පරිහානසුත්තං
3. 3. 3.
3. 3. 3.
පරිහානසුත්තං
පරිහාන සූත්රය
1201. කුක්කුටාරාමෙ:
1201. කුක්කුටාරාමයෙහි:
කො නු ඛො ආවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මපරිහානං හොති, කො පනාවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මඅපරිහානං හොතීති? සාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද, උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි: “කො නු ඛො ආවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මපරිහානං හොති, කො පනාවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මඅපරිහානං හොතීති. එවමාවුසොති.
ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය ද? ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්රත්යය දැ? යි. ඇවැත්නි භද්දයෙනි, මැනවි මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ නුවණ සෙවීම යහපති. වැටහීම යහපති. පිළිවිසුම මැනවි. ඇවැත්නි භද්දයෙනි, තෙපි මෙසේ පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය ද, ඇවැත්නි, ආනන්දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්රත්යය දැ” යි. ඇවැත්නි, එසේ යි.
චතුන්නං ඛො ආවුසො, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා සද්ධම්මපරිහානං හොති. චතුන්නඤ්ච ඛො ආවුසො සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සද්ධම්මඅපරිහානං හොති. කතමෙසං චතුන්නං: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො ආවුසො, චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා සද්ධම්මපරිහානං හොති. ඉමෙසඤ්ච ඛො ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සද්ධම්මඅපරිහානං හොතීති.
ඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වෙර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වේ. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ යි.