උපවානසුත්තං
2. 1. 8.
2. 1. 8.
උපවානසුත්තං
උපවාන සූත්‍රය
554. එකං සමයං ආයස්මා ච උපවානො ආයස්මා ච සාරිපුත්තො කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා උපවානො තෙනුපසඞ්කමි. උපසංකමිත්වා ආයස්මතා උපවානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං උපවානං එතදවොච: “ජානෙය්ය නු ඛො ආවුසො උපවාන, භික්ඛු පච්චත්තං යොනිසො මනසිකාරා එවං සුසමාරද්ධා මෙ සත්ත බොජ්ඣඞ්ගා ඵාසුවිහාරාය සංවත්තන්තී”ති.
554. එක් කලෙක ආයුෂ්මත් උපවාන තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් උපවාන තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව වැඩ හුන්හ. එකත්පස්ව වැඩ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපවාන තෙරණුවනට මෙය කීහ: “ඇවැත්නි උපවානයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත් යි තෙමේම දැනගන්නේදැ?” යි.
ජානෙය්ය ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු පච්චත්තං යොනිසො මනසිකාරා එවං සුසමාරද්ධා මෙ සත්ත බොජ්ඣඞ්ගා ඵාසුවිහාරාය සංවත්තන්තීති. සතිසම්බොජ්ඣඞ්ගං ඛො ආවුසො, භික්ඛු ආරබ්භමානො පජානාති “චිත්තං ච මෙ සුවිමුත්තංථිනමිද්ධං ච මෙ සුසමූහතං. උද්ධච්ච කුක්කුච්චඤ්ච මෙ සුප්පටිවිනීතං. ආරද්ධං ච මෙ විරියං අට්ඨිකත්වා මනසිකරොමි. නො ච ලීනන්ති” -පෙ- උපෙඛා සම්බොජ්ඣඞ්ගං ආවුසො භික්ඛු ආරභමානො පජානාති චිත්තඤ්ච මෙ සුවිමුත්තං. ථීනමිද්ධඤ්ච මෙ සුසමූහතං, උද්ධච්චකුක්කුච්චඤ්ච මෙ සුප්පටිවිනීතං, ආරද්ධා ච මෙ විරියං අට්ඨිකත්වා මනසිකරොමි නො ච ලීනන්ති. එවං ඛො ආවුසො සාරිපුත්ත, භික්ඛු ජානෙය්ය පච්චත්තං යොනිසො මනසිකාරා සුසමාරද්ධා මෙ සත්ත බොජ්ඣඞ්ගා ඵාසු විහාරාය සංවත්තන්තීති.
ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් “මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත්” යි තෙමේම දැනගන්නේය. ඇවැත්නි, මහණ තෙමේ සති සම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේය. වීර්‍ය්‍යය ද මවිසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්ත්ථවත් කොට (ප්‍රයෝජන සලකා) මෙනෙහි කරමි යි දැනගනී. ... ඇවැත්නි, මහණ තෙමේ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේ ය. වීර්‍ය්‍යය ද මා විසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්ත්ථවත් කොට මෙනෙහි කරමි යි. ඇවැත්නි,සාරිපුත්තයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මැනවින් අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවති යි මෙසේ දැනගන්නේ” යි.