යෙදුමෙන් කියවන්න

බාහියසුත‍්තං

3. 2. 5.

3. 2. 5.

බාහියසුත‍්තං

බාහිය සූත්‍රය

1193. අථ ඛො ආයස‍්මා බාහියො යෙන භගවා තෙනුපසඞ‍්කමි. -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා බාහියො භගවන‍්තං එතදවොච: “සාධු මෙ භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති”.

1193. ඉක්බිති ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් කායචිත්තදෙක්හි අපේක්‍ෂා රහිතයෙම් වසන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.

තස‍්මාතිහ ත්‍වං බාහිය, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම‍්මෙසු. කොචාදි කුසලානං ධම‍්මානං: සීලඤ‍්ච සුවිසුද‍්ධං, දිට‍්ඨි ච උජුකා. යතො ඛො තෙ බාහිය, සීලඤ‍්ච සුවිසුද‍්ධං භවිස‍්සති, දිට‍්ඨි ච උජුකා. තතො ත්‍වං බාහිය, සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙය්‍යාසි. කතමෙ චත‍්තාරො: ඉධ ත්‍වං බාහිය, කායෙ කායානුපස‍්සී විහරාහි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරසි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යතො ඛො ත්‍වං බාහිය, සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙස‍්සසි, තතො තුය‍්හං බාහිය, යා රත‍්ති වා දිවසො වා ආගමිස‍්සති, වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු, නො පරිහානී”ති.

බාහිය එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කවරේ ද යත්: ඉතා පිරිසිදු වූ සීලයත් ඉතා ඍජු වූ දෘෂ්ටියත් ය. බාහිය, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදුත් දෘෂ්ටිය ඉතා ඍජුත් වන්නේ නම් බාහිය, එකල්හි තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු ය. කවර සිවු දෙනෙක් ද යත්: බාහිය, මෙහි තෙපි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. බාහිය, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද, බාහිය, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම්, කුසල්දහම්හි වැඩීමෙක් ම කැමැති වියයුතු, පිරිහීමෙක් නො කැමැති වියයුතු යි.

අථ ඛො ආයස‍්මා බාහියො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො ආයස‍්මා බාහියො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි. අඤ‍්ඤතරො ච පනායස‍්මා බාහියො අරහතං අහොසීති.

ඉක්බිති ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් ව ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් බාහිය තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු නො බෝකලකින් ම යමක් පිණිස කුලපුත්තු මැනවින් ම ගිහිගෙන් නික් ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුත්තර වූ මඟබඹසර කෙළවර වූ ඒ අර්‍හත්‍වය දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසූහ. ඉපැද් ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී කටයුතු කරන ලදී. මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.