යෙදුමෙන් කියවන්න

තතිය ගිලානසුත‍්තං

2. 2. 6.

2. 2. 6.

තතිය ගිලානසුත‍්තං

තතිය ගිලාන සූත්‍රය

562. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො ආයස‍්මා මහාචුන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං මහාචුන්‍දං භගවා එතදවොච:

562. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක් දුක් ඇතිසේක් දැඩි ගිලන් වූ සේක් වෙති. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

පටිභන‍්තු තං චුන්‍ද, බොජ‍්ඣඞ‍්ගාති. සත‍්තිමෙ භන‍්තෙ, බොජ‍්ඣඞ‍්ගා භගවතා සම‍්මදක‍්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො භන‍්තෙ, භගවතා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො භන‍්තෙ, භගවතා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. ඉමෙ ඛො භන‍්තෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භගවතා සම‍්මදක‍්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තීති.

“චුන්‍දයෙනි, තොපට බොජ්ඣඞ්ගයෝ වැටහෙත්වා” යි. “වහන්ස, මේ සත්තබොජ්ඣඞ්ග කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: වහන්ස, සතිසම්බොජ්ඣඞ්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී ... වහන්ස, උපේඛාසම්බොජ්ඣඞ්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. වහන්ස, මේ සත් බොජ්ඣඞ්ගයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්” යි.

තග‍්ඝ චුන්‍ද, බොජ‍්ඣඞ‍්ගා තග‍්ඝ චුන්‍ද, බොජ‍්ඣඞ‍්ගාති.

“චුන්‍දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ. චුන්‍දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ” යි.

ඉදමවොචායස‍්මා මහාචුන්‍දො, සමනුඤ‍්ඤො සත්‍ථා අහොසි. වුට‍්ඨාහි ච භගවා තම‍්හා ආබාධා. තථා පහීනො ච භගවතො සො ආබාධො අහොසීති.

ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෲන් වහන්සේ පිළිගත්සෙක් වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.