උක්කචෙලසුත්තං
3. 2. 4.
3. 2. 4.
උක්කචෙලසුත්තං
උක්කචෙල සූත්‍රය
1192. එකං සමයං භගවා වජ්ජීසු විහරති උක්කචෙලායං නදියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අචිරපරිනිබ්බුතෙසු සාරිපුත්තමොග්ගල්ලානෙසු. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි:
1192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැරියුත්මුගලන් දෙනම පිරිනිවී නො බෝකල් ඇති සමයෙහි වැදෑදනව්වෙහි උක්කචෙලා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි මහත් බික්සඟන සමග වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් එලිමහන්හි වැඩහුන් සේක් වෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ බික්සඟන දෙස බලා භික්ෂූන් ඇමතූ සේක:
“අපි ච ඛ්වායං භික්ඛවෙ, පරිසා සුඤ්ඤා විය ඛායති පරිනිබ්බුතෙසු සාරිපුත්තමොග්ගල්ලානෙසු අසුඤ්ඤා මෙ සා භික්ඛවෙ, පරිසා හොති අනපෙඛා තස්සං දිසායං හොති, යස්සා දිසායං සාරිපුත්තමොග්ගල්ලානා විහරන්ති. යෙ’පි තෙ භික්ඛවෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමං යෙව සාවකයුගං අහොසි, සෙය්යථාපි මය්හං සාරිපුත්තමොග්ගල්ලානා. යෙ’පි තෙ භික්ඛවෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමං යෙව සාවකයුගං භවිස්සති, සෙය්යථාපි මය්හං සාරිපුත්තමොග්ගල්ලානා. අච්ඡරියං භික්ඛවෙ, සාවකානං අබ්භුතං භික්ඛවෙ, සාවකානං සත්ථුසමානා ච සාසනකරා භවිස්සන්ති ඔවාදපතිකරා චතුන්නඤ්ච පරිසානං පියා භවිස්සන්ති මනාපා ගරුභාවනීයා ච. අච්ඡරියං භික්ඛවෙ, තථාගතස්ස, අබ්භුතං භික්ඛවෙ, තථාගතස්ස එවරූපෙපි නාම සාවකයුගෙ පරිනිබ්බුතෙ නත්ථි තථාගතස්ස සොකො වා පරිදෙවො වා. තං කුතෙත්ථ භික්ඛවෙ, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජති.
මහණෙනි, සැරියුත්මුගලන් දෙනම පිරිනිවී කල්හි මේ මුළු පිරිස ම හිස් වූවාසේ වැටහේ. මහණෙනි, යම් දිගෙක සැරියුත් මුගලන් දෙනම වෙසෙත් නම් මාගේ ඒ පිරිස නො සිස් වේ. ඒ දික්හි පුනපුනා අපේක්ෂාව වේ. මහණෙනි, අතීතකාලයෙහි යම් ඒ අර්හත් සම්මාසම්බුදුවරයෝ වූ නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වී ය. මහණෙනි, අනාගතකාලයෙහි යම් ඒ අර්‍හත්සම්මාසම්බුදුවරයෝ වන්නාහු නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වන්නේ ය. මහණෙනි, සව්වන්ගේ අසිරියෙකි. මහණෙනි, සව්වන්ගේ පුදුමයෙකි. ශාස්තෘසම වූවෝ ම සස්න කරන්නෝ අවවාදය අනු ව ක්‍රියා කරන්නෝ වන්නාහ. සිවුපිරිසට ප්‍රිය වූවෝ ද මන වඩන්නෝ ද ගරු කටයුත්තෝ ද වන්නාහ. මහණෙනි, තථාගතයන්ගේ අසිරියෙකි. මහණෙනි, තථාගතයන්ගේ පුදුමයෙකි. මෙබඳු වූ ම ශ්‍රාවකයුග්මයක් පිරිනිවිකල්හි දු තථාගතයන්ට ශෝකයෙක් හෝ වැලපීමෙක් හෝ නැති මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය.
සෙය්යථාපි භික්ඛවෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො යෙ මහන්තතරා ඛන්ධා තෙ පලුජ්ජෙය්යුං, එවමෙව ඛො භික්ඛවෙ, මහතො භික්ඛුසඞ්ඝස්ස තිට්ඨතො සාරවතො සාරිපුත්තමොග්ගල්ලානා පරිනිබ්බුතා. තං කුතෙත්ථ භික්ඛවෙ, ලබ්භා, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජති. තස්මාතිහ භික්ඛවෙ, අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
මහණෙනි, යම්සේ හර ඇති සිටුනා මහත්රුකෙක යම් ඉතා මහත් කඳහු වෙත් නම් ඔහු වැනසෙන්නාහ. මහණෙනි, එසෙයින් ම හර ඇති සිටුනා මහත්බික්සඟනගේ සැරියුත්මුගලන්හු පිරිනිවියහ. මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසෙවු.
කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. තමතග්ගො මෙ තෙ භික්ඛවෙ, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමාති.
මහණෙනි, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මහණ මෙසේ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ. මහණෙනි, යම්කිසි භික්ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වසන්නාහු ද, මහණෙනි, යම්කිසි කෙනෙක් ශික්ෂාකාමී වන්නාහු ද, මහණෙනි, ඒ මේ භික්ෂූහු අග්රතම වෙති යි.