යෙදුමෙන් කියවන්න

අපාරසුත‍්තං

2. 2. 7.

2. 2. 7.

අපාරසුත‍්තං

අපාර සූත්‍රය

563. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්තබොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත‍්තන‍්තීති. ඉදමවොච -පෙ- සත්‍ථා.

563. මහණෙනි, මේ සත් බොජඟ කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාබොජ්ඣඞ්ග යි. මහණෙනි, මේ සත්බොජඟ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිති යි. මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ:

1. අප‍්පකා තෙ මනුස‍්සෙසු, යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා තීරමෙවානුධාවති.

1. “යම් ජනකෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද මිනිසුන් අතර ඔහු අල්පය. වැඩි මේ ඉතිරි ප්‍රජාව ඉවුර අනුවම (-සසරෙහිම) දුවයි.

2. යෙ ච ඛො සම‍්මදක‍්ඛාතෙ ධම‍්මෙ ධම‍්මානුවත‍්තිනො, තෙ ජනා පාරමෙස‍්සන‍්ති මච‍්චුධෙය්‍යං සුදුත‍්තරං.

2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතිනසුලු වෙද්ද ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (-සසර) හැර පරතෙරට යන්නාහ.

3. කණ‍්හං ධම‍්මං විප‍්පහාය සුක‍්කං භාවෙථ පණ‍්ඩිතො, ඔකා අනොකං ආගම‍්ම විවෙකෙ යත්‍ථ දූරමං.

3-4. පණ්ඩිත තෙමේ අකුසල් දහම් දුරු කොට කුසල් දහම් වඩන්නේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයෙක දුෂ්කරසේ ඇලිය යුතු නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කරන්නේ ය.

4. තත්‍රාභිරතිමිච‍්ඡෙය්‍ය හිත්‍වා කාමෙ අකිඤ‍්චනො, පරියොදපෙය්‍ය අත‍්තානං චිත‍්තක‍්ලෙසෙහි පණ‍්ඩිතො.

5. යෙසං සම‍්බොධිඅඞ‍්ගෙසු සම‍්මා චිත‍්තං සුභාවිතං, ආදානපටිනිස‍්සග‍්ගෙ අනුපාදාය යෙ රතා. ඛීණාසවා ජුතිමන‍්තො තෙ ලොකෙ පරිනිබ‍්බුතාති.

5. යම් කෙනෙකුන්ගේ සිත බොජ්ඣඞ්ගයන්හි මැනැවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද ලොව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.