යෙදුමෙන් කියවන්න

මක‍්කටසුත‍්තං

3. 1. 7.

3. 1. 7.

මක‍්කටසුත‍්තං

මක්කට සූත්‍රය

1185. අත්‍ථි භික‍්ඛවෙ, හිමවතො පබ‍්බතරාජස‍්ස දුග‍්ගා විසමා දෙසා, යත්‍ථ නෙව මක‍්කටානං චාරී න මනුස‍්සානං. අත්‍ථි භික‍්ඛවෙ, හිමවතො පබ‍්බතරාජස‍්ස දුග‍්ගා විසමා දෙසා යත්‍ථ මක‍්කටානඤ‍්හි ඛො චාරී න මනුස‍්සානං. අත්‍ථි භික‍්ඛවෙ, හිමවතො පබ‍්බතරාජස‍්ස සම භූමිභාගා රමණීයා, යත්‍ථ මක‍්කටානං චෙව චාරී මනුස‍්සානඤ‍්ච. තත්‍ර භික‍්ඛවෙ, ලුද‍්දා මක‍්කටවීථීසු ලෙපං ඔඩ‍්ඩෙන‍්ති මක‍්කටානං බාධනාය. තත්‍ර භික‍්ඛවෙ, යෙ තෙ මක‍්කටා අබාලජාතිකා අලොලජාතිකා තෙ තං ලෙපං දිස‍්වා ආරකා පරිවජ‍්ජෙන‍්ති. යො පන සො හොති මක‍්කටො බාලජාතිකො ලොලජාතිකො සො තං ලෙපං උපසඞ‍්කමිත්‍වා හත්‍ථෙන ගණ‍්හාති. සො තත්‍ථ බජ‍්ඣති. හත්‍ථං මොචෙස‍්සාමීති දුතියෙන හත්‍ථෙන ගණ‍්හාති, සො තත්‍ථ බජ‍්ඣති. උභො හත්‍ථෙ මොචෙස‍්සාමීති පාදෙන ගණ‍්හාති, සො තත්‍ථ බජ‍්ඣති. උභො හත්‍ථෙ මොචෙස‍්සාමි පාදං චාති දුතියෙන පාදෙන ගණ‍්හාති, සො තත්‍ථ බජ‍්ඣති. උභො හත්‍ථෙ මොචෙස‍්සාමි පාදෙ චාති තුණ‍්ඩෙන ගණ‍්හාති, සො තත්‍ථ බජ‍්ඣති. එවං හි සො භික‍්ඛවෙ, මක‍්කටො පඤ‍්චඩ‍්ඩිතො ථනං සෙති අනයං ආපන‍්නො ව්‍යසනං ආපන‍්නො යථාකාමකරණීයො ලුද‍්දස‍්ස. තමෙනං භික‍්ඛවෙ, ලුද‍්දො විජ‍්ඣිත්‍වා තස‍්මිං යෙව මක‍්කටං උද‍්ධරිත්‍වා අවිස‍්සජ‍්ජෙත්‍වා යෙන කාමං පක‍්කමති. එවං හි තං භික‍්ඛවෙ, හොති යො අගොචරෙ චරති පරවිසයෙ.

1185. මහණෙනි, යම් තැනෙක වඳුරන්ගේත් හැසිරීමෙක් නො වේ ද, මිනිසුන්ගේත් හැසිරීමෙක් නොවේ ද, හිමවත් පවුරදුගේ (එබඳු) යා නොහැකි විසම පෙදෙස් ඇත. මහණෙනි, යම්තැනෙක වඳුරන්ගේ හැසිරීමෙක් වේ ද, මිනිසුන්ගේ හැසිරීමෙක් නො වේ ද, හිමවත් පවුරදුගේ එබඳු යා නොහැකි විසම පෙදෙස් ද ඇත. මහණෙනි, යම් පෙදෙසක වඳුරන්ගේ හැසිරීමත් වේ ද, මිනිසුන්ගේ හැසිරීමත් වේ ද, හිමවත් පවුරදුගේ එබඳු සිත්කලු සමබිම් පෙදෙස් ද ඇත. මහණෙනි, එහි වැද්දෝ වඳුරුමංහි වඳුරන් නසන පිණිස වඳුරුලහටු ගල්වා තබත්. මහණෙනි, එහි යම් ඒ වඳුරුකෙනෙක් බාලගති නැත්තාහු ද ලොල්ගති නැත්තාහු ද ඔහු ඒ ලහටු දැක දුරින් දුරු කෙරෙත්. යම් ඒ වඳුරෙක් බාලගති ඇත්තේ ලොල්ගති ඇත්තේ වේ නම් හේ ඒ ලහටු කරා එළඹ අතින් ගනී. හේ එහි බැඳේ. අත මුදන්නෙමි යි දෙවැනි අතින් ගනී. හේ එහි බැඳේ. දෑත මුදන්නෙමි යි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් පයත් මුදන්නෙමි යි දෙවැනි පයින් ගනී. හේ එහි බැඳේ. දෑතත් දෙපයත් මුදන්නෙමි යි තුඩින් ගනී. හේ එහි බැඳේ. මහණෙනි, මෙසේ ඒ වඳුරා පස්තැනෙකින් එල්ලන ලද්දේ අනයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ වැද්දා විසින් යම් කැමති පරිද්දක් කළ හැකි වූයේ තතනමින් හොවී. මහණෙනි, වැද්දා ඒ වඳුරා එහි දීම විද උදුරා අත් නොහැර යම් කැමති දිගකට යේ. මහණෙනි, යමෙක් අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරේ නම් ඒ මෙසේ ම වෙයි.

තස‍්මාතිහ භික‍්ඛවෙ, මා අගොචරෙ චරිත්‍ථ පරවිසයෙ. අගොචරෙ භික‍්ඛවෙ, චරතං පරවිසයෙ ලච‍්ඡති මාරො ඔතාරං, ලච‍්ඡති මාරො ආරම‍්මණං. කො ච භික‍්ඛවෙ, භික‍්ඛුනො අගොචරො පරවිසයො: යදිදං පඤ‍්චකාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං භික‍්ඛවෙ, භික‍්ඛුනො අගොචරො පරවිසයො.

මහණෙනි, එහෙයින් මෙහි ලා අගෝචර වූ මෙරමා සතු විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචර වූ මෙරමා සතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු ලබන්නේ ය. මරු අරමුණක් ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය කිමෙක් ද යත්: මේ පස්කම්ගුණ යි. කවර පසෙක් ද යත්; ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ යැ ... ඉටු කැමති මන වඩන පිය දෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යැ. මහණෙනි, මේ මහණහට අගෝචර වූ මෙරමා සතු විෂය යි.

ගොචරෙ භික‍්ඛවෙ, චරථ සකෙ පෙත‍්තිකෙ විසයෙ. ගොචරෙ භික‍්ඛවෙ, චරතං සකෙ පෙත‍්තිකෙ විසයෙ න ලච‍්ඡති මාරො ඔතාරං, න ලච‍්ඡති මාරො ආරම‍්මණං. කො ච භික‍්ඛවෙ, භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයො: යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං භික‍්ඛවෙ, භික‍්ඛුනො ගොචරො සකො පෙත‍්තිකො විසයොති.

මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙවු. මහණෙනි, ගොදුරු වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නවුන්ගේ බැසගැනීම මරු නො ලබන්නේ ය. මරු අරමුණක් නො ලබන්නේ ය. මහණෙනි, මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය කිමෙක් ද යත්: මේ සිවු සීවටනි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි … සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ මහණහට ගොදුරු වූ සිය පියසතු විෂය යි.