භික්ඛුනුපස්සයසුත්තං
3. 1. 10.
3. 1. 10.
භික්ඛුනුපස්සයසුත්තං
භික්ඛුනුපස්සය සූත්‍රය
1188. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සම්බහුලා භික්ඛුනියො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “ඉධ භන්තෙ, ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තා විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී”ති. “එවමෙතං භගිනියො, එවමෙතං භගිනියො, යො හි කො චි භගිනියො, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං” “උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී”ති. අථ ඛො ආයස්මා ආනන්දො තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
1188. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් වෙත එළඹියහ. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන්හ. එකල්හි බොහෝ මෙහෙණහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ මෙහෙණහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ: “වහන්ස, ආනන්දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. නැගණියනි, එය එසේ ය. නැගණියනි, එය එසේ ය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එලඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු යි, ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ දැහැමි කථාවෙන් ඒ මෙහෙණුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී ගියහ.
අථ ඛො ආයස්මා ආනන්දො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙනඤ්ඤතරො භික්ඛුනූපස්සයො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ, සම්බහුලා භික්ඛුනියො යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භන්තෙ, තා භික්ඛුනියො මං එතදවොචුං: “ඉධ භන්තෙ ආනන්ද, සම්බහුලා භික්ඛුනියො චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තා විහරන්තියො උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී”ති. එවං වුත්තාහං භන්තෙ, තා භික්ඛුනියො එතදවොචං: “එවමෙතං භගිනියො, එවමෙතං භගිනියො, යො හි කොචි භගිනියො, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං: “උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී”ති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන එක්තරා මෙහෙණ අසපුවක් කරා එළඹියෙමි. එළඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, එකල්හි බොහෝ මෙහෙණහු මා වෙත එළඹියහ. එළඹ මා වැඳ එකත්පස්ව හුන්හ. වහන්ස, එකත්පස් ව හුන් ඒ මෙහෙණහු මට මෙය කීහ: “වහන්ස, ආනන්දයෙනි, මෙහි බොහෝ මෙහෙණහු සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන්නාහු පෙරට වඩා උදාර විශේෂයක් පසු ව හඳුනති” යි. වහන්ස, එසේ කියන ලද මම ඒ මෙහෙණට මෙය කීමි. “නැගණියනි, එය එසේය. නැගණියනි, එය එසේය. නැගණියනි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති විය යුතු” යි.
එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, යො හි කොචි ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො විහරති, තස්සෙතං පාටිකඞ්ඛං: “උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානිස්සතී”ති. කතමෙසු චතූසු: ඉධානන්ද භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො කායාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙන හානන්ද, භික්ඛුනා කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිඤ්චිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සො ඉති පටිසඤ්චික්ඛති: යස්ස ඛො’හං අත්ථාය චිත්තං පණිදහිං සො මෙ අත්ථො අභිනිප්ඵන්නො. හන්දදානි පටිසංහරාමීති. සො පටිසංහරති චෙව න ච විතක්කෙති. න ච විචාරෙති. “අවිතක්කොම්හි අවිචාරො අජ්ඣත්තං සතිමා සුඛමස්මී”ති පජානාති.
ආනන්ද, එය එසේ ය. ආනන්ද , එය එසේ ය. ආනන්ද, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසේ නම් ඔහු විසින් පෙරට වඩා උදාර වූ විශේෂයක් පසු ව හඳුනන්නේ ය යන මෙය කැමති වියයුතු. කවර සතරෙක ද යත්: ආනන්ද, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව ද කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කය අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරෙයි. ආනන්ද, ඒ මහණහු විසින් කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවියයුතු යි. කිසියම් පැහැදියයුතු නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳි යි. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මෙසේ නුවණින් සලකා බලයි: “මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපනි. ඒකාන්තයෙන් දැන් (පැහැදියයුතු නිමිත්තෙන් සිත) ආපසු හැර ගනිමි” යි. හෙතෙමේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. නො ද විතර්ක කෙරෙයි. නො ද විචාර කෙරෙයි. විතර්ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
පුන චපරං ආනන්ද, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස වෙදනාසු වෙදනානුපස්සිනො විහරතො වෙදනාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො -පෙ- පජානාති.
ආනන්ද, නැවත අනෙකක් ද කියමි: මහණ වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට වේදනා අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
පුන චපරං ආනන්ද, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස චිත්තෙ චිත්තානුපස්සිනො විහරතො චිත්තාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො -පෙ- පජානාති.
ආනන්ද, නැවත අනෙකක් ද කියමි: මහණ සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට සිත් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
පුන චපරං ආනන්ද, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො ධම්මාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙනහානන්ද, භික්ඛුනා කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. සො ඉති පටිසඤ්චික්ඛති: “යස්ස ඛො’හං අත්ථාය චිත්තං පණිදහිං, සො මෙ අත්ථො අභිනිප්ඵන්නො. “හන්දදානි පටිසංහරාමී”ති. සො පටිසංහරති චෙව න ච විතක්කෙති, න ච විචාරෙති, අවිතක්කොම්හි අවිචාරො, අජ්ඣත්තං සතිමා සුඛිතස්මී”ති පජානාති. එවං ඛො ආනන්ද, පණිධාය භාවනා හොති.
ආනන්ද, නැවත අනෙකක් ද කියමි: මහණ දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරේ. ආනන්ද, ඒ මහණහු විසින් පැහැදිය යුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවියයුතු. පැහැදියයුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්‍රමුදිත භාවය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපන. ඒකාන්තයෙන් දැන් ආපසු හැර ගනිමි”යි මෙසේ නුවණින් සලකා බලයි. හේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. විතර්ක නො ද කෙරෙයි. විචාර නො ද කෙරෙයි. විතර්ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්ද, මෙසේ (සිත) පිහිටුවා වැඩීම වේ.
කථඤ්චානන්ද , අප්පණිධාය භාවනා හොති: බහිද්ධා ආනන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්තන්ති” පජානාති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති පජානාති.
ආනන්ද, (සිත) නොපිහිටුවා වැඩීම කෙසේ වේ ද යත්: ආනන්ද, මහණ පිටත සිත නොපිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. නැවත පසුව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි. හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
බහිද්ධානන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්තන්ති” පජානාති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන වෙදනාසු වෙදනානුපස්සී විහරාමි, ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති පජානාති.
ආනන්ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. නැවත පසුව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතු දු වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
බහිද්ධානන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්තන්ති” පජානා’ති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන චිත්තෙ චිත්තානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති පජානාති.
ආනන්ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. යළි පසු ව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
බහිද්ධානන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්ත”න්ති පජානාති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති පජානාති. එවං ඛො ආනන්ද, අප්පණිධාය භාවනා හොති.
ආනන්ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැයි දැනගනී. යළි පසු ව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්ද, මෙසේ (සිත) නො පිහිටුවා වැඩීම වේ.
ඉති ඛො ආනන්ද, දෙසිතා මයා පණිධාය භාවනා, දෙසිතා අප්පණිධාය භාවනා. යං ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා: එතානි ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, අයං වො අම්හාකං අනුසාසනීති.
ආනන්ද, මෙසේ මා විසින් සිත පිහිටුවා වැඩීම දේශනා කරන ලදී. සිත නො පිහිටුවා වැඩීම දේශනා කරන ලදී. ආනන්ද, සව්වන්ට වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. ආනන්ද, තෙල රුක්මුල් ඇත. තෙල ශුන්‍යාගාර ඇත. ආනන්ද, ධ්‍යාන කරවු. නහමක් පමාවවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
අම්බපාලිවග්ගො පඨමො.
පළමුවැනි අම්බපාලිවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
අම්බපාලි සතො භික්ඛු සාලා කුසලරාසි ච සකුණග්ඝි මක්කටො සූදො ගිලානො භික්ඛුනුපස්සයොති.
අම්බපාලි, සතෝ, භික්ඛු, සාලා, කුසලරාසි, සකුණග්ඝි, මක්කට, සූද, ගිලාන, භික්ඛුනූපස්සය යී දශසූත්‍රාන්තකෙනෙකි යි.