යෙදුමෙන් කියවන්න

ගිලානසුත‍්තං

2. 2. 4.

2. 2. 4.

ගිලානසුත‍්තං

ගිලාන සූත්‍රය

560. එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා මහාකස‍්සපො පිප‍්ඵලිගුහායං විහරති ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා ආයස‍්මන‍්තං මහාකස‍්සපං එතදවොච: “කච‍්චි තෙ කස‍්සප, ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි දුක‍්ඛා වෙදනා? පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති? පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති? ති න මෙ භන‍්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති, නො පටික‍්කමන‍්ති. අභික‍්කමොසානං පඤ‍්ඤායති, නො පටික‍්කමො”ති.

560. මවිසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ඇවැත් මහසුප් තෙරණුවෝ රෝගී ව දුකට පැමිණ දැඩිගිලන් ව පිප්ඵලිගුහාවෙහි වැඩවෙසෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ඇවැත් මහසුප් තෙරණුවන් වෙත එළඹිසේක. එළඹ පැනවූ අසුන්හි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඇවත් මහසුප් තෙරණුවනට මෙය වදාළසේක: “කස්සපයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද් ද? වැඩි නො වෙද් ද? මොවුන් ගේ අඩුවීමෙක් පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ?” යි. “වහන්ස, මට ඉවසිය නො හැකි ය, යැපිය නො හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්, ඔවුන්ගේ වැඩි වීම පෙනේ. අඩු වීම නො පෙනේ” යි.

“සත‍්තිමෙ කස‍්සප බොජ‍්ඣඞ‍්ගා මයා සම‍්මදක‍්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඛො කස‍්සප, මයා සම‍්මදක‍්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. ඉමෙ ඛො කස‍්සප, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මයා සම‍්මදක‍්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තීති.

කස්සපයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනෙවින් පවසන ලදහු වඩන ලදහු බහුල කරන ලදහු වෙසෙසින් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: කස්සපයෙනි, සතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, විරියසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ, බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පීතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, සමාධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය, මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්.” යි.

තග‍්ඝ භගව, බොජ‍්ඣඞ‍්ගා, තග‍්ඝ සුගත, බොජ‍්ඣඞ‍්ගාති.

“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ. සුගතයන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ” යි.

ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා මහාකස‍්සපො භගවතො භාසිතං අභිනන්‍දි. වුට‍්ඨාහි චායස‍්මා මහාකස‍්සපො තම‍්හා ආබාධා. තථා පහීනො ච ආයස‍්මතො මහාකස‍්සපස‍්ස සො ආබාධො අහොසීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඇවැත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහසුප් තෙරණුවෝ ඒ ආබාධයෙන් ද නැගී සිටියහ. ඇවැත් මහසුප් තෙරණුවන්ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම විය.