උප‍්පාදසුත‍්තං
2. 1. 9.
2. 1. 9.
උප‍්පාදසුත‍්තං
උප්පාද සූත්‍රය
555. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර තථාගතස‍්ස පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. කතමෙ සත‍්ත සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර තථාගතස‍්ස පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති.
555. මහණෙනි, මේ සප්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති.
2. 1. 10.
2. 1. 10.
දුතිය උප‍්පාදසුත‍්තං
දුතිය උප්පාද සූත්‍රය
556. සත‍්තිමෙ භික‍්ඛවෙ, බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමෙ සත‍්ත සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා භාවිතා බහුලීකතා අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.
556. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපදනාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපන්නාහු නූපදිති යි.
පබ‍්බතවග‍්ගො පඨමො.
පළමුවැනි පබ්බතවර්‍ගයයි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
හිමවන‍්තං කායො සීලං වත්‍ථං භික‍්ඛු ච කුණ‍්ඩලීකූටාගාරමුපවානං උප‍්පාදෙ අපරෙ දුවෙති.
හිමවන්ත, කාය, සීල, වත්‍ථ, භික්ඛු, කුණ්ඩලී, කූටාගාර,උපවාන සූත්‍රය ,අනෙක් උප්පාදසූත්‍ර දෙක ය යි දශ සූත්‍ර කෙනෙකි.