යෙදුමෙන් කියවන්න

3. භික‍්ඛුසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. භික‍්ඛුසුත‍්තවණ‍්ණනා

3. භික්ඛු සූත්‍ර වර්ණනාව

තතියෙ එවමෙව පනිධෙකච‍්චෙති සො කිර භික‍්ඛු කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා ඉතො චිතො ච ආහිණ‍්ඩති, කායවිවෙකං නානුයුඤ‍්ජති. තෙන නං භගවා නිග‍්ගණ‍්හන‍්තො එවමාහ. තස‍්මාති යස‍්මා සංඛිත‍්තෙන දෙසනං යාචසි, තස‍්මා. දිට‍්ඨීති කම‍්මස‍්සකතාදිට‍්ඨි.

තුන් වැන්නෙහි - එවමෙවපනිධෙකච්චෙ = ඒ භික්ෂුව වනාහී කමටහන් කියවා එහි මෙහි ඇවිදියි. කායික විවේකය නොපිළිපදී. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට නිග්‍රහ කරමින් මෙසේ වදාළහ. තස්මා = යම් හෙයකින් සැකෙවින් දේශනාවක් ඉල්වූයේ ද, එහෙයිනි. දිට්ඨි = කර්මය හිමිකොට ඇති දෘෂ්ටිය.

4. සාලාසුත‍්තවණ‍්ණනා

4. සාලා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ ධම‍්මවිනයොති ධම‍්මොති වා විනයොති වා උභයමෙතං සත්‍ථුසාසනස‍්සෙව නාමං. සමාදපෙතබ‍්බාති ගණ‍්හාපෙතබ‍්බා. එකොදිභූතාති ඛණිකසමාධිනා එකග‍්ගභූතා. සමාහිතා එකග‍්ගචිත‍්තාති උපචාරප‍්පනාවසෙන සම‍්මා ඨපිතචිත‍්තා ච එකග‍්ගචිත‍්තා ච. ඉමස‍්මිං සුත‍්තෙ නවකභික‍්ඛූහි චෙව ඛීණාසවෙහි ච භාවිතසතිපට‍්ඨානා පුබ‍්බභාගා, සත‍්තහි සෙඛෙහි භාවිතා මිස‍්සකා.

සිවු වැන්නෙහි - ධම්ම විනයො = ධර්මය විනය යන මේ දෙක ශාස්තෲ ශාසනයේම නම් වේ. සමාදපෙතබ්බා, (අන් අයකු ලවා) ලබවා ගත යුතුයි. එකොදීභූතා = ක්ෂණික ලෙස ලබාගන්නා සමාධියකින් සිත එකඟ කර ගත්තාවූ සමාහිතා එකග්ග චිත්තා = ධ්‍යානයට පෙර මූලික කාර්යයන් වශයෙන් මනාව තැන්පත් කළාවූ ද, එකඟ බවට පත් කර ගත්තාවූ ද සිත්. මේ සූත්‍රයෙහිදී නවක භික්ෂූන් විසින් ද රහතුන් වහන්සේලා විසින්ද භාවිත කරන ලද සතිපට්ඨාන මුල් කොටස් (සෝවාන්, සකෘදාගාමී, අනාගාමි යන මාර්ග සහ ඵලවලටද, අර්හත් මාර්ගයටද පැමිණි) ශෛක්ෂ්‍යයන් සත් දෙනා විසින් මිශ්‍රව භාවිත කරනු ලැබේ.

6. සකුණග‍්ඝිසුත‍්තවණ‍්ණනා

6. සකුණග්ඝි සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සකුණග‍්ඝීති සකුණං හනතීති සකුණග‍්ඝි, සෙනස‍්සෙතං අධිවචනං. සහසා අජ‍්ඣපත‍්තාති ලොභසාහසෙන පත‍්තා. අලක‍්ඛිකාති නිස‍්සිරිකා. අප‍්පපුඤ‍්ඤාති පරිත‍්තපුඤ‍්ඤා. සචෙජ‍්ජ මයන‍්ති සචෙ අජ‍්ජ මයං. නඞ‍්ගලකට‍්ඨකරණන‍්ති නඞ‍්ගලෙන කසිකරණං, අධුනා කට‍්ඨං ඛෙත‍්තට‍්ඨානන‍්ති අත්‍ථො. ලෙඩ‍්ඩුට‍්ඨානන‍්ති ලෙඩ‍්ඩූනං ඨානං. සංවදමානාති සම‍්මා වදමානා, අත‍්තනො බලස‍්ස සුට‍්ඨු වණ‍්ණං වදමානාති අත්‍ථො. මහන‍්තං ලෙඩ‍්ඩුං අභිරුහිත්‍වාති උද‍්ධනසණ‍්ඨානෙන ඨිතෙසු තීසු ලෙඩ‍්ඩූසු “ඉතො සෙනෙ ආගච‍්ඡන‍්තෙ ඉතො නික‍්ඛමිස‍්සාමි, ඉතො ආගච‍්ඡන‍්තෙ ඉතො”ති සල‍්ලක‍්ඛෙත්‍වා තෙසු එකං ලෙඩ‍්ඩුං අභිරුහිත්‍වා අට‍්ඨාසි අවදමානො. සන‍්නය‍්හාති ඛුරප‍්පං සන‍්නය‍්හමානො විය සන‍්නය‍්හිත්‍වා සුට‍්ඨු ඨපෙත්‍වා. බහුආගතො ඛො ම්‍යායන‍්ති “මය‍්හං අත්‍ථාය අයං බහුතං ඨානං ආගතො, අප‍්පං අවසිට‍්ඨං, ඉදානි මං ගණ‍්හිස‍්සතී”ති ඤත්‍වා දාරුගුළො විය විනිවත‍්තිත්‍වා තස‍්සෙව ලෙඩ‍්ඩුස‍්ස අන‍්තරෙ පච‍්චුපාදි, පටිපන‍්නො පවිට‍්ඨොති අත්‍ථො. උරං පච‍්චතාළෙසීති “එකප‍්පහාරෙනෙව ලාපස‍්ස සීසං ඡින්‍දිත්‍වා ගහෙස‍්සාමී”ති පක‍්ඛන්‍දත‍්තා වෙගං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො තස‍්මිං ලෙඩ‍්ඩුස‍්මිං උරං පතාළෙසි. තාවදෙවස‍්ස හදයමංසං ඵාලියිත්‍ථ. අථ ලාපො “දිට‍්ඨා වත සත‍්තුනො පිට‍්ඨී”ති හට‍්ඨතුට‍්ඨො තස‍්ස හදයෙ අපරාපරං චඞ‍්කමි.

සය වැන්නෙහි - සකුණග්ඝී = පක්ෂීන් නසයි යන අරුතින් සකුණාග්ඝී නම් වේ. මෙය උකුස්සාට තවත් වචනයකි. සහසා අජ්ඣප්පත්තා = ලෝභය නම් අපරාධයෙන් පැමිණි. අලක්ඛිකා = භාග්‍යය නැති අප්ප පුඤ්ඤා = පින් පිරිහුණ සචච්ඡමයං (සචෙ + අඡ්ඡ මයං) ඉදින් අද අපි නඞ්ගල කට්ඨරකණං = නගුලෙන් කෘෂි කටයුතු කිරීම. “කට්ඨං” යනු ඛෙත්තට්ඨාන හෙවත් කුඹුර කරන තැන යන අරුතයි. ලෙඩ්ඩුට්ඨානං = බිඳෙන තැන. අච්චමානා = කියන්නාහු තමාගේ ශක්තිය පිළිබඳව යහපත් වැනුම් කියන්නාහු යන අරුතයි. මහන්තං. ලෙඩ්ඩුං අභිරුහිත්‍වා = මේ දෙසින් උකුස්සා එන විට මේ දෙසින් නික්මෙමි, මෙදෙසින් පැමිණෙන කල්හි මෙ දෙසින් නික්මෙමි යනුවෙන් සලකා, උදුනක සලකුණින් පිහිටි ගල් තුනෙහි එක් ගලක් මතට නැග සිටියේය. සන්‍ධාය = ඊතලයක් ගලපනු මෙන් ගලපා. මනාව තබා බහු අගතො ඛො ම්‍යායං = මා සඳහා මේ දුරස්තර වූ ස්ථානයට පැමිණියේය, සුලු දුරක් ඉතිරිව ඇත, දැන් මා අල්වා ගන්නේයයි දැන දැවමුවා පක්ෂියකුමෙන් ඒ ගල් අතරෙහිම පෙරලී. පච්චුපාදි = පිළිපන්නේ පිවිසියේ යන අර්ථයයි. උරං පච්චතාළෙසී = එක පහරින්ම කැට කුරුල්ලාගේ හිස සිඳ ඌ අල්වා ගනිමියි වේගයෙන් ආ බැවින් වේගය දරා ගැනීමට නො හැක්කේ ඒ ගලෙහිම ළය වැදුණේය. එකෙණෙහිම ඔහුගේ හෘදය මාංසය පැලී ගියේය. ඉක්බිති කැට කුරුල්ලා නියම ලෙසම සතුරා පිටු දැක්කෙමියි තුටු පහටු වූයේ එම සතුට ඔහුගේ හදවතෙහි ද ඔබ මොබ විහිද ගියේය.

7. මක‍්කටසුත‍්තවණ‍්ණනා

7. මක්කට සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ දුග‍්ගාති දුග‍්ගමා. චාරීති සඤ‍්චාරො. ලෙපං ඔඩ‍්ඩෙන‍්තීති වටරුක‍්ඛඛීරාදීහි යොජෙත්‍වා ලෙපං කරොන‍්ති, තං මක‍්කටානං ධුවගමනට‍්ඨානන‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා රුක‍්ඛසාඛාදීසු ඨපෙන‍්ති. පඤ‍්චොඩ‍්ඩිතොති පඤ‍්චසු ඨානෙසු කාජදණ‍්ඩකං පවෙසෙත්‍වා ගහෙතබ‍්බා කාජසික‍්කා විය ඔඩ‍්ඩිතො. ථුනං සෙතීති ථුනන‍්තො සයති.

සත්වැන්නෙහි - දුග්ගා = යාමට අපහසු වූ චාරී = සංචාරය ලෙපං ඔඩ්ඩෙන්ති = නුගරුක්වල කිරි ආදිය යොදා ආලේප කරත්. එය වඳුරන්ගේ ඉරණම් ගමන යන තැන යයි සලකා වෘක්ෂ ශාඛා ආදියෙහි තබත් පඤ්චොඩ්ඩිතො = පස් පොලකින් කත් ලීය ඇතුල් කොට ගතයුතු කල් පසුම්බි මෙන් බැඳ එල්වන ලද්දේ. ථුනං සෙති = කෙඳිරි ගාමින් නිදයි.

8. සූදසුත‍්තවණ‍්ණනා

8. සූද සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සූදොති භත‍්තකාරකො. නානච‍්චයෙහීති නානාචයෙහි, නානාවිධෙහීති අත්‍ථො. අයමෙව වා පාඨො. අම‍්බිලග‍්ගෙහීති අම‍්බිලකොට‍්ඨාසෙහි. එසෙව නයො සබ‍්බත්‍ථ. අභිහරතීති ගහණත්‍ථාය හත්‍ථං පසාරෙති. බහුං ගණ‍්හාතීති එකග‍්ගහණෙන බහුං ගණ‍්හන‍්තොපි පුනප‍්පුනං ගණ‍්හන‍්තොපි බහුං ගණ‍්හතෙව. අභිහාරානන‍්ති සතං වා සහස‍්සං වා උක‍්ඛිපිත්‍වා අභිහටානං දායානං. උපක‍්කිලෙසාති පඤ‍්ච නීවරණා. නිමිත‍්තං න උග‍්ගණ‍්හාතීති “ඉමං මෙ කම‍්මට‍්ඨානං අනුලොමං වා ගොත්‍රභුං වා ආහච‍්ච ඨිත”න‍්ති න ජානාති, අත‍්තනො චිත‍්තස‍්ස නිමිත‍්තං ගණ‍්හිතුං න සක‍්කොති. ඉමස‍්මිං සුත‍්තෙ පුබ‍්බභාගවිපස‍්සනා සතිපට‍්ඨානාව කථිතා.

අටවැන්නෙහි - සුදො = බත් සකස් කරන්නා (අරක් කැමියා) නානච්චයෙහි = නොයෙක් දෝෂයන්ගෙන්, නොයෙක් ආකාරයන්ගෙන් යන අර්ථයයි. නානච්චයෙහි යනු ද (නානාචයෙහි යන) මෙම පාඨයම වේ. අම්බිලග්ගෙහි = ඇඹුල් සහිත කොටසින් සියලුතන්හි මේ පිළිවෙළම වේ. අභිහරති = ගැනීම සඳහා අත විහිදුවයි. බහුං ගණ්හාති = එකවරම අල්වා ගැනීමෙන් වැඩි කොටසක් ගන්නා තැනැත්තා ද, නැවත නැවත ගන්නා වූ තැනැත්තා ද විශාල වූ ප්‍රමාණයක් ගන්නේම වෙයි. අභිහාරානං = සියයක් හෝ දහසක් ඉවත් කොට ගෙන එන ලද අස්වැන්න පිළිබඳ උපක්කිලෙසා = (කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන) නීවරණ පස නිමිත්තං න උග්ගණ්හාති = මාගේ මෙම කමටහන අනුපිළිවෙළ සමග හෝ (මාර්ග චිත්තයට ආසන්නවම පෙරටුව පැවති සිත වන) ගෝත්‍රභූ චිත්තය සමග හෝ ගැටී සිටියේ යයි නොදනියි. තමාගේ සිතට නිමිත්තක් ගැනීමට නොහැකි වෙයි. මේ සූත්‍රයෙහිදී විදර්ශනාවෙහි පූර්වභාගය පිළිබඳ සතිපට්ඨානයම කියන ලදී.

9. ගිලානසුත‍්තවණ‍්ණනා

9. ගිලාන සූත්‍ර වර්ණනාව

නවමෙ බෙළුවගාමකෙති වෙසාලියා සමීපෙ එවංනාමකො පාදගාමො අත්‍ථි, තස‍්මිං. යථාමිත‍්තන‍්තිආදීසු මිත‍්තාති මිත‍්තාව. සන්‍දිට‍්ඨාති තත්‍ථ තත්‍ථ සඞ‍්ගම‍්ම දිට‍්ඨමත‍්තා නාතිදළ‍්හමිත‍්තා. සම‍්භත‍්තාති සුට‍්ඨු භත‍්තා සිනෙහවන‍්තො දළ‍්හමිත‍්තා. යෙසං යත්‍ථ යත්‍ථ එවරූපා භික‍්ඛූ අත්‍ථි, තෙ තත්‍ථ තත්‍ථ වස‍්සං උපෙථාති අත්‍ථො. කස‍්මා එවමාහ? තෙසං ඵාසුවිහාරත්‍ථාය. තෙසං කිර බෙළුවගාමකෙ සෙනාසනං නප‍්පහොති, භික‍්ඛාපි මන්‍දා. සමන‍්තා වෙසාලියා පන බහූනි සෙනාසනානි, භික‍්ඛාපි සුලභා. තස‍්මා එවමාහ.

නවවැන්නෙහි - බෙලුව ගාමකෙ = වේසාලිය අසල මෙම නම ඇති එක්තරා දොරටු ගමක් ඇත. එහි යථාමිත්තං යන ආදියෙහි මිත්තා = මිත්‍රයන්ම සන්‍දිට්ඨා = ඒ ඒ තන්හි එකතු වී දැකීමෙන් පමණක් මිතුරු බව පවත්වා ගන්නා දෘෂ්ට මිත්‍රයෝ. ඉතා බලවත් නොවන මිත්‍රයෝ. සම්භත්තා = මනා ආහාර දෙන ස්නේහවන්ත වූ බලවත් මිත්‍රයෝ යම් අයට යම් තැනෙක්හි මෙබඳු භික්ෂූහු වෙත් ද එබඳු වූ යුෂ්මත්හු ඒ ඒ තන්හි වස් එළඹෙන්නාහු යන අරුතයි. එහෙයින් මෙසේ කීහ. ඒ තෙරවරුන්ගේ පහසු විහරණය පිණිස ඒ අයහට බේලුව ගමෙහි සෙනසුන ප්‍රමාණවත් නො වේ. ආහාරද හිගය. මුළු වේසාලියෙහිම බොහෝ සෙනසුන් ඇත. ආහාරද සුලභය. එබැවින් මෙසේ කීය.

අථ කස‍්මා “යථාසුඛං ගච‍්ඡථා”ති න විස‍්සජ‍්ජෙසි? තෙසං අනුකම‍්පාය. එවං කිරස‍්ස අහොසි – “අහං දසමාසමත‍්තං ඨත්‍වා පරිනිබ‍්බායිස‍්සාමි. සචෙ ඉමෙ දූරං ගච‍්ඡිස‍්සන‍්ති, මං පරිනිබ‍්බානකාලෙ දට‍්ඨුං න සක‍්ඛිස‍්සන‍්ති. අථ නෙසං ‘සත්‍ථා පරිනිබ‍්බායන‍්තො අම‍්හාකං සතිමත‍්තම‍්පි න අදාසි. සචෙ ජානෙය්‍යාම, න එවං දූරෙ වසෙය්‍යාමා’ති විප‍්පටිසාරො භවෙය්‍ය. වෙසාලියා සමන‍්තා පන වස‍්සං වසන‍්තා මාසස‍්ස අට‍්ඨ වාරෙ ආගන‍්ත්‍වා ධම‍්මං සුණිස‍්සන‍්ති, සුගතොවාදං ලභිස‍්සන‍්තී”ති න විස‍්සජ‍්ජෙසි.

එසේ නම් කුමක් හෙයින් සුවසේ යවයි කියා නොයැවීද යත් - ඔවුන් හට අනුකම්පා වෙති. උන් වහන්සේට මෙසේ සිත් විය. “දසමසක කාලයක් සිට පිරිනිවන් පාන්නෙමි. ඉදින් මේ පිරිස දුරට යන්නාහු නම් පිරිනිවෙන කල්හි මා දැකීමට නොහැකි වෙති,” යනුවෙනි. ඉක්බිති ඒ පිරිසට මෙසේ සිතීමට ඉඩ ඇති විය හැක. කෙසේද යත් - ශාස්තෲන් වහන්සේ පිරිනිවෙන සේක්. යයි අපහට සිතුවිලි මාත්‍ර සලකුණක් හෝ නො දුන්හ. ඉදින් දන්නෙමු නම් මෙසේ දුරෙක නොවසන්නෙමුයි විපිළිසර වන්නෝය. වේසාලිය අවට වෙෙසන්නාහු වනාහී මාසයකට අටවරක් පැමිණ දහම් අසන්නාහ. බුදුන් වහන්සේගේ අවවාද ලබා ගන්නාහයි පිටත් නො කළහ.

ඛරොති ඵරුසො. ආබාධොති විසභාගරොගො. බාළ‍්හාති බලවතියො. මාරණන‍්තිකාති මරණන‍්තං මරණසන‍්තිකං පාපනසමත්‍ථා. සතො සම‍්පජානො අධිවාසෙසීති සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා අධිවාසෙසි. අවිහඤ‍්ඤමානොති වෙදනානුවත‍්තනවසෙන අපරාපරං පරිවත‍්තනං අකරොන‍්තො අපීළියමානො අදුක‍්ඛියමානො ච අධිවාසෙසි. අනාමන‍්තෙත්‍වාති අජානාපෙත්‍වා. අනපලොකෙත්‍වාති අජානාපෙත්‍වාව ඔවාදානුසාසනිං අදත්‍වාති වුත‍්තං හොති. වීරියෙනාති පුබ‍්බභාගවීරියෙන චෙව ඵලසමාපත‍්තිවීරියෙන ච. පටිපණාමෙත්‍වාති වික‍්ඛම‍්භෙත්‍වා. ජීවිතසඞ‍්ඛාරන‍්ති එත්‍ථ ජීවිතම‍්පි ජීවිතසඞ‍්ඛාරො. යෙන ජීවිතං සඞ‍්ඛරීයති ඡිජ‍්ජමානං ඝටෙත්‍වා ඨපීයති, සො ඵලසමාපත‍්තිධම‍්මොපි ජීවිතසඞ‍්ඛාරො. සො ඉධ අධිප‍්පෙතො. අධිට‍්ඨායාති අධිට‍්ඨහිත්‍වා පවත‍්තෙත්‍වා ජීවිතඨපනසමත්‍ථං ඵලසමාපත‍්තිං සමාපජ‍්ජෙය්‍යන‍්ති අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො.

ඛරො = කර්කශ ආබාධො = අසමාන වූ රෝගයක් බාළ්හා = බලවත් මාරණාන්තිකා = මරණය කෙළවර කොට ඇති මරණයේ සමීපයට පැමිණවීමෙහි සමත් සතො සම්පජඤ්ඤය අධිවාසෙති = සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ ඉවසුවේය. අවිහඤ්ඤමානො = වේදනාවට අනුව පැවතීම වශයෙන් මතු මත්තෙහි පවතින පෙරලියක් නොකරමින් පීඩනයට පත් නො වෙමින් ද, දුකට පත් නොවෙමින් ද ඉවසුවේය. අනාමනෙතත්‍වා = නො දන්වා අනපලොකෙත්‍වා = අණ නොකොට, අවවාද අනුශාසනා නොදී යයි කියන ලද්දේ වෙයි. විරියෙන = (සෝවාන් ආදී) මාර්ගයකට පැමිණිමට පෙර කරන වීර්යයෙන් ද, ඵල සමාපත්ති සදහා කරන වීර්යයෙන් ද = පටිපණමෙත්‍වා = මැඩ පවත්වා ජීවිත සංඛාරං = මෙහිදී ජීවිතයට ජීවිත සංඛාරයයි. යමකින් ජීවිතය සංස්කරණය කරනු ලැබේ ද, සිඳෙන බිඳෙන දෙය ගලපා තබනු ලැබේ ද එය ඵල සමාපත්ති ධර්මය ද ජීවිත සංස්කාරය ද වේ. එය මෙහිදී අදහස් කෙරේ. අධිට්ඨාය = අධිෂ්ඨාන කොට, පවත්නා කල්හි ජීවිතය පවත්වා ගැනීමෙහි සමත් වූ ඵලසමාපත්තියට සමවැදුනේය යන මෙය මෙහි කෙටි අදහසයි.

කිං පන භගවා ඉතො පුබ‍්බෙ ඵලසමාපත‍්තිං න සමාපජ‍්ජතීති? සමාපජ‍්ජති. සා පන ඛණිකසමාපත‍්ති. ඛණිකසමාපත‍්ති ච අන‍්තොසමාපත‍්තියංයෙව වෙදනං වික‍්ඛම‍්භෙති, සමාපත‍්තිතො වුට‍්ඨිතමත‍්තස‍්ස කට‍්ඨපාතෙන වා කඨලපාතෙන වා ඡින‍්නසෙවාලො විය උදකං, පුන සරීරං වෙදනා අජ‍්ඣොත්‍ථරති. යා පන රූපසත‍්තකං අරූපසත‍්තකඤ‍්ච නිග‍්ගුම‍්බං නිජ‍්ජටං කත්‍වා මහාවිපස‍්සනාවසෙන සමාපන‍්නා සමාපත‍්ති, සා සුට‍්ඨු වික‍්ඛම‍්භෙති. යථා නාම පුරිසෙන පොක‍්ඛරණිං ඔගාහෙත්‍වා හත්‍ථෙහි ච පාදෙහි ච සුට‍්ඨු අපබ්‍යුළ‍්හසෙවාලො චිරෙන උදකං ඔත්‍ථරති, එවමෙව තතො වුට‍්ඨිතස‍්ස චිරෙන වෙදනා උප‍්පජ‍්ජති. ඉති භගවා තංදිවසං මහාබොධිපල‍්ලඞ‍්කෙ අභිනවං විපස‍්සනං පට‍්ඨපෙන‍්තො විය රූපසත‍්තකං අරූපසත‍්තකඤ‍්ච නිග‍්ගුම‍්බං නිජ‍්ජටං කත්‍වා චුද‍්දසහාකාරෙහි සන‍්නෙත්‍වා මහාවිපස‍්සනාය වෙදනං වික‍්ඛම‍්භෙත්‍වා “දසමාසෙ මා උප‍්පජ‍්ජිත්‍ථා”ති සමාපත‍්තිං සමාපජ‍්ජි, සමාපත‍්තිවික‍්ඛම‍්භිතා වෙදනා දස මාසෙ න උප‍්පජ‍්ජියෙව.

කිම? භාග්‍යවතුන් වහන්සේ මින් පෙර ඵල සමාපත්තියට සම වැදුණාහු නොවෙත් ද? සමවැදුණහ. ඒ වනාහී ක්ෂණික සමාපත්තියකි. ක්ෂණික සමාපත්තිය ද සමාපත්තිය තුළදීම වේදනාව යටපත් කරයි. සමාපත්තියෙන් නැඟී සිටි විටම පොල්ලකින් ගැසීමෙන් හෝ කැට කැබිලිත්තකින් ගැසීමෙන් හෝ කැඩී විසුරුණු දිය සෙවෙල් ඇති ජලය මෙන් නැවත සිරුර පුරා වේදනාව පැතිරේ. රූප සප්තකය ද, අරූප සප්තකය ද නිරවුල් කොට පැහැදිලි කොට මහා විදර්ශනා වශයෙන් සමවැදුණ යම්බඳුවූ සමාපත්තියක් වේද, එය රූප සප්තකය ද, අරූප සප්තකයද නිරවූල් කොට, පැහැදිලි කොට මනාව යටපත් කරයි. කෙසේද යත් - යම්සේ පුරුෂයකු පොකුණකට බැස අත්වලින් ද පාවලින් ද මනාව ඉවත් කරන ලද දිය සෙවෙල් ඇත්තේ කලකදී දියට බසී ද, මේ අයුරින්ම එයින් නැගී සිටි තැනැත්තාට කලකදී වේදනාව උපදී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එදින මහබෝමැඩෙහි ලබාගත් විදර්ශනාව පිහිටුවමින් මෙන් රූප සප්තකය ද අරූප සප්තකය ද නිරවුල් හා පැහැදිලි කොට තුදුස් අයුරකින් පවත්වා මහා විදර්ශනාවෙන් වේදනාව යටපත් කොට එය දසමසක් තුළ නො උපදීවායි (ඉටා) සමාපත්තියට සමවැදුණහ. සමවතින් යටපත් කළ වේදනාව දසමස තුළ ඇති නොවූයේය.

ගිලානා වුට‍්ඨිතොති ගිලානො හුත්‍වා පුන වුට‍්ඨිතො. මධුරකජාතො වියාති සඤ‍්ජාතගරුභාවො සඤ‍්ජාතථද‍්ධභාවො සූලෙ උත‍්තාසිතපුරිසො විය. න පක‍්ඛායන‍්තීති න පකාසන‍්ති, නානාකාරතො න උපට‍්ඨහන‍්ති. ධම‍්මාපි මං නප‍්පටිභන‍්තීති සතිපට‍්ඨානධම‍්මා මය‍්හං පාකටා න හොන‍්තීති දීපෙති. තන‍්තිධම‍්මා පන ථෙරස‍්ස සුප‍්පගුණා. න උදාහරතීති පච‍්ඡිමඔවාදං න දෙති, තං සන්‍ධාය වදති.

ගිලානා වුට්ඨිතො = ගිලන් වී නැවත (ඉන්) නැගී සිටියහ. මධුරක ජාතො විය = හටගත් බර බවක් ඇත්තේ, හටගත් තද බවක් ඇත්තේ, උලක තබන ලද්දාක් වැනි න පක්‍ඛායන්ති = නොයෙක් කරුණු නිසා ප්‍රකාශ නොකරත්. නොවැටහෙත් ධම්මාපි මං නප්පටිභන්ති = සතිපට්ඨාන ධර්මයන් මා හට ප්‍රකට නොවේයැයි දැක්වේ. තෙරුන් හට බුද්ධ ධර්මය මනාව ප්‍රගුණ වී ඇත. නඋදාහරති - අවසන් අවවාදය නො දෙන්නේ ය යන්න සඳහා කියයි.

අනන‍්තරං අබාහිරන‍්ති ධම‍්මවසෙන වා පුග‍්ගලවසෙන වා උභයං අකත්‍වා. “එත‍්තකං ධම‍්මං පරස‍්ස න දෙසෙස‍්සාමී”ති හි චින‍්තෙන‍්තො ධම‍්මං අබ‍්භන‍්තරං කරොති නාම, “එත‍්තකං පරස‍්ස දෙසෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො බාහිරං කරොති නාම. “ඉමස‍්ස පුග‍්ගලස‍්ස දෙසෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො පන පුග‍්ගලං අබ‍්භන‍්තරං කරොති නාම, “ඉමස‍්ස න දෙසෙස‍්සාමී”ති චින‍්තෙන‍්තො පුග‍්ගලං බාහිරං කරොති නාම. එවං අකත්‍වා දෙසිතොති අත්‍ථො. ආචරියමුට‍්ඨීති යථා බාහිරකානං ආචරියමුට‍්ඨි නාම හොති, දහරකාලෙ කස‍්සචි අකථෙත්‍වා පච‍්ඡිමකාලෙ මරණමඤ‍්චෙ නිපන‍්නා පියමනාපස‍්ස අන‍්තෙවාසිකස‍්ස කථෙන‍්ති, එවං තථාගතස‍්ස “ඉදං මහල‍්ලකකාලෙ පච‍්ඡිමඨානෙ කථෙස‍්සාමී”ති මුට‍්ඨිං කත්‍වා පරිහරිත්‍වා ඨපිතං කිඤ‍්චි නත්‍ථීති දස‍්සෙති.

අනන්තරං අබාහිරං = ධර්මය වශයෙන් හෝ පුද්ගල වශයෙන් හෝ යන දෙකම (සැලකිල්ලට භාජනය) නොකොට මෙ පමණ ධර්මයක් අනුන්හට දේශනා නොකරන්නෙමියි සිතන්නේ ධර්මය අභ්‍යන්තර වූවක් කරන්නේ නම් වෙයි. මෙපමණ (ධර්මය) ක් අන් අයට දෙසන්නෙමි යි සිතන තැනැත්තා ධර්මය බාහිරවූවක් කරන්නේ නම් වෙයි. බාහිර පුද්ගලයකුට දේශනා කරමියි. සිතන තැනැත්තා (දහම් අසන) පුද්ගලයා අභ්‍යන්තරගත වුවකු කරන්නේ නම් වෙයි. මේ තැනැත්තාට දේශනා නො කරමියි සිතන තැනැත්තා ඒ පුද්ගලයා (ධර්මයෙන්) බාහිර අයකු (බවට පත්) කරයි. මෙසේ නොකොට දේශනා කරන ලද්දේය යන අර්ථය වේ. ආචරියමුට්ඨි = යම් සේ බාහිර අය තුළ ගුරුමුෂ්ටිය නම් යමක් වේද, තරුණ කාලයෙහි කවරකුට හෝ නො කියන පසු කාලයෙහි මරණ මංචකයෙහි හොත්තාවූ අය ප්‍රියමනාප අතවැසියාට එය කියත්. මෙසේ තථාගතයන් වහන්සේට මහලු කල අවසානයෙහි කියන්නෙමියි මුෂ්ටී කර පරිහරණය කොට තබන ලද කිසිවක් නැතැයි දැක්වේ.

අහං භික‍්ඛුසඞ‍්ඝන‍්ති අහමෙව භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමීති වා, මමුද‍්දෙසිකොති අහං උද‍්දිසිතබ‍්බට‍්ඨෙන උද‍්දෙසො අස‍්සාති මමුද‍්දෙසිකො, මමෙව උද‍්දිස‍්සිත්‍වා මං පච‍්චාසීසමානො භික‍්ඛුසඞ‍්ඝො හොතු මම අච‍්චයෙන මා වා අහොසි, යං වා තං වා හොතූති ඉති වා පන යස‍්ස අස‍්සාති අත්‍ථො. න එවං හොතීති බොධිපල‍්ලඞ‍්කෙයෙව ඉස‍්සාමච‍්ඡෙරානං විගතත‍්තා එවං න හොති. ස කින‍්ති සො කිං. ආසීතිකොති අසීතිසංවච‍්ඡරිකො, ඉදං පච‍්ඡිමවයං අනුප‍්පත‍්තභාවදීපනත්‍ථං වුත‍්තං. වෙඨමිස‍්සකෙනාති බාහබන්‍ධචක‍්කබන්‍ධාදිනා පටිසඞ‍්ඛරණෙන වෙඨමිස‍්සකෙන. මඤ‍්ඤෙති ජරසකටං විය වෙඨමිස‍්සකෙන මඤ‍්ඤෙ යාපෙති, අරහත‍්තඵලවෙඨනෙන චතුඉරියාපථකප‍්පනං තථාගතස‍්ස හොතීති දස‍්සෙති.

අහං භික්‍ඛු සංඝං = මම ම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි යනුවෙන් හෝ මමුද්දෙසි කො = මම ම අරමුණට ගත යුත්තා වෙමි යන අර්ථයෙන් (මම) උද්දෙසො අස්සා යන පද වලින් “මමුද්දෙසිකො” යි සැදේ. මා උදෙසාම, මා පිළිබඳව ම භික්ෂු සංඝයා බලාපොරොත්තු තබත්වා, මාගේ ඇවෑමෙන් පසු යමක් සිදු නොවේ නම් නොවේවා, සිදුවේනම් සිදු වේවා යන අර්ථයයි. න එවං හොති = බෝධි පර්යංකයෙහි දීම ඊර්ෂ්‍යාව මසුරු බව ආදිය පහ වූ බැවින් මෙසේ නොවේ. සකිං = ඒ කුමක්ද කවරෙක්ද? ආසීතිකො = අසුවස් ඇත්තේ පශ්චිම වයස පැමිණි බව දැක්වීම සඳහා කියන ලදී. වෙළු මිස්ස කෙන = බාහුබන්‍ධන චක්‍රබන්‍ධන ආදියෙන් (හෙවත් ගැලක බාහු චක්‍ර ආදිය උණපතුරු තබා බැඳීමෙන්) ප්‍රතිසංස්කරණය කිරිමෙන් (යන කරුණ පිණිස) වෙත්‍ථ මිස්සකෙන යි යෙදේ. මඤ්ඤෙයාපෙති = උණ පතුරු තබා වෙලු දිරාගිය ගැලක් යයි සිතිය යුතුය. අර්හත් ඵලය නමැති වෙළුමෙන් ඉරියවු සතර පවත්වා ගැනීමට හැකියාව තථාගතයන් වහන්සේට තිබේයයි දැක්වේ.

ඉදානි තමත්‍ථං පකාසෙන‍්තො යස‍්මිං ආනන්‍ද සමයෙතිආදිමාහ. තත්‍ථ සබ‍්බනිමිත‍්තානන‍්ති රූපනිමිත‍්තාදීනං. එකච‍්චානං වෙදනානන‍්ති ලොකියානං වෙදනානං. තස‍්මාතිහානන්‍දාති යස‍්මා ඉමිනා ඵලසමාපත‍්තිවිහාරෙන ඵාසු හොති, තස‍්මා තුම‍්හෙපි තදත්‍ථාය එවං විහරථාති දස‍්සෙති. අත‍්තදීපාති මහාසමුද‍්දගතා දීපං විය අත‍්තානං දීපං පතිට‍්ඨං කත්‍වා විහරථ. අත‍්තසරණාති අත‍්තගතිකාව හොථ, මා අඤ‍්ඤගතිකා. ධම‍්මදීපධම‍්මසරණපදෙසුපි එසෙව නයො. එත්‍ථ ච ධම‍්මොති නවවිධො ලොකුත‍්තරධම‍්මො වෙදිතබ‍්බො. තමතග‍්ගෙති තමඅග‍්ගෙ, මජ‍්ඣෙ ත-කාරො පදසන්‍ධිවසෙන වුත‍්තො. ඉදං වුත‍්තං හොති – ඉමෙ අග‍්ගතමාති තමතග‍්ගාති. එවං සබ‍්බං තමසොතං ඡින්‍දිත්‍වා අතිවිය අග‍්ගෙ උත‍්තමභාවෙ එතෙ, ආනන්‍ද, මම භික‍්ඛූ භවිස‍්සන‍්ති, තෙසං අග‍්ගෙ භවිස‍්සන‍්ති. යෙ කෙචි සික‍්ඛාකාමා, සබ‍්බෙසං තෙසං චතුසතිපට‍්ඨානගොචරාව භික‍්ඛූ අග‍්ගෙ භවිස‍්සන‍්තීති අරහත‍්තනිකූටෙන දෙසනං ගණ‍්හීති.

දැන් (මීළඟට) ඒ බව ප්‍රකාශ කරමින් යස්මිං ආනන්‍ද සමයෙ යන ආදිය කීහ. එහි සබ්බනිමිත්තානං = රූප නිමිති ආදීන්ගේ එකච්චානං වෙදනානං = ලෞකික වින්දනයන්ගේ තස්මා තිහානන්‍දා = යම් හෙයකින් මෙම ඵල සමාපත්ති විහරණයෙන් පහසුවක් වේ නම්. ඒ හේතුවෙන් ඔබ ද ඒ සඳහා මෙසේ වාසය කරන්න යයි දැක්වේ. අත්තදීපා = මහ සමුදුරට ගියවුන්හට දිවයිනක් මෙන් ද තමා හට ප්‍රදීපයක් මෙන් ද පිහිට කොට වාසය කරන්න. අත්තසරණා = තමාම පිහිට කොට ගන්න අනුන් පිහිට කොට නොගන්න “ධමම දීප, ධමම සරණ” යන පදයන්හි ද මේ පිළිවෙළ ම වේ. මෙහි ද “ධම්මො” යනු නවලොවුතුරු දහම යයි දත යුතුය. තමතග්ගෙමෙතෙ = (තම තග්ගෙයනු) තම අග්ගෙ (යන පද දෙකයි) මැද “ත” කාරය පද දෙකේ සන්ධිය වශයෙන් කියවේ. මොව්හු ශ්‍රේෂ්ඨතමයෝය යනුවෙන් මෙය කියන ලද්දේ වෙයි. ආනන්දයෙනි, මෙසේ සියලු අන්ධකාර ප්‍රවාහයන් සිඳ ඉතා උතුම් ශ්‍රේෂ්ඨ තැනෙක මාගේ භික්ෂූහු සිටින්නාහ. යෙ කෙචි සික්ඛා කාමා = සතර සතිපට්ඨානයෙහි යෙදෙන ඒ සියළුම භික්ෂූහු උතුම් තත්ත්වයෙක වෙසෙත් යයි අර්හත්වය මුදුන්පත් කිරීමෙන් දේශනාව කළහ.

10. භික‍්ඛුනුපස‍්සයසුත‍්තවණ‍්ණනා

10. භික්ඛුනුපස්සය සූත්‍ර වර්ණනාව

දසමෙ තෙනුපසඞ‍්කමීති තස‍්මිං උපස‍්සයෙ කම‍්මට‍්ඨානකම‍්මිකා භික‍්ඛුනියො අත්‍ථි, තාසං උස‍්සුක‍්කාපෙත්‍වා කම‍්මට‍්ඨානං කථෙස‍්සාමීති උපසඞ‍්කමි. උළාරං පුබ‍්බෙනාපරං විසෙසන‍්ති පුබ‍්බවිසෙසතො අපරං උළාරවිසෙසං. තත්‍ථ මහාභූතපරිග‍්ගහො පුබ‍්බවිසෙසො, උපාදාරූපපරිග‍්ගහො අපරවිසෙසො නාම. තථා සකලරූපපරිග‍්ගහො පුබ‍්බවිසෙසො, අරූපපරිග‍්ගහො අපරවිසෙසො නාම. රූපාරූපපරිග‍්ගහො පුබ‍්බවිසෙසො, පච‍්චයපරිග‍්ගහො අපරවිසෙසො නාම සප‍්පච‍්චයනාමරූපදස‍්සනං පුබ‍්බවිසෙසො, තිලක‍්ඛණාරොපනං අපරවිසෙසො නාම. එවං පුබ‍්බෙනාපරං උළාරවිසෙසං ජානාතීති අත්‍ථො.

දසවැන්නෙහි - තෙනුපසඞ්කමී = එම ආශ්‍රමයෙහි කමටහන්හි යෙදෙන භික්ෂූණීහු සිටිති. ඒ භික්ෂූණීන් උනන්දු කරවා කමටහන් කියන්නෙමි යි කියා එහි පැමිණියහ. උළාරං පුබ්බෙනාපරං විසෙසං = පූර්වයෙහි වූ විශේෂත්වයේ (හෙවත් ඥානයේ) සිට පසුව එනා උසස් විශේෂත්වය (ඥානය) වෙත. එහිදී මහා භූතයන් ග්‍රහණය කර (හෙවත් තමාගේ පාලනයට) ගැනීම පූර්ව විශේෂයයි. උපාදා රූපයන් ග්‍රහණය කර ගැනීම අතර විශේෂය නම් වේ. එසේම සියලු රූපයන් ග්‍රහණය කර ගැනීම පූර්ව විශේෂයයි. රූප රහිත දෙය (අරූප) ග්‍රහණය කර ගැනීම අපර විශේෂයයි. රූප හා අරූප ග්‍රහණය කර ගැනීම පූර්ව විශේෂයයි. ප්‍රත්‍යයන් ග්‍රහණය කර ගැනීම අතර විශේෂයයි. තිලකුණු වෙත යොමු වීම අතර විශේෂය නම් වේ. මෙසේ පූර්ව විශේෂයෙන් අපර විශේෂය වෙන් කොට දැන ගනියි යන අර්ථය වේ.

කායාරම‍්මණොති යං කායං අනුපස‍්සති, තමෙව ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති කිලෙසපරිළාහො. බහිද‍්ධා වා චිත‍්තං වික‍්ඛිපතීති බහිද‍්ධා වා පුථුත‍්තාරම‍්මණෙ චිත‍්තුප‍්පාදො වික‍්ඛිපති. කිස‍්මිඤ‍්චිදෙව පසාදනීයෙ නිමිත‍්තෙ චිත‍්තං පණිදහිතබ‍්බන‍්ති එවං කිලෙසපරිළාහෙ ච ලීනත‍්තෙ ච බහිද‍්ධාවික‍්ඛෙපෙ ච උප‍්පන‍්නෙ කිලෙසානුරඤ‍්ජිතෙන න වත‍්තිතබ‍්බං, කිස‍්මිඤ‍්චිදෙව පසාදනීයෙ පසාදාවහෙ බුද‍්ධාදීසු අඤ‍්ඤතරස‍්මිං ඨානෙ කම‍්මට‍්ඨානචිත‍්තං ඨපෙතබ‍්බං. චිත‍්තං සමාධියතීති ආරම‍්මණෙ සම‍්මා ආධියති සුට‍්ඨු ඨපිතං ඨපියති. පටිසංහරාමීති පසාදනීයට‍්ඨානතො පටිසංහරාමි, මූලකම‍්මට‍්ඨානාභිමුඛංයෙව නං කරොමීති අත්‍ථො. සො පටිසංහරති චෙවාති මූලකම‍්මට‍්ඨානාභිමුඛඤ‍්ච පෙසෙති. න ච විතක‍්කෙති න ච විචාරෙතීති කිලෙසවිතක‍්කං න විතක‍්කෙති, කිලෙසවිචාරං න විචාරෙති. අවිතක‍්කොම‍්හි අවිචාරොති කිලෙසවිතක‍්කවිචාරෙහි අවිතක‍්කාවිචාරො. අජ‍්ඣත‍්තං සතිමා සුඛමස‍්මීති ගොචරජ‍්ඣත‍්තෙ පවත‍්තාය සතියා “සතිමාහමස‍්මි සුඛිතො චා”ති පජානාති.

කායාරම්මණො = යම් බඳු වූ කයක් පිළිබඳව විමසා බලයි ද එය ම අරමුණු කොට කෙලෙස්වලින් දැවීම සිදු වේ. බහිද්ධාවා චිත්තං වික්‍ඛිපති = බාහිරව වෙනත් අරමුණෙක්හිදී සිතුවිලි වික්ෂිප්ත බවට පත් වේ. කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං = මෙසේ කෙලෙස්වලින් දාහයට පත්වීමක් ද, මැලි බවක් ද, බාහිර හේතූන් නිසා වික්ෂිප්ත භාවයක් ද උපන්කල්හි කෙලෙස්වල ඇලීමෙන් නොහැසිරිය යුතුයි. පැහැදීම ඇති කරන, පැහැදීම ගෙන එන බුද්ධාදී කිසියම් එක්තරා අරමුණක කමටහන් සිත තබා ගත යුතුය. චිත්තං සමාධියති = අරමුණ මනාව ගනියි, එය මනාව තබා ගනියි. පටිසංහරාමි = පැහැදීම ඇති කරවන ස්ථානයෙන් (අරමුණින්) වෙනස් වෙමි. එම මුල් කමටහනට අභිමුඛවම එය කරමි (වඩමි) යන අරුතයි. සො පටි සංහරති චෙච = මුල් කමටහනට අභිමුඛව ද යවයි. නච විතක්කෙති, නච විචාරෙති = කෙළෙස් සිතුවිලිවලින් හා ඒ පිළිබඳ සලකා බැලීමෙන් (කිලේස විතක්ක විචාරයෙන්) තොර වෙමි. (අවිතක්කසවිචාරො) අජ්ඣත්තං සතිමා සුඛමස්මි = අරමුණු පිළිබඳ අධ්‍යාත්මයෙහි පැවති සිහියෙන් සිහි ඇත්තේ ද, සුවපත් වූයේ ද වෙමියි දැන ගනියි.

එවං ඛො, ආනන්‍ද, පණිධාය භාවනා හොතීති එවං, ආනන්‍ද, ඨපෙත්‍වා භාවනා හොති. ඉමස‍්ස හි භික‍්ඛුනො යථා නාම පුරිසස‍්ස මහන‍්තං උච‍්ඡුභාරං උක‍්ඛිපිත්‍වා යන‍්තසාලං නෙන‍්තස‍්ස කිලන‍්තකිලන‍්තකාලෙ භූමියං ඨපෙත්‍වා උච‍්ඡුඛණ‍්ඩං ඛාදිත්‍වා පුන උක‍්ඛිපිත්‍වා ගමනං හොති; එවමෙව අරහත‍්තං පාපුණිතුං උග‍්ගහිතකම‍්මට‍්ඨානස‍්ස කායපරිළාහාදීසු උප‍්පන‍්නෙසු තං කම‍්මට‍්ඨානං ඨපෙත්‍වා බුද‍්ධගුණාදිඅනුස‍්සරණෙන චිත‍්තං පසාදෙත්‍වා කම‍්මනියං කත්‍වා භාවනා පවත‍්තා, තස‍්මා “පණිධාය භාවනා හොතී”ති වුත‍්තං. තස‍්ස පන පුරිසස‍්ස උච‍්ඡුභාරං යන‍්තසාලං නෙත්‍වා පීළෙත්‍වා රසපානං විය ඉමස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානං මත්‍ථකං පාපෙත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස ඵලසමාපත‍්තිසුඛානුභවනං වෙදිතබ‍්බං.

එවං ඛො ආනන්‍ද, පණිධාය භාවනා හොති ආනන්‍ද, මෙසේ භාවනාව නවතා තැබීමෙන් එහි අරමුණ පසුව) සිදුවේ. යම් සේ වනාහී මහත් උක්ගස් බරක් ඔසවා ගෙන (උක්ගස් මඩින) යන්ත්‍ර ශාලාවට ගෙන යන්නාවූ පුරුෂයකුට තමා වෙහෙසට පත්වන පත්වන කල්හි (උක්බර) බිම තබා උක් දණ්ඩක් සපා නැවත (උක්බර) ඔසවා ගෙන ගම යන්නට සිදු වෙයි ද, එසේම රහත් බවට පැමිණීම පිණිස කමටහන් ඉගෙනගත් මේ භික්ෂුවට ද කායික ප්‍රදාහයන් උපන් කල්හි ඒ කමටහන තබා, බුදු ගුණ ආදිය සිහි කිරීමෙන් සිත පහදවා, කළ යුතු දෙය කොට භාවනාව කරගෙන යාමට සිදු වේ. එහෙයින් පණිධාය භාවනා (හෙවත් භාවනාව තබා) යයි කියන ලදී. ඒ පුරුෂයා එම උක්ගස්බර යන්ත්‍ර ශාලාවට ගෙන ගොස් මිරිකා ලබන රස පානය අනුභව කිරීම මෙන් කමටහන මුදුන් පත් කොට ගෙන රහත් බවට පත්වූ මේ භික්ෂුව පල සමවත් සුව අනුභව කිරීම දත යුතුය.

බහිද‍්ධාති මූලකම‍්මට‍්ඨානං පහාය බහි අඤ‍්ඤස‍්මිං ආරම‍්මණෙ. අප‍්පණිධායාති අට‍්ඨපෙත්‍වා. අථ පච‍්ඡා පුරෙ අසංඛිත‍්තං විමුත‍්තං අප‍්පණිහිතන‍්ති පජානාතීති එත්‍ථ කම‍්මට‍්ඨානවසෙන වා සරීරවසෙන වා දෙසනාවසෙන වා අත්‍ථො වෙදිතබ‍්බො.

බහිද්ධා = මුල් කමටහන අත්හැර ඉන් බැහැර අන් අරමුණෙක්හි අප්පණිධාය = (බැහැරක) නොතබා අථපච්ඡා පුරෙ අසංඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති = මෙහිදී කමටහන් වශයෙන් හෝ, ශරීර වශයෙන් හෝ, දේශනා වශයෙන් හෝ අර්ථය දත යුතු වේ.

තත්‍ථ කම‍්මට‍්ඨානෙ තාව කම‍්මට‍්ඨානස‍්ස අභිනිවෙසො පුරෙ නාම, අරහත‍්තං පච‍්ඡා නාම. තත්‍ථ යො භික‍්ඛු මූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වා කිලෙසපරිළාහස‍්ස වා ලීනත‍්තස‍්ස වා බහිද‍්ධාවික‍්ඛෙපස‍්ස වා උප‍්පජ‍්ජිතුං ඔකාසං අදෙන‍්තො සුදන‍්තගොණෙ යොජෙත්‍වා සාරෙන‍්තො විය චතුරස‍්සච‍්ඡිද‍්දෙ සුතච‍්ඡිතං චතුරස‍්සඝටිකං පක‍්ඛිපන‍්තො විය විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අතිට‍්ඨන‍්තො අලග‍්ගන‍්තො අරහත‍්තං පාපුණාති, සො පුරෙසඞ‍්ඛාතස‍්ස කම‍්මට‍්ඨානාභිනිවෙසස‍්ස පච‍්ඡාසඞ‍්ඛාතස‍්ස අරහත‍්තස‍්ස ච වසෙන පච‍්ඡා පුරෙ අසංඛිත‍්තං විමුත‍්තං අප‍්පණිහිතන‍්ති පජානාති නාම.

එහි කමටහන ගැන සැලකීමේදී වනාහී කමටහන් පිහිටීම “පුරෙ” නම් වේ. රහත් බව “පච්ඡා” නම් වේ. එහි යම් භික්ෂුවක් මුල් කමටහන ගෙන ක්ලේශ දාහයකට හෝ මැලි බවට හෝ බාහිර වික්ෂිප්ත භාවයකට හෝ මතුවීම සඳහා අවස්ථාවක් නොදෙමින්, මනාව භික්මුණ ගොනුන් යොදා ගැල මෙහෙයවන්නාක් මෙන් ද, සතරැස් සිදුරෙක මනාව සැකසූ සතරැස් ඝටිකාවක් බහාලන්නාක් මෙන් ද විදර්ශනා පිහිටුවා සිටගෙන නොසිටිමින්, වැතිර නොගෙන රහත් බවට පැමිණෙයි. හේ තෙමේ පෙර කියන ලද කමටහන්හි යෙදී සිටීමේ ද පසුව කියන ලද රහත් භාවයේද යන වශයෙන් පසුව හා පෙර, සකස් නොකළ ස්වභාවය ඇති (හෙවත් අසංඛත වූ) නිදහස් වූ (විමුත්ත වූ) ආශාවන් හි නොපිහිටි තත්ත්වයට පැමිණි බව (නිවනට) පැමිණි බව දන්නේ වෙයි.

සරීරෙ පන පාදඞ‍්ගුලීනං අග‍්ගපබ‍්බානි පුරෙ නාම, සීසකටාහං පච‍්ඡා නාම. තත්‍ථ යො භික‍්ඛු පාදඞ‍්ගුලීනං අග‍්ගපබ‍්බඅට‍්ඨිකෙසු අභිනිවිසිත්‍වා බ්‍යාභඞ‍්ගියා යවකලාපං මොචෙන‍්තො විය වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදවසෙන අට‍්ඨීනි පරිග‍්ගණ‍්හන‍්තො අන‍්තරා කිලෙසපරිළාහාදීනං උප‍්පත‍්තිං වාරෙත්‍වා යාව සීසකටාහා භාවනං පාපෙති, සො පුරෙසඞ‍්ඛාතානං අග‍්ගපාදඞ‍්ගුලිපබ‍්බානං පච‍්ඡාසඞ‍්ඛාතස‍්ස සීසකටාහස‍්ස ච වසෙන පච‍්ඡා පුරෙ අසංඛිත‍්තං විමුත‍්තං අප‍්පණිහිතන‍්ති පජානාති නාම.

සිරුරෙහි පා ඇඟිලිවල අග පුරුක් “පෙර” (හෙවත් පුරෙ) නම් වේ. හිස් කබලේ ඇටය පසු (හෙවත් පච්ඡා) නම් වේ. එහිදී යම් භික්ෂුවක් පා ඇඟිලිවල අග පුරුක්හි ඇට කෙරෙහි මනාව සලකා බලා, බෙදා දෙන අයකු විසින් යවකරල් මිටි වෙන් කරන්නාක් මෙන් වර්ණ, සලකුණු, පිහිටි දිසාව, තිබෙන ඉඩ ප්‍රමාණය (යන ආදිය) වෙන් කිරීම් වශයෙන් සිරුරේ ඇට පරීක්ෂා කරමින් ක්ලේශ ප්‍රදාහ ආදීන්ගේ අතරතුර උත්පත්තිය වළක්වා හිස් කබල් ඇටය දක්වා භාවනාව පමුණුවයි ද, හේ තෙමේ “පුරෙ” යයි නම් කෙරුණ පා ඇඟිලි පුරුක්වල ද, “පච්ඡා” යයි නම් කෙරුණ හිස් කබල් ඇටයේ ද යන වශයෙන් පසුව හා පෙර සකස් නොකළ ස්වභාවය ඇති (අසංඛත) නිදහස් වූ (විමුත්ත) ආශාවන්හි නො පිහිටි තත්ත්වයට පැමිණි බව (නිවනට පැමිණි බව) දන්නේ වෙයි.

දෙසනායපි ද‍්වත‍්තිංසාකාරදෙසනාය කෙසා පුරෙ නාම, මත්‍ථලුඞ‍්ගං පච‍්ඡා නාම. තත්‍ථ යො භික‍්ඛු කෙසෙසු අභිනිවිසිත්‍වා වණ‍්ණසණ‍්ඨානදිසොකාසවසෙන කෙසාදයො පරිග‍්ගණ‍්හන‍්තො අන‍්තරා කිලෙසපරිළාහාදීනං උප‍්පත‍්තිං වාරෙත්‍වා යාව මත්‍ථලුඞ‍්ගා භාවනං පාපෙති. සො පුරෙසඞ‍්ඛාතානං කෙසානං පච‍්ඡාසඞ‍්ඛාතස‍්ස මත්‍ථලුඞ‍්ගස‍්ස ච වසෙන පච‍්ඡා පුරෙ අසංඛිත‍්තං විමුත‍්තං අප‍්පණිහිතන‍්ති පජානාති නාම.

දේශනාවෙහි ද දෙතිස් ආකාර දක්වන දේශනාවෙහි කෙස් “පුරෙ” නම් වේ. මොලය “පච්ඡා” නම් වේ. එහිදී යම් භික්ෂුවක් කෙස් පිළිබඳව මනාව සලකා බලා වර්ණ, සලකුණු, පිහිටි දිසාව, තිබෙන ඉඩ ප්‍රමාණය (යන ආදිය) වශයෙන් කෙස් වැනි දේ පරීක්ෂා කරමින් ක්ලේශ ප්‍රදාහ ආදීන්ගේ අතරතුර උත්පත්තිය වළක්වා මොළය දක්වා භාවනාව පමුණුවයි ද. හේ තෙමේ “පුරෙ” යයි නම් කෙරුණ කෙස්වල ද, “පච්ඡා” යයි නම් කෙරුණ මොළයේ ද යන වශයෙන් පසුව හා පෙර සකස් නොකළ ස්වභාවය ඇති, නිදහස් වූ, ආශාවන්හි නො පිහිටි තත්ත්වයට තමා පැමිණි බව (නිවනට පැමිණි බව) දන්නේ වෙයි.

එවං ඛො, ආනන්‍ද, අප‍්පණිධාය භාවනා හොතීති එවං, ආනන්‍ද, අට‍්ඨපෙත්‍වා භාවනා හොති. ඉමස‍්ස හි භික‍්ඛුනො යථා නාම පුරිසස‍්ස ගුළභාරං ලභිත්‍වා අත‍්තනො ගාමං අතිහරන‍්තස‍්ස අන‍්තරා අට‍්ඨපෙත්‍වාව උච‍්චඞ‍්ගෙ පක‍්ඛිත‍්තානි ගුළඛණ‍්ඩාදීනි ඛාදනීයානි ඛාදන‍්තස‍්ස අත‍්තනො ගාමෙයෙව ඔතරණං හොති, එවමෙව අරහත‍්තං පාපුණිතුං ආරද‍්ධභාවනස‍්ස කායපරිළාහාදීනං උප‍්පත‍්තිං වාරෙත්‍වා කම‍්මට‍්ඨානභාවනා පවත‍්තා, තස‍්මා “අප‍්පණිධාය භාවනා”ති වුත‍්තා. තස‍්ස පන පුරිසස‍්ස තං ගුළභාරං අත‍්තනො ගාමං නෙත්‍වා ඤාතීහි සද‍්ධිං පරිභොගො විය ඉමස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානං මත්‍ථකං පාපෙත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස ඵලසමාපත‍්තිසුඛානුභවනං වෙදිතබ‍්බං. ඉමස‍්මිං සුත‍්තෙ පුබ‍්බභාගවිපස‍්සනා කථිතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එවං ඛො ආනන්‍ද අප්පණිධාය භාවනා හොති - ආනන්‍ද, මෙසේ නොහැර ම භාවනාව සිදුවෙයි. මේ භික්ෂුව අරභයා මෙසේ කිව යුතු වේ. යම් සේ උක් සකුරු බරක් ලැබී තමාගේ ගමට ගෙන යන්නාවූ ද අතර මගදී (බිම) නොතබාම (හෙවත් අත් නොහැරම) උකුළ මත තබා ගත් එම උක්සකුරු කැබලි ආදී කෑ යුතු දේ කරන්නාවූ ද පුරුෂයා තමාගේ ගමටම පැමිණේ ද, එසේම රහත් බවට පැමිණීම සඳහා ආරම්භ කළ භාවනාව ඇති භික්ෂුවගේ කාය පරිදාහ ආදියේ මතුවීම වළකා කමටහන් භාවනාව පවතී. එහෙයින් “ඉවත් නොකළ භාවනාව (හෙවත් අප්පණිධාය භාවනා) යයි කියන ලදී. උක් සකුරු බර තමාගේ ගමට ගෙන ගොස් ඒ පුරුෂයා නෑයන් සමග එය පරිභෝග කිරීම මෙන් කමටහන මුදුන්පත් කොට රහත් බවට පැමිණි මේ භික්ෂුවගේ පල සමවත් සුවය විඳීම ද දත යුතුය. මේ සූත්‍රයෙහිදී (මාර්ග ඥානයට පෙර පහළ වන) පූර්වභාග විදර්ශනාව කියන ලදී. සෙස්ස සියලු තන්හි පහසු වන්නේමය.

අම‍්බපාලිවග‍්ගො පඨමො.

පළමු අම්බපාලි වග්ගය නිමි