යෙදුමෙන් කියවන්න

මහාපුරිසසුත‍්තං

3. 2. 1.

3. 2. 1.

මහාපුරිසසුත‍්තං

මහාපුරිස සූත්‍රය

1189. සාවත්‍ථියං:

1189. සැවැත්නුවර:

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “මහාපුරිසො මහාපුරිසොති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො: භන‍්තෙ, මහාපුරිසො හොතී”ති: විමුත‍්තචිත‍්තත‍්තා ඛො’හං සාරිපුත‍්ත, මහාපුරිසොති වදාමි. අවිමුත‍්තචිත‍්තත‍්තා නො මහාපුරිසොති වදාමි. කථඤ‍්ච සාරිපුත‍්ත, විමුත‍්තචිත‍්තො හොති: ඉධ සාරිපුත‍්ත, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති. ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස කායෙ කායානුපස‍්සිනො විහරතො චිත‍්තං විරජ‍්ජති, විමුච‍්චති අනුපාදාය ආසවෙහි. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති, ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරතො චිත‍්තං විරජ‍්ජති, විමුච‍්චති, අනුපාදාය ආසවෙහි. එවං ඛො සාරිපුත‍්ත, විමුත‍්තචිත‍්තො හොති. විමුත‍්තචිත‍්තත‍්තා ඛො’හං සාරිපුත‍්ත, මහාපුරිසොති වදාමි. අවිමුත‍්තචිත‍්තත‍්තා නො මහාපුරිසොති වදාමීති.

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මහාපුරිස මහාපුරිස” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් මහාපුරිස වේ දැ?” යි. සාරිපුත්ත, මිදුණු සිත් ඇති බැවින් මහාපුරිස ය යි මම කියමි. නො මිදුණු සිත් ඇති බැවින් මහාපුරිස නො වේ ය යි කියමි. සාරිපුත්ත කෙසේ නම් මිදුණු සිත් ඇත්තේ වේ ද යත්: සාරිපුත්ත, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත නො ඇලේ. උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත නො ඇලේ. උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදේ. සාරිපුත්ත, මෙසේ මිදුණු සිත් ඇත්තේ වෙයි. සාරිපුත්ත, මිදුණුසිත් ඇති බැවින් මහාපුරිස ය යි මම කියමි. නොමිදුණු සිත් ඇති බැවින් මහාපුරිස නො වේ ය යි කියමි යි.