යෙදුමෙන් කියවන්න

සීලසුත‍්තං

3. 3. 1.

3. 3. 1.

සීලසුත‍්තං

සීල සූත්‍රය

1199. එකං සමයං ආයස‍්මා ච ආනන්‍දො ආයස‍්මා ච භද‍්දො පාටලිපුත‍්තෙ විහරන‍්ති කුක‍්කුටාරාමෙ. අථ ඛො ආයස‍්මා භද‍්දො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන සද‍්ධිං සම‍්මොදි. -පෙ- ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “යානිමානි ආවුසො ආනන්‍ද, කුසලානි සීලානි වුත‍්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි කිමත්‍ථියානි වුත‍්තානි භගවතා”ති. සාධු සාධු ආවුසො භද‍්ද, භද‍්දකො ඛො තෙ ආවුසො භද‍්ද, උම‍්මග‍්ගො, භද‍්දකං පටිභානං, කල්‍යාණී පරිපුච‍්ඡා. “එවං හි ත්‍වං ආවුසො භද‍්ද, පුච‍්ඡසි: යානිමානි ආවුසො ආනන්‍ද, කුසලානි සීලානි වුත‍්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි කිමත්‍ථියානි වුත‍්තානි භගවතා”ති. එවමාවුසොති.

1199. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් භද්දතෙරණුවෝ ද පැළලුප්නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති, එකල්හි ආයුෂ්මත් භද්දතෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟි සිටියෝ ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන් සමග සතුටුවූහ ... ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් මේ කුසල්සිල් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ද, මේ කුසල්සිල් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, භද්දයෙනි, මැනවි මැනවි: ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, එසේ යි.

යානිමානි, ආවුසො භද‍්ද, කුසලානි සීලානි වුත‍්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි යාවදෙව චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාය වුත‍්තානි භගවතා. කතමෙසං චතුන‍්නං: ඉධාවුසො භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යානිමානි ආවුසො භද‍්ද, කුසලානි සීලානි වුත‍්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි යාවදෙව ඉමෙසං චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාය වුත‍්තානි භගවතාති.

ඇවැත්නි, භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් සිවුසීවටන් වැඩීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් මේ සිවුසීවටන් වැඩීම පිණිස ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.