යෙදුමෙන් කියවන්න

සෙදකසුත‍්තං

3. 2. 9.

3. 2. 9.

සෙදකසුත‍්තං

සේදක සූත්‍රය

1197. එකං සමයං භගවා සුම‍්භෙසු විහරති සෙදකං නාම සුම‍්භානං නිගමො. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: භූතපුබ‍්බං භික‍්ඛවෙ, චණ‍්ඩාලවංසිකො චණ‍්ඩාලවංසං උස‍්සාපෙත්‍වා මෙදකථාලිකං අන‍්තෙවාසිං ආමන‍්තෙසි: “එහි ත්‍වං සම‍්ම මෙදකථාලිකෙ, චණ‍්ඩාලවංසං අභිරූහිත්‍වා මම උපරික‍්ඛන්‍ධෙ තිට‍්ඨාහීති. එවං ආචරියාති ඛො භික‍්ඛවෙ, මෙදකථාලිකා අන‍්තෙවාසී චණ‍්ඩාලවංසිකස‍්ස පටිස‍්සුත්‍වා චණ‍්ඩාලවංසං අභිරූහිත්‍වා ආචරියස‍්ස උපරික‍්ඛන්‍ධෙ අට‍්ඨාසි. අථ ඛො භික‍්ඛවෙ, චණ‍්ඩාලවංසිකො මෙදකථාලිකං අන‍්තෙවාසිං එතදවොච: “ත්‍වං සම‍්ම මෙදකථාලිකෙ, මමං රක‍්ඛ. අහං තවං රක‍්ඛිස‍්සාමි. එවං මයං අඤ‍්ඤමඤ‍්ඤගුත‍්තා අඤ‍්ඤමඤ‍්ඤරක‍්ඛිතා සිප‍්පානි චෙව දස‍්සෙස‍්සාම, ලාභෙ ච ලච‍්ඡාම, සොත්‍ථිනා ච චණ‍්ඩාලවංසා ඔරොහිස‍්සාමාති. එවං වුත‍්තෙ භික‍්ඛවෙ, මෙදකථාලිකා අන‍්තෙවාසී චණ‍්ඩාලවංසිකං එතදවොච: “න ඛො නාමෙනං ආචරිය, එවං භවිස‍්සති. ත්‍වං ආචරිය, අත‍්තානං රක‍්ඛ, අහං අත‍්තානං රක‍්ඛිස‍්සාමි. එවං මයං අත‍්තගුත‍්තා අත‍්තරක‍්ඛිතා සිප‍්පානි චෙව දස‍්සෙස‍්සාම, ලාභඤ‍්ච ලච‍්ඡාම, සොත්‍ථිනා ච චණ‍්ඩාලවංසා ඔරොහෙස‍්සාමා”ති.

1197. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්ම දනව්වෙහි සුහ්මයන්ගේ, සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, පෙර චණ්ඩාලවංශිකයෙක් සැඩොල්හුණගස ඔසොවා “යහළු මේදකථාලිකාවනි, එවු තෙපි සැඩොල්හුණගසට නැඟී මාගේ කඳ මතුයෙහි සිටිවු” යි. මේදකථාලිකා නම් අතැවැස්සා ඇමතී ය. මහණෙනි, ඇදුර, එසේ ය යි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංශිකයාට පිළිතුරු දී චණ්ඩාලවංසයට නැඟී ඇදුරාගේ කඳමතුයෙහි සිටියේ ය. මහණෙනි, එකල්හි චණ්ඩාලවංසික මේදකථාලිකා අතවැස්සාට මෙය කී ය: යහළු මේදකථාලිකාවනි, තෙපි මා රකිවු. මම තෙපි රකින්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් විසින් ගෝපනය කරන ලද්දමෝ ඔවුනොවුන් විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු. සුවසේ සැඩොල්හුණගසින් ද බසින්නෙමු” යි. මහණෙනි, එසේ කී කල්හි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංසිකයාට මෙය කී ය: ඇදුර, මෙය එසේ නො ම වන්නේ ය. ඇදුර, තෙපි තමා රකිවු. මම ද තමා රක්නෙමි. මෙසේ අපි තමා විසින් ගෝපනය කරන ලද්දමෝ තමා විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු, චණ්ඩාලවංසයෙන් ද සුවසේ බසින්නෙමු” යි.

“සො තත්‍ථ ඤායොති භගවා අවොච: යථා මෙදකථාලිකා අන‍්තෙවාසී ආචරියං අවොච. අත‍්තානං භික‍්ඛවෙ, රක‍්ඛිස‍්සාමීති සතිපට‍්ඨානං සෙවිතබ‍්බං. පරං රක‍්ඛිස‍්සාමීති සතිපට‍්ඨානං සෙවිතබ‍්බං. අත‍්තානං භික‍්ඛවෙ, රක‍්ඛන‍්තො පරං රක‍්ඛති. පරං රක‍්ඛන‍්තො අත‍්තානං රක‍්ඛති. කථඤ‍්ච භික‍්ඛවෙ, අත‍්තානං රක‍්ඛන‍්තො පරං රක‍්ඛති, ආසෙවනාය භාවනාය බහුලීකම‍්මෙන. එවං ඛො භික‍්ඛවෙ, අත‍්තානං රක‍්ඛන‍්තො පරං රක‍්ඛති. කථඤ‍්ච භික‍්ඛවෙ, පරං රක‍්ඛන‍්තො අත‍්තානං රක‍්ඛති. ඛන‍්තියා අවිහිංසාය මෙත‍්තචිත‍්තතාය අනුද‍්දයතාය. එවං ඛො භික‍්ඛවෙ, පරං රක‍්ඛන‍්තො අත‍්තානං රක‍්ඛති. “අත‍්තානං භික‍්ඛවෙ, රක‍්ඛිස‍්සාමී”ති සතිපට‍්ඨානං සෙවිතබ‍්බං, පරං රක‍්ඛිස‍්සාමීති සතිපට‍්ඨානං සෙවිතබ‍්බං. අත‍්තානං භික‍්ඛවෙ, රක‍්ඛන‍්තො පරං රක‍්ඛති, පරං රක‍්ඛන‍්තො අත‍්තානං රක‍්ඛතීති.

“මේදකථාලිකා අතැවැසි තෙමේ ඇදුරාට යම්සේ කීයේ නම් එය එහි න්‍යායය”, යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “මහණෙනි, තමා රක්නෙමි” යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මහණෙනි, කෙසේ නම් තමා රක්නේ මෙරමා රකී ද යත්: කමටහන් සෙවුමෙනි, වැඩීමෙනි, බහුල කිරීමෙනි, මෙසේ තමා රක්නේ මෙරමා රකී. මහණෙනි, කෙසේ නම් මෙරමා රක්නේ තමා රකී ද යත්: ඉවසීමෙනි, කරුණායෙනි, මෙත්සිත් ඇති බැවිනි, මුදු බැවිනි. මහණෙනි, මෙසේ මෙරමා රක්නේ තමා රකියි. මහණෙනි, තමා රක්නෙමී යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මෙරමා රක්නේ තමා රකී යි.