යෙදුමෙන් කියවන්න

සූදසුත‍්තං

3. 1. 8.

3. 1. 8.

සූදසුත‍්තං

සූද සූත්‍රය

1186. සෙය්‍යථාපි භික‍්ඛවෙ, බාලො අව්‍යත‍්තො අකුසලො සූදො රාජානං වා රාජමහාමත‍්තං වා නානච‍්චයෙහි සූපෙහි පච‍්චුපට‍්ඨිතො අස‍්ස: අම‍්බිලග‍්ගෙහිපි තිත‍්තකග‍්ගෙහිපි කටුකග‍්ගෙහිපි මධුරග‍්ගෙහිපි ඛාරිකෙහිපි අඛාරිකෙහිපි ලොණිකෙහිපි අලොණිකෙහිපි. සඛො සො භික‍්ඛවෙ, බාලො අව්‍යත‍්තො අකුසලො සූදො සකස‍්ස භත‍්තු නිමිත‍්තං න උග‍්ගණ‍්හාති: ඉදං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, ඉමස‍්ස වා අභිහරති, ඉමස‍්ස වා බහුං ගණ‍්හාති, ඉමස‍්ස වා වණ‍්ණං භාසති. අම‍්බිලග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, අම‍්බිලග‍්ගස‍්ස වා අභිහරති, අම‍්බිලග‍්ගස‍්ස වා බහුං ගණ‍්හාති, අම‍්බිලග‍්ගස‍්ස වා වණ‍්ණං භාසති, තිත‍්තකග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- කටුකග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- මධුරග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- ඛාරිකං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- අඛාරිකං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- ලොණිකං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- අලොණිකං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, අලොණිකස‍්ස වා අභිහරති, අලොණිකස‍්ස වා බහුං ගණ‍්හාති, අලොණිකස‍්ස වා වණ‍්ණං භාසතීති. සඛො සො භික‍්ඛවෙ, බාලො අව්‍යත‍්තො අකුසලො සූදො නචෙව ලාභී හොති: අච‍්ඡාදනස‍්ස, න ලාභී වෙතනස‍්ස, න ලාභී අභිහාරානං. තං කිස‍්ස හෙතු: තථා හි සො භික‍්ඛවෙ, බාලො අව්‍යත‍්තො අකුසලො සූදො සකස‍්ස භත‍්තු නිමිත‍්තං න උග‍්ගණ‍්හාති.

1186. මහණෙනි, යම්සේ බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මේ අරක්කැමි තම ස්වාමියාගේ (භෝජන) නිමිත්ත නො උගනියි. “අද මාගේ ස්වාමිහට මේ සූපරසය රුචි වේ ය හෝ, මෙය ගැනීමට අත දිගුකරයි හෝ, මෙය බොහෝ කොට ගනියි හෝ, මෙහි ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වේ යි හෝ, ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනියි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙහි ගුණ කියා යි හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති ... හෝ … අද මාගේ සැමියාට මිහිරි කොටස් ඇති හෝ, … අද මාගේ සැමියාට කරරස ඇති හෝ, ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ ය හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණු රස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණු රස නැති සූපයේ ගුණ කියා යි හෝ” යි. මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ මේ අරක්කැමි වස්ත්‍ර නො ද ලබනසුලු වෙයි. වැටුප් නො ද ලබනසුලු වෙයි. පඬුරු නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත නො උගනියි ද එහෙයිනි.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො බාලො අව්‍යත‍්තො අකුසලො භික‍්ඛු කායෙ න කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස කායෙ න කායානුපස‍්සිනො විහරතො චිත‍්තං න සමාධියති, උපක‍්කිලෙසා න පහීයන‍්ති. සො තං නිමිත‍්තං න උග‍්ගණ‍්හාති. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු න ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස ධම‍්මෙසු න ධම‍්මානුපස‍්සිනො විහරතො චිත‍්තං න සමාධියති, උපක‍්කිලෙසා න පහීයන‍්ති. සො තං නිමිත‍්තං න උග‍්ගණ‍්හාති. සඛො සො භික‍්ඛවෙ, බාලො අව්‍යත‍්තො අකුසලො භික‍්ඛු නචෙව ලාභී හොති දිට‍්ඨධම‍්මසුඛවිහාරානං, න ලාභී සතිසම‍්පජඤ‍්ඤස‍්ස. තංකිස‍්ස හෙතු? තථා හි සො භික‍්ඛවෙ, බාලො අව්‍යත‍්තො අකුසලො භික‍්ඛු සකස‍්ස චිත‍්තස‍්ස නිමිත‍්තං න උග‍්ගණ‍්හාති.

මහණෙනි, එසෙයින් ම මෙහි බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වේ. කෙලෙස් ප්‍රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට නො වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව නො වෙසෙන ඔහුගේ සිත එකඟ නො වෙයි. කෙලෙස් ප්‍රහීණ නො වේ. හේ ඒ නිමිත්ත නො උගනියි. මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මහණ දිටුදැමියෙහි සුව විහරණ නො ද ලබනසුලු වෙයි. සිහි නුවණ නො ද ලබනසුලු වෙයි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, බාල වූ අව්‍යක්ත වූ අදක්‍ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත නො උගනී ද එහෙයිනි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, පණ‍්ඩිතො වියත‍්තො කුසලො සූදො රාජානං වා රාජමහාමත‍්තං වා නානච‍්චයෙහි සූපෙහි පච‍්චුපට‍්ඨිතො අස‍්ස: අම‍්බිලග‍්ගෙහිපි තිත‍්තකග‍්ගෙහිපි කටුකග‍්ගෙහිපි මධුරග‍්ගෙහිපි ඛාරිකෙහිපි අඛාරිකෙහිපි ලොණිකෙහිපි අලොණිකෙහිපි. සඛො සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො වියත‍්තො කුසලො සූදො සකස‍්ස භත‍්තු නිමිත‍්තං උග‍්ගණ‍්හාති: “ඉදං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, ඉමස‍්ස වා අභිහරති, ඉමස‍්ස වා බහුං ගණ‍්හාති, ඉමස‍්ස වා වණ‍්ණං භාසති. අම‍්බිලග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, අම‍්බිලග‍්ගස‍්ස වා අභිහරති, අම‍්බිලග‍්ගස‍්ස වා බහුං ගණ‍්හාති, අම‍්බිලග‍්ගස‍්ස වා වණ‍්ණං භාසති. තිත‍්තකග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- කටුකග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- මධුරග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- ඛාරිකං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- අඛාරිකං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- ලොණිකං වා මෙ අජ‍්ජ භත‍්තු -පෙ- අලොණිකං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, අලොණිකස‍්ස වා අභිහරති, අලොණිකස‍්ස වා බහුං ගණ‍්හාති, අලොණිකස‍්ස වා වණ‍්ණං භාසතීති. සඛො සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො වියත‍්තො කුසලො සූදො ලාභී චෙව හොති අච‍්ඡාදනස‍්ස, ලාභී වෙතනස‍්ස, ලාභී අභිහාරානං. තං කිස‍්ස හෙතු: තථා හි සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො ව්‍යත‍්තො කුසලො සූදො සකස‍්ස භත‍්තු නිමිත‍්තං උග‍්ගණ‍්හාති.

මහණෙනි, යම්සේ පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ අරක්කැමියෙක් ඇඹුල් කොටස් ඇත්තා වූත් තිත්ත කොටස් ඇත්තා වූත් කුළු කොටස් ඇත්තා වූත් මිහිරි කොටස් ඇත්තා වූත් කරරස ඇත්තා වූත් කරරස නැත්තා වූත් ලුණුරස ඇත්තා වූත් ලුණුරස නැත්තා වූත් නන් වැදෑරුම් සූපයෙන් යුතු ව රජු වෙත හෝ රජමහඇමතියකු වෙත හෝ එළඹ සිටියේ වන්නේ ද, මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමියාගේ භෝජන නිමිත්ත උගනියි. “අද මාගේ ස්වාමියාට මේ සූපරසය රුචි වේ යි හෝ මෙයට අත දිගුකරයි හෝ මෙයින් බොහෝ ගනියි හෝ මෙහි ගුණ කියායි හෝ අද මාගේ ස්වාමිහට ඇඹුල් කොටස් ඇති සූපරසය රුචි වෙ යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයට අත දිගුකරයි හෝ ඇඹුල් කොටස් ඇති සූපයෙන් බොහෝ ගනි යි හෝ ඇඹුල් කොටස් ඇති සූපයේ ගුණ කියා යි හෝ අද මාගේ ස්වාමිහට තිත්ත කොටස් ඇති … හෝ, අද මාගේ ස්වාමිහට කුළු කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට මිහිරි කොටස් ඇති හෝ … අද මාගේ ස්වාමිහට කරරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට කරරස නැති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස ඇති හෝ ... අද මාගේ ස්වාමිහට ලුණුරස නැති සූපරසය රුචි වේ යි හෝ ලුණුරස නැති සූපයට අත දිගුකරයි හෝ ලුණුරස නැති සූපයෙන් බොහෝ ගනි යි හෝ ලුණුරස නැති සූපයෙහි ගුණ කියා යි හෝ” යි. මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මේ අරක්කැමි වස්ත්‍ර ලබනසුලු වෙයි. වැටුප් ලබනසුලු වෙයි. පඬුරු ලබනසුලු වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ අරක්කැමි සිය ස්වාමිහුගේ භෝජන නිමිත්ත උගනී එහෙයිනි.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පණ‍්ඩිතො වියත‍්තො කුසලො භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස කායෙ කායානුපස‍්සිනො විහරතො චිත‍්තං සමාධියති, උපක‍්කිලෙසා පහීයන‍්ති. සො තං නිමිත‍්තං උග‍්ගණ‍්හාති. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරතො චිත‍්තං සමාධියති, උපක‍්කිලෙසා පහීයන‍්ති. සො තං නිමිත‍්තං උග‍්ගණ‍්හාති. සඛො සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො වියත‍්තො කුසලො භික‍්ඛු ලාභී චෙව හොති දිට‍්ඨධම‍්මසුඛවිහාරානං, ලාභී හොති සතිසම‍්පජඤ‍්ඤස‍්ස. තං කිස‍්ස හෙතු: තථා හි සො භික‍්ඛවෙ, පණ‍්ඩිතො ව්‍යත‍්තො කුසලො භික‍්ඛු සකස‍්ස චිත‍්තස‍්ස නිමිත‍්තං උග‍්ගණ‍්හාතීති.

මහණෙනි, එසෙයින් ම මෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඇතැම් මහණෙක් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත එකඟ වේ. කෙලෙස් ප්‍රහීණ වේ. හේ ඒ නිමිත්ත උගනී. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත එකඟ වෙයි. කෙලෙස් ප්‍රහීණ වේ. හේ ඒ නිමිත්ත උගනී. මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මේ මහණ දිටුදැමියෙහි සුඛවිහරණ ලබනසුලු ද වෙයි. සිහිනුවණ ලබනසුලු ද වෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ මහණ සිය සිතෙහි නිමිත්ත උගනී එහෙයිනි යි.