5. චක්කවත්තිවග්ගො අට්ඨකථා
5. චක්කවත්ති වර්ගය
1. විධාසුත්තවණ්ණනා
1. විධා සූත්‍ර වර්ණනාව
පඤ්චමවග්ගස්ස පඨමෙ තිස්සො විධාති තයො මානකොට්ඨාසා, මානොයෙව වා. තථා තථා විදහනතො හි මානොව විධාති වුච්චති.
පස්වන වර්ගයේ පළමු වැන්නෙහි - තිස්සො විධා = මාන්න කොටස් තුන. හෙවත් මාන්නය ම වේ. ඒ ඒ අයුරින් විධාන කරන බැවින් මාන්නයම “විධා” යයි කියනු ලැබේ.
2. චක්කවත්තිසුත්තවණ්ණනා
2. චක්කවත්ති සූත්‍ර වර්ණනාව
දුතියෙ රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්සාති එත්ථ අත්තනො සිරිසම්පත්තියා රාජති, චතූහි වා සඞ්ගහවත්ථූහි ලොකං රඤ්ජෙතීති රාජා, තස්ස රඤ්ඤො. “පවත්තතු භවං චක්කරතන”න්ති පුඤ්ඤානුභාවෙන අබ්භුග්ගතාය වාචාය චොදෙන්තො චක්කං වත්තෙතීති චක්කවත්තී, තස්ස චක්කවත්තිස්ස. පාතුභාවාති පාතුභාවෙන. සත්තන්නන්ති ගණනපරිච්ඡෙදො. රතනානන්ති පරිච්ඡින්නඅත්ථදස්සනං. වචනත්ථො පනෙත්ථ රතිජනනට්ඨෙන රතනං. අපිච –
දෙවැන්නෙහි - රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස = මෙහි තමාගේ ශ්‍රී සම්පත්තියෙන් සතුටු කරවයි යන අදහසින් “රාජා” නම් වෙයි. ඒ රජතුමා හට “ඔබට චක්‍ර රත්නය පහළ වේවා” යන කියමනෙන්ද, පුණ්‍යානුභාවයෙන් පහළ වූ වචනයෙන් “චක්‍ර රත්නය පහළ වන්නේය” යන කියමන අනුවද “චක්‍රවර්ති” නම් වෙයි. ඒ චක්‍රවර්ති රජුගේ යන අදහසින් “චක්කවත්තිස්ස” යයි යෙදේ. පාතුභාවා = පහළ වීමෙන් සත්තන්නං = සංඛ්‍යා සීමාවකි. රතනානං = වෙන් කරන ලද අර්ථ දැක්වීමකි. මෙහි වචනාර්ථය වූ කලී රතිය (ආශාව) උපදවන්නේය යන අරුතින් “රතනං” යනුයි තව ද?
“චිත්තීකතං මහග්ඝඤ්ච, අතුලං දුල්ලභදස්සනං; අනොමසත්තපරිභොගං, රතනං තෙන වුච්චතී”ති.
චිත්තී කතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං, අනොම සත්ත පරිභොගං රතනං තෙන චුච්චතීති.
හෙලබසින් මෙහි අරුත මෙසේ වේ.
විසිතුරු කළ මහඟු අසමවූ දුලබ දැකුමැති, පබු දනන් පළදින බැවින් මෙය “රතන” යැයි වහරති.
චක්කරතනස්ස ච නිබ්බත්තකාලතො පට්ඨාය අඤ්ඤං දෙවට්ඨානං නාම න හොති, සබ්බෙව ගන්ධපුප්ඵාදීහි තස්සෙව පූජඤ්ච අභිවාදනාදීනි ච කරොන්තීති චිත්තීකතට්ඨෙන රතනං. චක්කරතනස්ස ච “එත්තකං නාම ධනං අග්ඝතී”ති අග්ඝො නත්ථි, ඉති මහග්ඝට්ඨෙනාපි රතනං. චක්කරතනඤ්ච අඤ්ඤෙහි ලොකෙ විජ්ජමානරතනෙහි අසදිසන්ති අතුලට්ඨෙන රතනං. යස්මා පන යස්මිං කප්පෙ බුද්ධා උප්පජ්ජන්ති, තස්මිංයෙව චක්කවත්තිනො, බුද්ධා ච කදාචි කරහචි උප්පජ්ජන්ති, තස්මා දුල්ලභදස්සනට්ඨෙන රතනං. තදෙතං ජාතිරූපකුලඉස්සරියාදීහි අනොමස්ස උළාරසත්තස්සෙව උප්පජ්ජති, න අඤ්ඤස්සාති අනොමසත්තපරිභොගට්ඨෙනාපි රතනං. යථා ච චක්කරතනං, එවං සෙසානිපීති. තෙන වුත්තං –
චක්‍ර රත්නය පහළ වූ කල පටන් වෙනත් පූජනීය ස්ථානයක් නම් ඇති නො වේ. සියල්ලෝම ගඳ මල් ආදියෙන් එයටම පිදීම ද, වැඳීම ද කරන්නාහ. මෙසේ විසිතුරු කරන ලද්දේය යන අරුතින් “රතන” නම් වෙයි. චක්‍ර රත්නයට මෙපමණ නම් ධනයක් මිල වන්නේ යයි අගය කිරීමක් නැත. මෙසේ මහත් වටිනා කමක් ඇතැයි යන අරුතින් ද “රතන” නම් වේ. චක්‍ර රත්තය ලොව පවත්නා අන්‍ය වූ රත්නයන් හා අසදෘශ්‍ය, අතුල්‍යය යන අරුතින් ද “රතන” නම් වේ. යම් හෙයකින් වනාහී යම් කල්පයෙක බුදුවරු නො උපදිත් ද, ඒ සමයෙහි ම චක්‍රවර්ති රජවරු ද, පසේ බුදුවරු ද ඉතා කළාතුරකින් කිසි විටෙන උපදිත්. එහෙයින් දුර්ලභ දර්ශනයක්ය යන අර්ථයෙන් ද “රතන” නම් වේ. ඒ (රත්නය වූ) මෙය උත්පත්තිය, රූපය, කුලය, ඓශ්චර්යය යන ආදියෙන් උසස් වූ උදාර පුද්ගලයකුට ම පහළ වන්නේ ය, අන් කෙනකු හට පහළ නොවන්නේ ය යනුවෙන් උත්තමයකුගේ පරිභෝග කිරීම පිණිසය යන අර්ථයෙන්ද “රතන” නම් වේ. “චක්‍රරත්නය” යම් සේද සෙස්ස ද එසේම වේ. එබැවින්
“චිත්තීකතං මහග්ඝඤ්ච, අතුලං දුල්ලභදස්සනං; අනොමසත්තපරිභොගං, රතනං තෙන වුච්චතී”ති.
“චිත්තී කතං මහාග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං, අනොම සතත පරිභොගං රතනං තෙන වුච්චති”
යයි කියන ලදී. (මෙහි අරුත යට සඳහන් කර ඇත)
පාතුභාවො හොතීති නිබ්බත්ති හොති. තත්රායං යොජනා – චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතුභාවොති අයුත්තං. උප්පන්නඤ්හි චක්කං වත්තෙත්වා සො චක්කවත්තී නාම හොතීති නායුත්තං. කස්මා? චක්කවත්තනනියමාපෙක්ඛතාය. යො හි නියමෙන චක්කං වත්තෙස්සති, සො පටිසන්ධිතො පභුති “චක්කවත්ති පාතුභූතො”ති වත්තබ්බතං ආපජ්ජති. ලද්ධනාමස්ස ච පුරිසස්ස මූලුප්පත්තිවචනතොපි යුත්තමෙවෙතං. යො හි එස චක්කවත්තීති ලද්ධනාමො සත්තවිසෙසො, තස්ස පටිසන්ධිසඞ්ඛාතො පාතුභාවොති අයමෙත්ථ අත්ථො. තස්ස හි පාතුභාවා රතනානි පාතුභවන්ති. පාතුභූතෙහි පන තෙහි සද්ධිං පරිපක්කෙ පුඤ්ඤසම්භාරෙ සො සංයුජ්ජති, තදා ලොකස්ස තෙසු පාතුභාවචිත්තං උප්පජ්ජති. බහුලවචනතො චාපි යුත්තමෙවෙතං. යදා හි ලොකස්ස තෙසු පාතුභාවසඤ්ඤා උප්පජ්ජති, තදා එකමෙව පඨමං, පච්ඡා ඉතරානි ඡ පාතුභවන්තීති බහුලවචනතො චාපි එතං යුත්තං. පාතුභාවස්ස ච අත්ථභෙදතොපි යුත්තමෙවෙතං. න කෙවලඤ්හි පාතුභූතමෙව පාතුභාවො, පාතුභාවයතීති පාතුභාවො. අයං පාතුභාවස්ස අත්ථභෙදො. යස්මා යො සො පුඤ්ඤසම්භාරො රාජානං චක්කවත්තිං පටිසන්ධිවසෙන පාතුභාවයති, තස්මා රඤ්ඤො චක්කවත්තිස්ස පාතුභාවා. න කෙවලඤ්හි චක්කවත්තියෙව, ඉමානි පන සත්ත රතනානිපි පාතුභවන්තීති අයමෙත්ථ අත්ථො. යථෙව හි සො පුඤ්ඤසම්භාරො රඤ්ඤො ජනකහෙතු, එවං රතනානම්පි පරියායෙන උපනිස්සයහෙතූති යුත්තමෙවෙතං “රඤ්ඤො, භික්ඛවෙ, චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතුභාවො හොතී”ති.
පාතු භාවො හොති = ඉපදීම සිදුවෙයි. එහි පිළිවෙළ මෙසේය. චක්‍රවර්ති රජකුගේ පහළ වීමෙන් සත් රුවනකගේ පහළ වීම සිදුවේ යයි කීම යුතු නොවේ. පහළ වූ චක්‍රය පවත්වා ගෙන හෙතෙම “චක්‍රවර්ති” නම් වන්නේ යයි කීම යුතු වේ. කවර හෙයකින් චක්‍රවර්ති නියමය අපේක්ෂාවෙන් යයි කියනු ලැබේ ද යත් - යමකු වනාහී නියමය වශයෙන් (ආඥා) චක්‍රය පවත්වන්නේ ද, ඔහු පිළිසිඳුණ දින පටන් චක්‍රවර්ති කෙනෙකු පහළ වූයේ යයි කිව යුතු වේ. චක්‍රවර්ති යන නම ලැබූ පුද්ගලයාගේ උපත සිදු විය යන මුල් වචනයේ සිටම (චක්‍රවර්තිය යන) මෙය (ව්‍යවහාර කිරීම) සුදුසු වන්නේමය. “චක්‍රවර්ති” යන මේ නම ලැබූ යම් අයකු වෙත් නම් ඔහුගේ පිළිසිඳීම් සංඛ්‍යාත වූ පහළ වීමය යන මෙය මෙහි අර්ථයයි. ඔහුගේ පහළ වීමෙන් රත්නයෝ (ද) පහළ වෙත්. පහළ වූ ඒ රත්නයන් සමග හෙතෙම වර්ධනය වූ පුණ්‍ය සම්භාරය රැස් කිරීමෙහි යෙදෙයි, එකල්හි ලෝකයාට. ඒවායෙහි පහළ වීම නිසා (ඒ පිළිබඳ) සිතක් උපදී. මෙය බොහෝ වචනවලින් ද යුක්ත වේ. (හෙවත් මේ පිළිබඳව බොහෝ සේ කථා කරනු ලැබේ) යම් කලෙක්හි වනාහී ලෝකයට ඒවා (රත්නයන්) පහළ වුණ බවට සංඥාවක් උපදී ද, ඒ කල්හි මෙයම (චක්රරත්නයම) පළමු වැන්න වේ. පසුව ඉතිරි රත්නයන් සය පහළ වේයයි වචන රැසකින් ද එය කියන ලදී. මෙය පහළ වීම යන අර්ථයාගේ (පාතු භාවස්ස යන පදයේ) විවිධ අර්ථයන්ගෙන් ද යුක්ත වේමය. හුදෙක් පහළ වීම (පාතු භාවං) යන්න පමණක් නොවේ. පහළ වීමේ ස්වභාවය සිදු කරයි යන අරුතින් ද පාතුභාව නම් වේ. මෙය “පාතුභාව” යන්නේ අර්ථ භේදයයි. යම් හෙයකින් යම්බඳු වූ ඒ පුණ්‍ය සම්භාරයක් ප්රතිසන්ධි වශයෙන් චක්‍රවර්ති රජුන් පහළ කරවයි ද, එහෙයින් චක්‍රවර්ති රජකුගේ පහළ වීමෙන් හුදෙක් චක්‍රවර්ති රජකු පමණක් නොව මේ රත්නයන් සත ද පහළ වේය යන මෙය මෙහි අර්ථයයි. යම් සේ වනාහි ඒ පුණ්‍ය සම්භාරය රජුගේ ඉපදීමට හේතු වේද, එසේම රත්නයන්ගේ ද ඒ ආකාරයෙන් ඉපදීමට හේතු වේය යනුවෙන් මෙසේ යෙදේ. රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතු භාවො හොති
ඉදානි තෙසං රතනානං සරූපවසෙන දස්සනත්ථං කතමෙසං සත්තන්නං චක්කරතනස්සාතිආදිමාහ. තත්ථ චක්කරතනස්සාතිආදීසු අයං සඞ්ඛෙපාධිප්පායො – ද්විසහස්සදීපපරිවාරානං චතුන්නං මහාදීපානං සිරිවිභවං ගහෙත්වා දාතුං සමත්ථස්ස චක්කරතනස්ස පාතුභාවො හොති, තථා පුරෙභත්තමෙව සාගරපරියන්තං පථවිං අනුපරියායනසමත්ථස්ස වෙහාසඞ්ගමස්ස හත්ථිරතනස්ස, තාදිසස්සෙව අස්සරතනස්ස, චතුරඞ්ගසමන්නාගතෙපි අන්ධකාරෙ යොජනප්පමාණං අන්ධකාරං විධමිත්වා ආලොකදස්සනසමත්ථස්ස මණිරතනස්ස, ඡබ්බිධං දොසං විවජ්ජෙත්වා මනාපචාරිනො ඉත්ථිරතනස්ස, යොජනප්පමාණෙ පදෙසෙ අන්තොපථවිගතානං නිධීනං දස්සනසමත්ථස්ස ගහපතිරතනස්ස, අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිත්වා සකලරජ්ජානුසාසනසමත්ථස්ස ජෙට්ඨපුත්තසඞ්ඛාතස්ස පරිණායකරතනස්ස ච පාතුභාවො හොතීති. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන තෙසං චක්කරතනාදීනං පාතුභාවවිධානං මහාසුදස්සනාදීසු සුත්තෙසු ආගතමෙව. අත්ථොපිස්ස තෙසං වණ්ණනාය සංවණ්ණිතොයෙව.
දැන් ඒ රත්නයන්ගේ ස්වරූප වශයෙන් දැකීම සඳහා “කතමෙසං සතතන්නං චක්ක රතනස්ස” යන ආදිය කීය. එහි චක්ක රතනස්ස යන ආදියෙහි ලුහුඬු අදහස මෙසේය. දෙදහසක් දිවයින් පිරිවර කොට ඇති සතර මහා ද්වීපයනට ශ්‍රී සම්පත්තිය ගෙන දීමට සමත් වූ චක්‍ර රත්නයේ පහළ වීම සිදු වේ. එසේම පෙරවරුයෙහිම සාගරය කෙළවර කොට ඇති පෘථිවිය පුරා යාමට සමත් වූ ආකාශගාමී හස්ති රත්නයේ (පහළ වීම) ද, එබඳුම අශ්ව රත්නයේ ද, අංග සතරින් යුක්ත වූ අඳුරෙහි වුව යොදුනක් පමණ වූ දුරෙහි අඳුර නසා ආලෝකය දැක්වීමට සමත් වූ මාණික්‍ය රත්නයේද, සය වැදෑරුම් දොස්වලින් ඉවත්ව මනාප ලෙස හැසිරෙන ස්ත්‍රී රත්නයේද, යොදුනක් පමණ පෙදෙසෙහි පොළව තුළට ගියාවූ නිධානයන් දැක්මට සමත් වූ ගෘහපති රත්නයේ ද, අග මෙහෙසියගේ කුසෙහි ඉපිද සකල රාජ්‍යයම පාලනයෙහි සමර්ථ වූ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා නම වූ පරිණායක (නායකයා) රත්නයේ ද පහළ වීම සිදු වේ. මෙය මෙහි සංක්ෂේප හැඳින්වීම යි. විස්තර වශයෙන් වනාහී එම චක්‍ර රත්න ආදියේ පහළ වීමෙහි පිළිවෙළ මහා සුදර්ශන ආදී සූත්‍රයන්හි දැක්වේ. මෙහි අර්ථය ද ඒවායේ වර්ණනාව පිණිස වර්ණනා කරන ලද්දේමය.
සතිසම්බොජ්ඣඞ්ගරතනස්සාතිආදීසු සරික්ඛකතා එවං වෙදිතබ්බා – යථෙව හි චක්කවත්තිනො චක්කරතනං සබ්බරතනානං පුරෙචරං, එවං සතිසම්බොජ්ඣඞ්ගරතනං සබ්බෙසං චතුභූමකධම්මානං පුරෙචරන්ති, පුරෙචරණට්ඨෙන චක්කවත්තිරඤ්ඤො චක්කරතනසදිසං හොති. චක්කවත්තිනො ච රතනෙසු මහාකායූපපන්නං අච්චුග්ගතං විපුලං මහන්තං හත්ථිරතනං, ඉදම්පි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගරතනං මහන්තං ධම්මකායූපපන්නං අච්චුග්ගතං විපුලං මහන්තන්ති හත්ථිරතනසදිසං හොති. චක්කවත්තිනො අස්සරතනං සීඝං ලහු ජවං, ඉදම්පි වීරියසම්බොජ්ඣඞ්ගරතනං සීඝං ලහු ජවන්ති ඉමාය සීඝලහුජවතාය අස්සරතනසදිසං හොති. චක්කවත්තිනො මණිරතනං අන්ධකාරං විධමති, ආලොකං දස්සෙති, ඉදම්පි පීතිසම්බොජ්ඣඞ්ගරතනං තාය එකන්තකුසලත්තා කිලෙසන්ධකාරං විධමති, සහජාතපච්චයාදිවසෙන ඤාණාලොකං දස්සෙතීති ඉමිනා අන්ධකාරවිධමනආලොකදස්සනභාවෙන මණිරතනසදිසං හොති.
සති සම්බොජ්ඣඞ්ග රතනස්ස යන ආදියෙහි වනාහී සමාන වූ කථාව මෙසේ දැන ගත යුතුය. යම් සේ වනාහී චක්‍රවර්ති රජකුගේ චක්‍රරත්නය හැම රත්නයකටම පෙරටු වන්නේ වේද, එසේම සති සම්බෝධ්යංගය නමැති රත්නය සියලු චාතුර්භූමික ධර්මයන්හට පෙරටු වෙයි. පෙරටු වන්නේය යන අරුතින් (සති සම්බොජ්ඣඞ්ගය) චක්‍රවර්ති රජහුගේ චක්‍ර රත්නය හා සමාන වෙයි. චක්‍රවර්ති රජුගේ රත්නයන් අතුරෙහි විශාල ශරීරයකින් යුක්ත වූ, ඉතා උස් වූ, විපුල වූ, මහත් වූ හස්තිරත්නය (නම් වූ රත්නය) ක් වෙයි. ධම්ම විචය සම්බොජ්ඣඞ්ගය නම් වූ රත්නය මහත්වූ ධර්ම කායයෙන් යුක්ත වූයේ උස් වූ, විපුල වූ, මහත් වූ ධර්ම කායයෙන් යුක්ත වූයේ උස් වූ, විපුල වූ, මහත් වූ හස්ති රත්නය හා සමාන වෙයි. චක්‍රවර්ති රජුගේ අශ්ව රත්නය ශීඝ්‍ර වූයේ, ඉක්මන් ක්රියාකාරීවූයේ, වේගවත් වූයේ වෙයි. විරිය සම්බොජ්ඣඞ්ගය නමැති රත්නය ද ශීඝ්‍ර වූයේ, ඉක්මන් ක්‍රියාකාරී, වේගවත් වූයේ වෙයි. මේ ශීඝ්‍ර, ඉක්මන් ක්‍රියාකාරී, වේගවත් ස්වභාවයෙන් විරිය සම්බොඡ්ඣඞ්ගය අශ්ව රත්නය හා සමාන වෙයි. චක්‍රවර්ති රජුගේ මාණික්‍ය රත්නය අන්ධකාරය නසයි, ආලෝකය දක්වයි. උතුම් වූ, ධර්මකායයෙන් උසස් වූ පීති සම්බොජ්ඣඞ්ගය නමැති රත්නය ද ඒකාන්ත කුසලතාවයෙන් ක්ලේශාන්ධකාරය නසයි. සහජ හේතූන්ගේ වශයෙන් ඥානාලෝකය දක්වන්නේය යන මෙම අන්ධකාර නාශක හා ආලෝක දර්ශක ස්වභාවයෙන් පීති සම්බොජ්ඣඞ්ගය නමැති රත්නය චක්‍රවර්ති රජුගේ මාණික්‍ය රත්නය හා සමාන වෙයි.
චක්කවත්තිනො ඉත්ථිරතනං කායචිත්තදරථං පටිපස්සම්භෙති, පරිළාහං වූපසමෙති. ඉදම්පි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගරතනං කායචිත්තදරථං පටිපස්සම්භෙති, පරිළාහං වූපසමෙතීති ඉත්ථිරතනසදිසං හොති. චක්කවත්තිනො ගහපතිරතනං ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ ධනදානෙන වික්ඛෙපං පච්ඡින්දිත්වා චිත්තං එකග්ගං කරොති, ඉදම්පි සමාධිසම්බොජ්ඣඞ්ගරතනං යථිච්ඡිතාදිවසෙන අප්පනං සම්පාදෙති, වික්ඛෙපං පච්ඡින්දිත්වා චිත්තං එකග්ගං කරොතීති ගහපතිරතනසදිසං හොති. චක්කවත්තිනො ච පරිණායකරතනං සබ්බත්ථකිච්චසම්පාදනෙන අප්පොස්සුක්කතං කරොති. ඉදම්පි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගරතනං චිත්තුප්පාදං ලීනුද්ධච්චතො මොචෙත්වා පයොගමජ්ඣත්තෙ ඨපයමානං අප්පොස්සුක්කතං කරොතීති පරිණායකරතනසදිසං හොති. ඉති ඉමස්මිං සුත්තෙ චතුභූමකො සබ්බසඞ්ගාහිකධම්මපරිච්ඡෙදො කථිතොති වෙදිතබ්බො.
චක්‍රවර්ති රජුගේ ස්ත්‍රී රත්නය කාය චිත්ත විඩාව සන්සිඳුවයි. ඩාහය සමනය කරයි. පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය නමැති රත්නය ද කාය චිත්ත විඩාව සන්සිඳුවයි, ඩාහය සමනය කරවයි යන කරුණු නිසා (චක්රවර්තිහුගේ) ස්ත්‍රී රත්නය හා සමාන වෙයි. චක්‍රවර්ති රජුගේ ගහපති රත්නය කැමති කැමති මොහොතෙහි ධනය දීමෙන් සිත් තැවුල සිඳ දමා සිත එකඟ කරයි. සමාධි සම්බොජ්ඣඞ්ගය නමැති රත්නය ද කැමැත්තේ ප්‍රකාරය ආදී වශයෙන් සිතේ එකඟ බව සපයයි. සිත් තැවුල සිඳ දමා සිත එකඟ කරවයි. (ඒ නිසා) ගෘහපති රත්නය හා සමාන වෙයි. චක්රවර්තිහුගේ පරිණායක රත්නය ද සියළු තන්හිම කටයුතු සම්පාදනය කිරීමෙන් (චක්රවර්තිහුගේ) වෙහෙස බව අඩු කරවයි. මෙම උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නමැති රත්නය ද මැලි බවෙන් හා නො සන්සුන් බවෙන් සිතුවිලි මුදවා මධ්‍යස්ථ ස්වභාවයෙහි පිහිටන්නාවූ ද, වෙහෙස බව අඩු කරන්නාවූ ද සම්බොජ්ඣඞ්ගය) පරිණායක රත්නය හා සමාන වෙයි. මෙසේ මේ සූත්‍රයෙහි චාතුර්භූමික වූ, සියලු කරුණු එක්රැස් කරන්නාවූ ධර්ම කොට්ඨාශයක් කියන ලද්දේ යයි දත යුතු වේ.
4-10. දුප්පඤ්ඤසුත්තාදිවණ්ණනා
4-10. දුප්පඤ්ඤ ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථෙ එළමූගොති මුඛෙන වාචං නිච්ඡාරෙතුං සක්කොන්තොපි දොසෙහි මූගො අසම්පන්නවචනො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
සිවු වැන්නෙහි - එළමුගො = මුඛයෙන් වචන පිට කිරිමට හැකි වනුයේ නමුදු දෝසයන් නිසා ගොලු වූ අසම්පූර්ණ වචන ඇත්තෝ. සෙස්ස සියළු තන්හි පහසුවෙන්නේමය.
චක්කවත්තිවග්ගො.
පස්වන චක්කවත්ති වර්ගය නිමියේය.