යෙදුමෙන් කියවන්න

නාලන්‍දාසුත‍්තං

3. 2. 2.

3. 2. 2.

නාලන්‍දාසුත‍්තං

නාලන්‍දා සූත්‍රය

1190. එකං සමයං භගවා නාලන්‍දායං විහරති පාවාරිකම‍්බවනෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “එවංපසන‍්නො’හං භන‍්තෙ, භගවති ‘න චාහු න ච භවිස‍්සති, න චෙතරහි විජ‍්ජති, අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා භගවතා භිය්‍යො’භිඤ‍්ඤතරො යදිදං සම‍්බොධිය”න‍්ති.

1190. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දානුවර සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය. නො ද වන්නේ ය. දැනුදු නැත්තේ ය” යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි.

උළාරාත්‍යත්‍රායං සාරිපුත‍්ත, ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො, එවංපසන‍්නො’හං භන‍්තෙ, භගවති: “න චාහු න ච භවිස‍්සති න චෙතරහි විජ‍්ජති අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා භගවතා භිය්‍යොභිඤ‍්ඤතරො යදිදං සම‍්බොධිය”න‍්ති. කින‍්නු තෙ සාරිපුත‍්ත, යෙ තෙ අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා සබ‍්බෙ තෙ භගවන‍්තො චෙතසා චෙතො පරිච‍්ච විදිතා. එවංසීලා තෙ භගවන‍්තො අහෙසුං ඉති වා, එවංධම‍්මා තෙ භගවන‍්තො අහෙසුං ඉති වා, එවංපඤ‍්ඤා තෙ භගවන‍්තො අහෙසුං ඉති වා, එවංවිහාරිනො තෙ භගවන‍්තො අහෙසුං ඉති වා එවංවිමුත‍්තා තෙ භගවන‍්තො අහෙසුං ඉති වාති? නොහෙතං භන‍්තෙ,

සාරිපුත්ත, සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර ඤාන ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය, නො ද වන්නේ ය, දැනුදු නැත්තේ ය යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි යන මේ ශ්‍රේෂ්ඨය අකම්ප්‍ය වචනයෙක් මෙහි ලා කියන ලදී. ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලදී. සාරිපුත්ත, කිම? ඉකුත්කල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළ වූ සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ “තොප විසින් ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූ සේකැයි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු දහම් ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වූ සේකැ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දෝ දැ? යි වහන්ස මෙය නැත් ම ය.

කිම‍්පන තෙ සාරිපුත‍්ත, යෙ තෙ භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා, සබ‍්බෙ තෙ භගවන‍්තො චෙතසා චෙතො පරිච‍්ච විදිතා: “එවංසීලා තෙ භගවන‍්තො භවිස‍්සන‍්ති ඉති වා, එවංධම‍්මා තෙ භගවන‍්තො භවිස‍්සන‍්ති ඉති වා, එවංපඤ‍්ඤා තෙ භගවන‍්තො භවිස‍්සන‍්ති ඉති වා, එවංවිහාරිනො තෙ භගවන‍්තො, භවිස‍්සන‍්ති ඉති වා, එවංවිමුත‍්තා තෙ භගවන‍්තො භවිස‍්සන‍්ති ඉති වාති? නො හෙතං භන‍්තෙ.

සාරිපුත්ත, කිමෙක් ද? මතුකල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළ වන සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ තොප විසින් “ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි වහන්ස, මෙය නැත් ම ය.

කිං පන තෙ සාරිපුත‍්ත, එතරහි අරහං සම‍්මාසම‍්බුද‍්ධො චෙතසා චෙතො පරිච‍්ච විදිතො: “එවංසීලො භගවා ඉති වා, එවංධම‍්මො භගවා ඉති වා, එවංපඤ‍්ඤො භගවා ඉති වා, එවංවිහාරී භගවා ඉති වා, එවංවිමුත‍්තො භගවා ඉතිප‍්පවා”ති? නො හෙතං භන‍්තෙ. එත්‍ථ ච තෙ සාරිපුත‍්ත, අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු අරහන‍්තෙසු සම‍්මාසම‍්බුද‍්ධෙසු චෙතොපරියඤාණං නත්‍ථි. අථ කිඤ‍්චරහි තයා සාරිපුත‍්ත, උළාරා ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො: “එවං පසන‍්නොහං භන‍්තෙ, භගවති නචාහු නච භවිස‍්සති න චෙතරහි විජ‍්ජති අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා භගවතා භිය්‍යොභිඤ‍්ඤතරො යදිදං සම‍්බොධිය”න‍්ති.

සාරිපුත්ත, කිමෙක් ද? තොප විසින් දැන් අර්‍හත් සම්මාසම්බුදුරජ “භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු දහම් ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ප්‍රඥා ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විහරණ ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විමුක්ති ඇති සේකැ යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි. වහන්ස, මෙය නැත් ම ය. සාරිපුත්ත, මෙහි ලා තොපට අතීතානාගතපච්චුප්පන්න අර්‍හත් සම්මාසම්බුදුවරයන් කෙරෙහි චේතෝපරියඤාණයෙක් (=සිතින් සිත පිරිසිඳ දැනීමේ නුවණෙක්) නැත. එකල්හි කුමක් හෙයින් තොප විසින් “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මගනුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් නො ද වීය. නොද වන්නේ ය. දැනුදු නැතැ යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි ශ්‍රේෂ්ඨ අකම්ප්‍ය වචනයෙක් කියන ලද ද: ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලද දැ? යි.

න ඛො මෙ භන‍්තෙ, අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු අරහන‍්තෙසු සම‍්මාසම‍්බුද‍්ධෙසු චෙතොපරියඤාණං අත්‍ථි. අපි ච ධම‍්මන්‍වයො විදිතො. සෙය්‍යථාපි භන‍්තෙ, රඤ‍්ඤො පච‍්චන‍්තිමං නගරං දළ‍්හුද‍්දාපං දළ‍්හපාකාරතොරණං එකද‍්වාරං. තත්‍රස‍්ස දොවාරිකො පණ‍්ඩිතො ව්‍යත‍්තො මෙධාවී අඤ‍්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. සො තස‍්ස නගරස‍්ස සමන‍්තා අනුපරියායපථං අනුක‍්කමමානො න පස‍්සෙය්‍ය පාකාරසන්‍ධිං වා පාකාරවිවරං වා, අන‍්තමසො බිළාලනික‍්ඛමනමත‍්තම‍්පි. තස‍්ස එවමස‍්ස, යෙ කෙචි ඔළාරිකා පාණා ඉමං නගරං පවිසන‍්ති වා නික‍්ඛමන‍්ති වා සබ‍්බෙ තෙ ඉමිනාව ද‍්වාරෙන පවිසන‍්ති වා නික‍්ඛමන‍්ති වාති.

වහන්ස, අතීතානාගතපච්චුප්පන්න වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි චේතෝපරිය ඤාණයෙක් මට නැත. එසේ වුව ද, දහම් අනුව දන්නා ලදී. වහන්ස, යම්සේ රජකුට දැඩිපවුරු ඇති දැඩිපවුරු තොරන් ඇති එක් දොරක් ඇති පසල්නුවරෙක් වේ ද: එහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණ ඇති නො අඳුනන්නවුන් වළක්වන අඳුනන්නවුන් ඇතුළු කරන දොරටුපල්ලෙක් වන්නේ ය. හේ ඒ නුවර හාත්පස පවුර අවට මඟ අනුව යන්නේ යටත් පිරිසෙයින් බළලුන් නික්මෙන පමණ වූත් පවුරුසන්‍ධියක් (=ගඩොළු දෙකක් ඉවත් වූ තැනක්) හෝ පවුරු සිදුරක් (=සුන්තැනක්) හෝ නොදක්නේ ය. ඔහුට මෙසේ සිත් වන්නේ ය. යම්කිසි ඖදාරික ප්‍රාණීහු මේ නුවරට පිවිසෙත් නම් හෝ නික්මෙත් නම් හෝ ඒ සියල්ලෝ මේ දොරින් ම පිවිසෙත් හෝ නික්මෙත් හෝ යි.

එවමෙව ඛො මෙ භන‍්තෙ, ධම‍්මන්‍වයො විදිතො: “යෙපි තෙ භන‍්තෙ, අහෙසුං අතීතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා. සබ‍්බෙ තෙ භගවන‍්තො පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ චතූසු සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිංසු. යෙපි තෙ භන‍්තෙ, භවිස‍්සන‍්ති අනාගතමද‍්ධානං අරහන‍්තො සම‍්මාසම‍්බුද‍්ධා සබ‍්බෙ තෙ භගවන‍්තො පඤ‍්චනීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ චතූසු සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣිස‍්සන‍්ති. භගවාපි භන‍්තෙ, එතරහි අරහං සම‍්මා සම‍්බුද‍්ධො පඤ‍්චනීවරණෙ පහාය, චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ, චතූසු සතිපට‍්ඨානෙසු සූපට‍්ඨිතචිත‍්තො, සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ යථාභූතං භාවෙත්‍වා, අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො”ති.

වහන්ස, එසෙයින් ම මා විසින් දහම් අනු ව දන්නා ලද්දේ ය. වහන්ස, ඉකුත්කල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පභළ වූ සේක් ද; ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති සේක් සත්බොජඟ තතු සේ වඩා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක. වහන්ස, මතුකලදු යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළවන සේක් නම් ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති සේක් සත්බොජඟ තතුසේ වඩා අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කරන සේක. වහන්ස, මෙකල අර්‍හත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරණ පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතිසේක් සත්බොජඟ තතුසේ වඩා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේකැ යි.

සාධු සාධු සාරිපුත‍්ත, තස‍්මාතිහ ත්‍වං සාරිපුත‍්ත, ඉමං ධම‍්මපරියායං අභික‍්ඛණං භාසෙය්‍යාසි, භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. යෙසම‍්පි හි සාරිපුත‍්ත, මොඝපුරිසානං භවිස‍්සති තථාගතෙ කඞ‍්ඛා වා විමති වා තෙසම‍්පිමං ධම‍්මපරියායං සුත්‍වා යා තථාගතෙ කඞ‍්ඛා වා විමති වා සා පහීයිස‍්සතී ති.

සාරිපුත්ත, මැනවි, මැනවි, සාරිපුත්ත, එහෙයින් මෙහි ලා තෙපි මේ දහම්නය මහණුනට මෙහෙණනට උවසුනට උවැසියනට එක්වන් කියන්නහු. සාරිපුත්ත, යම් හිස්පුරුෂයනට දු තථාගතයන් කෙරෙහි යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වන්නේ නම් මේ දහම්නය අසා ඔවුන්ගේත් තථාගතයන් කෙරෙහි වූ යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද; එය ප්‍රහීණ වන්නේ යි.