යෙදුමෙන් කියවන්න

ගිලානසුත‍්තං

3. 1. 9.

3. 1. 9.

ගිලානසුත‍්තං

ගිලාන සූත්‍රය

1187. එකං සමයං භගවා වෙසාලියං විහරති බෙලුවගාමකෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “එථ තුම‍්හෙ භික‍්ඛවෙ, සාමන‍්තා වෙසාලියා යථාමිත‍්තං යථාසන්‍දිට‍්ඨං යථාසම‍්භත‍්තං වස‍්සං උපෙථ. ඉධෙවාහං බෙලුවගාමකෙ වස‍්සං උපගච‍්ඡාමී”ති. “එවං භන‍්තෙ”ති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා සාමන‍්තා වෙසාලියා යථාමිත‍්තං යථාසන්‍දිට‍්ඨං යථාසම‍්භත‍්තං වස‍්සං උපගඤ‍්ඡුං. භගවා පන තත්‍ථෙව බෙලුවගාමකෙ වස‍්සං උපගඤ‍්ඡි. අථ ඛො භගවතො වස‍්සූපගතස‍්ස ඛරො ආබාධො උප‍්පජ‍්ජි. බාළ‍්හා වෙදනා වත‍්තන‍්ති මාරණන‍්තිකා. තා සුදං භගවා සතො සම‍්පජානො අධිවාසෙසි අවිහඤ‍්ඤමානො. අථ ඛො භගවතො එතදහොසි: න ඛො පන මෙතං පතිරූපං යො’හං අනාමන‍්තෙත්‍වා උපට‍්ඨාකෙ, අනපලොකෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං පරිනිබ‍්බායෙය්‍යං. යන‍්නූනාහං ඉමං ආබාධං විරියෙන පටිප‍්පණාමෙත්‍වා ජීවිතසඞ‍්ඛාරං අධිට‍්ඨාය විහරෙය්‍යන‍්ති. අථ ඛො භගවා තං ආබාධං විරියෙන පටිප‍්පණාමෙත්‍වා ජීවිතසඞ‍්ඛාරං අධිට‍්ඨාය විහාසි. අථ ඛො භගවා ගිලානා වුට‍්ඨිතො අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා විහාරපච‍්ඡායායං පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

1187. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි බේළුවගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි එවු. තෙපි මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹෙවු. මම මෙහි බේලුවගම්හි ම වස් එළඹෙමී” යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී මිතුරුකම් ඇති සේ දුටුපමණින් වූ මිතුරුකම් ඇති සේ දැඩිලෙස වූ මිතුරුකම් ඇති සේ විසල්පුර අවට වස් එළඹුණාහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහි ම බේලුවගම්හි වස් එළඹුණු සේක. එකල්හි වස් එළඹුණු භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර ආබාධයක් උපන. මරණය කරා පමුණුවන දැඩි වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නොපෙළෙමින් ඒ වේදනා ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “යම්බඳු මම උවැටන් කරන්නවුන් නො අමතා බික්සඟන නො දන්වා පිරිනිවෙම් නම් මට එය සුදුසු නො වෙයි. මම මේ රෝගය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර (ජීවිතය පවතින සේ) අධිෂ්ඨාන කොට වෙසෙන්නෙම් නම් මැනැවැ”යි . එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් යටපත් කොට ජීවිතසංස්කාර අධිෂ්ඨාන කොට වැඩවූසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්බවෙන් නැඟීසිටි සේක්. ගිලන්බවෙන් නැගී සිටි නොබෝකල් ඇති සේක් වෙහෙර පසුපස සෙවණැල්ලෙහි පැනැ වූ අසුන්හි වැඩහුන් සේක.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “දිට‍්ඨං භන‍්තෙ, භගවතො ඛමනීයං, දිට‍්ඨං භන‍්තෙ, භගවතො යාපනීයං. අපි මෙ භන‍්තෙ, මධුරකජාතො විය කායො, දිසාපි මෙ න පක‍්ඛායන‍්ති, ධම‍්මාපි මං නප‍්පටිභන‍්ති, භගවතො ගෙලඤ‍්ඤෙන. අපි ච මෙ භන‍්තෙ, අහොසි: කාචිදෙව අස‍්සාසමත‍්තා න තාව භගවා පරිනිබ‍්බායිස‍්සති. න තාව භගවා භික‍්ඛුසඞ‍්ඝං ආරබ‍්භ කිඤ‍්චිදෙව උදාහරතී”ති.

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි ය යි දක්නා ලදී. වහන්ස, එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්බව හේතු කොට ගෙන මාගේ සිරුර ද තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නො වැටහේ. වහන්ස, තව ද භාග්‍යවතුන් වහන්සේ දැන් ම නො පිරිනිවෙන සේක. භාග්‍යවි ය යි.

කිම‍්පනදානි ආනන්‍ද, භික‍්ඛුසඞ‍්ඝො මයි පච‍්චාසිංසති: දෙසිතො ආනන්‍ද, මයා ධම‍්මො අනන‍්තරං අබාහිරං කත්‍වා. නත්‍ථානන්‍ද, තථාගතස‍්ස ධම‍්මෙසු ආචරියමුට‍්ඨි. යස‍්ස නූන ආනන්‍ද, එවමස‍්ස අහං භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමීති වා. මමුද‍්දෙසිකො භික‍්ඛුසඞ‍්ඝොති වා සො නූන ආනන්‍ද, භික‍්ඛුසඞ‍්ඝං ආරබ‍්භ කිඤ‍්චිදෙව උදාහරෙය්‍ය. තථාගතස‍්ස ඛො ආනන්‍ද, න එවං හොති අහං භික‍්ඛුසඞ‍්ඝං පරිහරිස‍්සාමීති වා මමුද‍්දෙසිකො භික‍්ඛුසඞ‍්ඝොති වා. සකිං ආනන්‍ද, තථාගතො භික‍්ඛුසඞ‍්ඝං ආරබ‍්භ කිඤ‍්චිදෙව උදාහරිස‍්සති: එතරහි ඛො පනානන්‍ද, ජිණ‍්ණො වුද‍්ධො මහල‍්ලකො අද‍්ධගතො වයො අනුප‍්පත‍්තො. ආසීතියො මෙ වයො වත‍්තති. සෙය්‍යථාපි ආනන්‍ද, ජජ‍්ජරසකටං වෙළුමිස‍්සකෙන යාපෙති; එවමෙව ඛො ආනන්‍ද, වෙළුමිස‍්සකෙන මඤ‍්ඤෙ තථාගතස‍්ස කායො යාපෙති.

ආනන්‍ද, බික්සඟන මා කෙරෙහි කුමක් අපේක්‍ෂා කෙරේ ද? ආනන්‍ද, මා විසින් ආනන්තර-අබාහිර (-නො සඟවා) නො කොට දහම් දෙසන ලදී. ආනන්‍ද, තථාගත දහම්හි ආචාර්‍ය්‍ය මුෂ්ටි නැත. ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේ ව)” යි හෝ යමකුට ඒකාන්තයෙන් මෙබඳු අදහසක් වන්නේ ද ආනන්‍ද, හේ ඒකාන්තයෙන් බික්සඟන ඇරබ කිසිවක් ගෙන හැර පානේ (කිසියම් අවවාදයක් දෙන්නේ) නම් ආනන්‍ද, “මම බික්සඟන පරිහරණය කරන්නෙමි යි හෝ බික්සඟන මා උදෙසියයුතු කොට ඇත්තේ (වේව)” යි හෝ තථාගතයන් හට වූකලී මෙබඳු සිතෙක් නො වේ. ආනන්‍ද, ඒ තථාගත බික්සඟන ඇරබ කිසිවක් ගෙනහැර පානේ ද ආනන්‍ද, දැන් වූකලී දිරූයෙම් වෘද්ධයෙම් මහලු වූයෙම් කල්ගත වූයෙම් පිළිවෙළින් මහලුවියට පැමිණියෙම් මාගේ අසූවැනි විය පවතී. ආනන්‍ද, දිරූ ගැලක් යම්සේ හුණු මුසු පිළිසකරින් යැපේ ද ආනන්‍ද, එපරිද්දෙන් තථාගතයන්ගේ කය හුණු මුසු පිළිසකරින් මෙන් යැපේ.

යස‍්මිං ආනන්‍ද, සමයෙ තථාගතො සබ‍්බනිමිත‍්තානං අමනසිකාරා එකච‍්චානං වෙදනානං නිරොධා අනිමිත‍්තං චෙතොසමාධිං උපසම‍්පජ‍්ජ විහරති. ඵාසුතරං ආනන්‍ද, තස‍්මිං සමයෙ තථාගතස‍්ස හොති. තස‍්මාතිහානන්‍ද, අත‍්තදීපා විහරථ අත‍්තසරණා අනඤ‍්ඤසරණා, ධම‍්මදීපා ධම‍්මසරණා අනඤ‍්ඤසරණා. කථඤ‍්චානන්‍ද, භික‍්ඛු අත‍්තදීපො විහරති අත‍්තසරණො අනඤ‍්ඤසරණො, ධම‍්මදීපො ධම‍්මසරණො අනඤ‍්ඤසරණො: ඉධානන්‍ද, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. එවං ඛො ආනන්‍ද, භික‍්ඛු අත‍්තදීපො විහරති අත‍්තසරණො අනඤ‍්ඤසරණො, ධම‍්මදීපො ධම‍්මසරණො අනඤ‍්ඤසරණො. යෙ හි කෙචි ආනන්‍ද, එතරහි වා මමච‍්චයෙ වා අත‍්තදීපා විහරිස‍්සන‍්ති අත‍්තසරණා අනඤ‍්ඤසරණා, ධම‍්මදීපා ධම‍්මසරණා අනඤ‍්ඤසරණා තමතග‍්ගෙ මෙ තෙ ආනන්‍ද, භික‍්ඛූ භවිස‍්සන‍්ති යෙ කෙචි සික‍්ඛාකාමාති.

ආනන්‍ද, යම්කලෙක තථාගත තෙමේ සියලු නිමිති මෙනෙහි නො කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත වූ චිත්තසමාධියට පැමිණ වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ට ඉතා පහසු වෙයි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු. ආනන්‍ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්: ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාව … සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට අනුන් පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු ද, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, ආනන්‍ද, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.