යෙදුමෙන් කියවන්න

උත‍්තියසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 2. 6.

3. 2. 6.

උත‍්තියසුත‍්තං

උත්තිය සූත්‍රය

1194. අථ ඛො ආයස‍්මා උත‍්තියො යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- තතො ත්‍වං උත‍්තිය, ගමිස‍්සසි මච‍්චුධෙය්‍යස‍්ස පාරන‍්ති. -පෙ- අඤ‍්ඤතරො ච පනායස‍්මා උත‍්තියො අරහතං අහොසීති.

1194. එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... උත්තිය, එකල්හි තෙපි සසර පරතෙරට යන්නහු යි ... ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.

3. 2. 7.

3. 2. 7.

අරියසුත‍්තං

අරිය සූත්‍රය

1195. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා අරියා නිය්‍යානිකා නිය්‍යන‍්ති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා අරියා නිය්‍යානිකා නිය්‍යන‍්ති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායාති.

1195. මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවුසීවටන්හු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවත්. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවති යි.