යෙදුමෙන් කියවන්න

කූටාගාරසුත‍්තං

2. 1. 7.

2. 1. 7.

කූටාගාරසුත‍්තං

කූටාගාර සූත්‍රය

553. සෙය්‍යථාපි භික‍්ඛවෙ, කූටාගාරස‍්ස යා කාචි ගොපානසියො සබ‍්බා තා කූටනින‍්නා කූටපොණා කූටපබ‍්භාරා, එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරො? ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ බහුලීකරොන‍්තො නිබ‍්බානනින‍්නො හොති නිබ‍්බානපොණො නිබ‍්බානපබ‍්භාරොති.

553. මහණෙනි, යම්සේ කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ මුදුනට නැමුණාහු මුදුනට නැඹුරු වූවාහු මුදුනට බර වූවාහු වෙති. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.