යෙදුමෙන් කියවන්න

3. චුන්‍දසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

3. චුන්‍දසුත‍්තවණ‍්ණනා

3. චුන්ද සූත්‍ර වර්ණනාව

තතියෙ මගධෙසූති එවංනාමකෙ ජනපදෙ. නාලකගාමකෙති රාජගහස‍්ස අවිදූරෙ අත‍්තනො කුලසන‍්තකෙ එවංනාමකෙ ගාමෙ. චුන්‍දො සමණුද‍්දෙසොති අයං ථෙරො ධම‍්මසෙනාපතිස‍්ස කනිට‍්ඨභාතිකො, තං භික‍්ඛූ අනුපසම‍්පන‍්නකාලෙ “චුන්‍දො සමණුද‍්දෙසො”ති සමුදාචරිත්‍වා ථෙරකාලෙපි තථෙව සමුදාචරිංසු. තෙන වුත‍්තං “චුන්‍දො සමණුද‍්දෙසො”ති. උපට‍්ඨාකො හොතීති මුඛොදකදන‍්තකට‍්ඨදානෙන චෙව පරිවෙණසම‍්මජ‍්ජන-පිට‍්ඨිපරිකම‍්මකරණ-පත‍්තචීවරග‍්ගහණෙන ච උපට‍්ඨානකරො හොති. පරිනිබ‍්බායීති අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බුතො. කතරස‍්මිං කාලෙති? භගවතො පරිනිබ‍්බානසංවච‍්ඡරෙ.

තෙවැන්නෙහි - මගධෙසු = මෙම නම ඇති ජනපදයෙහි. නාළක ගාමකො = රජගහට නුදුරෙහි තම පවුලට අයත් වූ මේ නම ඇති ගමෙහි. චුන්‍දො සමණුද්දෙසො = මේ ස්ථවිර තෙමේ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන්ගේ කණිටු සොයුරාය. භික්ෂූහු ඔහුට උපසපන් වීමට පෙර කාලයෙහි “චුන්‍දසමණුදෙස” (හෙවත් චුන්ද සාමණේර) යයි නිතර ව්‍යවහාරයට පුරුදු වී සිට ස්ථවිර භාවයට පත් වූ කාලයෙහි ද පෙර සේම ව්‍යවහාර කළහ. ඒ නිසා “චුන්‍දො සමණුද්දෙසො” යයි කියන ලදී. උපට්ඨකො හොති = මුව දොවන පැන්, දැහැටි කූරු ආදිය දීමෙන් ද, ආරාමය ඇමදීමෙන් ද, පිට සේදීම් පිරිමැදීම් ආදිය කිරීමෙන් ද, පා සිවුරු ගැනීමෙන් ද උවටැන් කරන්නේ වෙයි. පරිනිබ්බායී. අනුපධි ශේෂ නිර්වාණ ධාතුවෙන් (හෙවත් කිසිවක් ඉතිරි නො කොට, පිරිනිවියේය. කවර කලෙක දී ද යත් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණ වර්ෂයේදීමය.

තත්‍රායං අනුපුබ‍්බිකථා – භගවා කිර වුත්‍ථවස‍්සො වෙළුවගාමකා නික‍්ඛමිත්‍වා “සාවත්‍ථිං ගමිස‍්සාමී”ති ආගතමග‍්ගෙනෙව පටිනිවත‍්තන‍්තො අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනං පාවිසි. ධම‍්මසෙනාපති භගවතො වත‍්තං දස‍්සෙත්‍වා දිවාට‍්ඨානං ගතො, සො තත්‍ථ අන‍්තෙවාසිකෙසු වත‍්තං දස‍්සෙත්‍වා පටික‍්කන‍්තෙසු දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා චම‍්මඛණ‍්ඩං පඤ‍්ඤාපෙත්‍වා පාදෙ පක‍්ඛාලෙත්‍වා පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා ඵලසමාපත‍්තිං පාවිසි. අථස‍්ස යථා පරිච‍්ඡෙදෙන තතො වුට‍්ඨිතස‍්ස අයං පරිවිතක‍්කො උදපාදි “බුද‍්ධා නු ඛො පඨමං පරිනිබ‍්බායන‍්ති, උදාහු අග‍්ගසාවකාති, තතො “අග‍්ගසාවකා පඨම”න‍්ති ඤත්‍වා අත‍්තනො ආයුසඞ‍්ඛාරං ඔලොකෙසි. සො “සත‍්තාහමෙව මෙ ආයුසඞ‍්ඛාරා පවත‍්තිස‍්සන‍්තී”ති ඤත්‍වා “කත්‍ථ පරිනිබ‍්බායිස‍්සාමී”ති චින‍්තෙසි.

මෙය එහි අනු පිළිවෙළ කථාවයි. භාග්‍යවතුන් වහන්සේ වනාහී වැස නිමවන ලද වස් ඇත්තාහු බේළුව නම් ගමින් නික්ම සැවැත් නුවරට යන්නෙමියි පැමිණි මගින් ම ආපසු හැරී යන්නාහු අනුපිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රමට පිවිසියහ. දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වතාවක් දක්වා දහවල් වසන තැනට පැමිණියහ. උන්වහන්සේ, එහි අතවැසියන් වත් දක්වා ඉවත්ව ගිය කල්හි දිවාස්ථානය හැමද සම්කඩ අතුරා පා සෝදා පර්යංකයක්ව හිඳ පල සම වතට පිවිසියහ. ඉක්බිති පිළිවෙළින් එම සමවතින් නැඟීසිටි තෙරුන් වහන්සේට “ප්‍රථමයෙන් පිරිනිවෙන්නෝ බුදුවරුද නැතහොත් අග්‍ර ශ්‍රාවකයෝ ද” යන මෙම සිතුවිල්ල උපන්නේ ය. එවිට, පළමුව අග්‍රශ්‍රාවකයන් (පිරිනිවෙන) බව දැන තමාගේ ආයු සංස්කාරය බැලූහ. “මාගේ ආයු සංස්කාරය දින සතක් පමණක්ම පවතින්නේ යයි” දැන. කොහිදී පිරිනිවෙන්නෙම්දැයි සිතූහ.

තතො “රාහුලො තාවතිංසෙසු පරිනිබ‍්බුතො, අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො ඡද‍්දන‍්තදහෙ, අහං කත්‍ථ පරිනිබ‍්බායිස‍්සාමී”ති පුනප‍්පුනං චින‍්තෙන‍්තො මාතරං ආරබ‍්භ සතිං උප‍්පාදෙසි –

ඉන් පසු රාහුල තෙරණුවෝ තව්තිසාවෙහිදී ද, අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණුවෝ ඡද්දන්ත නම් විල අසලදීද පිරිනිවියහ, මම කොහිදී පිරිනිවෙන්නෙම්දැයි නැවත නැවත සිතනුවෝ මෑණියන් පිළිබඳව සංවේග ඉපදවූහ.

“මය‍්හං මාතා සත‍්තන‍්නං අරහන‍්තානං මාතා හුත්‍වාපි බුද‍්ධධම‍්මසඞ‍්ඝෙසු අප‍්පසන‍්නා, අත්‍ථි නු ඛො තස‍්සා උපනිස‍්සයො, නත්‍ථි නු ඛො”ති. සොතාපත‍්තිමග‍්ගස‍්ස උපනිස‍්සයං දිස‍්වා “කස‍්ස දෙසනාය අභිසමයො භවිස‍්සතී”ති ඔලොකෙන‍්තො “මමෙව ධම‍්මදෙසනාය භවිස‍්සති, න අඤ‍්ඤස‍්ස. සචෙ ඛො පනාහං අප‍්පොස‍්සුක‍්කො භවෙය්‍යං, භවිස‍්සන‍්ති මෙ වත‍්තාරො – “සාරිපුත‍්තත්‍ථෙරො අවසෙසජනානම‍්පි අවස‍්සයො හොති. තථා හිස‍්ස සමචිත‍්තසුත‍්තන‍්තදෙසනාදිවසෙ (අ· නි· 2.33-37) කොටිසතසහස‍්සදෙවතා අරහත‍්තං පත‍්තා, තයො මග‍්ගෙ පටිවිද‍්ධදෙවතානං ගණනා නත්‍ථි, අඤ‍්ඤෙසු ච ඨානෙසු අනෙකා අභිසමයා දිස‍්සන‍්ති, ථෙරෙ ච චිත‍්තං පසාදෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තානෙව අසීති කුලසහස‍්සානි, සො දානි සකමාතුමිච‍්ඡාදස‍්සනමත‍්තම‍්පි හරිතුං නාසක‍්ඛී”ති.

මාගේ මෑණියෝ රහතුන් පස් නමකටම මව වූ නමුදු බුද්ධ, ධම්ම හා සංඝයා කෙරෙහි පැහැදීම් රහිත ය, ඇයට (මඟ පල සඳහා) හේතු සම්පත් ඇත් ද නැත්දැයි බලා සෝවාන් මාර්ගයට හේතු සම්පත් ඇතැයි දැක කවරකුගේ දේශනාවෙන් ධර්මාවබෝධය වන්නේදැයි බලනුවෝ මාගේම දම් දෙසුමෙන් වන්නේය. අන් අයකුගේ දේශනාවකින් නොවේය යනුවෙන් දැක ඉදින් මම උත්සාහවත් නොවන්නෙම් නම් සැරියුත් තෙරණුවෝ වෙනත් ජනයාට ද අවශ්‍ය වෙති. උන්වහන්සේ සමචිත්ත සූත්‍රාන්ත දේශනාව පැවැත්වූ දිනයෙහි කෝටි සිය දහසක් දේවතාවෝ රහත් බවට පැමිණියහ, (සෝවාන් ආදී) මාර්ග තුන අවබෝධ කරගත් දේවතාවන්ගේ ගණනක් නැත. අන් තැන්හිදී ද ධර්මාවබෝධය ලැබූ බොහෝ දෙනා වෙති. තෙරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා පවුල් අසූ දහසක්ම ස්වර්ගයෙහි උපන්හ. (එබඳ) උන් වහන්සේ දැන් තම මවගේ මිසදිටු දැක්ම පමණක් වුව ඉවත් කිරීමට නො හැකි වූහයි (බොහෝ දෙනා) කියන්නාහ.

තස‍්මා මාතරං මිච‍්ඡාදස‍්සනා මොචෙත්‍වා ජාතොවරකෙයෙව පරිනිබ‍්බායිස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා “අජ‍්ජෙව භගවන‍්තං අනුජානාපෙත්‍වා නික‍්ඛමිස‍්සාමී”ති චුන්‍දත්‍ථෙරං ආමන‍්තෙසි – “ආවුසො, චුන්‍ද, අම‍්හාකං පඤ‍්චසතාය භික‍්ඛුපරිසාය සඤ‍්ඤං දෙහි. ‘ගණ‍්හථාවුසො පත‍්තචීවරානි, ධම‍්මසෙනාපති නාලකගාමං ගන‍්තුකාමො’”ති. ථෙරො තථා අකාසි.

එහෙයින් මෑණියන් මිථ්‍යා දර්ශනයෙන් මුදවා උපන් කුටියෙහි දීම පිරිනිවෙන්නෙමියි සනිටුහන් කොට අදම භාග්‍යවතුන් වහන්සේ අනු දක්වා ගෙන නික්මෙන්නෙමියි (සිතා) චුන්ද තෙරුන් ඇමතූහ. ඇවැත් චුන්දයෙනි. අපගේ පන්සියයක් වන භික්ෂු පිරිසට “ඇවැත්නි. පා සිවුරු ගන්න, දම් සෙනෙවි (සැරියුත් තෙමේ නාළක නම් ගමට යනු කැමැත්තේ යයි” සංඥාවක් දෙන්නයයි කීහ. චුන්ද ස්ථවිර තෙමේ එසේ කළේය.

භික‍්ඛූ සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය ථෙරස‍්ස සන‍්තිකං අගමංසු. ථෙරො සෙනාසනං සංසාමෙත්‍වා දිවාට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා දිවාට‍්ඨානද‍්වාරෙ ඨත්‍වා දිවාට‍්ඨානං ඔලොකෙත්‍වා “ඉදං දානි පච‍්ඡිමදස‍්සනං, පුන ආගමනං නත්‍ථී”ති පඤ‍්චසතභික‍්ඛූහි පරිවුතො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා භගවන‍්තං එතදවොච “අනුජානාතු මෙ භන‍්තෙ භගවා, අනුජානාතු සුගතො. පරිනිබ‍්බානකාලො මෙ, ඔස‍්සට‍්ඨො මෙ ආයුසඞ‍්ඛාරො”ති. බුද‍්ධා පන යස‍්මා “පරිනිබ‍්බාහී”ති වුත‍්තෙ මරණවණ‍්ණං සංවණ‍්ණෙන‍්තීති, “මා පරිනිබ‍්බාහී”ති වුත‍්තෙ වට‍්ටස‍්ස ගුණං කථෙන‍්තීති මිච‍්ඡාදිට‍්ඨිකා දොසං ආරොපෙස‍්සන‍්ති, තස‍්මා තදුභයම‍්පි න වදන‍්ති. තෙන නං භගවා – “කත්‍ථ පරිනිබ‍්බායිස‍්සසි සාරිපුත‍්තා”ති වත්‍වා – “අත්‍ථි, භන‍්තෙ, මගධෙසු නාලකගාමෙ ජාතොවරකො, තත්‍ථාහං පරිනිබ‍්බායිස‍්සාමී”ති වුත‍්තෙ – “යස‍්ස දානි ත්‍වං, සාරිපුත‍්ත, කාලං මඤ‍්ඤසි, ඉදානි පන තෙ ජෙට‍්ඨකනිට‍්ඨභාතිකානං තාදිසස‍්ස භික‍්ඛුනො දස‍්සනං දුල‍්ලභං භවිස‍්සති, දෙසෙහි නෙසං ධම‍්ම”න‍්ති ආහ.

භික්ෂූහු සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන සැරියුත් තෙරුන් වහන්සේ ගේ සමීපයට ගියහ. තෙරණුවෝ සෙනසුන සකසා තබා දහවල් වසන තැන හැම ද දිවාස්ථාන දොරටුවෙහි සිට දිවාස්ථානය බලා දැන් මේ අවසාන දර්ශනයයි, නැවත පැමිණීමක් නැතැයි භික්ෂූන් පන්සියය පිරිවරණ ලදුයේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ මෙසේ කීහ. :- ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මාහට අනුදන්නා සේක්වා. සුගතයන් වහන්ස අනු දන්නා සේක්වා. මගේ පරිනිර්වාණ කාලය එළඹියේය, මාගේ ආයු සංස්කාරය අත්හැර දමන ලද්දේය. යම් හෙයකින්. පිරිනිවෙන්නේ යයි කියනු ලැබූ කල්හි බුදුවරුන් මරණය වර්ණනා කරත් යයි ද, පිරිනිවන් නොපාන්නේ යයි කියනු ලැබූ කල්හි උන්වහන්සේලා පැවැත්මෙහි ගුණ කියත් යයි ද මිථ්‍යා දෘෂ්ටිකයෝ දොස් පවරත්. ඒ නිසා බුදුහු ඒ දෙකම නොකියත්. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍රය, කොතැන්හිදී පිරිනිවෙන්නෙහි දැයි අසා ස්වාමීනි. මගධයෙහි නාළක නම් ගමෙහි මා උපන් ස්ථානය ඇත. මම එහිදී පිරිනිවන් පාන්නෙමියි කී කල්හි, ශාරිපුත්‍රයෙනි. ඔබ ඒ කාර්යය සඳහා කල් දනුව. දැන් මතු වනාහී ඔබගේ කණිටු සොහොයුරන් හට ඔබ වැනි භික්ෂුවකගේ දර්ශනය දුර්ලභ වන්නේය. ඔවුන් හට දහම් දෙසන්නැයි කීය.

ථෙරො – “සත්‍ථා මය‍්හං ඉද‍්ධිවිකුබ‍්බනපුබ‍්බඞ‍්ගමං ධම‍්මදෙසනං පච‍්චාසීසතී”ති ඤත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා තාලප‍්පමාණං ආකාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ඔරුය‍්හ දසබලස‍්ස පාදෙ වන්‍දි, පුන ද‍්විතාලප‍්පමාණං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ඔරුය‍්හ දසබලස‍්ස පාදෙ වන්‍දි, එතෙනුපායෙන සත‍්තතාලප‍්පමාණං අබ‍්භුග‍්ගන‍්ත්‍වා අනෙකානි පාටිහාරියසතානි දස‍්සෙන‍්තො ධම‍්මකථං ආරභි. දිස‍්සමානෙනපි කායෙන කථෙති, අදිස‍්සමානෙනපි. උපරිමෙන වා හෙට‍්ඨිමෙන වා උපඩ‍්ඪකායෙන කථෙති අදිස‍්සමානෙනපි දිස‍්සමානෙනපි, කාලෙන චන්‍දවණ‍්ණං දස‍්සෙති, කාලෙන සූරියවණ‍්ණං, කාලෙන පබ‍්බතවණ‍්ණං, කාලෙන සමුද‍්දවණ‍්ණං, කාලෙන චක‍්කවත‍්තිරාජා හොති, කාලෙන වෙස‍්සවණමහාරාජා, කාලෙන සක‍්කො දෙවරාජා, කාලෙන මහාබ්‍රහ‍්මාති එවං අනෙකානි පාටිහාරියසතානි දස‍්සෙන‍්තො ධම‍්මකථං කථෙසි. සකලනගරං සන‍්නිපති. ථෙරො ඔරුය‍්හ දසබලස‍්ස පාදෙ වන්‍දිත්‍වා අට‍්ඨාසි.

තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ මාගේ සෘද්ධි ප්‍රාතිහාර්ය පෙරටු කොට ඇති ධර්ම දේශනාව ඇසීමට බලාපොරොත්තු වන්නාහයි දැන භාග්‍යවතුන් වහන්සේ වැඳ තල් ගසක පමණ අහසට නැඟී පහළට බැස දසබලධාරීන් වහන්සේගේ පා වැඳ, මේ පිළිවෙළින් තල් රුක් සතක් පමණවූ ඉහළට බොහෝ වූ සිය ගණන් ප්‍රාතිහාර්යයන් දක්වමින් ධර්ම දේශනාව ආරම්භ කළහ. පෙනෙන්නාවූ කයින් යුතුව ද දේශනා කරති. ඉහළම සිට හෝ පහළම සිට දේශනා කරති. ශරීරයෙන් අඩක් පෙනෙන සේ සිට ද දේශනා කරති. නොපෙනෙන ශරීරයෙන් යුතුවද දේශනා කරති. වරෙක සඳුගේ රූපාකාරය දක්වති. වරෙක සූර්යයාගේ රූපාකාරය දක්වති. වරෙක පර්වතයෙක ආකාරයද, වරෙක සමුද්‍රයේ ආකාරයද දක්වති. වරෙක සක්විති රජකු සේ වෙති. වරෙක වෛශ්‍රවණ මහරජු සේද. වරෙක සක් දෙව් රජුසේ ද, වරෙකද මහා බ්‍රහ්ම භාර්යයන් දක්වමින් ධර්ම දේශනා කළහ. මුළු නුවරම රැස් විය. එවිට තෙරණුවෝ අහසින් බැස දසබලධාරීන් වහන්සේගේ පා වැඳ සිටියහ.

අථ නං සත්‍ථා ආහ – “කො නාමො අයං සාරිපුත‍්ත ධම‍්මපරියායො”ති. සීහවිකීළිතො නාම, භන‍්තෙති. තග‍්ඝ, සාරිපුත‍්ත, සීහවිකීළිතො තග‍්ඝ, සාරිපුත‍්ත, සීහවිකීළිතොති.

ඉක්බිති එම තෙරණුවන් හට ශාස්තෲන් වහන්සේ මෙසේ කීහ. ශාරිපුත්‍රයෙනි. මේ කිනම් ධර්ම කොට්ඨාශයක් ද? ස්වාමීනි. සීහ නිකීළිත නම් වේ. එය ශාරිපුත්‍රයෙනි, සීහ නිකීළිතය. එසේය ශාරිපුත්‍රය, සීහනිකීලිත නම් වෙයි.

ථෙරො අලත‍්තකවණ‍්ණෙ හත්‍ථෙ පසාරෙත්‍වා සත්‍ථු සුවණ‍්ණකච‍්ඡපසදිසෙ පාදෙ ගොප‍්ඵකෙසු ගහෙත්‍වා – “භන‍්තෙ, ඉමෙසං පාදානං වන්‍දනත්‍ථාය කප‍්පසතසහස‍්සාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං පාරමියො පූරිතා, සො මෙ මනොරථො මත්‍ථකං පත‍්තො, ඉතො දානි පට‍්ඨාය පටිසන්‍ධිවසෙන න පුන එකට‍්ඨානෙ සන‍්නිපාතො සමාගමො අත්‍ථි, ඡින‍්නො එස විස‍්සාසො, අනෙකෙහි බුද‍්ධසතසහස‍්සෙහි පවිට‍්ඨං අජරං අමරං ඛෙමං සුඛං සීතලං අභයං නිබ‍්බානපුරං පවිසිස‍්සාමි, සචෙ මෙ කිඤ‍්චි කායිකං වා වාචසිකං වා න රොචෙථ, ඛමථ තං භගවා, ගමනකාලො මය‍්හ”න‍්ති. ඛමාමි තෙ, සාරිපුත‍්ත, න ඛො පන තෙ කිඤ‍්චි කායිකං වා වාචසිකං වා මය‍්හං අරුච‍්චනකං අත්‍ථි, යස‍්ස දානි ත්‍වං, සාරිපුත‍්ත, කාලං මඤ‍්ඤසීති.

තෙරණුවෝ ලතු පැහැති අත් විහිදුවා ශාස්තෲන් වහන්සේගේ රන්වන් ඉදිබු පිටක හැඩය ඇති පාදයෙහි වළලු කර අල්වා ගෙන “ස්වාමීනි, මා විසින් මේ පා වැඳීම සඳහා කල්ප අසංඛෙය්‍ය සිය දහසකට අධික කාලයක් පාරමිතා පුරන ලදී. මාගේ ඒ අපේක්ෂාව මුදුන් පත් විය. දැන් මෙතැන් පටන් ප්‍රතිසන්ධි වශයෙන් එක් තැනෙක නැවත එකට එකතු වීමක් නැත්තේය. මේ විශ්වාසය බිඳී ගියේය. බොහෝ වූ සිය දහස් ගණන් බුදුවරුන් පිවිසියාවූ, ජරා රහිත වූ, මරණ රහිත වූ, ආරක්‍ෂිත වූ, සුවදායී වූ, සිසිල් වූ, නිර්භය වූ නිවන් පුරයට යන්නෙමි. ඉදින් මාගේ කායික වූ හෝ වාචසික වූ හෝ යම් කිසිවක් රුචි නො කරන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ එයට සමාව දෙන සේක්වා. මට යාම සඳහා කාලය එළඹසිටී” යයි සැල කළහ. ශාරිපුත්‍රය, ඔබට සමාව දෙමි. ඔබ කෙරෙහි කායිකව හෝ වාචසිකව මට රුචි නො වන කිසිවක් නැත්තේම ය, ශාරිපුත්‍රයෙනි, එබඳු වූ ඔබට දැන් කාලය පැමිණ තිබේ. එය සිහි කරන්නැයි වදාළහ.

ඉති භගවතා අනුඤ‍්ඤාතසමනන‍්තරං සත්‍ථු පාදෙ වන්‍දිත්‍වා උට‍්ඨිතමත‍්තෙ ආයස‍්මන‍්තෙ සාරිපුත‍්තෙ සිනෙරුචක‍්කවාළහිමවන‍්තපරිභණ‍්ඩපබ‍්බතෙ ධාරයමානාපි – “අජ‍්ජ ඉමං ගුණරාසිං ධාරෙතුං න සක‍්කොමී”ති වදන‍්තී විය එකප‍්පහාරෙනෙව විරවමානා මහාපථවී යාව උදකපරියන‍්තා අකම‍්පි, ආකාසෙ දෙවදුන්‍දුභියො ඵලිංසු, මහාමෙඝො උට‍්ඨහිත්‍වා පොක‍්ඛරවස‍්සං වස‍්සි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන් විමට ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ බුදු පා වැඳ නැගී සිටි විටම, මහමෙර, සක්වළ ගල, හිමවත ආදී පර්වතයන් උසුලා ගෙන සිටින්නෙම් නමුදු අද දින මේ ගුණ රාශිය උසුලා ගෙන සිටීමට නොහැක්කේ වෙමියි කියන්නාක් සේ එක්වරම රාව නංවමින් මහා පෘථිවිය ජලස්කන්‍ධ සීමාව තෙක් කම්පා වී ගියේය. අහසෙහි දිව බෙර ගුගුළේය. මහ මේ කුළු නැගී පොකුරු වැසි පතිත විය.

සත්‍ථා – “ධම‍්මසෙනාපතිං පටිපාදෙස‍්සාමී”ති ධම‍්මාසනා වුට‍්ඨාය ගන්‍ධකුටිඅභිමුඛො ගන‍්ත්‍වා මණිඵලකෙ අට‍්ඨාසි.

ශාස්තෲන් වහන්සේ දම්සෙනෙවි තෙරණුවන් හට පසුගමන් යමියි ධර්මාසනයෙන් නැඟී ගඳ කිළිය අභියසට ගොස් මිණි පලකය මත වැඩ සිටියහ.

ථෙරො තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිත්‍වා – “භගවා ඉතො කප‍්පසතසහස‍්සාධිකස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යස‍්ස උපරි අනොමදස‍්සීසම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා තුම‍්හාකං දස‍්සනං පත්‍ථෙසිං, සා මෙ පත්‍ථනා සමිද‍්ධා, දිට‍්ඨා තුම‍්හෙ, තං පඨමදස‍්සනං, ඉදං පච‍්ඡිමදස‍්සනං. පුන තුම‍්හාකං දස‍්සනං නත්‍ථී”ති වත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ යාව දස‍්සනවිසයා අභිමුඛොව පටික‍්කමිත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි. පුන මහාපථවී ධාරෙතුං අසක‍්කොන‍්තී උදකපරියන‍්තං කත්‍වා අකම‍්පි.

තෙරුන් වහන්සේ තුන්වරක් පැදකුණු කොට සිවු තැනෙක්හි හෙම වැඳ භාග්‍යවතුන් වහන්ස, මෙයින් කල්ප අසංඛෙය්‍ය සිය දහසකට පෙර අනෝමදස්සි සර්වඥ පාද මූලයෙහි වැතිරී ඔබ වහන්සේගේ දැක ගැන්ම පැතුවෙමි. මාගේ ඒ පැතුම ඉටු විය. ඔබ වහන්සේ දක්නා ලද්දෙහිය. එදා ඔබ වහන්සේගේ පළමු දැක්මයි. දැන් මේ අවසන් දැක්මයි. නැවත ඔබ වහන්සේ දැක්මක් නැත්තේ යයි කියා බබලන දසැඟිලි එකතු කොට ඇඳිලි බැඳ අභිමුඛව බලමින්ම පෙනෙන තෙක් දුර පසු පසට ගොස් වැඳ පිටත් වූහ. නැවතත් එය දරා ගැනීමට නො හැක්කේ මහ පොළව ජලතට සීමාව තෙක් කම්පිත විය.

භගවා පරිවාරෙත්‍වා ඨිතෙ භික‍්ඛූ ආහ – “අනුගච‍්ඡථ, භික‍්ඛවෙ, තුම‍්හාකං ජෙට‍්ඨභාතික”න‍්ති. තස‍්මිං ඛණෙ චතස‍්සොපි පරිසා සම‍්මාසම‍්බුද‍්ධං එකකංයෙව ජෙතවනෙ ඔහාය නිරවසෙසා නික‍්ඛමිංසු.

භාග්‍යවතුන් වහන්සේ තමන් පිරිවරා සිටි භික්ෂූන් හට “මහණෙනි. ඔබගේ දෙටු සොහොයුරාණන් හට පසුගමන් යන්නැයි” කීහ. ඒ කෙණෙහි සිවු පිරිසම සම්මා සම්බුදුන් වහන්සේ දෙවුරමෙහි තනි කොට හැර පියා ඉතිරි නොවීම නික්මුණහ.

සාවත්‍ථිනගරවාසිනොපි – “සාරිපුත‍්තත්‍ථෙරො කිර සම‍්මාසම‍්බුද‍්ධං ආපුච‍්ඡිත්‍වා පරිනිබ‍්බායිතුකාමො නික‍්ඛන‍්තො, පස‍්සිස‍්සාම න”න‍්ති නගරද‍්වාරානි නිරොකාසානි කරොන‍්තා නික‍්ඛමිත්‍වා ගන්‍ධමාලාදිහත්‍ථා කෙසෙ විකිරිත්‍වා – “ඉදානි මයං කහං මහාපඤ‍්ඤො නිසින‍්නො, කහං ධම‍්මසෙනාපති නිසින‍්නො”ති පුච‍්ඡන‍්තා – “කස‍්ස සන‍්තිකං ගමිස‍්සාම, කස‍්ස හත්‍ථෙ සත්‍ථාරං ඨපෙත්‍වා ථෙරො පක‍්කන‍්තො”තිආදිනා නයෙන පරිදෙවන‍්තා රොදන‍්තා ථෙරං අනුබන්‍ධිංසු.

සැවැත් නුවර වාසීහු ද සැරියුත් තෙරුන් වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් අවසර ගෙන පිරිනිවෙනු රිසියෙන් නික්මුණහයිද, උන් වහන්සේ දැක ගන්නෙමුයයිද කියමින් නගරයෙහි දොරටු ඉඩ නැති කරමින් පිට වී ගඳමල් ආදිය ගත් අත් ඇතිව හිස කෙස් විසුරුවා ගෙන දැන් ඉතින් අපි මහ පැණැතියාණෝ කොතැන සිටිත් ද, දම් සෙනෙවියාණන් වහන්සේ කොතැන සිටිත් දැයි අසමින් කවරකුගේ සමීපයට යන්නෙමුද? කවරකු වෙත ශාස්තෲන් වහන්සේ තබා තෙරණුවෝ ගිය සේක් ද? යන ආදී වශයෙන් වැළපෙමින් හඬමින් තෙරුන් වහන්සේ අනුව ගියහ.

ථෙරො මහාපඤ‍්ඤාය ඨිතත‍්තා – “සබ‍්බෙසං අනතික‍්කමනීයො එස මග‍්ගො”ති මහාජනං ඔවදිත්‍වා – “තුම‍්හෙපි, ආවුසො, තිට‍්ඨථ, මා දසබලෙ පමාදං ආපජ‍්ජිත්‍ථා”ති භික‍්ඛුසඞ‍්ඝම‍්පි නිවත‍්තෙත්‍වා අත‍්තනො පරිසායෙව සද‍්ධිං පක‍්කාමි. යෙපි මනුස‍්සා – “පුබ‍්බෙ අය්‍යො පච‍්චාගමනචාරිකං චරති, ඉදං ඉදානි ගමනං න පුන පච‍්චාගමනායා”ති පරිදෙවන‍්තා අනුබන්‍ධිංසුයෙව. තෙපි – “අප‍්පමත‍්තා, ආවුසො, හොථ, එවංභාවිනො නාම සඞ‍්ඛාරා”ති නිවත‍්තෙසි.

තෙරුන් වහන්සේ (තමන්) මහා ප්‍රඥාවන්ත භාවයෙහි පිහිටි බැවින් මේ මඟ හැමටම නො ඉක්ම විය හැක්කකැයි මහජනයාට අවවාද දී, ඇවැත්නි, ඔබ ද නවතින්න, දසබල ධාරීන් වහන්සේ කෙරෙහි ප්‍රමාද භාවයකට නො පැමිණෙන්නැයි භික්ෂු සංඝයා ද නවත්වා තමාගේ පිරිස සමග පිටත් ව ගියහ. පෙර දී ආර්යයන් වහන්සේ ආපසු එන ගමන් ගියහයි ද, දැන් මේ ගමන නැවත ආපසු පැමිණීම සඳහා නොවේ යයි ද කියා වැළපෙමින් ඒ මනුෂ්‍යයෝ තෙරණුවන් අනුව ගියාහුය. ඇවැත්නි. ඔබ ද අප්‍රමාදී වන්න. සංස්කාරයෝ නම් මෙසේ වන්නාහයි කියා ඒ පිරිස නැවැත්වූහ.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සබ‍්බත්‍ථ එකරත‍්තිවාසෙන අන‍්තරාමග‍්ගෙ සත‍්තාහං මනුස‍්සානං සඞ‍්ගහං කරොන‍්තො සායං නාලකගාමං පත්‍වා ගාමද‍්වාරෙ නිග්‍රොධරුක‍්ඛමූලෙ අට‍්ඨාසි. අථ උපරෙවතො නාම ථෙරස‍්ස භාගිනෙය්‍යො බහිගාමං ගච‍්ඡන‍්තො ථෙරං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. ථෙරො තං ආහ – “අත්‍ථි ගෙහෙ තෙ අය්‍යිකා”ති. ආම භන‍්තෙති. ගච‍්ඡ අම‍්හාකං ඉධාගතභාවං ආරොචෙහි. “කස‍්මා ආගතො”ති ච වුත‍්තෙ – “අජ‍්ජ කිර එකදිවසං අන‍්තොගාමෙ වසිස‍්සති, ජාතොවරකං පටිජග‍්ගථ, පඤ‍්චන‍්නඤ‍්ච කිර භික‍්ඛුසතානං වසනට‍්ඨානං ජානාථා”ති.

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ සියලු තැන්හි ම එක් රැය බැගින් නැවතීමෙන් අතරමඟ සත් දිනක් මිනිසුන්ට සංග්‍රහ කරමින් සවස් වේලෙහි නාළක නම් ගමට පැමිණ ගම්දොර නුග රුක්මුල නැවතුණහ. එහිදී උපරේවත නම් වූ සැරියුත් තෙරුන්ගේ බෑණනු කෙනෙක් පිට ගමට යනුයේ තෙරණුවන් දැක සමීපයට එළඹ වැඳ සිටියේය. නිවසේ ඔබගේ මිත්තණියෝ වෙසෙත් දැයි තෙරණුවෝ ඔහුගෙන් ඇසූහ. එසේය ස්වාමීනියි කීය. යන්න අප මෙහි පැමිණි බව දන්වන්න යි කීහ. පැමිණියේ කුමක් නිසාදැයි ඇසූකල්හි අද එක දිනයකට ඇතුළු ගමෙහි වාසය සිදු වෙයි. උපන් කුටිය පිළියෙල කරන්න. පන්සියයක් භික්ෂූන් හට විසීමට තැනක් උවමනා බව ද සලකන්න යි කීහ.

සො ගන‍්ත්‍වා – “අය්‍යිකෙ මය‍්හං මාතුලො ආගතො”ති ආහ. ඉදානි කුහින‍්ති? ගාමද‍්වාරෙති. එකකොව, අඤ‍්ඤොපි කොචි අත්‍ථීති? අත්‍ථි පඤ‍්චසතා භික‍්ඛූති. කිංකාරණා ආගතොති? සො තං පවත‍්තිං ආරොචෙසි. බ්‍රාහ‍්මණී – “කිං නු ඛො එත‍්තකානං වසනට‍්ඨානං පටිජග‍්ගාපෙති, දහරකාලෙ පබ‍්බජිත්‍වා මහල‍්ලකකාලෙ ගිහී හොතුකාමො”ති චින‍්තෙන‍්තී ජාතොවරකං පටිජග‍්ගාපෙත්‍වා පඤ‍්චසතානං වසනට‍්ඨානං කාරෙත්‍වා දණ‍්ඩදීපිකා ජාලෙත්‍වා ථෙරස‍්ස පාහෙසි.

හෙතෙම ගොස් මිත්තණියනි, මගේ මාමා පැමිණියේ යයි කීය. දැනට කොහි වෙසෙද්දැයි ඇසීය. ගම් දොරටු වෙහි යයි කීය. තනිව ද නොහොත් අන් කිසිවකුත් සිටිති දැයි ඇසීය. පන්සියයක් භික්ෂූහු වෙතියි කීය. කුමක් නිසා පැමිණියේදැයි ඇසීය. හෙතෙමේ ඒ පුවත දැන්වීය. බැමිණිය මෙපමණ පිරිසකට කුමක් නිසා වාසස්ථාන පිළියෙළ කරවන්නේද? තරුණ කල පැවිදි වී මහලු කල ගිහිවනු කැමැත්තේ වතැයි සිතන්නී උපන් කුටිය පිළියෙළ කරවා පන්සියයක් දෙනාට නවාතැන් කරවා දඬු පහන් (පන්දම්) දල්වා තෙරුන්හට (පණිවූඩ) යැවුවාය.

ථෙරො භික‍්ඛූහි සද‍්ධිං පාසාදං ආරුය‍්හ ජාතොවරකං පවිසිත්‍වා නිසීදි, නිසීදිත්‍වා “තුම‍්හාකං වසනට‍්ඨානං ගච‍්ඡථා”ති භික‍්ඛූ උය්‍යොජෙසි. තෙසු ගතමත‍්තෙසුයෙව ථෙරස‍්ස ඛරො ආබාධො උප‍්පජ‍්ජි, ලොහිතපක‍්ඛන්‍දිකා මාරණන‍්තිකා වෙදනා වත‍්තන‍්ති. එකං භාජනං පවිසති, එකං නික‍්ඛමති. බ්‍රාහ‍්මණී – “මම පුත‍්තස‍්ස පවත‍්ති මය‍්හං න රුච‍්චතී”ති අත‍්තනො වසනගබ‍්භද‍්වාරං නිස‍්සාය අට‍්ඨාසි.

තෙරණුවෝ භික්ෂූන් සමග ප්‍රාසාදයට නැඟී උපන් කුටියට පිවිස හිඳ ගත්හ. හිඳගෙනම ඔබගේ නවාතැනට යන්න යයි භික්ෂූන් පිටත් කළහ. ඒ පිරිස ගිය විටම තෙරුන් වහන්සේගේ දරුණු ආබාධය හටගත්තේය. ලෝහිත පක්‍ඛන්‍දිකා රෝගය (ලේ අතීසාරය) මාරාන්තික වේදනා ඇති කරයි. එක් බඳුනක් ගෙන එයි. එක් බඳුනක් පිට කරයි. බැමිණිය මගේ පුතාගේ තත්ත්වය මාගේ සිතට නොගැලපේ යයි කියා තමාගේ කුටියේ දොරටුව අසලම සිටියාය.

චත‍්තාරො මහාරාජානො “ධම‍්මසෙනාපති කුහිං විහරතී”ති ඔලොකෙන‍්තා නාලකගාමෙ ජාතොවරකෙ පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නො, පච‍්ඡිමදස‍්සනං ගමිස‍්සාමා”ති ආගම‍්ම වන්‍දිත්‍වා අට‍්ඨංසු. කෙ තුම‍්හෙති? මහාරාජානො භන‍්තෙති. කස‍්මා ආගතත්‍ථාති? ගිලානුපට‍්ඨාකා භවිස‍්සාමාති. “හොතු, අත්‍ථි ගිලානුපට‍්ඨාකො, ගච‍්ඡථ තුම‍්හෙ”ති උය්‍යොජෙසි. තෙසං ගතාවසානෙ තෙනෙව නයෙන සක‍්කො දෙවානමින්‍දො. තස‍්මිං ගතෙ මහාබ්‍රහ‍්මා ච ආගමිංසු. තෙපි තථෙව ථෙරො උය්‍යොජෙසි.

සිවුවරම් මහ රජහු දම්සෙනෙවි තෙරණුවන් කොහි වෙසෙත් දැයි බලන්නාහු නාළකනම් ගමෙහි උපන් කුටියෙහි පිරිනිවන් සයනයෙහි වැතුරුණහයි දැන අවසාන දර්ශනය සඳහා යන්නෙමු යයි පැමිණ වැඳ සිටියහ. ඔබ කවරහුදැයි ඇසූහ. ස්වාමීනි සිවු මහරජහු යයි කීහ. කුමක් නිසා පැමිණියහුද? ගිලාන උපස්ථායකයෝ වන්නෙමු යයි කීහ. (එසේ) වේවා. (එහෙත්) ගිලානෝපස්ථායකයෙක් සිටී. ඔබ යන්නයි පිටත් කළේය. ඒ පිරිස ගිය පසු ඒ පිළිවෙළින් ම සක්දෙව් රජ පැමිණියේය. ඔහු ගිය පසු මහා බ්‍රහ්මයෝ ද පැමිණියහ. තෙරණුවෝ ඒ පිරිස් ද පෙරසේම ආපසු යැවූහ.

බ්‍රාහ‍්මණී දෙවතානං ආගමනඤ‍්ච ගමනඤ‍්ච දිස‍්වා “කෙ නු ඛො එතෙ මම පුත‍්තං වන්‍දිත්‍වා ගච‍්ඡන‍්තී”ති ථෙරස‍්ස ගබ‍්භද‍්වාරං ගන‍්ත්‍වා “තාත, චුන්‍ද, කා පවත‍්තී”ති පුච‍්ඡි. සො තං පවත‍්තිං ආචික‍්ඛිත්‍වා “මහාඋපාසිකා, භන‍්තෙ, ආගතා”ති ආහ. ථෙරො “කස‍්මා අවෙලාය ආගතා”ති පුච‍්ඡි. සා “තුය‍්හං, තාත, දස‍්සනත්‍ථායා”ති වත්‍වා “තාත, පඨමං කෙ ආගතා”ති පුච‍්ඡි. චත‍්තාරො මහාරාජානො උපාසිකෙති. තාත, ත්‍වං චතූහි මහාරාජෙහි මහන‍්තතරොති? ආරාමිකසදිසා එතෙ උපාසිකෙ, අම‍්හාකං සත්‍ථු පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය ඛග‍්ගහත්‍ථා හුත්‍වා ආරක‍්ඛං අකංසූති. තෙසං තාත ගතාවසානෙ කො ආගතොති? සක‍්කො දෙවානමින්‍දොති. දෙවරාජතොපි ත්‍වං තාත මහන‍්තතරොති? භණ‍්ඩග‍්ගාහකසාමණෙරසදිසො එස උපාසිකෙ, අම‍්හාකං සත්‍ථු තාවතිංසතො ඔතරණකාලෙ පත‍්තචීවරං ගහෙත්‍වා ඔතිණ‍්ණොති. තස‍්ස තාත ගතාවසානෙ ජොතයමානො විය කො ආගතොති? උපාසිකෙ, තුය‍්හං භගවා ච සත්‍ථා ච මහාබ්‍රහ‍්මා නාම එසොති. මය‍්හං භගවතො මහාබ්‍රහ‍්මතොපි ත්‍වං, තාත, මහන‍්තතරොති? ආම උපාසිකෙ, එතෙ නාම කිර අම‍්හාකං සත්‍ථු ජාතදිවසෙ චත‍්තාරො මහාබ්‍රහ‍්මානො මහාපුරිසං සුවණ‍්ණජාලෙන පටිග‍්ගණ‍්හිංසූති.

බැමිණිය දෙව්වරුන්ගේ පැමිණීම ද පිට වී යාම ද දැක මේ කවරහු නම් මාගේ පුත්‍රයාට වැඳ වැඳ යන්නෝ දැයි සිතා තෙරුන්ගේ කුටියෙහි දොරටුව අසලට ගොස් දරුව චුන්ද පුවත් කෙසේදැයි විචාළාය. හෙතෙමේ ඒ පුවත කියා ස්වාමීනි මහා උපාසිකාව පැමිණියා යැයි සැරියුත් තෙරුන් හට කීය. තෙරණුවෝ කුමක් හෙයින් නොකල්හි පැමිණියහුදැයි ඇසූහ. ඕ තොමෝ දරුව. ඔබ දකිනු පිණිස යයි කියා දරුව පළමු කොට කවුරු පැමිණියහුදැයි ඇසීය. උපාසිකාවනි, සතරවරම් රජහු යයි කීහ. දරුව, ඔබ සිවු මහ රජුනටත් වඩා උසස් දැයි විචාළාය. උපාසිකාවනි, මොහු ආරාමයෙක කම්කරුවන් මෙන් අපගේ ශාස්තෲන් ගේ පිළිසිඳ ගැනීමෙහි පටන් කඩුගත් අත් ඇත්තෝම උන්වහන්සේ ආරක්ෂා කළහයි කීහ. දරුව, ඔවුන් ගිය පසු පැමිණියේ කවරෙක් දැයි ඇසීය. සක්දෙව් රජහුය දරුව ඔබ දෙව් රජහුට ද වඩා උසස් ද? උපාසිකාවනි, මේ (ශක්‍ර තෙමේ බඩු ඔසවා ගෙන යන සාමණේර කෙනකු මෙන් අපගේ ශාස්තෲන් වහන්සේ තව්තිසාවෙන් බසින කල්හි පා සිවුරු ගෙන බැස්සේයයි කීහ. දරුව ඔහු ගිය පසු බබලමින් පැමිණියෝ කවරහු දැයි විචාළ උපාසිකාවනි, ඔබගේ භාග්‍යවත්වූ ද, ශාස්තෲවූ ද මහා බ්‍රහ්මයා නම් මේ තෙමේය. දරුව ඔබ මාගේ භාග්‍යවත් වූ මහා බ්‍රහ්මයාට ද වඩා උතුම් දැයි ඇසුවාය. එසේය උපාසිකාවනි, අපගේ ශාස්තෲන් උපන් දිනයෙහි මහා බ්‍රහ්මයෝ සිවුදෙන මහා පුරුෂයාණන් රන් දැලකින් පිළිගත්හයි කීහ.

අථ බ්‍රාහ‍්මණියා – “පුත‍්තස‍්ස තාව මෙ අයං ආනුභාවො, කීදිසො වත මය‍්හං පුත‍්තස‍්ස භගවතො සත්‍ථු ආනුභාවො භවිස‍්සතී”ති චින‍්තයන‍්තියා සහසා පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජිත්‍වා සකලසරීරං ඵරි. ථෙරො – “උප‍්පන‍්නං මෙ මාතු පීතිසොමනස‍්සං, අයං දානි කාලො ධම‍්මදෙසනායා”ති චින‍්තෙත්‍වා “කිං චින‍්තෙසි මහාඋපාසිකෙ”ති ආහ. සා “පුත‍්තස‍්ස තාව මෙ අයං ගුණො, සත්‍ථු පනස‍්ස කීදිසො භවිස‍්සතීති ඉදං, තාත, චින‍්තෙමී”ති ආහ.

ඉක්බිති මාගේ පුත්‍රයාට මෙවන් ආනුභාවයක් වේ නම් මගේ පුත්‍රයාගේ ශාස්තෲවූ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය කෙබඳු නම් වන්නේ දැයි සිතන්නාවූ බැමිණියට වහාම පස් වණක් ප්‍රීතිය ඉපදී එය මුලු සිරුර පුරා පැතිරී ගියේය. තෙරුන්වහන්සේ මාගේ මෑණියන් හට ප්‍රීති සොම්නස් උපන්නේ යයි ද, දැන් ධර්ම දේශනාව සඳහා මේ කාලය සුදුසු යයිද සිතා මහ උවැසියනි, කුමක් සිතන්නෙහිදැයි ඇසූහ. ඕ තොමෝ දරුව, මාගේ පුතුගේ ගුණ මෙබඳුනම් ඔහුගේ ශාස්තෲවරයාගේ ගුණ කෙබඳුවන්නේ දැයි යන මෙය සිතුවෙමියි කීවාය.

මහාඋපාසිකෙ, මය‍්හං සත්‍ථුජාතක‍්ඛණෙ මහාභිනික‍්ඛමනෙ සම‍්බොධියං ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ ච දසසහස‍්සිලොකධාතු කම‍්පිත්‍ථ. සීලෙන සමාධිනා පඤ‍්ඤාය විමුත‍්තියා විමුත‍්තිඤාණදස‍්සනෙන සමො නාම නත්‍ථි, ඉතිපි සො භගවාති විත්‍ථාරෙත්‍වා බුද‍්ධගුණපටිසංයුත‍්තං ධම‍්මදෙසනං කථෙසි.

තෙරුන් වහන්සේ “මහා උපාසිකාවනි. ශාස්තෲන් වහන්සේ උපන් කෙනෙහි ද, මහබිනික්මනෙහිදී ද, සම්බුද්ධත්වයට පැමිණීමෙහිදීද, දම්සක් පැවතුම්හිදී ද දස දහසක් ලෝකධාතුව කම්පා විය. සීලයෙන්. සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඥාන දර්ශනයෙන් යන මේ කරුණුවලින් උන් වහන්සේට සම වූවෙක් නම් නැත්තේ යයි කියා ඉතිපි සෝ භගවා යනු විස්තර කොට, බුදුගුණ අඩංගු වූ ධර්ම දේශනාවක් කළහ.

බ්‍රාහ‍්මණී පියපුත‍්තස‍්ස ධම‍්මදෙසනාපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය පුත‍්තං ආහ – “තාත උපතිස‍්ස, කස‍්මා එවමකාසි, එවරූපං නාම අමතං මය‍්හං එත‍්තකං කාලං න අදාසී”ති.

බැමිණිය ප්‍රිය වූ පුත්‍රයාගේ ධර්ම දේශනාවසානයෙහි සෝවාන් ඵලයෙහි පිහිටා පුතාට මෙසේ කීවාය. “දරුව, උපතිස්ස, කුමක් නිසා මෙසේ කෙළෙහිද? මෙබඳුවූ අමෘතයක් මෙපමණ කලක් තුළ කුමක් නිසා මට ලබා නොදුන්නෙහිද?

ථෙරො – “දින‍්නං දානි මෙ මාතු රූපසාරියා බ්‍රාහ‍්මණියා පොසාවනිකමූලං, එත‍්තකෙන වට‍්ටිස‍්සතී”ති චින‍්තෙත්‍වා – “ගච‍්ඡ මහාඋපසිකෙ”ති බ්‍රාහ‍්මණිං උය්‍යොජෙත්‍වා – “චුන්‍ද කා වෙලා”ති ආහ. බලවපච‍්චූසකාලො, භන‍්තෙති. භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙහීති. සන‍්නිපතිතො භන‍්තෙ භික‍්ඛුසඞ‍්ඝොති. “මං උක‍්ඛිපිත්‍වා නිසීදාපෙහි චුන්‍දා”ති උක‍්ඛිපිත්‍වා නිසීදාපෙසි.

තෙරුන්වහන්සේ මාගේ මෑණියන් වන රූපසාරි බැමිණියට මා පෝෂණය කිරීම සඳහා වූ මිළ මෙ පමණකින් සෑහේ යයි සිතා “යන්න මහ උවැසියනි” යයි බැමිණිය යවා චුන්ද, වේලාව කුමක් දැයි” ඇසූහ. “ස්වාමීනි, උදෑසනෙහි මුල් අවස්ථාව යයි කීය. “භික්ෂු සංඝයා රැස් කරවන්නැයි” කීහ. “ස්වාමීනි භික්ෂු සංඝයා රැස්වූහයි” කීය. “චුන්ද මා ඔසවා හිඳුවන්නැයි” කීහ. ඔසවා හිඳවීය.

ථෙරො භික‍්ඛූ ආමන‍්තෙසි – “ආවුසො චතුචත‍්තාලීසං වො වස‍්සානි මයා සද‍්ධිං විචරන‍්තානං යං මෙ කායිකං වා වාචසිකං වා න රොචෙථ, තං ඛමථ ආවුසො”ති. එත‍්තකං, භන‍්තෙ, අම‍්හාකං ඡායා විය තුම‍්හෙ අමුඤ‍්චිත්‍වා විචරන‍්තානං අරුච‍්චනකං නාම නත්‍ථි, තුම‍්හෙ පන අම‍්හාකං ඛමථාති. අථ ථෙරො මහාචීවරං සඞ‍්කඩ‍්ඪිත්‍වා මුඛං පිධාය දක‍්ඛිණෙන පස‍්සෙන නිපන‍්නො සත්‍ථා විය නව අනුපුබ‍්බසමාපත‍්තියො අනුලොමපටිලොමතො සමාපජ‍්ජිත්‍වා පුන පඨමජ‍්ඣානං ආදිං කත්‍වා යාව චතුත්‍ථජ‍්ඣානා සමාපජ‍්ජි. තතො වුට‍්ඨාය අනන‍්තරංයෙව මහාපථවිං උන‍්නාදෙන‍්තො අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි.

තෙරුන්වහන්සේ භික්ෂූන් ඇමතූහ. ඇවැත්නි, මා සමඟ සිවු සාළිස් වසක් හැසිරෙන්නාවූ ඔබට මාගේ කායික වූ හෝ මානසිකවූ යමක් රුචි නොවේ නම් එයට සමාවන්නැයි කීහ. ස්වාමීනි, මෙපමණ කලක් සෙවනැල්ලක් මෙන් ඔබ වහන්සේ අත්නොහැර හැසිරෙන අපට රුචි නොවන දෙයක් නම් නැත්තේමය. ඔබවහන්සේ වනාහී අපට සමා වුව මැනවයි භික්ෂූහු කීහ. ඉක්බිති තෙරුන් ශාස්තෲන් වහන්සේ මෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නව අනුපූර්ව සමාපත්තීන් හට සමවැදී නැවත ප්‍රථම ධ්‍යානය ආදි කොට සතරවන ධ්‍යානය දක්වා සමවැදුනහ. එයින් නැඟී අනතුරුව මහ පොළව දැඩි සේ නාද කරවමින් නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

උපාසිකා – “කිං නු ඛො මෙ පුත‍්තො, න කිඤ‍්චි කථෙතී”ති උට‍්ඨාය පිට‍්ඨිපාදෙ පරිමජ‍්ජන‍්තී පරිනිබ‍්බුතභාවං ඤත්‍වා මහාසද‍්දං කුරුමානා පාදෙසු නිපතිත්‍වා – “තාත මයං ඉතො පුබ‍්බෙ තව ගුණං න ජානිම‍්හා, ඉදානි පන තං ආදිං කත්‍වා අනෙකසතෙ අනෙකසහස‍්සෙ අනෙකසතසහස‍්සෙ භික‍්ඛූ ඉමස‍්මිං නිවෙසනෙ නිසීදාපෙත්‍වා භොජෙතුං න ලභිම‍්හා, චීවරෙහි අච‍්ඡාදෙතුං න ලභිම‍්හා, විහාරසතං විහාරසහස‍්සං කාරෙතුං න ලභිම‍්හා”ති යාව අරුණුග‍්ගමනා පරිදෙවි. අරුණෙ උග‍්ගතමත‍්තෙයෙව සුවණ‍්ණකාරෙ පක‍්කොසාපෙත්‍වා සුවණ‍්ණගබ‍්භං විවරාපෙත්‍වා සුවණ‍්ණඝටියො මහාතුලාය තුලාපෙත්‍වා – “පඤ‍්ච කූටාගාරසතානි පඤ‍්ච අග‍්ඝිකසතානි කරොථා”ති දාපෙති.

උපාසිකා තොමෝ කුමක් නම්වීද? මගේ පුතා කිසිවක් කථා නොකරන්නේ යයි සිතා නැගී සිට පාදය මතු පිට පිරිමදින්නී පිරිනිවි බව දැන මහ හඬ දෙමින් පා අසල වැටී පුතා අපි මින් පෙර ඔබේ ගුණ නොදැන සිටියෙමු. දැන් වනාහී ඔබ මුල් කොට බොහෝ වූ සිය ගණන්, දහස් ගණන්, සිය දහස් ගණන් භික්ෂූන් මේ නිවසෙහි හිඳුවා අහර වැළඳ වීමට නො ලදිමු, සිවුරු හැඳවීමට නොලදිමු, විහාර සිය ගණන්, දහස් ගණන් කරවීමට නොලදිමු ආදී වශයෙන් අරුණ නැගෙන තුරු වැළපුනාය. අරුණ නැඟි කල්හිම රන්කරුවන් කැඳවා රන් ගබඩාව විවර කරවා රන් කළ මහ තරාදියෙන් කිරා කූටාගාර පන්සියයක් ද, පහන් මල් කණු පන්සියයක් ද තනවන්නැයි කියා යැවූවාය.

සක‍්කොපි දෙවරාජා විස‍්සකම‍්මදෙවපුත‍්තං ආමන‍්තෙත්‍වා – “තාත ධම‍්මසෙනාපති පරිනිබ‍්බුතො, පඤ‍්ච කූටාගාරසතානි පඤ‍්ච අග‍්ඝිකසතානි ච මාපෙහී”ති ආහ. ඉති උපාසිකාය කාරිතානි ච විස‍්සකම‍්මෙන නිම‍්මිතානි ච සබ‍්බානිපි ද‍්වෙසහස‍්සානි අහෙසුං. තතො නගරමජ‍්ඣෙ සාරමයං මහාමණ‍්ඩපං කාරෙත්‍වා මණ‍්ඩපමජ‍්ඣෙ මහාකූටාගාරං ඨපෙත්‍වා සෙසානි පරිවාරසඞ‍්ඛෙපෙන ඨපෙත්‍වා සාධුකීළිකං ආරභිංසු. දෙවානං අන‍්තරෙ මනුස‍්සා, මනුස‍්සානං අන‍්තරෙ දෙවා අහෙසුං.

සක්දෙව් රජ තෙමේ ද විස්කම් දෙව්පුතු අමතා දරුව, දම් සෙනෙවියාණන් වහන්සේ පිරිනිවියහ. කූටාගාර පන්සියයක් ද, පහන් මල් කණු පන්සියයක් ද මවන්නැයි කීය. මෙසේ මහා උපාසිකාව විසින් කරවන ලද්දාවූ ද. විස්කම් දෙව්පුතු විසින් නිර්මිත කරන ලද්දාවූ ද (කූටාගාර සහ පහන් මල් කණු) සැරසිලි දෙදහසක් විය. නැවත (දැව) අරටුමය මහා මණ්ඩපයක් කරවා මණ්ඩපය මැද මහා කූටාගාරය තබා සෙසු කුටාගාර පිරිවර ලෙස තබා පුණ්‍ය කර්මය (සාධු ක්‍රීඩාව) ඇරඹූහ. දෙවියන් අතරෙහි මිනිස්සු ද, මිනිසුන් අතරෙහි දෙවියෝ ද වූහ.

රෙවතී නාම එකා ථෙරස‍්ස උපට‍්ඨායිකා – “අහං ථෙරස‍්ස පූජං කරිස‍්සාමී”ති සුවණ‍්ණපුප‍්ඵානං තයො කුම‍්භෙ කාරෙසි. “ථෙරස‍්ස පූජං කරිස‍්සාමී”ති සක‍්කො දෙවරාජා අඩ‍්ඪතෙය්‍යකොටිනාටකෙහි පරිවාරිතො ඔතරි. “සක‍්කො ඔතරතී”ති මහාජනො පච‍්ඡාමුඛො පටික‍්කමි. තත්‍ථ සාපි උපාසිකා පටික‍්කමමානා ගරුභාරත‍්තා එකමන‍්තං අපසක‍්කිතුං අසක‍්කොන‍්තී මනුස‍්සානං අන‍්තරෙ පති. මනුස‍්සා අපස‍්සන‍්තා තං මද‍්දිත්‍වා අගමිංසු. සා තත්‍ථෙව කාලං කත්‍වා තාවතිංසභවනෙ කනකවිමානෙ නිබ‍්බත‍්ති. නිබ‍්බත‍්තක‍්ඛණෙයෙවස‍්සා රතනක‍්ඛන්‍ධො විය තිගාවුතප‍්පමාණො අත‍්තභාවො අහොසි සට‍්ඨිසකටපූරප‍්පමාණඅලඞ‍්කාරපටිමණ‍්ඩිතා අච‍්ඡරාසහස‍්සපරිවාරිතා. අථස‍්සා දිබ‍්බං සබ‍්බකායිකාදාසං පුරතො ඨපයිංසු.

තෙරුන් වහන්සේගේ “රේවතී” නම් වූ එක් උපස්ථායිකාවක් මම තෙරුන් වහන්සේට පූජා කරන්නෙමියි රන්මල්වලින් කළගෙඩි තුනක් කරවීය. තෙරුන් වහන්සේට පූජා කරන්නෙමියි සක්දෙව් රජ තෙමේ කෝටි දෙක හමාරක් වූ නාටිකාංගනාවන් විසින් පිරිවරන ලදුයේ (පොළවට) බැස්සේය. සදෙව් බස්නේ යයි (කියා) මහ ජනයා ආපසු පසු පසට යොමු වූහ. එහිදී (පෙර කී) ඒ උපාසිකාව ද පසු පසට යන්නී බර වැඩි බැවින් පැත්තකට ඉවත් වීමට නො හැකි වූවා මිනිසුන් අතර වැටුණාය. මනුෂ්‍යයෝ ඒ බව නොදකිමින් ඇය මැඩ ගෙන ම ගියහ. ඕ තොමෝ එහිම කලුරිය කොට තවුතිසාවෙහි රන් විමනෙක්හි උපන්නාය. උපන් කෙණෙහිම ඇයට රන් කඳක් වැනි තුන් ගවු ප්‍රමාණ වූ ආත්ම භාවයක් ඇති විය. ගැල් සැටක් පිරෙන තරම් අලංකාරයන්ගෙන් සැරසුණාය. අප්සරාවෝ දහසක් පිරිවරවූහ. ඉන් පසු මුලු සිරුරම පෙනෙන දිව්‍යමය වූ කැඩපතකුත් ඇයගේ ඉදිරියෙහි තැබවූහ.

සා අත‍්තනො සිරිසම‍්පත‍්තිං දිස‍්වා – “උළාරා අයං සම‍්පත‍්ති, කිං නු ඛො මෙ කම‍්මං කත”න‍්ති චින‍්තයමානා අද‍්දස – “මයා සාරිපුත‍්තත්‍ථෙරස‍්ස පරිනිබ‍්බුතට‍්ඨානෙ තීහි සුවණ‍්ණපුප‍්ඵකුම‍්භෙහි පූජා කතා, මහාජනො මං මද‍්දිත්‍වා ගතො, සාහං තත්‍ථ කාලං කත්‍වා ඉධූපපන‍්නා, ථෙරං නිස‍්සාය ලද‍්ධං ඉදානි පුඤ‍්ඤවිපාකං මනුස‍්සානං කථෙස‍්සාමී”ති සහ විමානෙනෙව ඔතරි.

ඕ තොමෝ තමාගේ ශ්‍රී සම්පත්තිය දැක නම් සම්පත උදාරාය, මා විසින් කුමන නම් කර්මයක් කරන ලද්දේ දැයි සිතන්නී මා විසින් සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයේදී රන් මල් කුඹු තුනකින් පුජා කරන ලදී. මහ ජනයා මා පාගා ගෙන ගියහ. ඒ මම එහිදී කලුරිය කොට මෙහි ඉපදුනෙමි. තෙරුන් වහන්සේ නිසා දැන් ලැබී ඇති පුණ්‍ය ඵලය මිනිසුන් හට කියන්නෙමි යි විමානය සමඟම (පොළවට) බැස්සාය.

මහාජනො දූරතොව දිස‍්වා – “කිං නු ඛො ද‍්වෙ සූරියා උට‍්ඨිතා”ති? ඔලොකෙන‍්තො – “විමානෙ ආගච‍්ඡන‍්තෙ කූටාගාරසණ‍්ඨානං පඤ‍්ඤායති, නායං සූරියො, විමානමෙතං එක”න‍්ති ආහ. තම‍්පි විමානං තාවදෙව ආගන‍්ත්‍වා ථෙරස‍්ස දාරුචිතකමත්‍ථකෙ වෙහාසං අට‍්ඨාසි. දෙවධීතා විමානං ආකාසෙයෙව ඨපෙත්‍වා පථවිං ඔතරි. මහාජනො – “කා ත්‍වං, අය්‍යෙ”ති? පුච‍්ඡි. “න මං තුම‍්හෙ ජානාථ, රෙවතී නාමාහං, තීහි සුවණ‍්ණපුප‍්ඵකුම‍්භෙහි ථෙරං පූජං කත්‍වා මනුස‍්සෙහි මද‍්දිතා කාලං කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්තා, පස‍්සථ මෙ සිරිසම‍්පත‍්තිං, තුම‍්හෙපි දානි දානානි දෙථ, පුඤ‍්ඤානි කරොථා”ති කුසලකිරියාය වණ‍්ණං කථෙත්‍වා ථෙරස‍්ස චිතකං පදක‍්ඛිණං කත්‍වා වන්‍දිත්‍වා අත‍්තනො දෙවට‍්ඨානංයෙව ගතා.

මහජනයා දුරින්ම එන ඇය දැක හිරු දෙකක් උදා වීදැයි බලන්නාහු විමානය පැමිණෙන කල්හි කූටාගාර සලකුණ පෙනෙයි, මෙය සුර්යයෙක් නොවේ, මෙය එක්තරා විමානයකැයි කීහ. ඒ විමානය ද එවිට ම පැමිණ තෙරුන් වහන්සේගේ දර සෑය මතුයේ අහසෙහි නැවතුණේය. දෙව්දුව විමානය අහසෙහිම තබා පොළවට බැස්සාය. මහජනයා උත්තමාවියනි, ඔබතුමිය කවරක්හු දැයි විමසූහ. දෙව් දූ තොමෝ ඔබ මා නො දන්නාහුද? රේවතී නම් වූ මම රන් මල් කුඹු තුනකින් තෙරුන් වහන්සේට පූජා කොට මිනිසුන් විසින් පාගනු ලැබ කලුරිය කොට තව්තිසාවෙහි උපනිමි මාගේ ශ්‍රී සම්පත්තිය බලන්න. ඔබ ද දැන් දන් දෙන්න. පින් කරන්න. යනුවෙන් කුසල් කිරීමෙහි වර්ණනාව කියා තෙරුන් වහන්සේගේ චිතකය පැදකුණු කොට වැඳ තමාගේ දේවස්ථානයටම ගියාය.

මහාජනොපි සත‍්තාහං සාධුකීළිකං කීළිත්‍වා සබ‍්බගන්‍ධෙහි චිතකං අකාසි, චිතකා එකූනරතනසතිකා අහොසි. ථෙරස‍්ස සරීරං චිතකං ආරොපෙත්‍වා උසීරකලාපකෙහි ආලිම‍්පෙසුං. ආළාහනෙ සබ‍්බරත‍්තිං ධම‍්මස‍්සවනං පවත‍්ති. අනුරුද‍්ධත්‍ථෙරො සබ‍්බගන්‍ධොදකෙන ථෙරස‍්ස චිතකං නිබ‍්බාපෙසි. චුන්‍දත්‍ථෙරො ධාතුයො පරිස‍්සාවනෙ පක‍්ඛිපිත්‍වා – “න දානි මයා ඉධෙව සක‍්කා ඨාතුං, මය‍්හං ජෙට‍්ඨභාතිකස‍්ස ධම‍්මසෙනාපතිසාරිපුත‍්තත්‍ථෙරස‍්ස පරිනිබ‍්බුතභාවං සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ආරොචෙස‍්සාමී”ති ධාතුපරිස‍්සාවනං ථෙරස‍්ස ච පත‍්තචීවරං ගහෙත්‍වා සාවත්‍ථිං අගමාසි. එකට‍්ඨානෙපි ච ද‍්වෙ රත‍්තියො අවසිත්‍වා සබ‍්බත්‍ථ එකරත‍්තිවාසෙනෙව සාවත්‍ථිං පාපුණි. තමත්‍ථං දස‍්සෙතුං අථ ඛො චුන්‍දො සමණුද‍්දෙසොතිආදි වුත‍්තං.

මහජනයා ද සත්දිනක් සාධු ක්‍රීඩා පුණ්‍ය කර්මය කොට චිතකය සකල සුගන්ධයෙන්ද යුක්ත කොට සැකසූහ. චිතකය රත්නයන් නවානුවකින් යුක්ත විය. තෙරුන් වහන්සේගේ සිරුර චිතකයට නංවා සැවැන්නමුල් මිටිවලින් ගිනි දැල්වූහ. ආදාහනයෙහිදී මුළු රැයේම ධර්ම ශ්‍රවණය පැවතුණේය. අනුරුද්ධ තෙරණුවෝ සියලු සුවඳින් යුත් ජලයෙන් තෙරුන්ගේ චිතකය නිවූහ. චුන්ද තෙරණුවෝ ධාතුන් පෙරහන් කඩෙහි බහා දැන් මා මෙහි ම සිටීමට නො හැක්කේයහ. මාගේ දෙටු සොයුරු දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේගේ පිරිනිවි බව සම්මා සම්බුද්ධයන් වහන්සේට දන්වන්නෙමි යි ධාතු බහාගත් පෙරහන්කඩය ද. තෙරණුවන්ගේ පා සිවුරු ද ගෙන සැවැත් නුවර ගියහ. එක් තැනෙක දෙරැයක් නො නැවතී හැම තැන් හිම එක් රැය බැගින් නැවතීමෙන් පසු සැවැත් නුවරට පැමිණියහ. මේ අදහස් දැක්වීමට අථඛො චුන්‍දො සමණුද්දෙසො යන ආදිය කියන ලදී.

තත්‍ථ යෙනායස‍්මා ආනන්‍දොති යෙන අත‍්තනො උපජ‍්ඣායො ධම‍්මභණ‍්ඩාගාරිකො ආයස‍්මා ආනන්‍දො, තෙනුපසඞ‍්කමි. කස‍්මා පනෙස උජුකං සත්‍ථු සන‍්තිකං අගන‍්ත්‍වා ථෙරස‍්ස සන‍්තිකං අගමාසීති? සත්‍ථරි ච ථෙරෙ ච ගාරවෙන. ජෙතවනමහාවිහාරෙ පොක‍්ඛරණියං කිරස‍්ස න‍්හත්‍වා පච‍්චුත‍්තරිත්‍වා සුනිවත්‍ථසුපාරුතස‍්ස එතදහොසි – “බුද‍්ධා නාම මහාපාසාණච‍්ඡත‍්තං විය ගරුනො, ඵණකතසප‍්ප සීහබ්‍යග‍්ඝමත‍්තවරවාරණාදයො විය ච දුරාසදා, න සක‍්කා මයා උජුකමෙව සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා කථෙතුං, කස‍්ස නු ඛො සන‍්තිකං ගන‍්තබ‍්බ”න‍්ති. තතො චින‍්තෙසි – “උපජ‍්ඣායො මෙ ධම‍්මභණ‍්ඩාගාරිකො ජෙට‍්ඨභාතිකත්‍ථෙරස‍්ස උත‍්තමසහායො, තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං ආදාය සත්‍ථාරා සද‍්ධිං කථෙස‍්සාමී”ති සත්‍ථරි චෙව ථෙරෙ ච ගාරවෙන උපසඞ‍්කමි.

එහි - යෙනායස්මා ආනන්‍දො = තමාගේ උපාධ්‍යාය වූ ධර්ම භාණ්ඩාගාරික වූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. කුමක් නම් නිසා මේ තෙමේ ඍජුවම ශාස්තෲන් වහන්සේ වෙත නොගොස් තෙරුන් ගේ සමීපයට ගියේද යත් - ශාස්තෲන් කෙරෙහි ද තෙරුන් කෙරෙහි ද ගෞරවයෙන් දෙවුරම් මහ වෙහෙරහි පොකුණේ නගා ගොඩට පැමිණ මනාව හැඳ පොරවා ගත් ඔහුට මෙසේ කල්පනා විය - බුදුන් වහන්සේලා නම් මහගලකින් තැනු කුඩයක් මෙන් ගාම්භීරයහ. ගිනි පර්වත සිංහව්‍යාඝ්‍ර මත් ඇතුන් ආදීන් මෙන් ළංවිය නො හැක්කාහ. මා විසින් ඍජුවම ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් කථා කිරීමට නොහැක්කේය. කවරකුගේ සමීපයට යා යුත්තේ දැයි යනුවෙන් සිතීය. ඉක්බිති මෙසේ සිහි විය. මාගේ උපාධ්‍යාය වූ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ දෙටු සොයුරු තෙරුන් වහන්සේගේ උතුම් සහායකයෙකි. උන්වහන්සේ සමීපයට ගොස් එතුමන් රැගෙන ශාස්තෲන් සමීපයට පැමිණෙන්නෙමි ය. ශාස්තෲන් කෙරෙහි ද, තෙරණුවන් කෙරෙහි ද ගෞරවයෙන් පැමිණියේය

ඉදමස‍්ස පත‍්තචීවරන‍්ති “අයමස‍්ස පරිභොගපත‍්තො, ඉදං ධාතුපරිස‍්සාවන”න‍්ති එවං එකෙකං ආචික‍්ඛි. පාළියං පන “ඉදමස‍්ස පත‍්තචීවර”න‍්ති එත‍්තකමෙව වුත‍්තං. කථාපාභතන‍්ති කථාමූලං. මූලඤ‍්හි පාභතන‍්ති වුච‍්චති. යථාහ –

ඉදමස්ස පත්තචීවරං = මෙය උන්වහන්සේගේ පරිභෝග කළ පාත්‍රයයි. මෙය ධාතූන් තබාගත් පෙරහන් කඩයි. මෙසේ එකක් එකක් පාසා කීවේය. පාළියෙහි (නොහොත් පෙළෙහි) වනාහී මෙය උන්වහන්සේගේ පා සිවුරුය යන මෙපමණක්ම කියන ලදී. කථා පාභතං = කථාවෙහි මූලයයි. මුල යනු පඬුර (හෙවත් මුදළ) යයි කියනු ලැබේ. එබැවින් මෙසේ ද කීහ.

“අප‍්පකෙනපි මෙධාවී, පාභතෙන විචක‍්ඛණො; සමුට‍්ඨාපෙති අත‍්තානං, අණුං අග‍්ගිංව සන්‍ධම”න‍්ති. (ජා· 1.1.4);

“අප්පකෙන පි මෙධාවී පාභතෙන විචක්‍ඛණෝ, සමුට්ඨාපෙති අත්තානං අණුං අග්ගීව සන්‍ධම” න්ති.

එය හෙල ගීයෙන් මෙසේ සිටී :-

පිඹ අවුලන ගින්න - දැල්වී වැඩී යන සේ. සුලු මුදලින් පැණැති - තෙමේ දියුණට තමාගෙන සේ

කුඩා ගිනිපුළිඟුවට පිඹීමෙන් එය මහ ගින්නක් කර ගන්නාක් මෙන් විචක්ෂණ ඥානවන්තයා සුළු මුදලකින් වුවද දියුණුවට පත් වන්නේය.

භගවන‍්තං දස‍්සනායාති භගවන‍්තං දස‍්සනත්‍ථාය. කිං පනිමිනා භගවා න දිට‍්ඨපුබ‍්බොති? නො න දිට‍්ඨපුබ‍්බො. අයඤ‍්හි ආයස‍්මා දිවා නව වාරෙ, රත‍්තිං නව වාරෙති එකාහං අට‍්ඨාරස වාරෙ උපට‍්ඨානමෙව ගච‍්ඡති. දිවසස‍්ස පන සතවාරං වා සහස‍්සවාරං වා ගන‍්තුකාමො සමානොපි න අකාරණා ගච‍්ඡති, එකං පඤ‍්හද‍්වාරං ගහෙත්‍වාව ගච‍්ඡති. සො තංදිවසං තෙන කථාපාභතෙන ගන‍්තුකාමො එවමාහ. ඉදමස‍්ස පත‍්තචීවරන‍්ති ථෙරොපි – “ඉදං තස‍්ස පත‍්තචීවරං, ඉදඤ‍්ච ධාතුපරිස‍්සාවන”න‍්ති පාටියෙක‍්කංයෙව දස‍්සෙත්‍වා ආචික‍්ඛි.

භගවන්තං දස්සනාය = භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස. කිම මොහු විසින් භාග්‍යවතුන් වහන්සේ පෙර නොදක්නා ලද්දාහු ද යත් - නො දක්නා ලද්දාහු නොවෙති. මේ ආයුෂ්මත් තෙමේ දිවා කාලයෙහි නව වාරයක් ද රාත්‍රි කාලයෙහි නව වාරයක් ද වශයෙන් එක්දිනක් තුළ අටළොස් වරක් උවටැන් පිණිසම යයි දිනකට සිය වරක් හෝ දහස් වරක් හෝ යනු කැමැත්තේ වුව ද නිකරුණේ නො යන්නේ ය. ප්‍රශ්න ඇසීම සඳහා එක් වරක් ලබා ගෙන ම යයි. හේ තෙමේ එදින එම කථා පුවත රැගෙන යනු කැමැත්තේ මෙසේ කීය. මේ උන් වහන්සේගේ පා සිවුරුය යනුවෙනි. (ආනන්ද) ස්ථවිර තෙමේද මේ උන්වහන්සේගේ පා සිවුරුය. මේ ධාතු සහිත පෙරහනය යනුවෙන් වෙන් වශයෙන් දක්වා සැලකර සිටියේය.

සත්‍ථා හත්‍ථං පසාරෙත්‍වා ධාතුපරිස‍්සාවනං ගහෙත්‍වා හත්‍ථතලෙ ඨපෙත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි – “යො සො, භික‍්ඛවෙ, භික‍්ඛු පුරිමදිවසෙ අනෙකානි පාටිහාරියසතානි කත්‍වා පරිනිබ‍්බානං අනුජානාපෙසි, තස‍්ස ඉදානි ඉමා සඞ‍්ඛවණ‍්ණසන‍්නිභා ධාතුයොව පඤ‍්ඤායන‍්ති, කප‍්පසතසහස‍්සාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං පූරිතපාරමී එස, භික‍්ඛවෙ, භික‍්ඛු, මයා පවත‍්තිතං ධම‍්මචක‍්කං අනුපවත‍්තකො එස භික‍්ඛු, පටිලද‍්ධදුතියආසනො එස භික‍්ඛු, පූරිතසාවකසන‍්නිපාතො එස භික‍්ඛු, ඨපෙත්‍වා මං දසසු චක‍්කවාළසහස‍්සෙසු පඤ‍්ඤාය අසදිසො එස භික‍්ඛු, මහාපඤ‍්ඤො එස භික‍්ඛු, පුථුපඤ‍්ඤො හාසපඤ‍්ඤො ජවනපඤ‍්ඤො තික‍්ඛපඤ‍්ඤො නිබ‍්බෙධිකපඤ‍්ඤො එස භික‍්ඛු, අප‍්පිච‍්ඡො එස භික‍්ඛු, සන‍්තුට‍්ඨො පවිවිත‍්තො අසංසට‍්ඨො ආරද‍්ධවීරියො චොදකො පාපගරහී එස භික‍්ඛු, පඤ‍්ච ජාතිසතානි පටිලද‍්ධමහාසම‍්පත‍්තියො පහාය පබ‍්බජිතො එස භික‍්ඛු, මම සාසනෙ පථවීසමඛන‍්තිකො එස භික‍්ඛු, ඡින‍්නවිසාණඋසභසදිසො එස භික‍්ඛු, චණ‍්ඩාලපුත‍්තසදිසනීචචිත‍්තො එස භික‍්ඛු. පස‍්සථ, භික‍්ඛවෙ, මහාපඤ‍්ඤස‍්ස ධාතුයො, පස‍්සථ, භික‍්ඛවෙ, පුථුපඤ‍්ඤස‍්ස හාසපඤ‍්ඤස‍්ස ජවනපඤ‍්ඤස‍්ස තික‍්ඛපඤ‍්ඤස‍්ස නිබ‍්බෙධිකපඤ‍්ඤස‍්ස අප‍්පිච‍්ඡස‍්ස සන‍්තුට‍්ඨස‍්ස පවිවිත‍්තස‍්ස අසංසට‍්ඨස‍්ස ආරද‍්ධවීරියස‍්ස, චොදකස‍්ස, පස‍්සථ, භික‍්ඛවෙ, පාපගරහිස‍්ස ධාතුයොති.

ශාස්තෲන් වහන්සේ අත්ල විහිදුවා ධාතු පෙරහන ගෙන අත්ල මත තබා භික්ෂූන් ඇමතූහ. මහණෙනි, යම් ඒ භික්ෂු නමක් පෙර දිනයෙක්හි බොහෝ වූ සිය ගණන් ප්‍රාතිහාර්යයන් සිදුකොට පිරිනිවීමට අනුමැතිය ලබාගත්තේ ද, දැන් ඔහුගේ සක්ගෙඩි පැහැයට සම වූ (හෙවත් සුදු පැහැති වූ) ධාතූන් පමණක් ම පෙනෙයි. මහණෙනි, මේ භික්ෂුව කල්ප අසංඛෙය්‍ය සිය දහසකට අධික කාලයක් පුරන ලද පාරමිතා ඇත්තේය. මේ භික්ෂුව මා විසින් පවත්වන ලද දම්සක් දෙසුම එසේ ම පැවැත්වීය. තමාගේ ජීවිතය සසුනට දෙවන තැන ලා සැලකුවේය, ශ්‍රමණයන් රාශියක් පිරිවරාගෙන වාසය කළේය, මා හැර දස දහසක් සක්වල ප්‍රඥාවෙන් අසමාන විය, මහා ප්‍රඥාවන්තයෙක් විය. පැතුරුණ ප්‍රඥාව ඇත්තේ විය, ප්‍රීති විය හැකි ප්‍රඥාව ඇත්තේ විය, වේගවත් ප්‍රඥාව ඇත්තේ විය, තීක්ෂණ ප්‍රඥාව ඇත්තේ විය. විනිවිද දකින ප්‍රඥාව ඇත්තේ විය, සුලු දෙයින් සතුටු වන්නේ විය, මේ භික්ෂුව අතිශය විවේක ඇත්තේ. පාපයට චෝදනා කරන්නේ, පාපයට ගර්හා කරන්නේ විය. මේ භික්ෂුව ආත්ම පන්සියයක් තුළ ලබන ලද මහා සම්පත්තීන් හැර දමා පැවිදි වූයේය, මාගේ සසුනෙහි මහ පොළව සමාන ඉවසීම ඇත්තේ විය. සිඳුණ අං ඇති වෘෂභයකු වැනි (පරහිංසාවෙන් තොර අයෙක්) විය. සැඩොල් පුතකු වැනි නිරහංකාර සිත් ඇත්තෙක් විය. මහණෙනි, මහා ප්‍රඥාවන්ත විය හැකි ප්‍රඥාව ඇති, වේගවත් ප්‍රඥාව ඇති, තීක්ෂණ ප්‍රඥාව ඇති, විනිවිද දකින ප්‍රඥාව ඇති. සුලු දෙයින් සතුටු වන. අතිශයින් විවේකීව සිටි, ගෘහවාසීන් හා නො ඇලුණ, ඇරඹූ වීර්ය ඇති, පාපයට චෝදනා කරන, මේ භික්ෂුවගේ ධාතූන් බලන්න මහණෙනි. පාපයට ගැරහුවාවූ භික්ෂුවගේ මේ ධාතුන් බලන්න යයි කීහ.

“යො පබ‍්බජී ජාතිසතානි පඤ‍්ච, පහාය කාමානි මනොරමානි; තං වීතරාගං සුසමාහිතින්‍ද්‍රියං, පරිනිබ‍්බුතං වන්‍දථ සාරිපුත‍්තං.

1. යො පබ්බජි ජාති සතානි පඤ්ච පහාය කාමානි මනොරමානි, තං වීතරාගං සුසමාහිතින්‍ද්‍රියං පරිනිබ්බුතං වන්‍දථ සාරිපුත්තං

“ඛන‍්තිබලො පථවිසමො න කුප‍්පති, න චාපි චිත‍්තස‍්ස වසෙන වත‍්තති; අනුකම‍්පකො කාරුණිකො ච නිබ‍්බුතො, පරිනිබ‍්බුතං වන්‍දථ සාරිපුත‍්තං.

2. ඛන්තී බලො පඨවී සමො න කුප්පති නචාපි චිත්තස්ස වසෙන වත්තති, අනු කම්පකො කාරුණිකො ච නිබ්බුතො පරිනිබ්බුතං වන්‍දථ සාරිපුත්තං

“චණ‍්ඩාලපුත‍්තො යථා නගරං පවිට‍්ඨො, නීචමනො චරති කළොපිහත්‍ථො; තථා අයං විහරති සාරිපුත‍්තො, පරිනිබ‍්බුතං වන්‍දථ සාරිපුත‍්තං.

3. චණ්ඩාල පුත්තො යථා නගරං පවිට්ඨො නීච මනො චරති කපාල හත්‍ථො, තථා අයං විචරති සාරි පුත්තො පරිනිබ්බුතං වන්‍දථ සාරිපුත්තං

“උසභො යථා ඡින‍්නවිසාණකො, අහෙඨයන‍්තො චරති පුරන‍්තරෙ වනෙ; තථා අයං විහරති සාරිපුත‍්තො, පරිනිබ‍්බුතං වන්‍දථ සාරිපුත‍්ත”න‍්ති.

4. උසභො යථා ජිරණ විසාණ කො අහෙඨයන්තො චරති පුරන්තරෙ, තථා අයං විචරති සාරිපුත්තො පරිනිබ්බුතං වන්‍දථ සාරිපුත්තං න්ති

සිංහල පද්‍යයෙන් :

1. මන් තොස් කරන කම් සුවයෙන් ඉවත් වී, මහණ බිමට සපැමිණි පන්සියක්වර සංයත කළ ඉඳුරන් රා දොසින් තොර, වැඳගනු පිරිනිවුණ සැරියුත් මහ තෙරිඳු

2. ඉවසන ගුණෙන් යුතු වූ මහ පොළව වැනි කිපෙන බවක් නැති සිතට ද වහල් නැති අනුකම්පා කරුණා ගුණ කඳින් හෙබී වැඳ ගනු පිරිනිවුණ සැරියුත් මහ තෙරිඳු

3. නුවරට පැමිණ හැසිරෙන නිරහං කාර සැඩොල් දරුවකුගෙ මනසට නොසම නැති සංයත දිවිය ගත කළ ගුණයෙන් සපිරි වැඳගනු පිරිනිවුණ සැරියුත් මහ තෙරිඳු

4. හිංසා නො කළ පරහට නගරයෙහි සැරූ උසබ රදකුමෙන් පහවූ අඟින් යුතු සංයත දිවිය ගත කළ ගුණයෙන් සපිරි වැඳගනු පිරිනිවුණ සැරියුත් මහ තෙරිඳු

පාලි ගාථාවගේ අරුත් අනු පිළිවෙළින් :

1. යම් ඒ උත්තමයෙක් මනරම් කම්සුව අත්හැර ජාතීන් පන්සියයකදීම පැවිදිවූයේද, රාගයෙන් තොර වූ, ඉන්‍ද්‍රියයන් දමනය කළාවූ, පිරිනිවියාවූ, ඒ ශාරිපුත්‍රයන් වහන්සේට වන්දනා කරන්න.

2. ඒ ශාරිපුත්‍රයන් වහන්සේ ඉවසීමේ බලයෙන් මහපොළව හා සමවූහ, කෝප නොවුනාහ, සිතට වසඟ වී නො පැවතුණහ. අනුකම්පා සහගතවූහ, කාරුණික වූහ, නිවීගියහ. (එවන් ගුණ ඇති) පිරිනිවියාවූ ශාරිපුත්‍රයන් වහන්සේට වන්දනා කරන්න.

3. නගරයට පැමිණි සැඩොල් පුතකු යම්සේ හිස අත්තබා නිරහංකාරව හැසිරේද මේ ශාරිපුත්‍රයන් වහන්සේ ද එසේම හැසුරුණහ. (එබඳු වූ) පිරිනිවියාවූ ශාරිපුත්‍රයන් වහන්සේට වන්දනා කරන්න.

4. යම් සේ බිඳුණ අං ඇති වෘෂභයකු නගරයෙහි අනුන් හට හිංසා නො කරමින් හැසිරේ ද, මේ ශාරිපුත්‍ර ස්ථවිර තෙමේත් එසේ හැසුරුණේය. පිරිනිවියාවූ (ඒ) ශාරිපුත්‍රයන් වහන්සේට වන්දනා කරන්න.

ඉති භගවා පඤ‍්චහි ගාථාසතෙහි ථෙරස‍්ස වණ‍්ණං කථෙසි. යථා යථා භගවා ථෙරස‍්ස වණ‍්ණං කථෙසි, තථා තථා ආනන්‍දත්‍ථෙරො සන්‍ධාරෙතුං න සක‍්කොති, බිළාරමුඛෙ පක‍්ඛන‍්තකුක‍්කුටො විය පවෙධති. තෙනාහ අපිච මෙ, භන‍්තෙ, මධුරකජාතො විය කායොති සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගාථා පන්සියයකින් තෙරණුවන්ගේ වර්ණනාව වදාළහ යම් යම් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ තෙරණුවන්ගේ වර්ණනාව වදාළ සේක් ද. ඒ ඒ අයුරින් අනඳ තෙරුන්හට එය දරා ගෙන සිටීමට නොහැකි වූයේය. බළල් මුවට හසු වූ කුකුළකු මෙන් වෙවූලන්නේ විය. එහෙයින් අපි මෙ භන්තෙ මධුරකජාතො විය කායො යනුවෙන් කීය. සියල්ල විස්තර කළ යුතු වන්නේය.

තත්‍ථ මධුරකජාතොතිආදීනං අත්‍ථො වුත‍්තොයෙව. ඉධ පන ධම‍්මාති උද‍්දෙසපරිපුච‍්ඡාධම‍්මා අධිප‍්පෙතා. තස‍්ස හි උද‍්දෙසපරිපුච‍්ඡාධම‍්මෙ අගහිතෙ වා ගහෙතුං, ගහිතෙ වා සජ‍්ඣායං කාතුං චිත‍්තං න පවත‍්තති. අථ සත්‍ථා පඤ‍්චපසාදවිචිත්‍රානි අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා ථෙරං ඔලොකෙන‍්තො “අස‍්සාසෙස‍්සාමි න”න‍්ති අස‍්සාසෙන‍්තො කිං නු ඛො තෙ, ආනන්‍ද, සාරිපුත‍්තොතිආදිමාහ.

එහි මධුරක ජාතො යන මේ ආදීන්ගේ අර්ථය කියන ලද්දේමය. මෙහි ධම්මා යනුවෙන් උපදෙස් දීම, ප්‍රශ්න කිරීම යන කරුණු අදහස් කරන ලදී. ඔහුට වනාහී උපදෙස් දීම, ප්‍රශ්න කිරීම යන කරුණු නොගත් කල්හි ගැනීමට ද, ගන්නා ලද කල්හි සජ්ඣායනා කිරීමට ද සිත නොපවතී. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පස් පෑ දිස්නා නෙත් විවර කොට තෙරුන් දෙස බලනුයේ ඔහු අස්වසන්නෙමි යි (සිත) අස් වසනුවෝ කිංනු තො ආනන්‍ද සාරිපුත්තො යන ආදිය වදාළහ.

තත්‍ථ සීලක‍්ඛන්‍ධන‍්ති ලොකියලොකුත‍්තරසීලං. සමාධිපඤ‍්ඤාසුපි එසෙව නයො. විමුත‍්ති පන ලොකුත‍්තරාව. විමුත‍්තිඤාණදස‍්සනං පච‍්චවෙක‍්ඛණඤාණං, තං ලොකියමෙව. ඔවාදකොති ඔවාදදායකො. ඔතිණ‍්ණොති ඔතිණ‍්ණෙසු වත්‍ථූසු නානප‍්පකාරෙන ඔතරණසීලො. විඤ‍්ඤාපකොති ධම‍්මකථාකාලෙ අත්‍ථඤ‍්ච කාරණඤ‍්ච විඤ‍්ඤාපෙතා. සන්‍දස‍්සකොති ඛන්‍ධධාතුආයතනවසෙන තෙසං තෙසං ධම‍්මානං දස‍්සෙතා. සමාදපකොති “ඉදඤ‍්චිදඤ‍්ච ගණ‍්හථා”ති එවං ගණ‍්හාපකො. සමුත‍්තෙජකොති අබ‍්භුස‍්සාහකො. සම‍්පහංසකොති පටිලද‍්ධගුණෙහි මොදාපකො ජොතාපකො.

එහි සීලක්‍ඛන්‍ධං = ලෞකික ලෝකෝත්තර සීලය සමාධි ප්‍රඥා ආදියෙහි ද මේ පිළිවෙළම වේ. විමුක්තිය නම් ලෝකෝත්තරම වේ. විමුක්ති ඥාන දර්ශනය හා ප්‍රත්‍යවේක්ෂණ ඥානය ලෞකික වේ. ඔවාදකො = අවවාද දෙන තැනැත්තා අරමුණු කොටගත් ගත් වස්තූන්හි නන් අයුරින් අවවාද දෙන සුලු වූයේ. විඤ්ඤාපකො = ධර්ම කථාවන් කරන කල්හි අර්ථය ද කාරණය ද දැනුම් දීම කරන තැනැත්තා සන්‍දස්සකො = ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඒ ඒ ධර්මයන් දක්වන තැනැත්තා. සමාදප කො = මේ මේ දෙය ගනුවයි මෙසේ ගැණීම කරවන තැනැත්තා සමුත්තෙජකො = බලවත් උත්සාහයක් දරන තැනැත්තා සම්‍යහංසකො = ලැබී ඇති ගුණයන්ගෙන් සතුටට පත් කරවන්නා, බැබලීමට පත් කරවන්නා

අකිලාසු ධම‍්මදෙසනායාති ධම‍්මදෙසනං ආරභිත්‍වා “සීසං වා මෙ රුජ‍්ජති, හදයං වා කුච‍්ඡි වා පිට‍්ඨි වා”ති එවං ඔසක‍්කනාකාරවිරහිතො නික‍්කිලාසු විසාරදො එකස‍්සාපි ද‍්වින‍්නම‍්පි සීහවෙගෙනෙව පක‍්ඛන්‍දති. අනුග‍්ගාහකො සබ්‍රහ‍්මචාරීනන‍්ති පදස‍්ස අත්‍ථො ඛන්‍ධකවග‍්ගෙ විත්‍ථාරිතොව. ධම‍්මොජං ධම‍්මභොගන‍්ති උභයෙනපි ධම‍්මපරිභොගොව කථිතො. ධම‍්මානුග‍්ගහන‍්ති ධම‍්මෙන අනුග‍්ගහණං.

අකීලාසු ධම්ම දෙසනාය = ධර්ම දේශනය ආරම්භ කොට මාගේ හිස හෝ පපුව හෝ කුස හෝ පිට හෝ රිදෙන්නේ යයි යන පසුබට වන කරුණුවලින් තොරවූයේ ධෛර්යවන්ත හා විශාරද වූයේ සිංහයකුගේ වේගයෙන් ඉදිරිපත් වෙයි. අනුග්ගාහකො සබ්‍රහ්මචාරීනං = යන මේ පදයන්ගේ අර්ථය ඛන්‍ධක වග්ගයෙහි විස්තර කරන ලදී. ධම්මොජං ධම්මභොගං = මෙහි පද දෙකෙන් ම භෝගයම කියන ලදී. ධම්මානුග්ගහං = ධර්මයෙන් අනුග්‍රහ කිරීමයි.

සත්‍ථා “අතිවිය අයං භික‍්ඛු කිලමතී”ති පුන තං අස‍්සාසෙන‍්තො නනු තං, ආනන්‍ද, මයාතිආදිමාහ.

ශාස්තෲන් වහන්සේ මේ භික්ෂුව බෙහෙවින් වෙහෙසට පත් වන්නේ යයි (සිතා) නැවත ඔහු අස්වන්නේ නනු තං ආනන්‍ද මයා යන ආදිය දෙසූහ.

තත්‍ථ පියෙහි මනාපෙහීති මාතාපිතාභාතාභගිනීආදිකෙහි ජාතියා නානාභාවො, මරණෙන විනාභාවො, භවෙන අඤ‍්ඤථාභාවො. තං කුතෙත්‍ථ, ආනන්‍ද, ලබ‍්භාති තන‍්ති තස‍්මා. යස‍්මා සබ‍්බෙහි පියෙහි මනාපෙහි නානාභාවො, තස‍්මා දස පාරමියො පූරෙත්‍වාපි සම‍්බොධිං පත්‍වාපි ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වාපි යමකපාටිහාරියං දස‍්සෙත්‍වාපි දෙවොරොහනං කත්‍වාපි යං තං ජාතං භූතං සඞ‍්ඛතං පලොකධම‍්මං, තං තථාගතස‍්සාපි සරීරං මා පලුජ‍්ජීති නෙතං ඨානං විජ‍්ජති, රොදන‍්තෙනපි කන්‍දන‍්තෙනපි න සක‍්කා තං කාරණං ලද‍්ධුන‍්ති. සො පලුජ‍්ජෙය්‍යාති සො භිජ‍්ජෙය්‍ය.

එහි පියෙහි මනාපෙහි = මවුපිය සොයුරු සොයුරි ආදීන්ගෙන් නානාභාවො = මරණයෙන් විනාභාවො = ඉපදීමෙන්, භවයෙන් අඤ්ඤථාභාවො තං කතෙත්‍ථ ආනන්‍ද ලබ්භා යන්තං = කවර වූ හෝ යම් ආකාරයකින් සියලුම ප්‍රියවූ, මන වඩන්නාවු දෙයෙහි අභාවය, ඒවායින් වෙන් වීම, වෙනස් වීම, ඒ හෙයින් දස පාරමී සපුරා හෝ, සම්බුද්ධත්වයට පැමිණ හෝ දම්සක් පවත්වා හෝ, යමා මහ පෙළහර දක්වා හෝ, දෙව්ලොව සිට පොළවට බැසීම සිදු කොට හෝ යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොක ධම්මං තං = තථාගතයන් වහන්සේගේ ශරීරය වුව ද, මා පලුජ්ජති නෙතං ඨානං විජ්ජති = හඬන්නහු විසින් හෝ වැළපෙන්නහු විසින් හෝ ඒ කරුණු ලැබීමට නො හැක්කේ ය. සො පලුජ්ජෙය්‍ය එය (හෙවත් හෙතෙම) බිඳෙන්නේය.

එවමෙව ඛොති එත්‍ථ යොජනසතුබ‍්බෙධො මහාජම‍්බුරුක‍්ඛො විය භික‍්ඛුසඞ‍්ඝො තස‍්ස දක‍්ඛිණදිසං ගතො පඤ‍්ඤාසයොජනිකො මහාඛන්‍ධො විය ධම‍්මසෙනාපති. තස‍්මිං මහාඛන්‍ධෙ භින‍්නෙ තතො පට‍්ඨාය අනුපුබ‍්බෙන වඩ‍්ඪිත්‍වා පුප‍්ඵඵලාදීහි තං ඨානං පූරෙතුං සමත්‍ථස‍්ස අඤ‍්ඤස‍්ස ඛන්‍ධස‍්ස අභාවො විය ථෙරෙ පරිනිබ‍්බුතෙ සොළසන‍්නං පඤ‍්ඤානං මත්‍ථකං පත‍්තස‍්ස අඤ‍්ඤස‍්ස දක‍්ඛිණාසනෙ නිසීදනසමත්‍ථස‍්ස සාරිපුත‍්තසදිසස‍්ස භික‍්ඛුනො අභාවො. තාය පරිභින‍්නාය සො රුක‍්ඛො විය භික‍්ඛුසඞ‍්ඝො ඛන්‍ධොත්‍වෙව ජාතොති වෙදිතබ‍්බො. තස‍්මාති යස‍්මා සබ‍්බං සඞ‍්ඛතං පලොකධම‍්මං, තං මා පලුජ‍්ජීති න සක‍්කා ලද‍්ධුං, තස‍්මා.

එවමෙව ඛො = මෙහි භික්ෂු සංඝයා යොදුන් සියයක් උස් වූ මහ දඹරුක වැනිය. සැරියුත් තෙරණුවෝ එහි දකුණු දෙසට විහිදුණ යොදුන් පනසක් වූ මහ කඳ වැනිය. ඒ මහ කඳ බිඳුණ පසු එතැන් පටන් අනු පිළිවෙළින් වැඩී මල් පල ආදියෙන් ඒ තැන පිරවීමට සමත් වෙනත් කඳක් ද නොමැති වීම සේ තෙරුන් වහන්සේ පිරිනිවියහ. සොළසක් වූ ප්‍රඥාවන් මුදුන් පත් කර ගත්, දකුණු පස අසුනෙහි හිඳ ගැනීමට සමත්, සැරියුත් තෙරණුවන්හට සමාන වූ අන්‍ය වූ භික්ෂූන් වහන්සේ කෙනෙකු නැතිවීම එකී (දකුණු දිසාවෙන් එම රුක නටුවාක් මෙන් භික්ෂු සංඝයාද නටුවාහුම යයි දත යුත්තේය. තස්මා = යම් හෙයකින්, හේතුවකින් හටගත්තාවූ විනාශ වන ස්වභාවය ඇත්තාවූ ඒ සියල්ල වැනසුණේ නොවේයයි කියා (ආපසු) ලබා ගැනීමට නොහැක්කේද, එහෙයිනි.