කුසලරාසිසුත්තං
3. 1. 5.
3. 1. 5.
කුසලරාසිසුත්තං
කුසලරාසි සූත්රය
1183. අකුසලරාසීති භික්ඛවෙ, වදමානො පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, අකුසලරාසි යදිදං පඤ්ච නීවරණා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දනීවරණං බ්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං. අකුසලරාසීති භික්ඛවෙ, වදමානො ඉමෙ පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, අකුසලරාසි, යදිදං පඤ්ච නීවරණා.
1183. මහණෙනි, අකුසලරැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මහණෙනි, මේ හුදු අකුසල්රැසෙකි. කවර පසෙක්ද යත්: කාමච්ඡන්දනීවරණ යැ ව්යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මහණෙනි, අකුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ පඤ්චනීවරණ කියන්නේ ය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙත් නම් මේ හුදු අකුසල්රැස යි.
කුසලරාසීති භික්ඛවෙ, වදමානො චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, කුසලරාසි. යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. කුසලරාසීති භික්ඛවෙ, වදමානො ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහ’යං භික්ඛවෙ, කුසලරාසි යදිදං චත්තාරො සතිපට්ඨානාති.
මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල් රැසෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි … සිත්හි… දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසේ. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සිවුසීවටන් කියන්නේ ය. මහණෙනි, යම් මේ සිවුසීවටන් වේ නම් මේ හුදු කුසල්රැස යි.