බ්රහ්මසුත්තං
3. 2. 8.
3. 2. 8.
බ්රහ්මසුත්තං
බ්‍රහ්ම සූත්‍රය
1196. එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “එකායනො’යං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: කායෙ වා භික්ඛු කායානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වා භික්ඛු -පෙ- චිත්තෙ වා භික්ඛු -පෙ- ධම්මෙසු වා භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො’යං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා”ති.
1196. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි රහසිගත ව විවේකයෙන් යුතුව වැඩවෙසෙන භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: යම් මේ සිවුසීවටන්හු වෙද් ද; සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ වේදනාහි හෝ ... මහණ සිත්හි හෝ ... මහණ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්ම වීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ වේ යි.
අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය. සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:
එකල්හි සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරන්නේ ද; දිගුකළ අතක් හෝ හකුළුවන්නේ ද එසෙයින් ම බඹලොව අතුරුදන් ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම උතුරුසඟ එකස් කොට ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ” ය.
“එවමෙතං භගවා, එවමෙතං සුගත, එකායනො’යං භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: කායෙ වා භන්තෙ, භික්ඛු කායානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වා භන්තෙ, භික්ඛු -පෙ- චිත්තෙ වා භන්තෙ, භික්ඛු -පෙ- ධම්මෙසු වා භන්තෙ, භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො’යං භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා”ති. ඉදමවොච බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
“භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේ ය. වහන්ස, යම් මේ සිවු සීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට අරිඅටඟිමඟ අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක්ද යත්: වහන්ස, මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ වේදනාහි හෝ ... වහන්ස, මහණ සිත්හි හෝ ... වහන්ස, මහණ තෙමේ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. සහම්පතී බ්‍රහ්ම මෙය කිය: මෙය කියා යළි මතු ද මෙය කී ය:
එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී එතෙන මග්ගෙන අතරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝන්ති.
නිවන දක්නා වූ හිතානුකම්පා ඇති (භාග්‍යවතුන් වහන්සේ) එක ම මඟ දන්නාසේක. යම් කෙනෙක් චතුරෝඝය පෙර තරණය කළාහු ද, මතු තරණය කරන්නාහු ද, දැන් තරණය කෙරෙද්ද (ඔහු) මේ මගින් තරණය කළහ. කරන්නාහ. කෙරෙති යි.