චුන්දසුත්තං
3. 2. 3.
3. 2. 3.
චුන්දසුත්තං
චුන්ද සූත්‍රය
1191. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො මගධෙසු විහරති නාළකගාමකෙ, ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. චුන්දො ච සමණුද්දෙසො ආයස්මතො සාරිපුත්තස්ස උපට්ඨාකො හොති. අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙනෙව ආබාධෙන පරිනිබ්බායි. අථ ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො සාරිපුත්තස්ස පත්තචීවරං ආදාය යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මන්තං ආනන්දං එතදවොච:
1191. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගදදනව්වෙහි නාළකගම්හි හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩිසේ ගිලන් වූවාහු වැඩවෙසෙති. චුන්‍දහෙරණ තෙමේත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට උවටැන් කරන්නේ වේ. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ ආබාධයෙන් ම පිරිනිවියහ. ඉක්බිති චුන්ද හෙරණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසිවුරු ගෙන සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චුන්ද හෙරණ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කී ය.
“ආයස්මා භන්තෙ, සාරිපුත්තො පරිනිබ්බුතො. ඉදමස්ස පත්තචීවර”න්ති. අත්ථි ඛො ඉදං ආවුසො කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසො චුන්ද, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාමාති. එවං භන්තෙ’ති ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා ච ආනන්දො චුන්දො ච සමණුද්දෙසො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අයං භන්තෙ, චුන්දො සමණුද්දෙසො එවමාහ. ආයස්මා භන්තෙ, සාරිපුත්තො පරිනිබ්බුතො, ඉදමස්ස පත්තචීවර”න්ති. අපි ච මෙ භන්තෙ, මධුරකජාතො විය කායො, දිසාපි මෙ න පක්ඛායන්ති. ධම්මාපි මං නප්පටිභන්ති. ආයස්මා සාරිපුත්තො පරිනිබ්බුතො’ති සුත්වාති.
වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු යි ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දකිනු වස් මේකතාපඬුරෙක් ඇත. ඇවත චුන්ද, යමු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙ අරුත සැලකරන්නෙමු යි. වහන්ස, එසේ ය යි චුන්‍දහෙරණ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිතුරු දිනි. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝත් චුන්දහෙරණුවෝත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මේ චුන්ද හෙරණ මෙසේ කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු” යි. වහන්ස, තව ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ යි අසා මාගේ සිරුර තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නොවැටහේ යි.
කින්නු ඛො තෙ ආනන්ද, සාරිපුත්තො සීලක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, සමාධික්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, පඤ්ඤාක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, විමුත්තික්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, විමුත්තිඤාණදස්සනක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතොති? න ච ඛො මෙ භන්තෙ. ආයස්මා සාරිපුත්තො සීලක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො. අපි ච භන්තෙ, ආයස්මා සාරිපුත්තො ඔවාදකො අහොසි, විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො අකිලාසු ධම්මදෙසනාය, අනුග්ගාහකො සබ්රහ්මචාරීනං. තං මයං ආයස්මතො සාරිපුත්තස්ස ධම්මොජං ධම්මභොගං ධම්මානුග්ගහං අනුස්සරාමාති.
ආනන්ද, කිමෙක් ද? සැරියුත් තොපගේ ශීලස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? සමාධිස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? ප්රඥාස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිඥානදර්ශනස්කන්ධය හෝ රැගෙන පිරිනිවියේ දැ?යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මාගේ ශීලස්කන්ධය හෝ රැගෙන නො පිරිනිවියහ ... මාගේ විමුක්තිඥානදර්ශනස්කන්ධය හෝ රැගෙන නො ම පිරිනිවියහ. වහන්ස, එතෙකුදු වුවත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අවවාද කරන්නෙක් කරුණු අඟවන්නෙක් කරුණු දක්වන්නෙක් සමාදන් කරවන්නෙක් තෙද ගන්වන්නෙක් සතුටු කරවන්නෙක් දම්දෙසුම්හි නො පසුබස්නෙක් සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නෙක් වූහ. අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ ඒ ධර්මොජස ධර්මභොගය ධර්මානුග්රහ සිහි කරමු යි.
නනු තං ආනන්ද, මයා පටිගච්චෙව අක්ඛාතං: “සබ්බෙහි පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො, තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති, නෙතං ඨානං විජ්ජති, සෙය්යථාපි ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සො මහන්තතරො ඛන්ධො සො පලුජ්ජෙය්ය, එවමෙව ඛො ආනන්ද, මහතො භික්ඛුසඞ්ඝස්ස තිට්ඨතො සාරවතො සාරිපුත්තො පරිනිබ්බුතො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති, නෙතං ඨානං විජ්ජති. තස්මාතිහානන්ද, අත්තදීපා විහරථ, අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
ආනන්ද, සියලු ප්‍රියමනාප වස්තුවලින් වෙනස්වනබව වෙන්වන බව අන්අයුරකට පැමිණෙනබව මා විසින් පළමු කොට ම කියන ලද්දේ නො වේ ද? ආනන්ද, ඒ යමක් උපන්නේ ද වූයේ ද හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ද වැනසෙන සැහැවි ඇත්තේ ද; එය ඒකාන්තයෙන් විනාශ නො වේවා යන ඒ කරුණ මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කරුණ නැත්තේ ය. ආනන්ද, යම්සේ පවත්නා හර ඇති මහත්රුකෙක යම් ඉතාමහත් කඳෙක් වේ ද; එය නැසෙන්නේ ය. ආනන්ද, එසෙයින් ම පවත්නා හර ඇති මහත් බික්සඟන පිළිබඳ සැරියුත් පිරිනිවියේ ය. ආනන්ද, යමක් උපන්නේ ද වූයේ ද හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ ද වැනසෙන ස්වභාව ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො නැසේ වා යන ඒ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කාරණය නැත්තේ ය. ආනන්ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු.
කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො. ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණා: ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙහි කෙචි ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. තමතග්ගෙ මෙ තෙ ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා”ති.
ආනන්ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්; ආනන්ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්ද, යම්කිසි භික්ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු නම් ආනන්ද, යම්කිසි භික්ෂු කෙනෙක් ශික්ෂාකාමී වන්නාහු නම් ඒ මේ භික්ෂූහු අග්රතම වෙති යි.