යෙදුමෙන් කියවන්න

ඨිතිසුත‍්තං

3. 3. 2.

3. 3. 2.

ඨිතිසුත‍්තං

ඨිති සූත්‍රය

1200. කුක‍්කුටාරාමෙ:

1200. කුක්කුටාරාමයෙහි:

කො නු ඛො ආවුසො ආනන්‍ද, හෙතු කො පච‍්චයො යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො න චිරට‍්ඨිතිකො හොති. කොපනාවුසො ආනන්‍ද, හෙතු කො පච‍්චයො යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො චිරට‍්ඨිතිකො හොතීති? සාධු සාධු ආවුසො භද‍්ද, භද‍්දකො

ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි? ඇවැත්නි,

ඛො තෙ ආවුසො භද‍්ද, උම‍්මග‍්ගො, භද‍්දකං පටිභානං, කල්‍යාණීපරිපුච‍්ඡා. එවං හි ත්‍වං ආවුසො භද‍්ද, පුච‍්ඡසි: “කො නු ඛො ආවුසො ආනන්‍ද හෙතු, කො පච‍්චයො යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො න චිරට‍්ඨිතිකො හොති. කො පනාවුසො ආනන්‍ද, හෙතු කො පච‍්චයො යෙන තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො චිරට‍්ඨිතිකො හොතී”ති. එවමාවුසොති.

භද්දයෙනි, මැනවි, මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ”යි. ඇවැත්නි, එසේ යි.

චතුන‍්නං ඛො ආවුසො, සතිපට‍්ඨානානං අභාවිතත‍්තා අබහුලීකතත‍්තා තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො න චිරට‍්ඨිතිකො හොති. චතුන‍්නඤ‍්ච ආවුසො, සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො චිරට‍්ඨිතිකො හොති. කතමෙසං චතුන‍්නං: ඉධාවුසො භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො ආවුසො චතුන‍්නං සතිපට‍්ඨානානං අභාවිතත‍්තා අබහුලීකතත‍්තා තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො න චිරට‍්ඨිතිකො හොති. ඉමෙසඤ‍්ච ඛො ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා තථාගතෙ පරිනිබ‍්බුතෙ සද‍්ධම‍්මො චිරට‍්ඨිතිකො හොතීති.

ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ යි.