දුතිය ගිලානසුත්තං
2. 2. 5.
2. 2. 5.
දුතිය ගිලානසුත්තං
දුතිය ගිලාන සූත්‍රය
561. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: කච්චි තෙ මොග්ගල්ලාන, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? න මෙ භන්තෙ ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
561. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රෝගී ව හටගත් දුක් ඇති ව දැඩි ගිලන් ව ගිජිකුළුපව්වෙහි වැඩවෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් මහමුගලන් තෙරණුන් වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවනට මෙය වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කීම? යැපිය හැකි ද? කිම දුක්වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? මොවුන්ගේ අඩුවීම පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ ද?” යි. “වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැක්ක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. මොවුන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීමෙක් නො පෙනේ” යි.
සත්තිමෙ මොග්ගල්ලාන, බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ඛො මොග්ගල්ලාන, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඛො මොග්ගල්ලාන, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ඉමෙ ඛො මොග්ගල්ලාන, සත්ත බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
“මොග්ගල්ලානයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මුගලන, සිහිසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී ... මුගලන, උපේසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. මුගලන, මේ සත් බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී” යි.
තග්ඝ භගව, බොජ්ඣඞ්ගා තග්ඝ සුගත, බොජ්ඣඞ්ගාති.
“භාග්‍යවතුන් වහන්ස, සත් බොජඟ ඒකාන්තය, සුගතයන් වහන්ස, සත් බොජඟ ඒකාන්ත ය” යි.
“ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො භාසිතං අභිනන්දි. වුට්ඨාහි චායස්මා මහාමොග්ගල්ලානො තම්හා ආබාධා. තථා පහීනො චායස්මතො මහාමොග්ගල්ලානස්ස සො ආබාධො අහොසීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඇවැත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද ඒ ආබාධයෙන් නැගී සිටියහ. ඇවැත් මහමුගලන් තෙරණුවන් ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.