යෙදුමෙන් කියවන්න

කායසුත‍්තං

2. 1. 2.

2. 1. 2.

කායසුත‍්තං

කාය සූත්‍රය

548. සාවත්‍ථියං:

548. සැවැත්නුවර:

සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයං කායො ආහාරට‍්ඨිතිකො, ආහාරං පටිච‍්ච තිට‍්ඨති, අනාහාරො නො තිට‍්ඨති. එවමෙව ඛො භික‍්ඛවෙ, පඤ‍්ච නීවරණා ආහාරට‍්ඨිතිකා ආහාරං පටිච‍්ච තිට‍්ඨන‍්ති, අනාහාරා නො තිට‍්ඨන‍්ති.

මහණෙනි, යම්සේ ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා මේ කය අහර නිසා පවතීද, අහර නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා පඤ්ච නීවරණයෝ අහර නිසා පවතිත්, අහර නැතිව නො පවතිත්.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය. අත්‍ථි භික‍්ඛවෙ, සුභනිමිත‍්තං. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.

මහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්‍දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දය බොහෝ වීම පිණිසත් විපුලත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, පටිඝනිමිත‍්තං. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.

මහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත් උපන් ව්‍යාපාදයාගේ බහුල බව විපුල බව පිණිසත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව පිණිසත් විපුලත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය: අත්‍ථි භික‍්ඛවෙ, අරති තන්‍දි විජම‍්භිතා භත‍්තසම‍්මදො චෙතසො ලීනත‍්තං. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.

මහණෙනි, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථිනමිද්ධයාගේ බහුල බව විපුලත්‍වය පිණිසත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, (ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුශල) ධර්‍මයන්හි නො ඇල්මෙක් තෙමරියෙක් (මැලිබවෙක්) මැලි හැරීමෙක් (කායවිජුම්භණයෙක්) බත් මතයෙක් සිතේ මැලිබවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත්, උපන් ථිනමිද්ධයාගේ බොහෝ බව විපුලත්ත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.

අත්‍ථි භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය. අත්‍ථි භික‍්ඛවෙ, චෙතසො අවුපසමො. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලාය.

මහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චය ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, සිතේ නොසන්හිදුමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීමටත්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය, උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය? අත්‍ථි භික‍්ඛවෙ, විචිකිච‍්ඡාඨානියා ධම‍්මා. තත්‍ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය, උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයං කායො ආහාරට‍්ඨිතිකො, ආහාරං පටිච‍්ච තිට‍්ඨති. අනාහාරො නො තිට‍්ඨති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමෙ පඤ‍්ච නීවරණා ආහාරට‍්ඨිතිකා ආහාරං පටිච‍්ච තිට‍්ඨන‍්ති. අනාහාරා නො තිට‍්ඨන‍්ති.

මහණෙනි, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත් උපන් විචිකිච්ඡාවගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, විචිකිච්ඡාවට හිත වු ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත්, උපන් විචිකිච්ජාවේ බොහෝ බවටත් විපුලත්‍වයටත් මේ ප්‍රත්‍යය යි. මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේ ද, ප්‍රත්‍යය නිසා පවතිත් ද, ප්‍රත්‍යය නැති ව නො පවතිත් ද, මහණෙනි, එසෙයින් ම මේ පඤ්ච නීවරණයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ. ප්‍රත්‍යය නිසා පවතිත්, ප්‍රත්‍යය නැතිව නොපවතිත්.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයං කායො ආහාරට‍්ඨිතිකො, ආහාරං පටිච‍්ච තිට‍්ඨති, අනාහාරො නො තිට‍්ඨති. එවමෙව ඛො භික‍්ඛවෙ, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා ආහාරට‍්ඨිතිකා, ආහාරං පටිච‍්ච තිට‍්ඨන‍්ති. අනාහාරා නො තිට‍්ඨන‍්ති. කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, සතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා.

මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේද, ප්‍රත්‍යය නිසා පවතී ද, ප්‍රත්‍යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින් ම සප්ත බොජ්ඣඞ්ගයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ, ප්‍රත්‍යය නිසා පවතිත්, ප්‍රත්‍යය නැති ව නො පවතිත්. මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, සතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා හීනපණීතා ධම‍්මා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා. තත්‍ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා.

මහණෙනි, නූපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍යානවද්‍යධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්කමධාතු පරක‍්කමධාතු. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා විරියසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා.

මහණෙනි, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක්, මැලිබැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙනා වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයේ ඉපැද්මටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානීයා ධම‍්මා. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා.

මහණෙනි, නූපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පීතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක්, බහුල කිරීමෙක් වේ ද, නූපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි භික‍්ඛවෙ, කායපස‍්සද‍්ධි, චිත‍්තපස‍්සද‍්ධි. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා.

මහණෙනි, නූපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: (වේදනා, සඤ්ඤා, සඞ්ඛාර යන) නාම කයෙහි බර හැරීමෙක්, සිතෙහි බර හැරීමෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි, භික‍්ඛවෙ, සමථනිමිත‍්තං අබ්‍යග‍්ගනිමිත‍්තං. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා.

මහණෙනි, නූපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, සමථනිමිත්තයෙක් ඒකාළම්බනනිමිත්තයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.

කො ච භික‍්ඛවෙ, ආහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා: අත්‍ථි, භික‍්ඛවෙ, උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගට‍්ඨානියා ධම‍්මා. තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස උප‍්පාදාය, උප‍්පන‍්නස‍්ස වා උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගස‍්ස භාවනාය පාරිපූරියා. සෙය්‍යථාපි භික‍්ඛවෙ, අයං කායො ආහාරට‍්ඨිතිකො, ආහාරං පටිච‍්ච තිට‍්ඨති, අනාහාරො නො තිට‍්ඨති. එවමෙව ඛො භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා ආහාරට‍්ඨිතිකා, ආහාරං පටිච‍්ච තිට‍්ඨන‍්ති, අනාහාරා නො තිට‍්ඨන‍්තීති.

මහණෙනි, නූපන් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත්, උපන් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උපෙක්ඛාසම්බොඡ්ඣංගයාගේ ඉපැද්මටත්, උපන් උපෙක්ඛාසම්බොඡ්ඣංගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි. මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේ ද, ප්‍රත්‍යය නිසා පවතී ද, ප්‍රත්‍යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම මේ සප්ත බෝධ්‍යඞ්ගයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ. ප්‍රත්‍යය නිසා පවතිත්. ප්‍රත්‍යය නැති ව නො පවතිත් යි.