යෙදුමෙන් කියවන්න

පාණසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 2. 1.

2. 2. 1.

පාණසුත‍්තං

පාන සූත්‍රය

557. සෙය්‍යථාපි භික‍්ඛවෙ, යෙ කෙචි පාණා චත‍්තාරො ඉරියාපථෙ කප‍්පෙන‍්ති කාලෙන ගමනං කාලෙන ඨානං කාලෙන නිසජ‍්ජං කාලෙන සෙය්‍යං, සබ‍්බෙ තෙ පඨවිං නිස‍්සාය පඨවියං පතිට‍්ඨාය එවමෙතෙ චත‍්තාරො ඉරියාපථෙ කප‍්පෙන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති. සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොතීති.

557. මහණෙනි, යම් සේ යම් කිසි ප්‍රාණීහු කලෙක ගමන ද කලෙක සිටුම ද කලෙක හිඳුම ද කලෙක ශයනය දැ යි සිවු ඉරියවු කෙරෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා එසේ ඒ සිවු ඉරියවු කෙරෙති. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද? යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙ යි.

2. 2. 2.

2. 2. 2.

සූරියසුත‍්තං

සුරිය සූත්‍රය

558. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං, යදිදං කල්‍යාණමිත‍්තතා. කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙස‍්සති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරිස‍්සති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කල්‍යාණමිත‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොතීති.

558. මහණෙනි, යම් මේ අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කලණ මිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීම පිණිස මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි.

2. 2. 3.

2. 2. 3.

දුතියසුරියසුත‍්තං

දුතිය සුරිය සූත්‍රය

559. සුරියස‍්ස භික‍්ඛවෙ, උදයතො එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං අරුණග‍්ගං. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛුනො සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං උප‍්පාදාය එතං පුබ‍්බඞ‍්ගමං එතං පුබ‍්බනිමිත‍්තං යදිදං යොනිසොමනසිකාරො. යොනිසොමනසිකාරසම‍්පන‍්නස‍්සෙතං භික‍්ඛවෙ, භික‍්ඛුනො පාටිකඞ‍්ඛං සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙස‍්සති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරිස‍්සතීති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොති? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසොමනසිකාරසම‍්පන‍්නො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති, සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොතීති.

559. මහණෙනි, යම් මේ අරුණ නැගීමෙක් වේ ද උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ යෝනිසෝමනසිකාරයෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේය, සත් බොජඟ බහුල කරන්නේ ය යන මෙය යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ සත්බොජඟ වඩා ද සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.මහණෙනි, යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරේ යි.