යෙදුමෙන් කියවන්න

භික‍්ඛුසුත‍්තං

2. 1. 5.

2. 1. 5.

භික‍්ඛුසුත‍්තං

භික්‍ෂූ සූත්‍රය

551. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: බොජ‍්ඣඞ‍්ගා බොජ‍්ඣඞ‍්ගාති භන‍්තෙ, වුච‍්චන‍්ති. කිත‍්තාවතා නුඛො භන‍්තෙ, බොජ‍්ඣඞ‍්ගාති වුච‍්චන‍්තී?ති බොධාය සංවත‍්තන‍්තීති ඛො භික‍්ඛු තස‍්මා බොජ‍්ඣඞ‍්ගාති වුච‍්චන‍්ති. ඉධ භික‍්ඛු, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං.

551. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. වහන්ස, “බොජ්ඣඞ්ග බොජ්ඣඞ්ග” යයි කියනු ලැබෙත්. වහන්ස, කොතෙකින් “බොජ්ඣඞ්ග”යි කියනු ලැබෙද්දෝ?යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ගහ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.

තස‍්සිමෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ භාවයතො කාමාසවාපි චිත‍්තං විමුච‍්චති. භවාසවාපි චිත‍්තං විමුච‍්චති. අවිජ‍්ජාසවාපි චිත‍්තං විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. බොධාය සංවත‍්තන‍්තීති ඛො භික‍්ඛු, තස‍්මා බොජ‍්ඣඞ‍්ගාති වුච‍්චන‍්තීති.

මේ සත් බොජඟ වඩන ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණු කල මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනී. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ග යි කියනු ලැබෙති යි.