික්ෂාවනට අනුගත වූවහුගේ ද තිසරණයෙහි විශ්වාසයෙන් හටගත් ශ්‍රද්ධාව නම්වූ සිතේ එකඟ බව බහුලව ඇති තැනැත්තාගේ ද අධික ශ්‍රද්ධාවෙහි පිහිටි වක්කලී තෙරුන් වැනි කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නහුගේ ද විචිකිච්ඡාව ප්‍රහීන වෙයි. හිඳීම් සිටීම් ආදියෙහිදී තෙරුවන්ගේ ගුණ ආශ්‍රිත වූ යෝග්‍ය කථාවෙන් ද විචිකිච්ඡාව ප්‍රහීන වෙයි. ඒ නිසා විචිකිච්ඡාවේ ප්‍රහාණය පිණිස ධර්ම සයක් පවතීයයි කියන ලදී. මේ ධර්ම සයෙන් විචිකිච්ඡාව ප්‍රහීන වූ කල්හි සෝවාන් මාර්ගයෙන් අනාගතයේ නො ඉපදීම සිදු වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයෙහිදී දේශනාව තුන් අයුරකින් පෙරලා දක්වා රහත් බවෙන් කුළු ගැන්වීය. දේශනාවගේ කෙළවර පන්සියයක් භික්ෂූහු රහත් බවට පැමිණියහ.