4-5. උක්කචෙලසුත්තාදිවණ්ණනා අට්ඨකථා
4-5. උක්කචෙලසුත්තාදිවණ්ණනා
4-5. උක්කචෙල ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථෙ අචිරපරිනිබ්බුතෙසු සාරිපුත්තමොග්ගල්ලානෙසූති නචිරපරිනිබ්බුතෙසු ද්වීසු අග්ගසාවකෙසු. තෙසඤ්හි ධම්මසෙනාපති කත්තිකමාසපුණ්ණමාය පරිනිබ්බුතො, මහාමොග්ගල්ලානො තතො අඩ්ඪමාසං අතික්කම්ම අමාවසුපොසථෙ. සත්ථා ද්වීසු අග්ගසාවකෙසු පරිනිබ්බුතෙසු මහාභික්ඛුසඞ්ඝපරිවාරො මහාමණ්ඩලෙ චාරිකං චරමානො අනුපුබ්බෙන උක්කචෙලනගරං පත්වා තත්ථ පිණ්ඩාය චරිත්වා ගඞ්ගාපිට්ඨෙ රජතපට්ටවණ්ණවාලිකාපුලිනෙ විහාසි. තෙන වුත්තං “අචිරපරිනිබ්බුතෙසු සාරිපුත්තමොග්ගල්ලානෙසූ”ති. යෙ මහන්තතරා ඛන්ධා තෙ පලුජ්ජෙය්යුන්ති ඉධාපි යොජනසතුබ්බෙධො මහාජම්බුරුක්ඛො විය භික්ඛුසඞ්ඝො, තස්ස දක්ඛිණතො ච උත්තරතො ච ගතා පණ්ණාසයොජනිකා ද්වෙ මහාඛන්ධා විය ද්වෙ අග්ගසාවකාති. සෙසං පුරිමනයෙනෙව යොජෙතබ්බං. පඤ්චමෙ දිට්ඨීති කම්මස්සකදිට්ඨි.
සිවු වැන්නෙහි - අචිර පරිනිබ්බුතෙසු සාරිපුත්ත - මොග්ගල්ලානෙසු = දෙ අග සවුවන් පිරිනිවී දිගුකල් යාමට පෙර ඒ දෙදෙනා වහන්සේගෙන් දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ ඉල්මස පුන් පොහෝ දින පිරිනිවියහ. මහ මුගලන් තෙරණුවෝ එයින් අඩ මසක් ඉක්මවා අව පසළොස්වක් පොහෝ දින පිරිනිවියහ. ශාස්තෲන් වහන්සේ දෙඅගසවුවන් පිරිනිවි කල්හි මහ බික් සඟන පිරිවරණ ලදුයේ මහාමණ්ඩල ප්‍රදේශයෙහි චාරිකාවේ යෙදෙන්නාහු අනු පිළිවෙළින් “උක්කවෙල” නම් නගරයට පිවිස එහි පිඬු පිණිස හැසිර ගඟ ඉස්මත්තෙහි රිදීපටක පැහැය ගත් වැලි තලායෙහි නැවතුණහ. එහෙයින් “අචිර පරිනිබ්බුතෙසු සාරිපුත්ත මොග්ගල්ලානෙසු” (සැරියුත් මුගලන් තෙරවරුන් පිරිනිවී දිගුකල් යාමට පෙර) යයි කියන ලදී. යෙ මහන්තතරා ඛන්ධා තෙ පලු ජ්ජෙය්යුං = මෙහිදී ද යොදුන් සියයක් උස් වූ මහදඹ රුක මෙන් භික්ෂු සංඝයා දැක්වේ. දෙ අගසවුවෝ ඒ වෘක්ෂයේ දකුණෙන් ද උතුරෙන් ද විහිදුණ යොදුන් පනසක් බැගින් වූ මහ කඳන් දෙක මෙන් වෙති. සෙස්ස පෙර පිළිවෙළින් ම යෙදිය යුතුය. පස් වැන්නෙහි දිට්ඨි = කර්මය නිමිති කොට ඇති බව යන දෘෂ්ටිය.
6. උත්තියසුත්තවණ්ණනා
6. උත්තිය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ මච්චුධෙය්යස්ස පාරන්ති තෙභූමකවට්ටස්ස පාරභූතං, නිබ්බානං.
සයවැන්නෙහි මච්ඛු ධෙය්ය ස්ස පාරං = ත්‍රෛභූමික ලෝක පැවැත්මේ පරතෙරවූ නිර්වාණය.
8. බ්රහ්මසුත්තවණ්ණනා
8. බ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ කායෙ වා භික්ඛූති තස්මිං කාලෙ භික්ඛුයෙව නත්ථි, එවං සන්තෙපි යො සතිපට්ඨානෙ භාවෙති, සො කිලෙසභින්දනෙන භික්ඛුයෙවාති දස්සෙන්තො එවමාහ. එකායනන්ති එකමග්ගං. ජාතික්ඛයන්තදස්සීති ජාතියා ඛයොති ච අන්තොති ච නිබ්බානං, තං පස්සතීති අත්ථො. මග්ගං පජානාතීති එකායනසඞ්ඛාතං එකමග්ගභූතං මග්ගං පජානාති. එකායනමග්ගො වුච්චති පුබ්බභාගසතිපට්ඨානමග්ගො, තං පජානාතීති අත්ථො.
අට වැන්නෙහි - කායෙවා භන්තෙ භික්ඛු = ඒ කාලයෙහි “භික්ඛු” යන්නක් නොවීය. එසේ වූ කල්හි ද යමකු සතිපට්ඨානයන් වඩයි ද, හේ තෙමේ කෙලෙස් බිඳීමෙන් භික්ෂුවරයෙක් (භින්දනෙන භික්ඛු) වන්නේ යයි දක්වමින් මෙසේ කීය. එකායනං = එකම මාර්ගය ජාතිඛයන්ත දස්සී = ජාතියෙහි ක්ෂය වීම සිදුවෙයි යනු ද, කෙළවර වීම සිදුවෙයි යනු ද නිවනයි. එය දකියි යන අර්ථයයි. මග්ගං පජානාති = ඒකායන යයි කියනු ලබන, එකම මාර්ගය වූ මාර්ගය දනියි. පූර්වභාග සතිපට්ඨාන මාර්ගය ඒකායන මාර්ගය යයි කියනු ලැබේ. එය දන්නේය යන අර්ථයයි.
9. සෙදකසුත්තවණ්ණනා
9. සේදක සූත්‍ර වර්ණනාව
නවමෙ සුම්භෙසූති එවංනාමකෙ ජනපදෙ. මෙදකථාලිකාති එවං ඉත්ථිලිඞ්ගවසෙන ලද්ධනාමං. මමං රක්ඛ, අහං තං රක්ඛිස්සාමීති එත්ථ අයං තස්ස ලද්ධි – ආචරියො උක්ඛිත්තවංසං සුග්ගහිතං අගණ්හන්තො, අන්තෙවාසිකෙන පක්ඛන්තපක්ඛන්තදිසං අගච්ඡන්තො, සබ්බකාලඤ්ච වංසග්ගං අනුල්ලොකෙන්තො අන්තෙවාසිකං න රක්ඛති නාම, එවං අරක්ඛිතො අන්තෙවාසිකො පතිත්වා චුණ්ණවිචුණ්ණං හොති. වංසං පන සුග්ගහිතං ගණ්හන්තො, තෙන පක්ඛන්තපක්ඛන්තදිසං ගච්ඡන්තො, සබ්බකාලඤ්ච වංසග්ගං උල්ලොකෙන්තො තං රක්ඛති නාම. අන්තෙවාසිකොපි ඉතො චිතො ච පක්ඛන්‍දිත්‍වා මිගො විය කීළන්තො ආචරියං න රක්ඛති නාම. එවඤ්හි සති තිඛිණවංසකොටි ආචරියස්ස ගලවාටකෙ වා නලාටෙ වා ඨපිතා ඨිතට්ඨානං භින්දිත්වා ගච්ඡෙය්ය. ආචාරසම්පන්නතාය පන යතො වංසො නමති, තතො අනාමෙන්තො තං ආකඩ්ඪෙන්තො විය එකතොභාගියං කත්වා වාතූපථම්භං ගාහාපෙත්වා සතිං සූපට්ඨිතං කත්වා නිච්චලොව නිසීදන්තො ආචරියං රක්ඛති නාමාති.
නව වැන්නෙහි - සුම්හෙසු = මේ නම ඇති ජනපදයෙහි මෙදකථාලිකා = මෙසේ ස්ත්‍රී ලිංග වශයෙන් ලැබුණ නාමයකි. (මෙද ථාලිකා යන්නෙහි පදගතාර්ථය නම් මේදය බහා ඇති සැලිය යන්නයි) මමං රක්ඛ අහං තං රක්ඛිස්සාමි = මෙය ඔහුගේ විශ්වාසය වෙයි. මනාව ඔසවා තබන ලද උණ ගස නොගන්නාවූ ද, අතවැසියා යොමු කරන කරන දිසාවට නොයන්නාවූ ද, හැම විටම උණගසේ අග නො බලන්නාවූ ද ඇදුරු තෙමේ අතවැසියා නො රකී. මෙසේ රකිනු නො ලබන අතවැසියා ඇදවැටී සුණු විසුණු වෙයි. උණගස මනාව අල්වාගන්නාවූ ඔහු (අතවැසියා) විසින් යොමු කෙරෙන කෙරෙන දිසාවට යන්නාවූ හැම විටම උණ ගසේ අග බලන්නාවූ හේ (ඇදුරු) තෙමේ අතවැසියා ආරක්ෂා කරයි. එහි මෙහි පැන මුවකුමෙන් ක්‍රීඩා කරන අතවැසියා ද ඇදුරා නොරකියි. මෙසේ ඇති කල්හි ඇදුරාගේ ගෙළෙහි වළක් වැනි තැනෙහි හෝ නළලෙහි හෝ උණගසේ තියුණු කෙළවර තබන ලද්දේ නම් එය තැබූ තැන බිඳී යන්නේය. පවත්නා ආකාරය අනුව උණගස නමන්නේ ද, එය නො නැමී බිඳී යන්නේ වෙයි. එවිට එකතු කොට ධාතු ප්රත්ථම්භය ගෙන්වා ගෙන සිහිය මනාව පිහිටුවා නිසලව හිඳිනා අතවැසියා ඇඳුරා රකියි.
ත්වං ආචරිය අත්තානං රක්ඛ, අහං අත්තානං රක්ඛිස්සාමීති එත්ථ අයමධිප්පායො – ආචරියො වංසං සුග්ගහිතං ගණ්හන්තො, අන්තෙවාසිකෙන පක්ඛන්තපක්ඛන්තදිසංගච්ඡන්තො, සබ්බකාලඤ්ච වංසග්ගං උල්ලොකෙන්තො, අත්තානමෙව රක්ඛති, න අන්තෙවාසිකං. අන්තෙවාසිකොපි කායම්පි එකතොභාගියං කත්වා වාතූපථම්භං ගාහාපෙත්වා සතිං සූපට්ඨිතං කත්වා නිච්චලොව නිසීදමානො අත්තානංයෙව රක්ඛති නාම, න ආචරියං.
ත්වං ආචරිය අත්තානං රක්ඛ අහං අත්තානං රක්ඛිස්සාමි = මෙහි අදහස මෙසේ වේ. අතවැසියා විසින් යොමු කෙරෙන කෙරෙන දිසාවට යන්නාවූ ද, හැම විටම උණගසේ කෙළවර බලන්නාවූ ද, උණ ගස මනාව ගන්නාවූ ද ඇදුරු තෙමේ තමා රැකගන්නේ වෙයි. අතවැසියා රකින්නේ නොවේ. තමා ම රැකගන්නේ වෙයි, අතවැසියා රකින්නේ නොවේ. ශරීරය එකසේ යොමු කොට ධාතූපම්භය ගෙන සිහිය මනාව පිහිටුවා නිසලව හිඳින්නා වූ අතවැසියා තමා ම රකියි, ඇදුරා නොරකියි.
සො තත්ථ ඤායොති යං මෙදකථාලිකා ආහ. සො තත්ථ ඤායො, සො උපායො, තං කාරණන්ති අත්ථො. සතිපට්ඨානං සෙවිතබ්බන්ති චතුබ්බිධං සතිපට්ඨානං සෙවිතබ්බං. ආසෙවනායාති කම්මට්ඨානාසෙවනාය. එවං ඛො, භික්ඛවෙ, අත්තානං රක්ඛන්තො පරං රක්ඛතීති යො භික්ඛු කම්මාරාමතාදීනි පහාය රත්තිට්ඨානදිවාට්ඨානෙසු මූලකම්මට්ඨානං ආසෙවන්තො භාවෙන්තො අරහත්තං පාපුණාති, අථ නං පරො දිස්වා – “භද්දකො වතායං, භික්ඛු, සම්මාපටිපන්නො”ති තස්මිං චිත්තං පසාදෙත්වා සග්ගපරායණො හොති. අයං අත්තානං රක්ඛන්තො පරං රක්ඛති නාම.
යො තත්ථ ඤා යො = තෙල් සැලිය සඳහා යමක් කීයේ ද, එය එහි පිළිවෙළයි, එය උපායයි, එය කාරණ යයි, යන අරුතයි. සතිපට්ඨානං සෙවිතබ්බං = සිවු වැදෑරුම් වූ සතිපට්ඨානය සේවනය කළ යුතුයි. සෙවනාය = කමටහන් සේවනය කිරීම සඳහා එවං ඛො භික්ඛවෙ අත්තානං රක්ඛන්තො පරං රක්ඛති = යම් භික්ෂුවක් කාමරාග ආදිය හැර දමා රාත්‍රි ස්ථාන දිවාස්ථානයන්හි මුල් කමටහන සේවනය කරන්නේ නම් රහත් බවට පැමිණේ. එවිට බාහිර පුද්ගලයෙක් ඔහු දැක මේ භික්ෂුව යහපත්ය. මනාව පිළිපන්නේ වෙයි යනුවෙන් ඔහු කෙරෙහි සිත පහදවා ස්වර්ගයට යන්නේ වෙයි. ඒ භික්ෂු තෙමේ තමා රකිමින් අනුන්ද රකින්නේ නම් වෙයි.
ඛන්තියාති අධිවාසනඛන්තියා. අවිහිංසායාති සපුබ්බභාගාය කරුණාය. මෙත්තචිත්තතායාති සපුබ්බභාගාය මෙත්තාය. අනුදයතායාති අනුවඩ්ඪියා, සපුබ්බභාගාය මුදිතායාති අත්ථො. පරං රක්ඛන්තො අත්තානං රක්ඛතීති එත්ථ යො භික්ඛු රත්තිට්ඨානදිවාට්ඨානං ගතො තීසු බ්රහ්මවිහාරෙසු තිකචතුක්කජ්ඣානානි නිබ්බත්තෙත්වා ඣානං පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසන්තො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණාති. අයං පරං රක්ඛන්තො අත්තානං රක්ඛති නාමාති වෙදිතබ්බො.
ඛන්තියා = ඉවසීමෙන් අවිහිංසාය = පූර්ව භාගය සහිත වූ කරුණාවෙන් මෙත්ත චිත්තකාය = පූර්ව භාගය සහිත වූ මෛත්‍රීයෙන් අනුද්දයතාය = පූර්ව භාග සහිත වූ කරුණවෙන්, මෘදු තාවයෙන් යන අර්ථයයි. පරං රක්ඛන්තො අන්තාතතානං රක්ඛති = මෙහි දී මේ භික්ෂුවක් රාත්‍රි ස්ථාන දිවා ස්ථානයනට ගියේ බ්‍රහ්ම විහරණ තුනෙන් හිදී ධ්‍යාන තුනක් සතරක් උපදවා ධ්‍යාන පාදක කොට සංස්කාරයන් විමර්ශනය කරමින් විදසුන් වඩා රහත් බවට පැමිණේ ද, මේ තෙමේ අනුන් රකිමින් තමා ද රකින්නේ නම් වේයයි දත යුතුයි.
10. ජනපදකල්යාණීසුත්තවණ්ණනා
10. ජනපදකල්යාණී සූත්‍ර වර්ණනාව
දසමෙ ජනපදකල්යාණීති ජනපදම්හි කල්‍යාණී උත්තමා ඡසරීරදොසරහිතා පඤ්චකල්යාණසමන්නාගතා. සා හි යස්මා නාතිදීඝා නාතිරස්සා, නාතිකිසා නාතිථූලා, නාතිකාළා නාච්චොදාතා, අතික්කන්තා, මානුසවණ්ණං අප්පත්තා දිබ්බවණ්ණං, තස්මා ඡසරීරදොසරහිතා. ඡවිකල්යාණං, මංසකල්යාණං, න්හාරුකල්යාණං, අට්ඨිකල්යාණං, වයකල්යාණන්ති ඉමෙහි පන කල්යාණෙහි සමන්නාගතත්තා පඤ්චකල්යාණෙහි සමන්නාගතා නාම. තස්සා හි ආගන්තුකොභාසකිච්චං නත්ථි, අත්තනො සරීරොභාසෙනෙව ද්වාදසහත්ථට්ඨානෙ ආලොකං කරොති, පියඞ්ගුසාමා වා හොති, සුවණ්ණසාමා වා, අයමස්සා ඡවිකල්යාණතා. චත්තාරො පනස්සා හත්ථපාදා මුඛපරියොසානඤ්ච ලාඛාරසපරිකම්මකතං විය රත්තපවාළරත්තකම්බලසදිසං හොති, අයමස්සා මංසකල්යාණතා. වීසති පන නඛපත්තානි මංසතො අමුත්තට්ඨානෙ ලාඛාරසපූරිතානි විය, මුත්තට්ඨානෙ ඛීරධාරාසදිසානි, හොන්ති අයමස්සා න්හාරුකල්යාණකතා. ද්වත්තිංස දන්තා සුඵුසිතා සුධොතවජිරපන්ති විය ඛායන්ති, අයමස්සා අට්ඨිකල්යාණතා. වීසතිවස්සසතිකාපි පන සමානා සොළසවස්සුද්දෙසිකා විය හොති නිප්පලිතා, අයමස්සා වයකල්යාණතා.
දස වැන්නෙහි - ජනපද කළ්‍යාණී = ජනපදයෙහි යහපත් වූ, උතුම් වූ, සය වැදෑරුම් ශරීර දෝෂයන්ගෙන් තොර වූ, පංච කල්‍යාණයෙන් යුක්ත වූ තැනැත්තිය. ඕ තොමෝ වනාහී යම් හෙයකින් ඉතා උස් නොවන, ඉතා මිටි නොවන ඉතා කෘශ නොවන, ඉතා ස්ථුල නොවන, ඉතා කළු නොවන, මනුෂ්යවර්ණය ඉක්මවන තරම් ඉතා සුදු නොවන දිව්‍ය වර්ණයට නොපැමිණි යන තත්ත්වයෙන් යුක්ත වේද, ඒ අනුව ශරීර දෝෂයන් සයෙන් තොර වේ. ඡවි කල්‍යාණ, මාංස කළ්‍යාණ, නහාරු කළ්‍යාණ, අට්ඨි කළ්‍යාණ, වයො කළ්යාණයන්ගෙන් යුක්ත වන්නී නම් වේ. ඇයට බාහිරින් ආලෝක කිරීමක් නැත. තමාගේ ශරීරාලෝකයෙන් ම දොළොස් රියන් තැන්හි ආලෝක කෙරෙයි. සම පුවඟු මල් වැනි වෙයි, නොහොත් රත්රන් පැහැ වැනි වෙයි. මෙය මැයගේ ඡවි කල්‍යාණ ස්වභාවයයි. මැයගේ අත් පා සතර ද, මුව කෙළවර ද ලතු පිරියම් කරන ලද්දාක් මෙන් වෙයි. මැයගේ මාංස කළ්‍යාණය රතු පබළු වලට ද, රතු කම්බිලිවලට ද සම වෙයි. නිය පොතු විස්ස පේශීන්ගෙන් වෙන් නොවූ තැන්හි ලතු රසය පිරුණ සේ වෙයි. පේශීන්ගෙන් වෙන් වූ තැන්හි කිරි දහරවලට සමාන වේ. මෙය මැයගේ නහර කළ්‍යාණයයි දත් දෙතිස අතරක් නැතිසේ එකිනෙක ස්පර්ශ වී පිරිසිදු කළ දියමන්ති පේලි මෙන් බබළයි. මෙය මැයගේ අට්ඨි කළ්‍යාණයයි. එක්සිය විසිවයස් වන විට වුවද සොළොස් වස් පමණ පෙනෙන්නී වෙයි. සුදු කෙස් ඇති නොවේ. මෙය මැයගේ වයස් කල්‍යාණයයි.
පරමපාසාවිනීති එත්ථ පසවනං පසාවො, පවත්තීති අත්ථො. පසාවො එව පාසාවො. පරමො පාසාවො පරමපාසාවො, සො අස්සා අත්ථීති පරමපාසාවිනී. නච්චෙ ච ගීතෙ ච උත්තමපවත්ති සෙට්ඨකිරියා, උත්තමමෙව නච්චං නච්චති, ගීතං වා ගායතීති වුත්තං හොති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙව. ඉමෙසු පන ද්වීසු සුත්තෙසු පුබ්බභාගවිපස්සනාව කථිතාති.
පරම පාසාවිනී = මෙහි ප්රසවයම පාසාවනම් වෙයි. පවත්වන්නී යන අර්ථයයි. උතුම් ලෙසම පවත්වාගෙන යාම යනුවෙන් “පරම පාසාවො” යයි සිද්ධ වේ. එය මැයට ඇත්තේය යන අදහසින් පරම පාසාවීනී” නම් වේ. නැටුමෙහි ද, ගීතයෙහි ද උතුම් පැවැත්ම හා උසස් ක්‍රියාව උතුම් වන්නේමය. නැටුමක් නටයි, ගීයක් හෝ ගයයි යනුවෙන් කියන ලද්දේ වෙයි. සෙස්ස සියලු තැන්හි පහසු අරුත් ඇත්තේමය. මේ දෙකෙහිම පූර්ව භාග විදර්ශනාව කියන ලදී.
නාලන්දවග්ගො දුතියො.
දෙවන නාළන්දා වර්ගය නිමි