යෙදුමෙන් කියවන්න

සකුණග‍්ඝිසුත‍්තං

3. 1. 6.

3. 1. 6.

සකුණග‍්ඝිසුත‍්තං

සකුණග්ඝි සූත්‍රය

1184. භූතපුබ‍්බං භික‍්ඛවෙ, සකුණග‍්ඝි ලාපං සකුණං සහසා අජ‍්ඣප‍්පත‍්තා අග‍්ගහෙසි. අථ ඛො භික‍්ඛවෙ, ලාපො සකුණො සකුණග‍්ඝියා හරියමානො එවං හි පරිදෙවෙසි: “මයමෙවම‍්හා අලක‍්ඛිකා. මයං අප‍්පපුඤ‍්ඤා, යෙ මයං අගොචරෙ චරිම‍්හා පරවිසයෙ. සචජ‍්ජ මයං ගොචරෙ චරෙය්‍යාම සකෙ පෙත‍්තිකෙ විසයෙ, නචායං සකුණග‍්ඝි අලං අභවිස‍්ස යදිදං යුද‍්ධායා”ති. කො පන තෙ ලාප ගොචරො සකො පෙත‍්තිකො විසයොති. යදිදං නඞ‍්ගලකට‍්ඨකරණං ලෙඩ‍්ඩුට‍්ඨානන‍්ති. අථ ඛො භික‍්ඛවෙ, සකුණග‍්ඝි සකෙ බලෙ අපත්‍ථද‍්ධා සකෙ බලෙ අවචමානා අමුඤ‍්චි, ගච‍්ඡ ඛො ත්‍වං ලාප, තත්‍ථාපි මෙ ගන‍්ත්‍වා න මොක‍්ඛසීති.

1184. මහණෙනි, පෙර ගිජුලිහිණියක් සැහැසිකමින් පැමිණ කැට කුරුල්ලකු අල්ලා ගත්තා ය. මහණෙනි, එකල්හි කැට කුරුලු තෙමේ ගිජුලිහිණිය විසින් හැර ගෙන යනු ලබන්නේ මෙසේ හැඬී ය: යම්බඳු අපි අගෝචර වූ අනුන් අයත් විෂයෙහි හැසුරුණමෝ නම් (ඒ) අපි ම කාලකන්නි වම්හ. අපි ම පින් නැත්තම්හ. ඉදින් අපි ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසුරුණමෝ නම් මේ ගිජුලිහිණි මේ යුද්ධයට නො ද සමත් වන්නී ය යි. එම්බල කැටකුරුල්ල තාගේ ගොදුරු වූ සියපියසතු විෂය කිමෙක් දැ”යි. නඟුලෙන් සාන ලද කෙතෙහි කැට නැඟි තැනයි. මහණෙනි, එකල්හි ගිජුලිහිණි සිය බලයෙහි තද ව සිට සියබලය වනමින් එම්බල කැටකුරුල්ල, තෝ යා, එහි ද ගොස් මාගෙන් නො මිදෙන්නේ යැ යි මිදුවා ය.

අථ ඛො භික‍්ඛවෙ, ලාපො සකුණො නඞ‍්ගලකට‍්ඨකරණං ලෙඩ‍්ඩුට‍්ඨානං ගන‍්ත්‍වා මහන‍්තං ලෙඩ‍්ඩුං අභිරූහිත්‍වා සකුණග‍්ඝිං අවචමානො අට‍්ඨාසි, එහි ඛොදානි සකුණග‍්ඝි, එහි ඛොදානි සකුණග‍්ඝීති. අථ ඛො සා භික‍්ඛවෙ, සකුණග‍්ඝි සකෙ බලෙ අපත්‍ථද‍්ධා සකෙ බලෙ අවචමානා උභො පක‍්ඛෙ සන්‍ධාය ලාපං සකුණං සහසා අජ‍්ඣප‍්පත‍්තා. යදා ඛො භික‍්ඛවෙ, අඤ‍්ඤාසි ලාපො සකුණො බහුආගතා ඛො ම්‍යා’යං සකුණග‍්ඝීති, අථ තස‍්සෙව ලෙඩ‍්ඩුස‍්ස අන‍්තරං පච‍්චුපාදි. අථ ඛො භික‍්ඛවෙ, සකුණග‍්ඝි තත්‍ථෙව උරං පච‍්චතාළෙසි. එවං හෙ’තං භික‍්ඛවෙ, හොති යො අගොචරෙ චරති පරවිසයෙ.

මහණෙනි, ඉක්බිති කැටකුරුලු තෙමේ නඟුලෙන් සාන ලද කැට නැඟි තැනකට ගොස් මහත් කැටකට නැඟ “ගිජුලිහිණිය, දැන් එව, ගිජුලිහිණිය, දැන් එව” යි ගිජුලිහිණියට කියමින් සිටියේ ය. මහණෙනි, එකල්හි ඒ ගිජුලිහිණි සියබලයෙහි තද කොට සිටගෙන සියබලය වනමින් දෙපියාපත් නඟා කැටකුරුල්ලා වෙත සැහැසි කමින් පැමිණියා ය. මහණෙනි, යම් කලෙක කැටකුරුලු තෙමේ ගිජුලිහිණි මා පිණිස බොහෝ දුර ආවා යි දැන ගත්තේ නම් එකල්හි ඒ කැටෙහි ම ඇතුළට පිවිසියේ ය. මහණෙනි, එකල ගිජුලිහිණිය එහි ම ළය තළාගත්තා ය. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරේ නම් එය මෙසේ ම වේ.

තස‍්මාතිහ භික‍්ඛවෙ, මා අගොචරෙ චරිත්‍ථ පරවිසයෙ. අගොචරෙ භික‍්ඛවෙ, චරතං පරවිසයෙ ලච‍්ඡති මාරො ඔතාරං, ලච‍්ඡති මාරො ආරම‍්මණං. කො ච භික‍්ඛවෙ, භික‍්ඛුනො අගොචරො පරවිසයො: යදිදං පඤ‍්ච කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං භික‍්ඛවෙ, භික‍්ඛුනො අගොචරො පරවිසයො.

මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා අයත් විෂයයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා අයත් විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශ ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය කිමෙක්ද යත්: මේ පඤ්චකාමගුණයෝ යි. කවර පසෙක් ද යත්: ඉටුකැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ යැ… කනින් දතයුතු ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ … දිවෙන් දත යුතු රසයෝ යැ. ඉටු කැමති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා අයත් විෂය යි.

ගොචරෙ භික‍්ඛවෙ, චරථ සකෙ පෙත‍්තිකෙ විසයෙ. ගොචරෙ භික‍්ඛවෙ, චරතං සකෙ පෙත‍්තිකෙ විසයෙ න ලච‍්ඡති මාරො ඔතාරං, න ලච‍්ඡති මාරො ආරම‍්මණං. කො ච භික‍්ඛවෙ, භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයො, යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං අයං භික‍්ඛවෙ, භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයොති.

මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳව මරු අවකාශයක් නො ලබන්නේ ය. මරු අරමුණක් නොලබන්නේ ය. මහණෙනි, මහණහට ගෝචර වූ සිය පියසතු විෂය කිමෙක්ද යත්: මේ සිවු සීවටන්හු යි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි … සිත්හි ... දහම්හි දහම් අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ මහණහට ගෝචර වූ සිය පියසතු විෂය යි.