ජනපදකල්යාණීසුත්තං
3. 2. 10.
3. 2. 10.
ජනපදකල්යාණීසුත්තං
ජනපදකල්යාණී සූත්‍රය
1198. එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙදකං නාම සුම්භානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සෙය්යථාපි භික්ඛවෙ, ජනපදකල්යාණී, “ජනපදකල්යාණී”ති ඛො භික්ඛවෙ, මහාජනකායො සන්නිපතෙය්ය. සා ඛො පනස්ස ජනපදකල්යාණී පරමපාසාවිනී නච්චෙ, පරමපාසාවිනී ගීතෙ. ජනපදකල්යාණී නච්චති ගායතීති ඛො භික්ඛවෙ, භිය්යොසොමත්තාය මහාජනකායො සන්නිපතෙය්ය. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තමෙනෙවං වදෙය්යුං: අයං තෙ අම්භොපුරිස, සමතිත්තිකො තෙලපත්තො අන්තරෙන මහාසමයං අන්තරෙන ජනපදකල්යාණියා පරිහාරෙතබ්බො. පුරිසො චෙකො තෙ උක්ඛිත්තාසිකො පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිස්සති. යත්ථෙව නං ථොකම්පි ඡඩ්ඩෙස්සති තත්ථෙව තෙ සිරො පාතෙස්සතීති. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො අමුං තෙලපත්තං අමනසිකරිත්වා බහිද්ධා පමාදං ආහරෙය්යාති? නො හෙතං, භන්තෙ.
1198. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්මදනව්වෙහි සුහ්මයන්ගේ සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, ජනපදකල්‍යාණිය යම්සේ ද: මහණෙනි, ජනපදකල්‍යාණි යයි (ඇසූකෙණෙහි) මහජන සමූහයා රැස්වන්නේ ය. ඒ ජනපදකල්‍යාණි තොමෝ නැටුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී ගැයුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී වන්නී ය. මහණෙනි, දනවුකලණ නටයි, ගයයි ඇසූ කෙණෙහි බෙහෙවින් ම මහජනසමූහයා රැස්වන්නේ ය. එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, මුවටිට සම කොට පිරුණු මේ තෙල් බඳුන මහාසමූහයා අතරෙන් දනවුකලණ අතරෙන් ගෙන යායුතු. ඔසවා ගත් කඩු ඇති පුරුෂයෙක් පසුපස ලුහුබඳනේ ය. යම් මැ තැනෙක එයින් ස්වල්පයකුදු ඉවතලන්නේ නම් එහි ම තාගේ හිස කපා හෙළන්නේ” යි. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරුෂ තෙමේ ඒ තෙල් බඳුන නො මෙනෙහි කොට බැහැර පමාවට එළඹෙන්නේ ද? වහන්ස, එය නො වේ ම ය.
උපමා ඛො ම්යායං භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයං චෙත්ථ අත්ථො: “සමතිත්තිකො තෙලපත්තොති ඛො භික්ඛවෙ, කායගතාය එතං සතියා අධිවචනං. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං කායගතා නො සති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති.” එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, අරුත් දන්වනු පිණිස මා විසින් මේ උපමාවක් කරන ලද. මේ එහි අර්ත්ථ යි: මහණෙනි, “මුවවිට සම කොට පිරුණු තෙල්බඳුනැ” යි කාගියසිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මියයුතු යි: අප විසින් කායගතාසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී යානයක් මෙන් කරන ලද්දී වස්තුවක් මෙන් කරන ලද්දී දැඩිසේ පිහිටුවන ලද්දී පුරුදු කරන ලද්දී මැනවින් අරඹන ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
නාලන්දවග්ගො දුතියො.
දෙවැනිනාලන්‍ද වර්ගය යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
මහාපුරිසො ච නාලන්දං චුන්දො චෙලො ච බාහියො උත්තියො අරියො බ්රහ්මා සෙදකං ජනපදෙන චාති.
මහාපුරිස, නාලන්ද, චුන්ද, උක්කචෙල, බාහිය, උත්තිය, අරිය, බ්‍රහ්ම යන සූත්‍ර අට ය. සේදක ජනපදකල්‍යාණි ය යි සූත්‍ර දශයෙකි.