යෙදුමෙන් කියවන්න

වත්‍ථසුත‍්තං

2. 1. 4.

2. 1. 4.

වත්‍ථසුත‍්තං

වත්‍ථ සූත්‍රය

550. එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි “ආවුසො භික‍්ඛවො”ති. “ආවුසො”ති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

550. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි’ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ:

සත‍්තිමෙ ආවුසො, බොජ‍්ඣඞ‍්ගා. කතමෙ සත‍්ත: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගොති. ඉමෙ ඛො ආවුසො සත‍්තබොජ‍්ඣඞ‍්ගා. ඉමෙසං ආවුසො, සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං යෙන යෙන බොජ‍්ඣඞ‍්ගෙන ආකඞ‍්ඛාමි පුබ‍්බණ‍්හසමයං විහරිතුං. තෙන තෙන බොජ‍්ඣඞ‍්ගෙන පුබ‍්බණ‍්හසමයං විහරාමි. යෙන යෙන බොජ‍්ඣඞ‍්ගෙන ආකඞ‍්ඛාමි මජ‍්ඣන‍්තිකං සමයං විහරිතුං, තෙන තෙන බොජ‍්ඣඞ‍්ගෙන මජ‍්ඣන‍්තිකං සමයං විහරාමි. යෙන යෙන බොජ‍්ඣඞ‍්ගෙන ආකඞ‍්ඛාමි සායන‍්හසමයං විහරිතුං, තෙන තෙන බොජ‍්ඣඞ‍්ගෙන සායන‍්හසමයං විහරාමි.

“ඇවැත්නි, මේ බොජ්ඣඞ්ග සතෙකි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මොහු සත් බොජ්ඣඞ්ගයෝ යි. ඇවැත්නි, මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව සවස් කල වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව සවස් කල වෙසෙමි.

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ මෙ ආවුසො, හොති අප‍්පමාණොති මෙ හොති. සුසමාරද‍්ධොති මෙ හොති. තිට‍්ඨන‍්තං තිට‍්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති, ඉදප‍්පච‍්චයා මෙ චවතීති පජානාමි -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ මෙ ආවුසො හොති. අප‍්පමාණොති මෙ හොති. සුසමාරද‍්ධොති මෙ හොති. තිට‍්ඨන‍්තං තිට‍්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති, ඉදප‍්පච‍්චයා මෙ චවතීති පජානාමි. සෙය්‍යථාපි ආවුසො, රඤ‍්ඤො වා රාජමහාමත‍්තස‍්ස වා නානාරත‍්තානං දුස‍්සානං දුස‍්සකරණ‍්ඩකො පූරො අස‍්ස. සො යඤ‍්ඤදෙව දුස‍්සයුගං ආකඞ‍්ඛෙය්‍ය පුබ‍්බන‍්හසමයං පාරුපිතුං. තන‍්තදෙව දුස‍්සයුගං පුබ‍්බන‍්හසමයං පාරුපෙය්‍ය. යඤ‍්ඤදෙව දුස‍්සයුගං ආකඞ‍්ඛෙය්‍ය මජ‍්ඣන‍්තිකං සමයං පාරුපිතුං. තන‍්තදෙව දුස‍්සයුගං මජ‍්ඣන‍්තිකං සමයං පාරුපෙය්‍ය. යඤ‍්ඤදෙව දුස‍්සයුගං ආකඞ‍්ඛෙය්‍ය සායන‍්හසමයං පාරුපිතුං තන‍්තදෙව දුස‍්සයුගං සායන‍්හසමයං පාරුපෙය්‍ය.

ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවත්නේ යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම්, නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි. ඇවැත්නි, යම් සේ රජකුගේ හෝ රජමහඇමතියකුගේ හෝ නොයෙක් වර්‍ණයෙන් රඳනා ලද වතින් පිරුණු වත්කරඬුවෙක් වන්නේ ද හෙතෙමේ පෙරවරු යම් යම් වත්යුවලක් පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පෙරවරු පොරවන්නේය. යම් යම් වත්යුවලක් මැදියම පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම මැදියම පොරවන්නේය. යම් යම් වත්යුවලක් පස්වරු පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පස්වරු පොරවන්නේය.

එවමෙව ඛො’හං ආවුසො, ඉමෙසං සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං යෙන යෙන බොජ‍්ඣඞ‍්ගෙන ආකඞ‍්ඛාමි පුබ‍්බන‍්හසමයං විහරිතුං, තෙන තෙන බොජ‍්ඣඞ‍්ගෙන පුබ‍්බන‍්හසමයං විහරාමි. යෙන යෙන බොජ‍්ඣඞ‍්ගෙන ආකඞ‍්ඛාමි මජ‍්ඣන‍්තිකං සමයං විහරිතුං, තෙන තෙන බොජ‍්ඣඞ‍්ගෙන මජ‍්ඣන‍්තිකං සමයං විහරාමි. යෙන යෙන බොජ‍්ඣඞ‍්ගෙන ආකඞ‍්ඛාමි සායන‍්හසමයං විහරිතුං, තෙන තෙන බොජ‍්ඣඞ‍්ගෙන සායන‍්හසමයං විහරාමි. සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ මෙ ආවුසො, හොති අප‍්පමාණොති මෙ හොති. සුසමාරද‍්ධොති මෙ හොති. තිට‍්ඨන‍්තං තිට‍්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති ඉදප‍්පච‍්චයා මෙ චවතීති පජානාමි -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ මෙ ආවුසො හොති, අප‍්පමාණොති මෙ හොති, සුසමාරද‍්ධොති මෙ හොති. තිට‍්ඨන‍්තං තිට‍්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති, ඉදප‍්පච‍්චයා මෙ චවතීති පජානාමීති.

ඇවැත්නි, එසෙයින් ම මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට මම කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පස්වරු වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පස්වරු වෙසෙමි. ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි . ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි යි.