මනුස්සචුතිසුත්තං
12. 11. 1.
12. 11. 1.
මනුස්සචුතිසුත්තං
මනුස්සචුති සූත්‍රය
3948. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යො චායං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවී”ති. “එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී. අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො”ති. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා නිරයෙ පච්චාජායන්ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
3948. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ” යි? “වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ”. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්වයෝ ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, සිවු අරීසස් නුදුටු බැවිනි, කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය ... දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කට යුතු යි.